සුභම සුභ දවසක් වේවා සියලුම බයිස්කෝප් රසික රසිකාවියන්ට, මේ අරගෙන එන්නේ Haunting Of Hill House කතාමාලාවේ හය වන කතාංගයයි. අද කතාව ගැන කියන්න කලින් මීට කලින් කතාංගය පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්.. හැමෝටම මතක ඇතිනේ කලින් කතාංගය ඉවර වුණේ අපි හැමෝටම ලොකු දුකක් ඉතුරු කරලා. විශේෂයෙන්ම කියන්න ඕන කලින් කතාංගය තමා…

සුභම සුභ දවසක් වේවා සියලුම බයිස්කෝප් රසික රසිකාවියන්ට, මේ අරගෙන එන්නේ Haunting Of Hill House කතාමාලාවේ හය වන කතාංගයයි. අද කතාව ගැන කියන්න කලින් මීට කලින් කතාංගය පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්..
හැමෝටම මතක ඇතිනේ කලින් කතාංගය ඉවර වුණේ අපි හැමෝටම ලොකු දුකක් ඉතුරු කරලා. විශේෂයෙන්ම කියන්න ඕන කලින් කතාංගය තමා දැනට බලපු සංවේදීම කතාංගය. ඒකෙදි අපි දැක්කා පොඩි කාලයේ ඉදන්ම අමනුෂ්‍ය බලවේග වල ග්‍රහණයට ලක් වුණ නෙලීගේ දුක්බර ජීවිත කතාව. පොඩි කාලයේ අත් විදින්න ලැබුණු දරුණු, බිහිසුණු අත්දැකීම් සහා ඒ මතකයන් වළලමින් නෙලී තරුණ වයසෙදි අලුත් ජීවිතයක් හොයාගෙන යනවා. අලුත් ආදරයක් හොයාගනිමින් එයා ලස්සන ජීවිතයකට අවතීර්ණ වෙනවා. ඒත් පොඩි කාලයේ එයාව ග්‍රහණය කරගත්ත ඒ නරක අමනුෂ්‍ය බලවේග වලින් එයාට නිදහසක් ලැබෙන්නේ නම් නෑ. අවසානයේ ආතර්ට, එහෙමත් නැත්නම් නෙලීගේ ආදරයට සිද්ධ වෙන්නේ තමන්ගේ ජීවිතය ඒ වෙනුවෙන් කැප කරන්න. ක්‍රේන් පවුලේ ලස්සනම ජීවිතයක් හිමි වෙන්න තිබුන අවසාන සාමාජිකයටත් අනිත් අයට වගේම සදාකාලික දුකක් උරුම වෙනවා. ඉතින් ඒ දුකෙන් මිරිකෙමින් ඉන්න නෙලී තමන්ගේ පවුලේ අයව හොයාගෙන යන්නේ තරමක හරි අස්වැසිල්ලක් ලබාගන්න. ඒත් තමන්ගෙම පවුලෙනුත් සහනයක් නොලැබෙද්දි එයා ආයෙත් හිල් මන්දිරයට යනවා තමන්ට ශාපයක් වුණ ඒ මතකයන් සදහටම අමතක කරන්න හිතාගෙන. ඒත් නොහිතපු විදිහට නෙලීට සිද්ධ වෙනවා ඒ මුරණ්ඩු හැසිරීමත් එක්ක ජීවිතයෙන් සමු ගන්න . අද කතාව එතන ඉදන්…
අද කතාව සම්පූර්ණයෙන්ම ගෙතෙන්නේ නෙලීගේ භූමදානයට කලින් දවසේ රෑ ක්‍රේන් පවුල නැතිනම් සදාකාලිකව ශාපලත් පවුල නැවත එකට එකතු වෙන සිදුවීම ඔස්සේයි. කොහොමත් තරහා නහරේ වැඩි ස්ටීව් උත්සහා කරනවා මේ සිදුවීමේ සියලුම වරද තාත්තගේ පිට පටවන්න. තාත්තා නෙලීට අවශ්‍ය අවධානය දුන්නේ නෑ කියලා වගේම එයාගේ ඔළුව තේරුමක් නැති බහු භූත වලින් පුරවලා එයාට සියදිවි නසාගන්න සැළැස්වුවා කියලා ස්ටීව් තාත්තට බොහොම නරක විදිහට දොස් කියනවා. මේ කතාවෙත් නාට්‍යමය ගතියනම් හොඳින්ම තියනවා. එක එක්කෙනා තම තමන්ගේ පැති වලින් තමන්ගේ දුක ප්‍රකාශ කරන ආකාරය මේකේ බොහොම සංවේදීව පෙන්නලා තියනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා අද කතාවත් බලන්න එකතු වෙන්න කියලා. එහෙනම් අනිත් කතාවත් එක්ක ඔයාලා හමුවට එනකම් සමු ගන්නවා.!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,635 downloadsDownload The.Haunting.of_.Hill_.House_.S01E06.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
28 comments
S.K. Ruchiranga
gdfhhdfhdhdd
thnk
Stranger
thanks
Udara Damith Dissanayaka
maru
Eranda Malith 2.0
සුපිරි මචන්
ජයවේවාRasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
දිගටම සබ් දෙමු....sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයIshan Madusha
බොහොම ස්තූතියි
Viraj
sub ekata thanks..
ranga11112
thanks sahodaraya......
Kulanjana Maduranga
subata thanks
Dimuthu Nisansala
මම කාලෙකින් බලපු සුපිරි කතාවක්. සබ් වලට ගොඩාක් ස්තුතියි. පුල්වන්නම් Mindhunter එකටත් සබ් කරන්න.
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි............ජයවේවා..........!!!!!!!!!!!!!!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Sumuduprasath
Episode 07 ikmanata dendooo..pls
Sumuduprasath
thanx ..Episode 07 ikmanata dendooo..pls
Mawan Geethanjana
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshan
Thanks Bro.
Sajithlakshan
thanks ...............
lahiruhettiarachchi
Congratulations ✌️
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!ruchiralakmal
Thanks for the sub!!!
Bruce___Wayne
බොහොම ස්තූති යාලුවා
ජය ✌️✌️✌️Malaka prasad
thank you bro..... jaya wewa baiscope.........
MAALNATH
Thanks. ...... ....good luck. ......
Nadeera
Good
Dsp
කුතුහලයෙන් ඉවර වෙනකන්ම බලන්ට පුළුවන් සුපිරි කතාවක්.ස්තූති සබ් එකට ♥️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thzz sub ekata