කොමික් සීරීස් අතින් ගත්තම උපරිම සාදාරනයක් කරන නෙට්වර්ක් එකක්නේ නෙට්ෆ්ලික්ස් කියන්නේ. ඔවුන් 2019 වර්ෂයේ අලුත් වැඩකට යොමු වුණා. ඒ ඩාර්ක් හෝර්ස් ආයතනයෙහි කොමික් කතාවක් ටෙලිවිෂනයට ගෙන ඒම. ඒ කතාව නමින් The Umbrella Academy. මේ කතා මාලාව කොච්චර විශිෂ්ට එකක් වුණාද කිවුවා නම්, පළවෙනි සීසන් එක එන්නත් කලින්ම…

කොමික් සීරීස් අතින් ගත්තම උපරිම සාදාරනයක් කරන නෙට්වර්ක් එකක්නේ නෙට්ෆ්ලික්ස් කියන්නේ. ඔවුන් 2019 වර්ෂයේ අලුත් වැඩකට යොමු වුණා. ඒ ඩාර්ක් හෝර්ස් ආයතනයෙහි කොමික් කතාවක් ටෙලිවිෂනයට ගෙන ඒම. ඒ කතාව නමින් The Umbrella Academy. මේ කතා මාලාව කොච්චර විශිෂ්ට එකක් වුණාද කිවුවා නම්, පළවෙනි සීසන් එක එන්නත් කලින්ම දෙවෙනි සීසන් එකට රීනිව් කරා. එය තවත් ඔප දමමින් 2019 වර්ෂය තුළ මේ කතා මාලාව ඉතාමත් ජනප්‍රිය වුණා. ඒ තරුණ වැඩිහිටි බේදයක් නොමැතිව හැමෝගෙම ආදරය දිනා ගනිමින්. ඒ වගේම මේක නෙට්ෆ්ලික්ස්ලට හොඳ වාසියක් වගේම ඔවුන් විසින් 2019 වර්ෂයේ පළමුවෙන්ම ඉදිරිපත් කළ විශාලම හිට් එකක් බවට පත් වුණා. මේ කතා මාලාව මිලියන 45ක් නැරඹූ බව නෙට්ෆ්ලික්ස්ලා තහවුරු කරලා තියෙන්නේ. ඒ අනුව Stranger Things වලට පස්සේ නෙට්ෆ්ලික්ස් තුළ වැඩියෙන්ම නැරඹූ කතා මාලාව වන්නේ මෙයයි.
ඒ වගේම මේ සීරීස් එක විශේෂ වෙන්න හුඟක් කරුණු බල පාලා තියෙනවා. ඉන් එකක් තමයි මේක කොමික් ආශ්‍රිත සීරීස් එකක් වීම. ඒ වගේම මේ කතා මාලාව තුළ කාල තරණය කියන සංකල්පය ඉතා හොඳින් භාවිතා කරලා තියෙනවා. තව දෙයක් තමයි මේක සුපර් හීරෝ සීරීස් එකක්. නමුත් මේ තුළ ඊට වඩා වැඩි දෙයක් කතා බහට ලක් වෙනවා. ඒ තමයි පවුලක් තුළදී සහෝදර සහෝදරියන් අතර වන අරගලයන්. කොටින්ම කිවුවොත් අම්බ්‍රෙල්ලා ඇකැඩමි තුළ සුපිරි වීරයන්ට වඩා මුල් තැන හිමි වෙන්නේ පවුල ගැන. තව පැත්තකින් ගත්තොත් සන්ගීතය. මේ සීරීස් එක තුළ Run Boy Run, Shade of Winter වගේ ගීත භාවිත කරලා තියෙනවා. මේකේ සන්ගීතය නිසා කතා රසය වැඩි දියුණු වෙනවා වගේම කතාවට අමුතුම ත්‍රිල් එකක් ලැබෙනවා. ඒ වගේම මේකේ Cinemascope එකත් නියමයි. විශේෂයෙන්ම මේකේ ඉන්ට්‍රෝ එක අරන් තියෙන ක්‍රමවේදය. ඒ වගේම හැම එපියක්ම පටන් ගන්නේ අතීත සිදුවීමක් පෙන්වමින්. ඔන්න ඔය වගේ හේතු නිසා තමයි මං මේ කතා මාලාවට හුඟක් කැමති වුණේ.
තව විශේෂ දෙයක් තමයි අපිට මේ කතා මාලාව තුළ කොතනකවත් අන්තර්ජාලය, ස්මාර්ට් දුරකතන දකින්නට නොලැබීම. ඒ වගේම මේකේ හුඟක් භාණ්ඩ වගේ දේවල් 80, 90 ගණන්වලට අයත් ඒවා. හැබැයි කතාව ගෙතෙන්නේ 2018/ 19 වර්ෂය තුළ. තව දෙයක් තමයි ඔයාලට මතක ඇති මම කිවුවා රෙජිනල්ස් හාර්ග්‍රීව්ස් කියන්නේ ඒලියන් කෙනෙක් කියලා. අන්න ඒකට සමාන සිදුවීමක් අද කොටසෙදී ඔයාලට දැකගන්න පුලුවනි.

කොහොම හරි කොටස් දහයකින් යුතු පළමු අදියර මෙයින් අවසන් වෙනවා. මේ කොටසට තමා IMDB එක තුළ පළමු අදියරේ වැඩියෙන්ම රේටින් ලැබිලා තියෙන්නේ. ඒ 8.9 ක් ලෙසින් වාර්තා කරමින්. කොහොම හරි දෙවෙනි අදියර මේ වසරේ හෝ ලබන වසරේ දකින්නට ලැබේවී. හැබැයි මේ කතාවේ අනාගතය ඉතා හොඳ එකක් බව අපිට පෙනී යනවා. අපි බලාපොරොත්තු වෙමු මේ කතාව නෙට්ෆ්ලික්ස්ලා විසින් තව තවත් විශිෂ්ටත්වයට පත් කරාවි කියලා.
කලින් කොටසෙදී අපි දැක්කා ලෙනාර්ඩ්ව වන්යා ඝාතනය කරන අයුරු. ලෙනාර්ඩ් මඉයගිහින් ඉන්නවා දැකපු ෆයිව් හිතාගන්නවා ලෝක විනාශය අවසන් කියලා. ඒ වගේම ඇකැඩමියට හේසල් උදවු කරන්න හිතන් එන හැටිත් ඔයාලා දකින්න ඇති. ඒ වගේම වන්යාගේ බලයන් ගැන අනිත් අය දැනගන්නවා. ඒ වගේම ඇලිසනුත් කොහොම හරි බේරෙනවා. ඇලිසන්ට අනතුරක් කරපු නිසා ලූතර් වන්යාව හිර කරනවා. නමුත් වන්යා තමන්ගේ බලයන් භාවිත කරලා එතනින් පැන ගන්න හැටිත් අපි දැක්කා. ඇත්තෙන්ම එතෙන්දී තමයි වයිට් වයලීන්ගේ ආගමනය සිද්ද වෙන්නේ. වයිට් වයලීන් කියන්නේ වන්යාටම තමයි. කොටින්ම කිවුවොත් ඉතා බලවත් වන්යාට. ඊට පස්සෙ මොකද වුණේ, වන්යාට මොනවා වේවිද, අවසානය කොහොම වෙයිද, කියල දැනගන්න නම් අද කොටස බලන්නම වෙනවා.
එහෙනම් ඉතින් අවසානය නරඹන්න ඔයාලට ආරදනා කරනවා.නැහෙනම් මේතාක් කතා මාලාව හා එක්ව සිටි ඔබ සැමට ස්තූතියි. ඒ වගේම අදහසක් පළ කරලා දිරියක් ලබා දුන් රසික ඔබට බොහොම ස්තූතියි කියල කියන්න කැමතියි. ඒ වගේම බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මාව සම්බන්ද කරගත් සුධීර මාලන් සහ හසන්ත අයියලාටත් විශේෂ ස්තූතියක් කරන්න කැමතියි. මේ අවුරුද්දේ සා/පෙ නිසා කාර්යබහුලව ඉද්දි තමයි මේක කෙටුවේ. ඒ නිසාම තමයි මේක දෙන්න වෙලා ගියෙත්. ඒ නිසා අපහසු තාවයට පත් වුණා නම් සමාවෙන්න ඕනේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ කතා මාලාවේ දෙවෙනි අදියරක් එන නිසා දිගටම රැඳී ඉන්න කියල තමයි. දෙවෙනි සීසන් එකත් දැනට මමම කරන්න තමයි හිතන් ඉන්නේ. සා/පෙ අස්සේ ආවෙ නැත්තම් අනිවා දෙන්නම්. එහෙනම් ඔබ තවම මේ කතාව නොරඹපු කෙනෙක්නම් කියන්න තියෙන්නේ, දැන්ම බාගෙන බලන්න කියලා තමයි. මොකද මේක ඒ තරම්ම පට්ට කතාවක්. එහෙනම් අදහසකුත් පල කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් මම ගියා.
සුබ දවසක්…!
අද කොටස:- The White Violin
IMDb අගය:- 8.9
ධාවන කාලය:- විනාඩි 44
අධ්‍යක්ෂණය:- Peter Hoar
විකාශය වූ දිනය:- 2019 පෙබරවාරි 15
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,993 downloadsDownload The-Umbrella-Academy-S01-E10.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
37 comments
sachintha
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් දුන්නට මේකට :) :) ...
season 2 ආවම ඒකටත් සබ් ඕනෙ බ්‍රෝ :)
ජය වේවා.!Ayesh Prashan
Thank You
Shaggie
Thnks mchn
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Season 2 ආවහම එකත් ඉක්මනටම අරන් එමු...Sandeep
Thanx saho sub ekata..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kalumdil
Thanks bro patta digatama karagena ymu
chinthaka.max4
thankx machan
Duhara
season 2 ekatath sub oone....
Anonymous
Sub danne kawadada?
Anonymous
Season 2 ekata subtitle hadanne nadda?
Anonymous
Season 2 ekta
Sub denna,pleaseAnonymous
Ado sub hadapnko please
Priyanwada
Thnks for this. Plz season 2th dnnko
Priyanwada
Season 2 sub dennkooo
Anonymous
Season 2 th onee
Ransara
Season 2 dn ndd
Ransara
Season 2 den ndd
Anonymous
Season 2th dennko
Anonymous
Season 2 ekt sub dennkoo plz
isuru
Season 2 ekata sub denne nadda?
Anonymous
Season 2 july 31 awa.. Sub me site ekn dena katauthu krnwda
Anonymous
Season 2 denne kwdda
Anonymous
Sub dennko ane plz
Ishan
Season 2 ekata sub denna.
sachintha kalhara
meke season 02 denne nadda
dinesh
seson 2 ekath denna macho
Ruvini Apeksha
Thanks friend for these subtitles...... :) :) :) good luck... !!!!!!
Ruvini Apeksha
Thanks friend :) :) :) good luck... !!!!!!
Anonymous
Season 02 Sub dento
podda
thanks saho
Sachintha Benat
The Umbrella Academy කතා මාලාවේ 2 වෙනි අදියරේ උපසිරැසි ළගදීම බලාපොරොත්තු වන්න.
සචින්ත කල්හාර බෙනට්
දෙවෙනි අදියරේ උපසිරැසි නිකුත් කිරීම අද ඉඳන් පටන් ගන්නවා. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.
Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️
SUMITH JAYASEKARA
thanks
Anonymous
Supiri.... Sub ekata Thanks!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි