Watch Trailer

The X-Files [S08 : E02] – Sinhala Subtitle | මේ කවුද, මොනවද කරන්නේ? [සිංහල උපසිරැසි සමඟ]

දෙවනි කොටස අරගෙනයි ආවේ. මුලින්ම පසුගිය කොටස මතක් කරගෙන ඉමු. අලුත් නියෝජ්‍ය අධ්‍යක්ෂ විදියට කර්ෂ් පත් වුන පාර සේරම අනිත් පැත්ත ගැහෙන්න පටන් ගත්තා. මෝල්ඩර්ව හොයන වැඩෙන් ස්කලීවයි, ස්කිනර්වයි අයින් කරලා ජෝන් ඩොගට්ට භාර කරා. මේ කියන ජෝන් ඩොගට් ව, ස්කලීට නම් හිතට අල්ලන්නෙම නැති පාටයි. හැබැයි ජෝන් ඩොගට්,…

දෙවනි කොටස අරගෙනයි ආවේ. මුලින්ම පසුගිය කොටස මතක් කරගෙන ඉමු.

අලුත් නියෝජ්‍ය අධ්‍යක්ෂ විදියට කර්ෂ් පත් වුන පාර සේරම අනිත් පැත්ත ගැහෙන්න පටන් ගත්තා. මෝල්ඩර්ව හොයන වැඩෙන් ස්කලීවයි, ස්කිනර්වයි අයින් කරලා ජෝන් ඩොගට්ට භාර කරා. මේ කියන ජෝන් ඩොගට් ව, ස්කලීට නම් හිතට අල්ලන්නෙම නැති පාටයි. හැබැයි ජෝන් ඩොගට්, මෝල්ඩර් ව හොයන වැඩේ කරන්නේ යටි අරමුණක් නැතුව අවංකව ම වගෙයි පේන්නේ. හැමෝම මෝල්ඩර් ව හොයන්න මහන්සි වෙන අතරේ තමයි හදිසියෙම මෝල්ඩර් ආව බවට සලකුණු මතු වෙන්න පටන් ගත්තේ. මුලින්ම ස්කලී නවාතැන් අරන් ඉන්න නිවසට ආව බව නිවසෙ අයිතිකාරයා කිව්වා. ඊලඟට මෝල්ඩර්ගේ අනන්‍යතාව පාවිච්චි කරලා කෙනෙක් කාර්‍යංශයෙන් ලිපිගොනු වගයක් අරන් ගිහින් තියනවා. මේ සේරම අතරේ මෝල්ඩර්ගේ මොළයේ අවිධිමත් ක්‍රියාකාරීත්වයක් නිසා මිය යමින් ඉඳලා තියෙන්නෙ කියලත් ඩොගට් හොයා ගන්නවා. හොඳම සිද්ධිය වෙන්නේ පිටසක්වල ක්‍රියාකාරකම් ගැන අවදානෙන් හිටපු ස්කිනර් ඇතුලු කට්ටිය මෝල්ඩර් ඉන්නවා ඇත්තෙ ඇරිසෝනා කන්තාරේ කියලා හොයා ගත්ත තැනින්. එතනදි පටලැවිලා තිබුන ගොඩක් දේවල් ස්කලීට තේරුම් ගියා. ඒ තමයි ස්කලීගෙ ගෙදරට ඇවිත් මෝල්ඩර්ගේ කම්පියුටරේ අරන් ගියේ, කාර්‍යාංශෙට ගිහින් එතන ලිපිගොනු අයින් කරේ වෙන කවුරුවත් නෙවෙයි පිටසක්වල ජීවීන්මයි කියලා. එතනිනුත් නොනැවති ඇරිසෝනා කාන්තාරේ සම්බන්ධෙ විදියට ඇය දැක්කේ, ගිබ්සන් ප්‍රෙයිස් කියන ළමයාව. මොකද පිටසක්වල ජීවීන් ඉන්න බවට පවතින හැම සාක්ෂියක්ම ඔවුන් අයින් කරලා දානවා, මේ ළමයා ඒකට හොඳම සාක්ෂියක්!

ස්කලී, ස්කිනර් විතරක් නෙවෙයි, හෝඩුවාවක් මත ඩොගට්නුත් ඇරිසෝනාවට යනවා. එහෙම ගිය ඩොගට් ට දකින්න ලැබුනේ ගිබ්සන්ගෙ අතින් ඇදන් හෙලක් මුදුනට යන මෝල්ඩර්ව!

අද එතැන් සිට.. ආයුබෝවන්!

ලිපිය : හෙළිලි හේමමාලි

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය FUM-WEB හා ඇතැම් BR, DVD පිටපත් සඳහා අදාළ වේ.

2,171 downloadsDownload X-Files-S08e02-25200155.zip101 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

2,171 downloadsDownload Subtitles101 KB

7 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    thanx bokka adarei digatama karanna

  3. Madushanka

    Thanks very much........................

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  5. Anonymous

    thanks

  6. Shamal manojan

    ස්තූතියි උපසිරැසියට

  7. Pramukmili

    thanxxx bro.........................