ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං දන්නෙම නැතුව වෝකින් ඩෙඩ් හත්වෙනි කතාංගය දක්වාම ඇවිත්. මේ අවුරුද්දේ විකාශය වෙන්නෙ තව එකම එක කතාංගයක් විතරයි. ඒ කියන්නෙ ලබන සතියෙ කොටස මිඩ් සීසන් ෆයිනල් එපිසෝඩ් එක බවට පත් වෙනව. ඉතිං කාලය ගෙවිල ගිහින් රික් ඉවත් වෙලා අවුරුදු 6ක් ගත වෙලා, ජූඩිත් උස්මහත් වෙලා, අලුත් සාමාජික…

ආයුබෝවන් යාළුවනේ..!
ඔන්න ඉතිං දන්නෙම නැතුව වෝකින් ඩෙඩ් හත්වෙනි කතාංගය දක්වාම ඇවිත්. මේ අවුරුද්දේ විකාශය වෙන්නෙ තව එකම එක කතාංගයක් විතරයි. ඒ කියන්නෙ ලබන සතියෙ කොටස මිඩ් සීසන් ෆයිනල් එපිසෝඩ් එක බවට පත් වෙනව. ඉතිං කාලය ගෙවිල ගිහින් රික් ඉවත් වෙලා අවුරුදු 6ක් ගත වෙලා, ජූඩිත් උස්මහත් වෙලා, අලුත් සාමාජිකයන් කතාවට එකතුවෙලා, පරණ අය වෙනස් වෙලා, ප්‍රජාවන් ක්‍රමවත් වෙලා පේන විදියට දැන් කිසි ගැටළුවක් නෑ වගේ. හැබැයි ගැටළුවක් නැත්තෙම නෑ වගේ ගිය සතියෙ අවසාන විනාඩි කීපයේ පෙණුනෙ. එහෙනම් මතක් කරගෙන ඉමුකො පොඩ්ඩක් ඒ ගැන. .
පසුගිය කොටසින්..
ඉතිං පසුගිය කොටසේ කට්ටිය දැක්කනෙ ජූඩිත් බේරගත්ත පිරිස ඇලෙක්සැන්ඩ්‍රියාවට එක්කගෙන යනව. ඔවුන් කවුන්සිලයේ සාමාජිකයන් වෙතට ඉදිරිපත් කළාම මිශෝන් පැහැදිලිව ඔප්පු කරල පෙන්වනව ඔවුන් විශ්වාස කරන්න බෑ කියල. කොහොමහරි ඊට පස්සෙ අලුත් පිරිස අතරෙත් කතාබහක් යනව ඇලෙක්සැන්ඩ්‍රියාවේ නතර වෙන්න, මිශෝන්ගේ විශ්වාසය දිනා ගන්න එයාලට කරන්න පුළුවන් මොකද්ද කියන කාරණාව ගැන. කොහොමහරි මැග්නා ගිහින් මිශෝන්ගෙ අතට අර පොඩි පිහිය දීල විශ්වාසය තහවුරු කර ගන්නව. ඊට පස්සෙ මිශෝන් තීරණය කරනව අලුත් පිරිස හිල්ටොප් වලට එක්කගෙන යන්න. බලමුකො ඉස්සරහට එයලව හිල්ටොප් වලට පිළිගනීවි ද කියල. ඔන්න ඔය අතරෙ රොසීටා, ඉයුජින් දෙන්න යනව දුරස්ථ සන්නිවේදන ක්‍රමයක් හොයාගන්න. ඉයුජින් රොසීටට ප්‍රේමයෙන් බැඳිල වගේ තමයි පේන්නෙ. කොහොමහරි ඉයුජින් අර ටැංකියේ ඉඳල ආපු වැඩේ ඉවරයක් කරගෙන යන්න කියල ඒකෙන් බහිනකොට මළවුන් රැලක් එනව දැක්කම කලබල වෙලා ඉනිමගෙන් වැටෙනව. වැටුණම කකුලක් කඩාගන්නව. රොසිටා කොහොමහරි සවලක් අතට දීල කැලේ කඩාගෙන දුවල මඩ ගාගෙණ බේරෙන්න උත්සාහ ගන්න අතරෙ මුමුණන සද්දයක් ඇහෙනව..
– උන්.. කොහෙද.. ගියේ
– උන්ට.. පැනගන්න.. දෙන්න.. එපා
ඔන්න ඔය වගේ ඒව. ඒක තමයි දැන් ඉස්සරහට අපිට විසඳගන්න ඕනෙ. මම දැක්ක අපේ කට්ටිය කමෙන්ට් වලින් එක එක අදහස් ඉදිරිපත් කරල තිබුණ. අපි බලමුකො නේද?
අද කොටසින්..
ඔක්කොටම කලින් කියන්න ඕනෙ HDTV පිටපතේ අවසානෙ පෙන්වන ස්නේක් පීක් එක අනිවාරෙන් බලන්න. එතකොට තේරේවි මිඩ් සීසන් බ්‍රේක් එක මොන තරම් කුතුහලයෙන් පිරුණු එකක් වේවිද කියල. හරි ඉතිං පොඩි විස්තරයක් දෙන්නම් අද දවස ගැනත්. රොසීටා, ඉයුජින් දෙන්නට මුමුණන සද්ද වගයක් ඇහුණ කට්ටියට මතක ඇති. කොහොමහරි ඔන්න රොසීටා අද ඉයුජින්ව මග හලල මනුෂ්‍ය ජනාවාසයක් හොයාගෙන අසිහියෙන් දුවගෙන එනකොට මගදි සිහි නැතුව වැටෙනව. අර මිමිණීම දිගටම ඇහෙනව ඇයට. කොහොමහරි මේ අතරෙ මිශෝන් සිඩ්ඩික් එක්ක අලුත් සෙට් එක හිල්ටොප් වලට එක්කගෙන එන මඟ ඉන්නෙ. ඒ මගදි අලුත් සෙට් එක හිටපු අටල්ල හමු වෙනව. එතන මහ විනාසයක් වෙලා, අලුත් සෙට් එකේ පිරිසක් මළවුන්ගේ ගොදුරු වෙලා. මේ අලුත් සෙට් එක මළවුන් නැත්තං ඇවිදින්නන් හඳුන්වන්නෙ “සිකෝස්” කියල. ඒ වචනය මමත් ඒ විදියට දාල තියෙන්නෙ. ඒකෙ තේරුම ඇවිදින්නන්, මළවුන් කියන එකම තමයි. කොහොමහරි මේ පිරිස අටල්ලෙන් ඇවිත් රෑ ඉඳල උදේ යන්න සූදානම් වෙන අතරෙ අටල්ලට පහර දුන්නු මළවුන්ගේ ප්‍රහාරයකට ලක් වෙනව. මේ ඔක්කොම වෙන අතරෙ කැරොල් ගියානෙ ඩැරල් හොයාගෙන. ඒ ඇයි කියල දැනගන්න පුළුවන් අද. කොහොමහරි ඩැරල් එක්ක කැරොල් එනව හිල්ටොප් වලට හෙන්රිව ලෝකුරු කරුවෙක් (යකඩ වලින් මෙවලම් සකසන්නෙක්) කරන්න. මේ සිදුවීම වෙන අතරෙ ඇරොන්, ජීසස් දෙන්න කතාබහක් කරගෙන ඉන්නකොට ළඟපාතින් වෙඩි සද්දයක් ඇහෙනව. ගිහින් බලනකොට ඒ ඉන්නෙ රොසීටා. රොසීටා කියනව එයා ඉයුජින්ව ධාන්‍ය ගබඩාවක දාල ආව කියල. හැබැයි අඳුර වැටීම සහ ඒ වටපිටාවේ ගොඩක් මළවුන් ගැවසෙනව දකින නිසා ඇරොන් සහ ජීසස් තීරණයක් ගන්නව උදේ වෙනකං ඉයුජින් හොයන්න යන්න බෑ කියල. ඔන්න ඔහොම මිශෝන්, කැරොල්, ඩැරල්, රොසිටා, ටේරා (කාලෙකට පස්සෙ දැක්කෙ), ඇරොන් වගේම ජීසස් ඔක්කොම දැන් හිල්ටොප් වල තමයි ඉන්නෙ. ඒ වගේම මැගී මේ වෙද්දි කතාව තුළ නැහැ. ඒ ඇයි කියලත් පොඩි ඉඟියක් අද ලැබෙනව. මිඩ් සීසන් ෆයිනල් එපිසෝඩ් එක පුදුම භීෂණකාරී කොටසක් වෙයි කියල තමයි මට හිතෙන්නෙ. මුල් සීසන් වල වගේම ආයෙ රස වෑහෙන කතාවක මිමිණුම දැන් දැන් ඇහෙනව. එහෙනම් සුපර්ගර්ල් තුළින් ඉක්මනින් හමු වෙමු.. ජය වේවා..!

We do not provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා පමණක් වලංගු වේ.
11,900 downloadsDownload The.Walking.Dead_.S09E07.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
38 comments
SumithSaman
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Nonim Nuwan
THANKS BRO
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයAyesh Prashan
Thank You
Udara Damith Dissanayaka
niyamayi.............
Darshana Herath
Thanks Bro..
Sanath Indika
thx broo
Madhura prasad
තුති වේවා බ්‍රො සබ් එකට
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
kdelshan
thanks machn blgna hitiya
harshanihn
Thank u
Kawi Jayasinghe
Tnx sahoooo
Kulanjana Maduranga
subata thanks..
Dvk
thanks mchn
RAVINDUrd1997
thanks mhcn.jaya wewa!!
onlytharindu
Thanks bro sub ekata.. Meka enakal balan hitiye.. <3 :)
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
maduranga012
Thanxxx broo...
Navi1996
බොහොම ස්තූතියි සහෝ..ජය වේවා
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්,,,
pathum90
thankz bokka
suranuwan
thanks...
wajira
thanks for sub
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Shanuka Madushan
අනේ බන් s9 e4 සබ ඩවුන්ලෝඩ් කරන්න බෑනේ. ඩවුන්ලෝඩ් කරපු එකෙක්වත් කියපන්කො කොහොමද ගන්නේ කියල plz.....................
උදයංග සම්පත් හතරසිංහ
ඩවුන්ලෝඩ් වෙනව බං. උඹ බලපං සයිට් එකට ලොග් වෙලා නැතුව ඇති, නැත්තං කිසි අවුලක් නැහැ. බාගන්න පුළුවන්.
Shanuka Madushan
එල එල බන් බාගත්තා......... thanks ආ .
Janith220
Thanks saho
kavicruz
Thnx bro ජයවේවා...
myhome
sub wlt thanks
kasun@rko
Supiri bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
sasindu kavish
පට්ට
Sajithlakshan
thanks ................
Pramukmili
Thanx bro..................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Tnx mcn