මෝල්ඩර් ව හොයන්න පත් කරපු ඩොගට් අවසානේ ස්කලීගේ X ෆයිල්ස් සගයා වුනානේ. ඉතින් මේ දෙන්නාගෙ පළවෙනි X ෆයිල් එක වුනේ වවුල් මිනිහාගෙ කතාන්තරය. ඇත්තටම කතාව පටන් ගත්තේ අභිරහස් ඝාතන දෙකකින්. ඝාතන දෙකම සිද්ධ වෙලා තිබුනේ සැපුම් තුවාල නිසා ලේ වහනයෙන්. ඝාතකයා සතෙක්ද, මිනිහෙක්ද කියලා ලොකු දෙගිඩියාවක ඉද්දී ඩොගට් හ…

මෝල්ඩර් ව හොයන්න පත් කරපු ඩොගට් අවසානේ ස්කලීගේ X ෆයිල්ස් සගයා වුනානේ. ඉතින් මේ දෙන්නාගෙ පළවෙනි X ෆයිල් එක වුනේ වවුල් මිනිහාගෙ කතාන්තරය. ඇත්තටම කතාව පටන් ගත්තේ අභිරහස් ඝාතන දෙකකින්. ඝාතන දෙකම සිද්ධ වෙලා තිබුනේ සැපුම් තුවාල නිසා ලේ වහනයෙන්. ඝාතකයා සතෙක්ද, මිනිහෙක්ද කියලා ලොකු දෙගිඩියාවක ඉද්දී ඩොගට් හොයා ගත්තා අවුරුදු 44 කට කලින් වෙච්ච මේ වගේම ඝාතන කීපයක්. ඝාතකයා මිනිහෙක්ද, සතෙක්ද කියලා තහවුරු කරගන්න බැරි වෙච්ච ජීවියෙක්. ඒ ජීවියාම තමයි මේ අලුතින් වාර්තා වෙන ඝාතන වලට වග කිව යුත්තේ කියන උපකල්පනේ මත ස්කලී, ඩොගට් දෙන්නා විමර්ශන කරන් ගියා. ඒ විමර්ශන වලින් අවුරුදු 40 ගානකට කලින් අතුරුදහන් වුන අර්නි ස්ටෙෆානියන් කියන මනුස්සයා හොයාගන්න පුලුවන් වුනා.
එයාගෙ කතාන්තරේට අනුව මේ කියන වවුල් මිනිහාව අවුරුදු 40 ගානකට කලින් අල්ල ගන්න එයත් සහභාගි වුන නිසා ඒ පළිය ගන්න ඌ එයාගෙ පස්සෙන් එනවා කියලා. හිතන්න පුලුවන්ද වවුල් මිනිහෙක්ට බයේ සැබෑ මනුස්සයෙක් අවුරුදු 40 ගානක් හැංගිලා හිටියා කියනෙක! ඒ විතරක් නෙවෙයි, ඌ පළි ගන්නෙ ස්ටෙෆානියන්ගේ ඉව පස්සෙ ගිහින්. ස්ටෙෆානියන්ට මොනම විදියකින් හරි සම්බන්ධ වුනොත් ඒ කෙනා තමයි වවුල් මිනිහාගෙ ඊලඟ ඉලක්කය වුනේ. කොහොම හරි අවසානේ මේ ජීවියාට වෙඩි තියාගන්න ඩොගට්, ස්කලී දෙන්නට පුලුවන් වුනා. ඒත් ඌ මැරුනද නැද්ද කියනෙක හරියටම දැනගන්න ලැබුනෙ නෑ. කොහොමහරි ඒකෙන් ස්කලී, ඩොගට් දෙන්නා අතරේ හොඳ හිත වර්ධනේ වුනා. නමුත් තවම මෝල්ඩර් ගැන ස්කලීට හරිහමන් ආරංචියක් ලැබුනේ නෑ.
අද කොටස ගෙතෙන්නෙ අරුම පුදුම ඇදහිල්ලක් වටා. මේ කතාංගය වෙනුවෙන් Imdb දර්ශකයේ ලකුණු 8.3 ක් ම දැනට ලැබිලා තියනවා. මුල් වරට විකාශනය වෙලා තියෙන්නෙ 2000 වසරේ නොවැම්බර් 26 වෙනිදා. මීලඟ කොටසෙන් හමුවෙමු. ආයුබෝවන්!
ලිපිය : හෙළිලි හේමමාලි
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය FUM-WEB හා ඇතැම් BR, DVD පිටපත් සඳහා අදාළ වේ.
2,804 downloadsDownload X-Files-S08e04-418201645.zip108 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
9 comments
sachintha
Anonymous
thanx lokka digatama karan yanna
Chandima
thanks sub ekata. itiri tikath danna. season 9 ekath ekkama. JAYA
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි. ඔක්කොම දෙන්න.
Helili Hemamali
ස්තූතියි රොයිලි අයියේ!
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Anonymous
Thanks
Pramukmili
thanxxx bro.............
Gihan
thanks for the subtitles...........Good Luck
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි