Watch Trailer

The Umbrella Academy [S01 : E08] Sinhala Subtitles | මට ඇහුණා ඕපදූපයක්… [සිංහල උපසිරසි සමඟ]

The Umbrella Academy නෙට්ෆ්ලික්ස් වෙබ් කතා මාලාවේ පළමු අදියරේ අටවෙනි කොටසයි බයිස්කෝප් යාලුවන්ට මේ විදිහට අරගෙන එන්නේ. තව කොටස් දෙකකින් මේ විශිෂ්ට කොමික් කතා මාලාවේ පළමු අදියරට අවසානය ලැබෙනවා. දුක් වෙන්න එපා, මොකද අනිවාරෙන්ම දෙවෙනි අදියර මේ වසරේ හෝ 2021 දී අපිට දැකගන්න ලැබේවි. කලින් කොටස විශේෂ සිදුව…

The Umbrella Academy නෙට්ෆ්ලික්ස් වෙබ් කතා මාලාවේ පළමු අදියරේ අටවෙනි කොටසයි බයිස්කෝප් යාලුවන්ට මේ විදිහට අරගෙන එන්නේ. තව කොටස් දෙකකින් මේ විශිෂ්ට කොමික් කතා මාලාවේ පළමු අදියරට අවසානය ලැබෙනවා. දුක් වෙන්න එපා, මොකද අනිවාරෙන්ම දෙවෙනි අදියර මේ වසරේ හෝ 2021 දී අපිට දැකගන්න ලැබේවි.

කලින් කොටස විශේෂ සිදුවීම් රැසකින් අඩංගු වුණානේ. ඒ කොටසින් අපිට දැකගන්න ලැබුණා ලෙනාර්ඩ් පීබොඩි aka. හැරොල්ඩ් ජෙන්කින්ස්ගේ අතීත කතාව. තමන්ගේ තාත්තගේ හිරි හැරවලින් සහ රෙජිනල්ඩ්ගේ අත්දැකීම නිසා තැලී ගිය ඔහු නරක පැත්තට යොමු වෙනවා. තාත්තා මරපු වරදට වසර 12 හිරබත් කාලා එලියට එන ඔහු අම්බ්‍රෙල්ලා ඇකැඩමියෙන් පලිගැනීමේ අරමුණින් වැඩ කරනවා. ඔයාලට මතක ඇති අර පෝගෝ හොයපු පෙට්ටිය. ඒකෙ තියෙනවා රෙජිනල්ඩ්ගේ සටහන් ලියූ පොතක්. ක්ලවුස්ගේ වැරැද්දෙන් ඒක හැරොල්ඩ් අතට පත් වෙනවා. අන්න ඒ විදිහටයි ඔහු වන්යාගේ විශේෂත්වය දැනගන්නේ. ඔහු ඇයව තම අරමුණට යොදාගන්නවා. ඒ තමා ඔහුගේ කතාව. තව ෆයිව් ඇකැඩමියේ උදවුවෙන් හැරොල්ඩ් හොයන්න පටන් ගන්නවා. ඒ වගේම ෆයිව් රීබූට් කරන්න කලින් වූ දිනයේ වගේම ලූතර් තමන්ව රෙජිනල්ඩ් හේතුවක් නැතුව හඳට යවපු බවත් දැනගන්නවා. මේ වටාවේ ඔහු දවස ගෙවන්නේ වෙනම විදිහකට. මේ අතර වන්යාගේ බලයන් පරික්ෂා කරන්න හැරොල්ඩ් ඇයව වෙන තැනකට අරන් යනවා. ඒ වගේම ෆයිව් අසනීප වීම හා පැච් මැරීමට සැකපිට දියේගෝව අත් අඩංගුවට ගැනීම නිසා ඇලිසන්ට වන්යා හා හැරොල්ඩ් හොයන් යන්න වෙන්නේ තනියම. ඒ වගේම ලූතර් හොයන් ක්ලබ් එකට ගිය වෙලාවේ ක්ලවුස්ගේ මත් ගතිය යනවා වගේම හදිසියේ වුණ ඔලුව වැදීමකින් ඔහු සුලු වෙලාවකට මරණය සම්බන්ද තැනකට යනවා. මේ වෙලාවේ අර පොඩි ගෑණු ළමයෙක් හමුවෙනවනේ. මෙතන වුණ ඔලුව කොලොප්පන් වෙන වැඩේ තමා ඇය කියනවා තමන් ලොව මවපු බව. හුඟ දෙනෙක් කියන විදිහට ඒ තමයිලු God (දෙවියා). ඉතිං ඇය රෙජිනල්ඩ් ඉන්න තැන ක්ලවුස්ට පෙන්වනවා. මෙතෙන්දි තමා මෙච්චර කල් කතාවෙ තිබුණ ලොකුම ගැටලුව විසඳෙන්නේ. මෙතෙන්දි රෙජිනල්ඩ් කියනවා ඇකැඩමිය නැවත එකතු කිරීමට ඔහු සියදිවි නසාගත් බව. ඒකෙන් මෙච්චර කල් ඝාතනයක් ලෙස පෙනුන හාර්ග්‍රීව්ස් මරණයේ අභිරහස විසඳෙනවා. තව දෙයක් තමයි එයා කොහොමද ලෝක විනාශය වෙන බව කලින් දැනන් හිටියේ කියන එක. ඒකත් අපි කතා මාලාවේ අනාගතයට භාරදෙමු. මේ අතර වන්යා තමන්ගේ බලයන් පාවිච්චි කරනවත් දකින්න පුලුවන්. ඒකෙන් අපි දැක්කනේ ඇය කොච්චර ශක්තිමත්ද කියලා. ඔන්න ඔය ටික තමා හත්වෙනි එපියේ වුණේ.

අද කොටස පටන් ගන්නේ ඇලිසන් වන්යා හොයාගෙන යන තැනින්. අද කොටස ගැන මං මොකුත්ම කියන්නෑ. ඔයාලම බලලා දැනගන්නකෝ. එක දෙයක් කියන්නම්, අද කොටසත් කුතුහලෙන් ඉතිරිලා තියෙන්නේ.😀 ඒ වගේම මේ කොටස සහ නවවෙනි කොටස තමයි පළවෙනි අදියරේ දෙවෙනියට IMDB දර්ශකය තුළ වැඩිම අගයක් සටහන් කළ එපි දෙක. ඒ තරම් මේ එපි දෙක හොඳ මට්ටමින් ගලාගෙන යනවා. එහෙනම් මම ගියා. නවවෙනි එපියෙන් හමුවෙමු එහෙනම්.

සුබ දවසක්…!

අද කොටස:- I Heard a Rumor
IMDb අගය:- 8.6
ධාවන කාලය:- විනාඩි 51
අධ්‍යක්ෂණය:- Jeremy Webb
විකාශය වූ දිනය:- 2019 පෙබරවාරි 15

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,695 downloadsDownload The-Umbrella-Academy-S01-E08.zip54 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

සචින්ත කල්හාර බෙනට්

Subtitles

7,695 downloadsDownload Subtitles54 KB

13 comments

  1. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    Season 2 එකත් ආවහම ඉක්මනටම අරන් .එමු..

  2. Anonymous

    tnx bro

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  5. Shaggie

    Thnks mchn

  6. Ayesh Prashan

    Thank You

  7. Sandeep

    Thanx saho

    1. Hiru

      Thanks ....legacies s2 එකට සබ් දෙන්නකො කොහොවත් සබ් දීලා නැ ඔක්කොම එපොසිඩ් වල

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. chinthaka.max4

    thankx machan

  10. sachin

    good subs, Thx bro.

  11. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️

  12. Anonymous

    Supiri.... Sub ekata thanks...