Watch Trailer

The Terror [S01 : E05] Sinhala Subtitles | මරණ තුනක් ඇති මිනිසුන්.. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! කොහොමද ඉතිං.. කවුරුහරි කෙනෙක් මේ කතාව මුල් එපිය බලල නැවැත්තුවා නම් ඒක හරි අපරාධයක් කියල කියන්නම ඕනෙ.. මොකද දැන් කතාවේ උණුසුම සෑහෙන තීව්‍ර මට්ටමකට ඇවිල්ල තියෙන්නෙ.. අද කොටස මම පුද්ගලිකව මේ කතා මාලාවේ ආසම කොටස් තුනෙන් එකක් කිව්වොත් තමා හරියටම හරි.. මම ඇයි එහෙම කියන්නෙ කියල අද ඔබටත…

ආයුබෝවන් යාළුවනේ..!
කොහොමද ඉතිං.. කවුරුහරි කෙනෙක් මේ කතාව මුල් එපිය බලල නැවැත්තුවා නම් ඒක හරි අපරාධයක් කියල කියන්නම ඕනෙ.. මොකද දැන් කතාවේ උණුසුම සෑහෙන තීව්‍ර මට්ටමකට ඇවිල්ල තියෙන්නෙ.. අද කොටස මම පුද්ගලිකව මේ කතා මාලාවේ ආසම කොටස් තුනෙන් එකක් කිව්වොත් තමා හරියටම හරි.. මම ඇයි එහෙම කියන්නෙ කියල අද ඔබටත් බලාගන්න පුළුවන්..

පසුගිය කොටසින්..
හරි ඉතිං ඔන්න කැප්ටන් ක්‍රොසියර්ගෙ නායකත්වය යටතේ කට්ටිය මුර සංචාරයේ යෙදුණු එවන්ස්ට උරුම වුණු මරණය දකින්න ඇතිනෙ.. ඒ වගේම නැව ඇතුළටම ආපු මෘගයක එක් සාජන් කෙනෙක්ගෙ ඔළු කට්ට පලල, මොළේ එළියට විවෘත කළා කියලත් මතක ඇති කියල හිතනව.. ඒ වගේම මිස්ටර් හිකීට අහු වුණු කෑලි දෙකට කපපු මිනිය, එක මනුස්සයෙකුට අයිති කෑලි නෙවෙයි දෙන්නෙකුට අයිති ඒව කියලත් ඔප්පු වුණා.. ඒක කොහොමද වෙන්නෙ.. තිරිසන් සතෙකුට පුළුවන් ද මේ මිනිස්සු දෙන්නෙක් හරි මැදින් සමානව කපල කෑලි දෙක එක් අයෙක්ගෙ වගේ සවි කරන්න.. ඒක තාමත් අබිරහසක්.. මෘගයගෙ සෙල්ලම් ඔය විදියට යනකොට හිකී ඇස්කිමෝ කෙල්ල නැත්තං සයිලන්ස් ලේඩි අනවසරයෙන් පැහැරගෙන ආව.. ඒ විතරක් නම් කමක් නෑ ඇවිල්ල කැප්ටන් ඉස්සරහ සෑහෙන් ලොකු පම්පෝරියකුත් ගැහුව.. කොහොමහරි හිකී බලාපොරොත්තු වුණේ කැප්ටන් ඔහුට තෑගි දේවි කියල. දුන්න නේන්නම් හොඳ තෑග්ගක්.. පස්ස පැලෙන්න කස පාර තිහක් තමයි තෑග්ග.. දැක්කනෙ කස පාර දීල ඉවර වුණාම පස්ස පැත්තෙ තුවාල තිබුණු හැටි.. ඒ මදිවට ඒව පිරිසිදු කරන්නෙත් ලුණු වතුර වලින්.. හිතාගන්නකො කොහොමද සැප කියල.. ඕකෙන් මේකෙන් කොහොමහරි කැප්ටන් අතිජාත වෛරක්කාරයෙක් නම් හදාගත්ත..

අද කොටසින්…
සයිලන්ස් ලේඩි මේ වෙනකොට ඉන්නෙ නැවේ.. ඩොක්ටර් ගුඩ්සර් තමයි ඈ එක්ක හොඳටම කුළුපග වෙලා ඉන්නෙ. ඔහු “ඉනුක්ටුටු” භාෂාව ඉගෙන ගන්න ගමන් ඇයට ඉංග්‍රීසි උගන්වනව. මේ අතරෙ තමයි කැප්ටන් කියන්නෙ ඇයව එක්කගෙම ඇවිල්ල මෘගය ගැන විස්තර අහමු කියල. කට්ටිය ඇයව ඒකට අරගෙන ඇවිල්ල ප්‍රශ්න අහනව.. නමුත් ඒවට කෙලින් උත්තර එකක්වත් ලැබෙන්නෙ නම් නෑ.. මේ අතරෙ කැප්ටන් ෆිජේම්ස් ඒ කියන්නෙ කැප්ටන් ජෝන්ගෙ මරණයෙන් පස්සෙ එරබස් නෞකාවේ අලුත් කැප්ටන්, එනව ප්‍රශ්න අහන තැනට. එතනදි බහින්බස් වීමක් වෙලා කට්ටිය ගහමරා ගන්න හදනව. ඒ වලිය නිසා කේන්ති ගියපු ක්‍රොසියර්, “ටෝමස්” නැත්තං ක්‍රොසියර්ගෙ හොඳම මිත්‍රයා එළියට යවනව අයිස් ගැන වාර්ථාවක් ඕනෙ කියල. ඔන්න ඔතනින් තමා සැරම කේස් එක පටන් ගන්නෙ.. මෘගය නැව ඇතුළෙ.. යකඩ ගොඩක් කඩාගෙන වැටිල නැවේ පහළ තට්ටුවේ කපිතාන් ඇතුළු සියලුම නිළධාරීන් හිර වෙනව.. ටෝමස් සහ සුළු නිළධාරීන් විතරයි එළියෙ ඉන්නෙ.. මෘගය දකින දකින කෙනා කෑලි වලට ඉරල මරල දානව.. දැන් උගේ අවසාන සහ පැහැදිලි ඉලක්කය ටෝමස්?

ගිහින් එන්නම්.. ජය වේවා.. !

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත්  සඳහා අදාළ වේ.

4,260 downloadsDownload The-Terror-S01-E05.zip23 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

 

Subtitles

4,260 downloadsDownload Subtitles23 KB

34 comments

  1. Asanke

    Thanks for sub bro was waiting

  2. Shanilka vithanage

    Ikmanata dapan machooo..epi eka enakan agili gana gana inne

  3. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  4. chiro

    supiri ........me widihatama sub tika denna......thnx sub ekata

  5. Sherlock holmes

    Elama thanks :-)

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  8. harshahjk

    බොහෝම ස්තූතියි උදයංග. මට තවම 4වෙනි කොටස බලාගන්න බැරිඋනා. එහෙනම් 5 වෙනි සබත් අරගන්නවා. ජය්වේවා

  9. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  10. Pathmila_kushantha94

    මචන් bluray ඇවිල්ලා තියන එකේ bluray වලටම සබ් එක දියන්කෝ!

  11. Dasun

    මචෝ භීෂණය උපරිමයි.. මොනා වුනත් ක්‍රොසියර් කැප්ටන්ගෙ චරිතෙට මං කැමතියි..

  12. කවිශල් රසින්ත (කවී)

     බොහොම ස්තූතියි අයියේ..
    සුපිරිම කතාවක්..
    Gd luck... 

  13. thisaru321

    Ela thanks

  14. Udara Damith Dissanayaka

    නියමයි
    නොබලන අය පවු

  15. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    මේකයි The Innocents එකයි තරගයක් වගේ එක ලග දෙන්නේ...

  16. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  17. Kulanjana Maduranga

    subata thanks...

  18. Ayesh Prashan

    Thank You

  19. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  20. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  21. Tdesilva81

    Ela Thanks

  22. Sumal Niduka Chandrasiri

    Thanks. Eturu tikath ekmanata denna.

  23. Milind@

    Thanks saho

  24. sasala

    thanks

  25. npmuweerasinghe

    thanks

  26. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  27. dil_shan

    tnz sub ekata

  28. imyk

    jaya wewa....

  29. mindika

    Thanks !!!!!!!!!!!

  30. Lahiru Lakshan

    thanks bro...

  31. Sajithlakshan

    thanks ....................

  32. Haashan Dhanushka

    thnxxxxxxxxxxx

  33. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු episodes ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න බ්‍රෝ :(
    ජය වේවා.!

  34. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.