Watch Trailer

The X Files [S01 : E05 – Jersey Devil] with Sinhala Subtitles| “ ජර්සි යක්ෂයා .” [සිංහල උපසිරැසි සමඟ]

එක්ස් ෆයිල් පස්වන කොටස -“ ජර්සි යක්ෂයා .” කතාවේ නම : Jersey Devil ලබා ගත් රේටින් සංඛාව : 7.2/10 අධ්‍යක්ෂණය : ජෝන් නැපොලිටානෝ කතාව : ක්‍රිස් කාර්ටර් ප්‍රධාන නළු නිලියන් : ඩෙනා ස්කලී – GILLIAN ANDERSON ෆොක්ස් මෝල්ඩර් -DAVID DUCHOVNY උද්‍යාන ආරක්ෂක – MICHAEL MACRAE මහාචාර්ය වරයා -GREGORY IERRA රහස්පරී…

The X-Files S1P1

එක්ස් ෆයිල් පස්වන කොටස -“ ජර්සි යක්ෂයා .”
කතාවේ නම : Jersey Devil
ලබා ගත් රේටින් සංඛාව : 7.2/10
අධ්‍යක්ෂණය : ජෝන් නැපොලිටානෝ
කතාව : ක්‍රිස් කාර්ටර්


ප්‍රධාන නළු නිලියන් :
ඩෙනා ස්කලී – GILLIAN ANDERSON ෆොක්ස් මෝල්ඩර් -DAVID DUCHOVNY
උද්‍යාන ආරක්ෂක – MICHAEL MACRAE මහාචාර්ය වරයා -GREGORY IERRA
රහස්පරීක්ෂක – WAYNE TIPPIT ජර්සි යක්ෂයා -CLAIRE TANSFIELD

මෙවර කතාව:

ඇට්ලාන්ටික් නගරයෙන් පිටතදී සිදු වූ අති බිහිසුණු ආකාරයේ මිනීමැරුමක් පිළිබඳව මෝල්ඩර් සහ ස්කලී විමර්ශන පවත්වයි.ඝාතනයට ලක්වූ පුද්ගලයා රොජර් ක්‍රොකෙට් නම් වන අනාත පුද්ගලයෙකි. මොහුට පහර දී ඝාතනය කර අසල කැලාවක් තුලදී ඔහුගේ ශරීර කොටස් ආහාරයට ගෙන තිබුණි.1947 දී නිව් ජර්සි හිදී මෙවැනිම මිනීමැරුමක් සමඟ මෙම සිද්ධියේ සම්බන්ධයක් තිබෙන බව මෝල්ඩර් විශ්වාස කරයි.එනම් මෝටර් රථයක් අලුත්වැඩියා කළ අයෙක්ව අර්ධ මනුෂ්‍යයෙක් විසින් ඝාතනය කර ආහාරයට ගෙන තිබීමයි.

පරීක්ෂක වරුන් දෙදෙනා ඇට්ලන්ටික් නගරයේ මෝචරිය තුලදී මිනිය ගැන විමර්ශනය කරමින් සිටින විට ඒ අසලට පැමිණි රහස් පරීක්ෂක තොම්සන් සමඟ මෝල්ඩර් බහින් බස් වීමක් ඇති කරගනී.මේ අතර ස්කලී තම ඥාන දරුවාගේ උපන්දින සාදයට සහභාගී වීමට පිටත් වන අතර මෝල්ඩර් විසින් විමර්ශනය තනිවම ඉදිරියට පවත්වාගෙන යයි.උද්‍යාන ආරක්ෂකයෙක් වන බ්රුලට් නමැත්තාගෙන් මොල්ඩර්ට උදව් ලැබෙයි.මියගිය රොජර්ගේ මිනිය සොයා ගත්තේ බ්රුලට් වන අතර මෙය ජර්සි යක්ෂයාගේ වැඩක් බව දෙදෙනාම විශ්වාස කරයි.

ස්කලී උපන්දින සාදයෙන් පසුව කඩවසම් දික්කසාද වූ රොබ් නමැති පුද්ගලයාව මුණ ගැසෙයි. මේ අතර මෝල්ඩර් විසින් ජර්සි යක්ෂයා ආහාර සොයාගෙන ගැවසෙන ප්‍රදේශයේ සැරිසරමින් සිටින විට ජර්සි යක්ෂයව දක්නට ලැබෙන අතර ඔහුව නිසියාකාරව දැකගත නොහැකි වන්නේ මෝල්ඩර් ඉබාගාතේ යන පුද්ගලයෙකුයි කියා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම නිසාය.

ඇට්ලන්ටික් නගරයේ සංචාරක කර්මාන්තයට හානි වේ යයි සිතා ජර්සි යක්ෂයා පිළිබඳව ප්‍රසිද්ධ නොකරන්නේ යැයි කියා සිරගෙදරදී මෝල්ඩර් නැවතත් තොම්සන් සමග ගැටුමක් ඇති කරගැනී.ස්කලී විසින් මෝල්ඩර්ව ඇප ලබා දී සිරගෙදරින් නිදහස් කරගෙන මේරිලන්ඩ් හි පිහිටි විශ්ව විද්යාලයට යන්නේ මහාචාර්ය රොජර් හමුවීමටය.එහිදී මෝල්ඩර් විසින් ඉතා නොදියුණු තත්වයේ නියන්ඩතාල් මානවයෙකු පැවතගෙන ඒමට හැකි බව පෙන්වා දෙයි.මේ අතර ස්කලී රොබ් සමඟ පෙම් හමුවකට පිටත් වේ.

උද්‍යාන ආරක්ෂක බ්රුලට් විසින් නැවතත් මෘතදේහයක් සොයා ගනී නමුත් මෙවර හමු වුනේ අර්ධ මනුෂ්‍යයෙකුගේ ශරීරයකි.ඔහු පිරිමි අයෙක් විය.එම නිසා මෝල්ඩර් විසින් මෙවැනි පවුලක් ඇති බවට සැක කරයි, මහාචාර්ය වරයා සහ ස්කලී ,මෝල්ඩර් ,උද්‍යාන ආරක්ෂකයා එකතු වී අත්හැර දැමු ගොඩනැගිල්ලක් පරික්ෂා කිරීමේදී සැක කටයුතු ලෙස නිරුවත් ගැහැණියකු මොල්ඩර්ට හමු වේ.නමුත් ඇය මොල්ඩර්ට පහර ඩි කාලය දෙසට පැන යයි.ඇයව ලුහුබදින පොලිසිය විසින් ඇයට වෙඩි තබා මරා දමයි.
වෙඩි පහරින් මිය ගිය ගැහැණිය පෙර මියගිය අර්ධ මනුෂ්‍යයා සමඟ ජිවත් ඇති බවත් ඇය විසින් දරුවකු බිහි කර ඇති බවත් සොයා ගනී.පිරිමියා මිය ගිය පසුව ගැහැණිය විසින් දරුවා වෙනුවෙන් ආහාර සොයා කැලයෙන් එලියට පැමිණ ඇති බවට මෝල්ඩර් සිතයි.
පසු කාලයේදී එම කැලයේම සංචාරය කරන දෙදෙනෙකු ගමන් කරන අවස්ථාවේදී ඒ අසල බෙනයක කුඩා ළමයෙක් සැඟවේ.ඒ අනුව ජර්සි යක්ෂා යනු නොදියුණු නියන්ඩතාල් වර්ගයේ මානවයින් වේ.

ඔබගේ දැනගැනීමට:
· CLAIRE TANSFIELD ජර්සි යක්ෂයා ලෙස රඟපෑ යුතු බවට මෝල්ඩර් විසින් යෝජනා කර ඇත.
· ස්කලී ආදර හමුවකට යන ප්‍රථම සහ එකම අවස්ථාවත් මෙය වේ.
එහෙනම් ඊළග කොටසෙන් හමුවෙමු.
ඔබට ජය!!

The X Files (1993) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,062 downloadsDownload The-X-files-S01E05.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/DHSSA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “D.H.S.S. අනුරාධ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episodes                All Episodes                   Next Episode >>

Subtitles by

DHSS අනුරාධ

Subtitles

2,062 downloadsDownload Subtitles26 KB

29 comments

  1. Ishan

    Thanx bro

  2. charith

    onna mamae mulinma ganne
    thank u sahodaraya..

  3. Eranga Sandaruwan

    එල එල. දිගටම දෙමු...

  4. Kulanjana Maduranga

    niayamai…thanks ANURADHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Indika

    Thanks

  6. Kasthuri Jayasanka

    thanks bro

  7. කේ.යූ.ජී. උදාර

    ඔන්න මේකත් ගත්තා..........
    සිංහල සබට බොහොම ස්තූතියි.

  8. සුරේෂ් ජයතිලක

    එල එල. දිගටම දෙමු!

  9. yeshu

    tnx

  10. venura

    ela wadak digatama karagena yanna

  11. kavinda

    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි.

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  12. Anushka Sanjuna

    supiri mcn... ubata godak pin

  13. janith

    thanks

  14. Lahiru Rajspaksha

    Supiri porak oyanam.. khmhri season 10tma sub damu... gud luck soya!!

  15. තිලින තිලංක

    එල එල මේක දෙනකම් තමා බලන් හිටියේ

    සීසන් 10ත් මේත් එක්කලම දෙනවද 24 එකේ දුන්න වගේ

  16. Ravin

    ගොඩක් හොද කතා මාලාවක්. ඔයා සබ් දානකල් මග බලන් ඉන්නේ හැම episode එකක්ම ඕනේ.... සුබ පතනවා සහෝ.

  17. devinda

    fatta,,,,,,,,,,,,Ty

  18. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරස දුන්නට...
    ඊළඟ එකත් ඉක්මනට දෙන්න....
    ජයෙන් ජය...

  19. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!

  20. Udara Damith B\K

    උපසිරැසියට ස්තූතියි

  21. රොයිලි

    බොහොම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. වරුණ නිරෝෂණ

    නියමයි සහෝ...... උපසිරැසියට ස්තූතියි.......

  23. P.K

    I still remember I've watch it in Rupavahini...Thanx a lot bro...

  24. ShiRan

    ස්තූතියි සහෝ!!☺

  25. winter

    Thanks me TV series ekanam anivarayen balanawa :)

  26. Stranger

    thanks

  27. black warrior

    thank you

  28. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  29. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…❤️❤️❤️