ආයුබෝවන් යාළුවනේ! ඉතිං ඔන්න නොදැනීම TWD 10 වැනි කතාංගයේ දෙවැනි කතාංගයත් නිකුත් වෙලා. කොහොමහරි මේ කතාංගයත් නිළ වශයෙන් නිකුත් වෙන්න තිබුණෙ 13 වැනිදා. ඒත් ඉතිං මොකක්හරි හේතුවක් නිසා මේක අද නිකුත් වෙලා තිබුණ. ඔන්න ඉතිං ආපු ගමන් කොහොමහරි සබ් එක කළා පරක්කුවක් නැතුවම. හැබැයි ඉතිං සෑහෙන දරුණු ආරංචියක් ආව,…

ආයුබෝවන් යාළුවනේ!
ඉතිං ඔන්න නොදැනීම TWD 10 වැනි කතාංගයේ දෙවැනි කතාංගයත් නිකුත් වෙලා. කොහොමහරි මේ කතාංගයත් නිළ වශයෙන් නිකුත් වෙන්න තිබුණෙ 13 වැනිදා. ඒත් ඉතිං මොකක්හරි හේතුවක් නිසා මේක අද නිකුත් වෙලා තිබුණ. ඔන්න ඉතිං ආපු ගමන් කොහොමහරි සබ් එක කළා පරක්කුවක් නැතුවම. හැබැයි ඉතිං සෑහෙන දරුණු ආරංචියක් ආව, ඉදිරි කතා මාලාවකින් “මැගී රීඩ්” ආයෙත් කතාවට එකතු වෙනව කියල. ඒ වගේම TWD කතා මාලාව “Supernatural” කතා මාලාවටත් වඩා දීර්ඝ වේවි කියල. එච්චර දුර යනකොට නම් රසයට මොනව වේවිද කියන එක ඉතිං දෙවියො තමයි දන්නෙ. තව සාධාරණ බයක් තියෙනව, ‘”මෙක්සිකෝවට යන්න ඕනෙ” කියල ඩැරල්, කැරොල්ට කිව්ව කතාව නිසා බැරිවෙලාවත් මේ කතා මාලාව “Fear the walking dead” එක්ක Crossover වේවිද දැන්නෑ කියලත්. එහෙම වුණොත් නම් ඉතිං දෙයියන්ගෙම පිහිටයි. හරි ඉතිං පොඩ්ඩක් මතක් කරගමු කලින් කතාංගයේ මොනවද වුණේ කියල.
පසුගිය කොටසින්..
පසුගිය කතාංගයේ ඇත්තටම පෙන්නුවෙ, ඇල්ෆාගේ කෲර පළිගැනීමෙන් පස්සෙ ජනාවාස වල තත්වය ගැන. එක එක ජනාවාස තමන්ගේ උපරිම ශක්ති මට්ටමෙන් මිනිසුන්ගේ පැවැත්ම තහවුරු කරගන්න උපරිම උත්සාහයක යෙදිල ඉන්නව අපි දැක්ක. මේ අතරෙ තමයි, RJ ගං මෝයෙ තිබිල හම් වෙස් මූණක් හොයාගෙන එන්නෙ. මේක දකින්නෙ ජූඩිත්. ඒකෙන් පස්සෙ ජනාවාස කීපයම ටිකක් කලබල වෙනව. ඒ නිසා ආරක්ෂාව තහවුරු කරගන්න, මුර සංචාරයක් යන්න මිශෝන් ඇතුළු පිරිස පිටත් වුණා. මෙහෙම ගිය පිරිසට විනාශ වුණු කඳවුරක් හමුවෙනව. ඒ විතරක් නෙවෙයි, ඇල්ෆාගෙ රැළේ කෙනෙක්, මිශෝන්ලගෙ සීමාවෙ මැරිල ඉන්නව කට්ටිය දකිනව. ඔහොම විස්තර යන අතරෙ තමයි පැරණි චන්ද්‍රිකාවක් පොළවට කඩා පාත් වුණේ. ඒකෙන් කැලේ ලොකු ගින්නක් ඇති වෙනව. ගින්න පැතිරිලා ගියොත්, එකක් මළවුන් වේගයෙන් ගින්න පැත්තට එකතු වෙනව, අනිත් කාරණාව දඩබිම්, වගාබිම් සහ ජනාවාස වලට හානි ඇති වෙනව. ඒ නිසා ජනාවාස කීපයම එකතු වෙලා, ඇල්ෆගෙ සීමාවෙ ඇතිවුණු මේ ගින්න නිවල දානව. අවසාන මිනිත්තුවේ තමයි ඇල්ෆා මතුවෙන්නෙ. ඇල්ෆා දකිනව ගල් කන්ද උඩ හිටගෙන ඉන්න කැරොල්ව. හැබැයි ඉතිං ඇල්ෆා මේ පාර කැරොල් එක්ක හැප්පුණොත් නම් ලේසි වෙන එකක් නෑ. කැරොල්ගෙ මූණෙන්ම පෙණුන “උඹට දෙන්නම් වැඩේ” වගේ හැඟීමක්. කලින් සීසන් එකක මතක ඇතිනෙ, කැරොල් තනියම සම්පූර්ණ කඳවුරකට බෝම්බ ගහල, වෙඩි තියල, කඳවුර පොළවටම සමතලා කරල, රික් ඇතුළු පිරිස බේරගත්ත.
අද කොටසින්..
අද කොටස සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තියෙන්නෙ ඇල්ෆා ඇතුළු රංචුවට. ඒ වගේම අවුරුදු හතකට කලින් ඇල්ෆා සහ බීටා කල්ලි ගැහෙන හැටි බලාගන්න පුළුවන්. ඒ වගේම ලිඩියා පුංචි කාලෙ හිතේ තියාගෙන හිටපු දෙයක්,මේ වෙද්දි ඇත්ත වේගෙනෙ එනව පෙනෙයි. මේ ඔක්කොම අතරෙ ඇල්ෆා කියන්නෙත්, වෙස් මූණක් යට හැංගුණු ගැහැණියක් විතරයි කියලත් පෙනෙයි. හැබැයි ඇය අවතක්සේරුවට ලක් කරන්න හොඳ ගැහැණියකුත් නෙවෙයි. ඒවගේම ඇල්ෆාගෙ කණ්ඩායම දවසක ඇල්ෆා ප්‍රශ්න කරන මට්ටමේ රහසක් ඇල්ෆා රැකගෙන ඉන්නව. ඉදිරියේදී ඒ රහස ඇල්ෆාගේ ගමන් මඟ වෙනස් කරන්න ඉඩ තියෙනව. එහෙනම් බලල රසවිඳින්න ආරාධනා කරමින් මම යනව. ඊලඟ සතියෙ නැවත මුණ ගැහෙමු. ජය වේවා..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
11,195 downloadsDownload The-Walking-Dead-S10-E02.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
31 comments
Rachila
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
A JAYANATH
බොහොම ස්තුතියි උපසිරසට
Thrishala95
sub ekata thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ප්‍රසාද් රත්නායක (Prasad)
Thanks ❤
Pasindu16022
Thanks aiye..
pitcher bro
niymai bro.thnaks .anith ekatath oya wagema sub eka demu
Ravindu Rukshan
තැන්ක්ස්
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Sandarunimsara
Sub ekata tnx bro
sasindu kavish
බොහොම ස්තුතියි
sasindu kavish
බොහොම ස්තුතියි සහෝ
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Nadeesha rox alahakoon
Tnx bro subt. Puluwnnum fear the walking dead ekatath sub tika diynko. Nathnum puluwn ekk set krhnko sub denna
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...මේක දිගින් දිගටම ඇදෙන්න ගියොත් නම් අන්තිම චාටර් වෙලා නතර වෙන්නෙ. අනේ මංදා ඉතිං. AMC එකත් CW වගේ වෙන්න යනවද දන්නෙ නෑ..
ජය වේවා..බුදුසරණයි..!Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. පුළුවන් නම් The Expanse TV series එකටත් සබ් දෙනවද බ්‍රෝ :)
ජය වේවා.!chandikaranaweera
ela brooo
Ayesh Prashan
Thank You
HM Gayan
Thanks saho
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
ramesh shalitha
THANKS Bro. .
ramesh shalitha
THANKS Bro ...
wajira
Thanks for sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thanks bro...
Shehan putha
Thanks bro...
Lasa_Sadaru
ela
Kalanacosta
thank you.....
lakshan
thanks .............................
Pramukmili
Thanx bro................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Walking Dead [S10 : E02] Sinhala Subtitles | අපි තමයි ලෝකයේ අවසානය! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/The-Walking-Dead-S10.jpg)



Thank You Brooooooo...