ආයුබෝවන් යාළුවනේ…! ඉතිං මේ අරගෙන එන්නෙ ටෙරර් කතා මාලාවේ පළමුවන කතා සමයේ දෙවැනි වෙළුම.. මේක ඇත්තටම මාරම ලස්සන කතාවක්. අනිවාරෙන් බලන්නනම ඕනෙ කතාවක්. හැබැයි ඉතිං සිංහෙලෙන් බලනව වගේ ලේසිනම් නෑ මේක ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කරන එක. මේක තනිකරම සාහිත්‍යමය ශේක්ස්පියර් ඉංග්‍රීසි වලින් කරල තියෙන්නෙ. ඉති…

ආයුබෝවන් යාළුවනේ…!
ඉතිං මේ අරගෙන එන්නෙ ටෙරර් කතා මාලාවේ පළමුවන කතා සමයේ දෙවැනි වෙළුම.. මේක ඇත්තටම මාරම ලස්සන කතාවක්. අනිවාරෙන් බලන්නනම ඕනෙ කතාවක්. හැබැයි ඉතිං සිංහෙලෙන් බලනව වගේ ලේසිනම් නෑ මේක ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කරන එක. මේක තනිකරම සාහිත්‍යමය ශේක්ස්පියර් ඉංග්‍රීසි වලින් කරල තියෙන්නෙ. ඉතිං මාර පරිස්සමෙන් සෑහෙන ලොකු ගේමක් දීල තමයි මම මේ එක එපියක් ඉවර කරගන්නෙ. සාමාන්‍යයෙන් මට වෙන උපසිරැසියක් කරන්න යන කාලය වගේ තුන් ගුණයක කාලයක් මේකෙ එක එපියක් ලියන්න ගත වෙනව. ඒක කමක් නෑ. කොහොමහරි මම මුළු සීරීස් එකම අරගෙන එනව ඔබේ උසස් රසාස්වාදය සඳහා. එහෙනම් පහුගිය කොටස ගැන පශ්චාත් විපරමක යෙදිලම අපි අද කොටස ගැන බලමු.
පහුගිය කොටසින්..
ඉතිං කලින් කොටසින් දැනගන්න පුළුවන් වුණානෙ කතාවේ පදනම.. ඒ කියන්නෙ එංගලන්තයෙන් ටෙරර්, එරබස් නෞකා පිටත් වෙලා ආර්ටික් වලට ආවට පස්සෙ ඔවුන් කොහොමද හිම කාන්තාරයේ හිර වෙන්නෙ කියල.. මෙතනදි අධික ශීතල දරාගන්න බැරි ඇතැම් අය මිය යනව කියන කාරණාවත් පැහැදිලි වුණා. ඒ වගේම කපිතාන්වරුන්ගේ අදූරදර්ශී ක්‍රියාවන් නිසා ටෙරර්, එරබස් නෞකා දෙකම මහා සාගරේ මිදිල එකම තැනක හිර වුණා. දැන් ඔවුන්ට ශීතකාලය අවසාන වෙනකං කිසිවක් කරගන්න බැහැ. ඒ අතරෙ අර මුහුදට වැටුණු නාවිකයගෙ මිනිය දැකල, නැවේ අවරපෙත්තෙ තිබුණු හිම කඩන්න ගියපු හාදය හොඳටම බය වෙනව. ඒ වගේ මූසල වටපිටාවක මුහුද යට මළ මිනියක් දකින කවුද බය නොවෙන්නෙ. කොහොමහරි අවසානාවක පෙරනිමිති පහළ කරමින් ටෙරර්, එරබස් නෞකා දෙක දීර්ඝකාලීන විවේකයකට සැරසුණා. ඔහොම තමා මුල්ම කොටස අවසන් වුණේ.
අද කොටසින්..
අද ඔබට සැබෑ භීෂණය ආරම්භ වෙන විදිය දැකගන්න පුළුවන්. හිරවුණු ටෙරර්, එරබස් නෞකා දෙකට ශීත කාලය අවසන් වීමෙන් පස්සෙ විවෘත සාගරයට ඇතුළු වෙන්න පුළුවන් විදියෙ පාරක් හොයාගෙන ගවේෂක කණ්ඩායම් කීපයක් දිශාවන් කිහිපයකට පිටත් කරල හරිනව. හැබැයි ඔවුන්ගෙන බොහෝ පිරිසක් එන්නෙ අවාසනාවන්ත විදියට එහෙම පාරක් නෑ කියන පණිවුඩය අරගෙන. එකින් එක ලැබෙන මේ විස්තර නිසා කපිතාන් ටිකක් නොසන්සුන් වෙනව. මේ අතර බටහිර ගවේෂණ කණ්ඩායම අරගෙන එන්නෙ භීෂණකාරී පුවතක්. ඩොක්ටර් ගුඩ්සර් ඇතුළු බටහිර කණ්ඩායමට අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න වෙනව. ඒ මොකද්ද? ඔවුන්ගෙ ගමන් සගයෙකුගේ ඉරණම සහදටම විසඳෙන්නෙ මොන තරම් භීෂණකාරී විදියකටද කියන එක බලාගන්න ඕනෙද? මේ හැම සිදුවීමක් පිටිපස්සෙම අනාගතේ මහා ඛේදවාචකයක ලක්ෂණ පහළ වෙනව. ඉවසගෙන ඉන්න. ඊලඟ කොටස තවත් භීෂණයෙන් පිරුණු කොටසක්.. එහෙනම් මම ගිහින් එන්නම්.
ජය වේවා…!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,528 downloadsDownload The-Terror-S01-E02.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
56 comments
Ramil
Asanke
Since last night was waiting for sub thanks bro hope you will give sub for other 2 episode ASAP
Bandaramudiyansi
Web walata danako malli mkacage wala hevc psa wage wala
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...Shanilka vithanage
Subs නැතුව නම් ලොවෙත් බලන්න බෑ බං ඕක..එපි ටික තියාගෙන බලන් ඉන්නවා උබ subs දෙනකන්..පට්ට වැඩක්..ජය..ඉක්මනට දාපන්
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Sherlock holmes
එලම සහෝ ලොවෙත් නෑ thanks :-)
chiro
ela ela thnx sub ekata supirima series ekak
Sachith Perera
thanks bro. ithuru sub tikath puluwan ikmanata denna
Kavishal Rasintha
Bohoma sthuuthiy ayyee..
Niyama kathaawak...
Gd luck...lasunthiwanka
patta
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Dasun
MEka nm patta.. thank u broo
Kaushan Herath
උඩ කියල තියෙන කතාවනම් සහතික ඇත්ත.සබ නැතුව දෙවැනි එපියේ බාගයක් විතර බැලුවා.දෙබස් වලින් 90% ක්ම තේරුම් ගන්න අමාරුයි.එහෙම්ම වහලා දාලා සිංහල සබ් එක්කම බලනව කියල හිටියා.සබ් එකත් සුපිරියටම කරලා තියෙනවා.තැන්කියු වේවා සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයthisara shanaka prince
thank you very much for the sub....we are waiting for the next episode also....
sachith183
MEka Denakn baln hitiye broo . Godak thanks ..
Digtama sub denna. Jaya wewa ..
Suba patum .Kulanjana Maduranga
subata thanks....
Ishara akalanka
thanx kollo ...ilga ekath puluwn ikmnta dahn.......
Ishara akalanka
thanx bro ...ilga ekath puluwn ikmnta dahn.......
විමා
සබට තුති මචන්
දැන් තේරෙනවනේ කට්ටියගේ කමෙන්ට් වලින්
ඇයි මේක කරමුයි කිව්වේ කියල
සබට තුති ආඋදයංග සම්පත් හතරසිංහ
ඕනවටත් වඩා හොඳට තේරෙනව බං.. උඹට තෑන්ක්ස් මට මේක කරන්න බාර දුන්නට :D <3
Ayesh Prashan
Thank You
Ishan Madusha
නියමයි.ස්තූතියි සහෝ
Chathukandy
Thanks bro
suranuwan
thanks sub ekata....
harshahjk
ස්තූතියී උදයංග පළමු කොටස බැලුවා හොඳයි කියන්නත් බෑ නරකයි කියලා කියන්නත් බෑ. කොහොම උනත් අවසාන වෙනතුරු අනිවා බලනවාමයි. එහෙමනම් මේ කොටසත් ගන්නවා. ජයවේවා
උදයංග සම්පත් හතරසිංහ
ඒක තමයි මම මුලින්ම කිව්වෙ. පළවෙනි එපියෙන් තීරණයක් ගන්න එපා කියල. ඒහෙම කළොත් මේ පට්ට සීරීස් එක මිස් වෙනව.. දෙකත් බලල තුනත් බලන්න.. ඔන්න එතකොට තමා හොඳටම කතාවෙ ට්‍රැක් එකට වැටෙන්නෙ..
tharindu n
කතාව ඉස්සරහට පට්ට වෙයි වගේ
rasanga
thank bro
Bandaramudiyansi
WEBRIP වලට දෙන්නලකො මල්ලිල please හැමනෙට්වලම වෙබ් තියෙන්නේ අනෙ මන්ද මොන හෙතුවක් ඇතිව Hdtv වලට දෙනවද කියල
Thama kathawa beluwe nehe elanga para kmment ekkak dannam ....thanks
Milindapriyalal
මචො කතාව සුපිරි ඉතුරු episode වල sub එක ඉක්මනට දාන්ඩ...එල ....:-D:-D:-D
rashmikanaveen29
elma ituru tikath oni
harshani11112
ස්තුති උදයංග සහො .....
sherlock_holmes1234
ela sahao.
magadi dala yanna nm epa bn.Udara Damith Dissanayaka
නියමයි
DRH
machan ithuru sub tika ko.....????????????? ikmanata onee
rasanga
3 ?????
Gmail
adow patta aa hithuwewath na.english sub walin balannum kiyala hithuwe.samahara kots therunne na.sinhala sub walin bluwe.loku udwak jaya wewa
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!
npmuweerasinghe
thanks
Rasitha Illangasinghe
Thanks sub ekata..
panagama
thanks.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Milind@
Thanks saho
sasala
thanks
hasith premadasa
thanks patta
Tharindu Katuwawala
Thanks bro sub ekata
Lahiru Lakshan
thanks bro...
Sajithlakshan
thanks .......................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Terror [S01 : E02] Sinhala Subtitles | හිම කතරේ සැඟවුණු මාරයා..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/08/The-Terror-2018-1.1.jpg)




elama bro