ඔන්න ඉතිං මගේ උසස් අධ්‍යාපන වැඩ කටයුතු නිමා කරල ටිකක් නිවී සැනසිල්ලෙ ඉන්නකොට ශාන් විමුක්ති නැත්තං අපි කියන්නෙ විමා කියලනෙ, විමා ඇහුව The Terror කියල සීරීස් එකක් තියෙනව කරමුද කියල.. මාත් නිදහසේ ඉන්න එකනෙ කියල බාර ගත්ත.. ඉතිං ස්තූතියි විමා මට මේක බාර දුන්නට.. භීෂණය කතාවට නියමෙටම ගැලපෙන නම කියල කියන්න…

ඔන්න ඉතිං මගේ උසස් අධ්‍යාපන වැඩ කටයුතු නිමා කරල ටිකක් නිවී සැනසිල්ලෙ ඉන්නකොට ශාන් විමුක්ති නැත්තං අපි කියන්නෙ විමා කියලනෙ, විමා ඇහුව The Terror කියල සීරීස් එකක් තියෙනව කරමුද කියල.. මාත් නිදහසේ ඉන්න එකනෙ කියල බාර ගත්ත.. ඉතිං ස්තූතියි විමා මට මේක බාර දුන්නට.. භීෂණය කතාවට නියමෙටම ගැලපෙන නම කියල කියන්නම ඕනෙ. මුළු සීරීස් එකම බලල වැඩේට අතගැහුව නිසා මම දන්නව මේකෙ රස කොහොමද කියල. සෑහෙන කාලෙකට පස්සෙ, කියන්නෙ Game of Thrones, The 100, The Last Ship, Vikings, The Walking Dead, වගේ පට්ටම සීරීස් වලට පස්සෙ Game of Thrones වලට පමණක් දෙවෙනි වෙන මේ සීරීස් එක මගේ අතට ආපු එක ගැන නම් තියෙන්නේ සෑහෙන ලොකු සතුටක්. ඉතිං පළවෙනි එපිය බලල කවුරුහරි මේ කතාව අතාරිනවනම් කියන්න තියෙන්නෙ Game of Thrones මුල් සීසන් දෙක බලල ඒක අතෑරල දාපු අයට කියන්න තියෙන කතාවම තමයි. “එයාල පව්.. හොඳම ටික මිස් කරගෙන..” මේකත් ඒ වගේ පළවෙනි එපිය කියන්නෙ පදනම් කතාව. එතනින් එහාට එපි නමයම එක වගේ භීෂණය රජ කරනව. එහෙනං කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු.
මේක ඇත්තටම සෑහෙන ආස හිතෙන කතාවක්. මේක පටන් ගන්නෙ සෑහෙන පරණ ඉතිහාසෙකින්.. 1845 දී රාජකීය නෞකා දෙකක් එංගලන්තයෙන් පිටත්ව යනව ගවේෂණය කිරීමේ අරමුණින්, ඒ දෙකේ නම් තමයි “ටෙරර් සහ එරබස්”. දැඩි ප්‍රයත්නයකින් පසු ඔවුන්ට ආර්ක්ටික් හරහා යාත්‍රණීය මාර්ගයක් සොයා ගැනීමට හැකි වෙනව. මේ නෞකා එම කාලයට අනුව තාක්ෂණයෙන් අනූන නෞකා දෙකක් විදියට තමයි හදල තිබුණෙ.. කොහොම හරි මේ නැව් දෙක ආර්ක්ටික් සාගරට ඇතුළු වුණාට පස්සෙ හිම මත හිර වෙනව.. ඒකට හේතුව තමයි අධික වේගයෙන් ආර්ක්ටික් සාගරය ඝනීභවනය වීම.. ඉතිං මෙහෙම දින සති මාස ගෙවෙනකොට ඔවුන් අවසාන වරට දකින්නෙ තල්මස් දඩයමේ ගියපු පිරිසක්.. ඒ වෙනකොටත් ඔවුන් යහපත් කාලගුණයක් අපේක්ෂාවෙන් ඉඳල තියෙනව ආක්ටික් සාගරයේ ඝණ නොවුණු සාගර තීරයට ඇතුළු වෙන්න අපේක්ෂා කරමින්.. හැබැයි පස්සෙ ඒ නෞකා දෙකම තුරුදහන් වෙනව.. ඔවුන්ට මොකද වුණේ..? කවුරු හරි, නැත්තං මොකෙක් හරි පහර දුන්නද?
ඔවුන්ට ජීවිත බේර ගන්න හැකි වුණාද?
අද සිට මේ දිගහැරෙන්නෙ ඒ භීෂණයේ කතාන්දරය..
අද කොටසින්..
අද දැනගන්න පුළුවන් කතාවේ පදනම.. ඒ කියන්නෙ එංගලන්තයෙන් ටෙරර්, එරබස් නෞකා පිටත් වෙලා ආර්ටික් වලට ආවට පස්සෙ ඔවුන් කොහොමද හිම කාන්තාරයේ හිර වෙන්නෙ කියල.. මේ කොටසෙදි නැවේ වැඩ කරන කොලුවෙක් හදිස්සියේම අසනීප වෙනව.. ඒ කොහොමද? ඒ මොකක් නිසාද? මැරෙන්න මොහොතකට කලින් කොලුව දැක්කෙ මොකද්ද? බලලම දැනගන්න.. ඒ වගේම නැවේ හටගන්න ගැස්සීමකින් නාවිකයෙක් මුහුදට වැටෙනව.. ඔහුට මොකක් වේවිද? ඒ වගේම ගත්ත තීරණ වල ප්‍රතිවිපාකම් මොනවද ?මේ භීෂණයේ ඇරඹුම පමණයි.. රැඳී ඉන්න බයිස්කෝප් එක්ක..!
මේක IMDb හි ප්‍රේක්ෂක ඡන්ද 19000+කින් IMDb 8.1ක අගයක අති විශාල ප්‍රේක්ෂක ප්‍රසාදයක් ලබා ගන්න හැකි වුණු ඉහළ මට්ටමේ සීරීස් එකක් කියල බොහොම විශ්වාසෙන් කියන්න පුළුවන්.. ඒ වගේම කුණු තක්කාලිකාරයො(Rotter tomatoes) 95%ක ප්‍රසාදය වගේම, ගූගල් භාවිතා කරන්නන් (Google users)95%ක් සිය ප්‍රසාදය පළ කරල තියෙනව. හිතන්නකො ඇයි මේ තරම් කට්ටිය මේකට කැමති කියල. ඒකට හේතු මුළු කතාව පුරාම තියෙනව. ඒ වගේම මේක Adventure | Drama | History | Horror | Thriller ගණයට නම් කරල තියෙනව.. AMC එකෙන් තමයි මේකත් අරගෙන ආවෙ.. කියන්න ඕනෙ මේකෙ භාෂාව අතිශය සංකීර්ණයි. ඒ නිසා සෑහෙන ලොකු කට්ටක් කාල තමා වැඩේ ගොඩ දැම්මෙ. ඒ නිසා අඩුපාඩු ඇතොත් සමාව අයැද සිටිනවා මිත්‍රවරුණි.. ඉතිං එහෙනම් දිගටම භීෂණය පතුරන්න පටන් ගනිමු.. පටි තද කරගන්න.. හොඳ හුස්මක් ගන්න.. ඊලඟ කොටස අරන් ආපහු ඉක්මනට එන්නම්..!
ජය වේවා…!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
8,308 downloadsDownload The-Terror-S01-E01.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
82 comments
dsdkavishka
Denis Maneesha
Sub ekata Thanks bn
AGCHarshana
සබේ අවුල් ගොඩක් තියෙනවා. පොඩ්ඩක් චෙක් කරහන් ප්ලීස් මම බෑවේ " The.Terror.S01E01.720p.WEB-HD.x264.ESubs" කොපිය
උදයංග සම්පත් හතරසිංහ
Sync කරල බැලුවෙ නැද්ද?
AGCHarshana
මගේ කොපියේ වෙනස තියෙන්නේ
iprageeth51
Matah awl.bn madden thanin thanin wena wena eewa yanne mchm
AGCHarshana
කරන්න තියෙන ඒවා කරා බන්, එත් අවුල්. අනේ මන්දා මට විතරද කියල
උදයංග සම්පත් හතරසිංහ
මචං මීට පස්සෙ උඹට කතාව හොඳයි කියල සෙට් වෙනවනම්, අපි සබ දුන්නට පස්සෙ ඒකට අදාල කොපිය බාගනින්..අදල කොපියෙ නම් දාල තියෙනව සබ් එක ලඟ.. එතකොට ඔහොම අවුලක් වෙන්නෙ නෑ..
ලහිරු ප්‍රසාද්
HD කොපියට දුන්න සබ් එක WEB කොපියට සෙට් උනොත් තමා අවුල මචං.
විමා
මුල් එපි 3 HDTV
ඉතුරු සේරම web ගනින්Kasun Malinga077
Sync කරන්නේ කොහොමද
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!krishanmadusanka
ela ela thanks for sub
NALING45
හොද tv සිරීස් එකක්.දින ගැන ගැන ඉදල බලපු එකක්..මේකට සබ් කරපු එක සතුටක්..thanks
mindika
Thanks !!!!!!!!!!!
chiro
supiri wadak saho thnx sub ekata
tharindux265
Bluray ඇවිත් තියෙන්නේ. ඒකට උපසිරස කරන්නග උපසිරසට ස්තුතියි!
Sanath Indika
thx broo
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයThari_lakmal
අම්මෝ සුපිරි භාන්ඩයක්නෙව... එල එල.. බෝම ස්තුතියි සහෝ..! ජය..!
Shanilka vithanage
අඩෝ එනකන් බලාගෙනමයි හිටියේ ❤️
Kaushan Herath
මේ වගේ හිස්ට්‍රි සිරිස් එකක් බලන්න නැතුව වේලි වේලි හිටියේ.සබට තැන්ක්ස් සහෝ.
Kulanjana Maduranga
thanks saho sub 1ta....
Achi
ගහ ගන්න හරි හිනා යන එකකට හරි සබ් එකක් කරහන්කෝ බන්...
ඉසුරු සම්පත් සිරිසේන
ගහගන්න, හිනා යන ෆිල්ම් කියල නම් නෑ ඉතින්.. action, comedy කියල නම් සයිට් එකේ ඕන තරම් ෆිල්ම් තියෙනව දාල. බලන නොබලන එක ඔබට බාරයි.
Ravindu Rukshan
ඉහට විකල්පය තෝරාගැනීමට අපහසු නම්,
රන්ජන් රාමනායක මහතාගේ සිනමාපට නරබන්න.උපසිරසි අවශ්‍ය නොවේ කියල.
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Ayesh Prashan
Thank You
Subhash13
අම්මෝ සබ් දානකම් හිටියෙ
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!udeshpe
good work thank you
Dharshana Kasun
Thanks..
max.mahesh
meke anith s1 ep 1 withatada sub thiyenne??? anith tikath dapanko ikmnta
npmuweerasinghe
thanks......
Sherlock holmes
Thanks හොඳේ..එපි ඔක්කොම බාගෙන ඉංග්‍රීසි සබ් එක්ක බලන්න හැදුවෙ ඒත් මෙලෝ දෙයක් තේරුනෙ නෑ වැඩේ අතැරල දාල හිටියෙ.. :-)
ashanmendis
niymai mcn menna me wage katha nam maru game of thrones wage katha thiyanawanam danwada
kodagoda
tnx sahoo
harshahjk
විස්තරය කියෙව්වාට පස්සේ මටත් හිතුනා බලන්න ඔන්න එහෙනම් සබ අරගත්තා ස්තූතියි සහෝ ජයවේවා
Viraj
hammo mekata denakalmai balan hitiye.. sub ekata thanks aiye.. puluwannam ilaga para idan web copy walatath sub denna. jaya wewa!!
New day
සුපිරි machan
rashmikanaveen29
elma ikamata anith ekath denno
Nadeesha rox alahakoon
Tnx bro subata ahenum mekath balanna patan gamuko.
Randi
නියමයි. උපසිරැසියට බොහොම ස්තූතියි.
ජය වේවා!Asanke
Ela 1 baluwa 2,3,4, bana gaman sub eka thama nea machan
උදයංග සම්පත් හතරසිංහ
මිත්‍රවරුනි අපි දෙන කොපිය හරියටම බයිස්කෝප් එකේ පළ වෙනකං පුළුවන් නම් එපිය බාන්නෙ නැතුව ඉන්න.. අපි දෙන්නෙ පළවෙනියටම ආපු කොපියට.. හැම කොපියටම සින්ක් කරන එක, එක පාර කරන්න බෑ.. ඒකට අමතර කාලයක් යනව. ඒ නිසා හැකිනම් උපසිරැසිය නිකුත් කළාට පස්සෙ ඒකට අදාල කොපිය බාගන්න. ඒකෙන් ඔබට වෙන හිරිහැර වලක්වාගන්න පුළුවන්.. ස්තූතියි..!
Kasun Malinga077
සින්ක් කරන විදිය කියලාදෙන්න. ඔක්කොම web dl ගත්තේ.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sameeraudias
elama wedak thankz
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
පට්ට වගේ කතාවනම්...සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..AMC සීරිස් එකක් නොබලා කොහොමද...දිගටම උපසිරස දෙමු..බුදුසරණයි..ජය වේවා!!!
විමා
සබට තුති බන්
අහපු ගමන් හා කිව්වට ආයෙත් තුති
බාන කට්ටිය මුල් එපි තුන් HDTV අරගෙන ඉතුරු සේරම web ගන්නKasun Malinga077
ඕක ලිපියෙම දැම්මනං හොදයි නේද ?
suranuwan
thanks bro.....
Chandila Jayanaka
thnks bro sub ekata
VPRUWAN
Thanks bro
Kasun Malinga077
Web dl එකට sub එක හදන්නේ නැද්ද ?
Pavi
හොඳයි වගේ......
බලලම ඉමු..
ස්තූතියි !!!!!!harshani11112
ස්තුති උදයංග සහො .....
sherlock_holmes1234
kauruth meka karanne nethuwa idi kiyala hithuwe.
thankzzzzz sahaoRasitha Illangasinghe
Thanks sub ekata..
panagama
thanks..........
Dhanushka
පට්ට කතාව...බොහොම ස්තූතියි
Milind@
Thanks saho
Advertisement
![The Terror [S01 : E01] Sinhala Subtitles | භීෂණයක ඇරඹුම..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/08/The-Terror-2018-1.1.jpg)



Thenks bro sub ekata, digatama denna