Watch Trailer

The Terror [S01 : E04] Sinhala Subtitles | මෘගයාගේ මාරක සෙවනැල්ල..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං සිව්වැනි කතාංගයක් අරගෙන ආව.. මරණය මුළු සීතල මුඩුබිම පුරාම රජ කරනව කියල දැන් හැමෝටම පේනව ඇතිනෙ.. අතෝරක් නැතුව හැම පැත්තෙන්ම මිනිස්සු කෑලි කෑලිවලට ඉරල මරල දාන මෘගයෙක් මිදුණු සාගරයේ ඉන්නව.. ඉතිං පහුගිය කොටස නැරඹුවානම් ඔබ දකින්න ඇති නිරීක්ෂණ චාරිකාව අතරතුර කැප්ටන් ජෝන් ඇතු…

ආයුබෝවන් යාළුවනේ..!
ඔන්න ඉතිං සිව්වැනි කතාංගයක් අරගෙන ආව.. මරණය මුළු සීතල මුඩුබිම පුරාම රජ කරනව කියල දැන් හැමෝටම පේනව ඇතිනෙ.. අතෝරක් නැතුව හැම පැත්තෙන්ම මිනිස්සු කෑලි කෑලිවලට ඉරල මරල දාන මෘගයෙක් මිදුණු සාගරයේ ඉන්නව.. ඉතිං පහුගිය කොටස නැරඹුවානම් ඔබ දකින්න ඇති නිරීක්ෂණ චාරිකාව අතරතුර කැප්ටන් ජෝන් ඇතුළු පිරිසට එල්ල වුණු අතිශය බිහිසුණු ප්‍රහාරය.. එතනදි බොහෝ අයට තමන්ගෙ ඔළු. අතපය අහිමි වුණා.. ඒ වගේම කැප්ටන්ට අමු අමුවේ තමන්ගෙම පාදයක් මෘගයගෙ ප්‍රහාරයට ලක් වෙනව බලන්න වුණා.. ඒ විතරක් නෙවෙයි අවසානෙදි පණ පිටින්ම අර ඇස්කිමෝ මනුස්සය වළදාන්න හාරපු වළ ඇතුළෙ ගිලිල මැරෙන්න වුණා.. කොහොමහරි කැප්ටන්ට අවසාන ගෞරව දක්වන්න හරි ඉතුරු වුණේ එක කකුළක් විතරයි. කොහොම නමුත් මේ මෘගය යම් තරමක් බුද්ධිමත් කියන එක නං වැටහෙනව.

අද කොටසින්..

කැප්ටන්ගෙ මරණයෙන් පස්සෙ ටෙරර් නෞකාවෙ කැප්ටන් ක්‍රොසියර් තමයි ප්‍රධානියා බවට පත්වෙන්නෙ. අද දවසෙත් මෘගය ප්‍රහාරයක් දෙනව. ඒකෙන් මනුස්සයෙක්ගෙ මොළේ එළියට විවෘත වෙනව.. හැබැයි ඔහුගේ ශරීරය නිෂ්ක්‍රිය වෙනව මිසක් ඔහු මැරෙන්නෙ නෑ.. ඒ ඇයි? බලන්නකො ඇයි කියල.. ඉතිං මෘගය නැව වටේ කැරකි කැරකි ඉන්නව කියන කාරණාව දන්න නිසා මිනිස්සු සෑහෙන බයෙන් ඉන්නෙ. කැප්ටන් ක්‍රොසියර් ඒ නිසා තීරණය කරනව මුර සංචාර පවත්වන්න. එහෙම මුර සංචාරයේ යෙදෙන අවස්ථාවක කැප්ටන් එවන්ස් කියල පොඩි බයවුණු කොලුවෙක් ඔහු එක්ක සංචාරයට එකතු කර ගන්නව.. හැබැයි ඒකත් මහා ශෝකාන්තයක් වෙලා අවසාන වෙන්නෙ. මේ අතරෙ මිස්ටර් හිකී දකිනව නැවේ ඉන්න නාඳුනන මිනිහෙක්.. ලඟට ගිහිල්ල තට්ටුවක් දැම්මම ඒ දෙකට කපල මරපු මිනිහෙක් කියල තේරෙන්නෙ කෑලි දෙක බිම වැටිල වෙන්වෙලා ගියාම. හැබැයි මේ වෙන් වුණු කෑලි දෙකේ සෑහෙන ලොකු අමුත්තක් තියෙනව… ඒ මොකද්ද? එහෙම වුණේ කොහොමද?

කොහොම නමුත් මේ මෘග ප්‍රහාර දියත්වීම පිටුපස ඇස්කිමෝ කෙල්ල ඉන්නව කියල හිතන හිකී, හාට්නෙල් ඇතුළු පිරිසක් ඇයට දඬුවම් කිරීමේ අරමුණින් ඇයට නැවට අරගෙන එනව. ක්‍රොසියර් ඇතුළු පිරිසත් ඇයව හොයාගන්න ඕන වෙලා හිටියත් කාලගුණික තත්වයේ අයහපත් බව නිසා මිනිස්සු එළියට යවන්න අකමැත්තෙන් ඉන්නෙ. මේ අතරෙ තමයි අනවසරයෙන් නැවෙන් පිටවෙලා හිකී ගිහින් ඇයව බලෙන් අරගෙන එන්නෙ. හිකී හිතනව කැප්ටන් ඔහුට මේකට හොඳට සලකයි කියල.. ඇත්තටම සලකනව.. සෑහෙන හොඳට.. ඊලඟ කොටස එක්ක ඉක්මනින් හමුවෙමු.

ජය වේවා..!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත්  සඳහා අදාළ වේ.

5,119 downloadsDownload The-Terror-S01-E04.zip25 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

උදයංග සම්පත්

Subtitles

5,119 downloadsDownload Subtitles25 KB

41 comments

  1. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  3. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  4. Kanchana

    Thanx sahooo

  5. Dasun

    තෑන්ක් යූ දෙයියෝ.. මේ දවස් වල ඇඟිලි නෑ...ඊළඟ එපිසොඩ් එකක් එනකන් ඇඟිලි ගැනලම..ඉක්මනින් අනික් එකක් දෙමු

  6. npmuweerasinghe

    thanks...

  7. Sherlock holmes

    Thanks

  8. Aurora s

    දිගටම ඉක්මනටම කරන් යන් බ්‍රෝ ජය වේවා...!!

  9. New day

    සුපිරි machan tns

  10. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඊලග කොටසත් ඉක්මනට දෙමු...

  11. Sanath Indika

    thx brooo

  12. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  13. thisaru321

    Ela patta katawa

  14. chiro

    thnx for sub

  15. Kulanjana Maduranga

    subata thanks....

  16. Ayesh Prashan

    Thank You

  17. madusanka

    Thanks bro..**

  18. m.c.i.srimal

    elaaa bro

  19. Asanke

    Thanks for sub

  20. harshani11112

    ස්තුති සබ් එකට සහො .....දිගටම යමු...
    තෙරැවන්සරණයි

  21. harshahjk

    බොහෝම ස්තූතියි සබ අරගත්තා ජයවේවා

  22. mindika

    Thanks !!!!!!!!!!!!!

  23. panagama

    thanks.....

  24. suranuwan

    thank you...

  25. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Udara Damith Dissanayaka

    මරේ මරු

  28. Milind@

    Thanks saho

  29. sasala

    thanks

  30. npmuweerasinghe

    thanks

  31. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  32. dil_shan

    tnz sub ekata

  33. Prasad Randunu

    Thank u very much bro

  34. melinda

    thank you for the sub

  35. Lahiru Lakshan

    thanks machn sub ekata....

  36. Sajithlakshan

    thanks ..........................

  37. aguero

    thanks brother

  38. Haashan Dhanushka

    thnxxxxxxxxxx

  39. kaaka1985

    thanks

  40. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු episodes ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න බ්‍රෝ :(
    ජය වේවා.!

  41. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!