උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
මම හිතනවා වැඩිය පරක්කු වෙන්න නැතිව ඇතියි කියලා. ඔයාලා වෙනුවෙන් පුළුවන් ඉක්මනට මම සීසන් එක ඉවර කරන්නයි උත්සහ කරන්නේ. ගියවර කොටස වෙනුවෙන් පළ වු අදහස් අතර තිබුනා මට ඊලඟ සීසන් එකත් කරන්න කියලා. ඒත් කණගාටුවෙන් වුනත් මට ඒ ඉල්ලීම නම් ප්‍රතික්ෂේප කරන්න වෙනවා යාළුවනේ. ඉදිරි මාස කීපයම අධ්‍යාපන කටයුතුත් එක්ක…
මම හිතනවා වැඩිය පරක්කු වෙන්න නැතිව ඇතියි කියලා. ඔයාලා වෙනුවෙන් පුළුවන් ඉක්මනට මම සීසන් එක ඉවර කරන්නයි උත්සහ කරන්නේ. ගියවර කොටස වෙනුවෙන් පළ වු අදහස් අතර තිබුනා මට ඊලඟ සීසන් එකත් කරන්න කියලා. ඒත් කණගාටුවෙන් වුනත් මට ඒ ඉල්ලීම නම් ප්‍රතික්ෂේප කරන්න වෙනවා යාළුවනේ. ඉදිරි මාස කීපයම අධ්‍යාපන කටයුතුත් එක්ක කාර්ය බහුල වන නිසා තමයි ඒ. බාර අරගෙන බාගෙට නවත්තන එකත් හොඳ නෑනේ. හරි ඒවගෙන් වැඩක් නෑ ඔයාලගේ අදහස් වලට ස්තූති කරන ගමන් කියන්නම් ගියවර කොටස ගැන කෙටියෙන්.
රික් සහ ෂේන් ගොවිපලෙන් සැතපුම් 18 ක් පිටතට යනවනේ තමන්ගේ බාරයේ සිටින රැන්ඩල් නම් සතුරු පාක්ෂික තරුණයාව ඇරලවන්න. ඒත් රික් සහ ෂේන් අතර ඇතිවන බහින් බස්වීමක් ගැටුමක් බවට පත් වුනාට පස්සේ, ඒ අතරට එක් වන ඇවිදින මල මිනී වලින් බේරිලා එයාලා නැවතත් ගොවිපලට එන්නේ ඒ රැන්ඩල්වත් ආපහු අරගෙනමයි. ඒ අතරේ ගොවිපලේ සිටින හර්ෂල්ගේ දියණියක් වන බෙත් දිවිනහගන්න උත්සාහ කරනවා මානසික අවපීඩනයක් නිසා. ඇයව බේරගන්නේ මැගී සහ ලෝරී එකතුවෙලා. ඔන්න ඔහොමයි ගියවර කොටස අවසාන වුනේ.
අද කොටසෙන් ඔයාලට බලාගන්න පුළුවන් නැවතත් ගොවිපල වෙත අරගෙන ආපු රැන්ඩල්ට වෙන්නේ මොකක්ද කියලා. සෑහෙන්න කල්පනා කලාට පස්සේ රික් තීරණය කරනවා තම කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් රැන්ඩල්ව ඝාතනය කරන්න. ඒත් ඩේල්ගේ දැඩි ඉල්ලීම මත රික් ඩේල්ට අවස්ථාවක් දෙනවා කණ්ඩායමේ අනිත් අය මේ ගැන දරන අදහස වෙනස් කරන්න පුළුවන්ද බලන්න. ඩේල් තමන්ට හැකි උපරිම අයුරින් උත්සාහ කරනවා මනුෂ්‍යත්වය අමතක වී තිබෙන තම කණ්ඩායමට රැන්ඩල්ගේ ජීවිතය නැති කිරීමේ අයිතිය තමන් ඇතුලු කණ්ඩායමට නැති බව ඒත්තු ගන්වන්න. ඒත් කණ්ඩායමේ බහුතරයකගේ කැමැත්ත මත අවසානයේදී රික් තීරණය කරනවා රැන්ඩල්ව වෙඩි තබා ඝාතනය කරන්න. මේ අතරේ ටිකක් හිතුවක්කාර වෙලා ඉන්න කාල්ට මුණ ගැහෙනවා මඩ වගුරක හිර වෙලා ඉන්න ඇවිදින මල මිනියක්, ගොවිපල ආසන්නයේම. කාල් නිසාම මඩ වගුරෙන් නිදහස් වන මේ ඇවිදින මල මිනිය ගැන කාල් කාටවත්ම කියන්නේ නැහැ. ඒත් අද කොටස අවසානයේදී ඒ හේතුවෙන්ම කණ්ඩායමේ අයෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදු වෙනවා. ඔයාලා බලන්න එහෙනම් ඒ කවුද කියලා.
ඊලඟ කොටසත් අරගෙන ඉක්මනට එන පොරොන්දුව පිට මම සමුගන්නවා. ජයම වේවා හැමෝටම… එලස්ස්ස්…..!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
140 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න bc37ca0fc094485e9afd9b5c3d46fdd3638f722b 350 MB (4.7 GB) කොපිය මෙතනින් බාගන්න cee0d3b9c1c2d7d1106596cae8d5ff64dd51ba49 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.6,225 downloadsDownload TheWalking.Dead_.S02E11.zip104 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
- Ratings
- Reviews
- 0
- Subtitles
- 155
- Downloads
- 1.1M
- Readers' rating
- No reviews yet

Subtitles
- #Andrew Lincoln
- #Chandler Riggs
- #Emily Kinney
- #Jon Bernthal
- #Lauren Cohan
- #MaxxA
- #Melissa McBride
- #Norman Reedus
- #Offbeat
- #Sarah Wayne Callies
- #Scott WilsonFrank Darabont
- #Steven Yeun
- #යශෝධ ශ්‍රීමාල්
32 comments
dinidu madushanka
Isu DP
Me Season Eka Iwara Krna Ekamn Hodai....
Loku Deyak Yashoda Ekanm.....
Subata Thuthi.....
Jaya Wewa !!! :-) :-PAditha Praween
වැඩේ නම් නියමයි
ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න .
සීසන් 4 ත් ඉවරයිනේ දැන් .
මමත් ඔයාගෙ සබ් එක්ක ආයෙත් මුල ඉඳන්ම බලනවා .
:Dmudiya / මුදියා
නියමයි මචෝ.
පුළුවන් ටික දෙන්න එහෙනම්.අවුලක් නෑ.
ජයවේවා.බොහෝ........................................................................................................ම ස්තූතියි...!
![The Walking Dead [S02 : E11] | විනිසුරු, ජූරිය සහ අළුගෝසුවා… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/walking-dead.jpg)

ela ela saho ithuru kotas 2 ikamanata demu jaya wewa