Watch Trailer

The X Files [S04 : E11] Sinhala Subtitles | එල් චුපකාබ්‍රා [සිංහල උපසිරැසි සමඟ]

“එල් චුපකාබ්‍රා කියන නම ඔයාලා දන්නේ නැතුව ඇති, ඒ හින්දා මම පොඩ්ඩක් විස්තර කරන්නම්. එයාගේ නම හැදිලා තියෙන්නේ ස්පාඤ්ඤ වචනයකින්. ස්පාඤ්ඤ උච්චාරණයට අනුව ( t∫upa’kaßras) “ටුපර්-කාබ්‍රස්” කියලා තමයි කියන්නේ. තේරුම වෙන්නේ “චුපර්” කියන්නේ “ලේ උරා බොනවට” , “කබ්‍රා” කියන්නේ “ එළුවන්ට ” , ඉතින් “චුපර්-කාබ්‍රා…

“එල් චුපකාබ්‍රා කියන නම ඔයාලා දන්නේ නැතුව ඇති, ඒ හින්දා මම පොඩ්ඩක් විස්තර කරන්නම්. එයාගේ නම හැදිලා තියෙන්නේ ස්පාඤ්ඤ වචනයකින්. ස්පාඤ්ඤ උච්චාරණයට අනුව ( t∫upa’kaßras) “ටුපර්-කාබ්‍රස්” කියලා තමයි කියන්නේ. තේරුම වෙන්නේ “චුපර්” කියන්නේ “ලේ උරා බොනවට” , “කබ්‍රා” කියන්නේ “ එළුවන්ට ” , ඉතින් “චුපර්-කාබ්‍රා” කියන ස්පාඤ්ඤ වචනයේ තේරුම “එළුවන්ගේ ලේ උරා බොන්නා”. මේ සතා ඇමෙරිකාවේ ජනප්‍රවාද වල එන පුරාවෘතගත සතෙක්. ” 

“ මේ සතාගේ මුල්ම පහරදීම වෙලා තියෙන්නේ 1995 මාර්තු මාසේ කැරිබියන් දූපතේ පුයෙටෝ රිකෝ වලදී. ඒ බැටළුවෝ අටදෙනක්ගේ හදවත ද හිල් තුනක් සහිතව සහ ඒ බැටලුවන්ගේ ඇගේ කිසිම ලේ බින්දුවක්වත් ඉතුරුවෙලා තිබිලා නැහැ. එයින් මාස කිහිපයකට පස්සේ අගෝස්තු මාසෙදි මඩෙලයින් ටෝලේන්ටිනෝ සාක්ෂිකාරිය වාර්තා කරලා තියෙනවා කනොවනස් වල පුයෙටෝ රිකන් නගරයේ ගොවිපලේ සත්තු 150 දෙනෙක්ව මරලා දානවා මේ සත්ත්වයා. ඊට පස්සේ මේ ඝාතන ඩොමිනිකන් රාජ්‍යයේ, ආජන්ටිනාවේ ,බොලිවියා වල, චිලී, කොලොම්බියා, හොන්ඩුරාස් රාජ්‍යයේ, එල් සැල්වදෝරයේ, නිකරගුවා, පැනමා, පේරු, බ්‍රසීලය, එක්සත් රාජධානියේ ඒවගේම මෙක්සිකෝවේ වාර්තා වෙලා තියෙනවා. හැබැයි අන්තිමට දැනගෙන තියෙනවා මේවා වරදවා වටහාගැනීම් කියලා…. ”

හරි එහෙනම් කතාවට එමු. ශාන්ත ජෝකුයින් කන්ද ,මධ්‍යම ඇමෙරිකාවේ, සංක්‍රමණික කම්කරුවන්ගේ කඳවුරකට වලාකුලුවත් නැති අහසින් එකපාරටම අකුණක් ගහලා කහපාට වැස්සක් වැටෙනවා, මේ වැස්ස අතරේදී එළුවන්ව බේරගන්න ගිය ගැහැණු කෙනෙක්ව මැරෙනවා, නිකන්ම නෙමෙයි මොකෙක් හරි එයාගේ ඇස් දෙක කාලා. මේ ගැන හොයන්න ස්කලී සහ මෝල්ඩර් එනවා, හැබැයි මෙයාලට මෙහෙදී වැඩි විස්තර දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒත් එහෙ ඉන්න ගැහැණු කෙනෙක් කියනවා මේක එල් චුපකාබ්‍රා කියනා සතා කළා කියලා. හැබැයි ඒ ගැහැණු එක්කෙනා බදින්න හිටපු සොලෙදැඩ් බුඑන්තේ කියන්නේ මේක එයාගේ සහෝදරයාගේ වැඩක් කියලා. ඒ හින්දා මෝල්ඩර් එලාඩියෝ බුඑන්තෙව හොයන්න INS ( සංක්‍රමණ හා ජාති ප්‍රවේශන සේවා මධ්‍යස්ථානය ) ට යනවා. එහෙදි මෙයා එලඩියෝව හොයාගන්නවා. ඒ අතරේදී ස්කලී අර මැරුණු ගැහැණු කෙනාගේ සිරුර පරීක්ෂා කරනවා, එයා දකිනවා ඒ සිරුරට සිද්දවෙලා තියෙන දේ අමුතුයි කියලා. මෙයාලා මුලින්ම හිතන්නේ ඒක දිලීර ආසාදනයක් නිසා කියලා….


කතාවේ නම : “El Mundo Gira”
අධ්‍යක්ෂණය : ටකර් ගේට්ස්
කතාව : ක්‍රිස් කාටර්
ලබාගත් IMDB අගය : 7.0
විකාශය වූ දිනය : 1997 ජනවාරි 12

෴ ප්‍රධාන නළු නිලියන් ෴
ෆොක්ස් මෝල්ඩර් – ඩේවිඩ් ඩච්නොව්
ඩේනා ස්කලී – ගිලියන් ඇන්ඩර්සන්
වෝල්ටර් ස්කිනර් – මිච් පිලේග්ගි
එලියාඩෝ බුඑන්තේ – රේමන්ඩ් කෘස්
සොලෙදැඩ් බුඑන්තේ – ජෝස් වෙන්කියු

😀 !!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය…. !!!!!!!! 😀

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,965 downloadsDownload The-X-Files-S04-E11.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

3,965 downloadsDownload Subtitles27 KB

19 comments

  1. denidu

    ස්තූතියි

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Ishan Madusha

    ස්තූතියි සහෝ

  4. Pramukmili

    thanxxxx bro.........

  5. madhu bhagya

    tnz

  6. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො.ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු..

  7. Kulanjana Maduranga

    subata thanks

  8. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    දිගටම සබ් දෙමු....
    සුපිරි වැඩක්...

  9. suranuwan

    thanks bro...

  10. ravin rishmantha

    thanx bokka

  11. senarath

    quantico season 3 සිංහල subtitles දෙන්නකෝ

  12. Madusara

    බොහොම ස්තුතියී ජයවේවා ✌

  13. Udara Damith Dissanayaka

    ela........

  14. mtckmadu

    Thank You...!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Rumesh Asanka

    thank you

  17. sasi1111

    Tnx macho

  18. Lasantharathnasirirox

    Tnx යාළුවා

  19. sadeepa

    supiriyak tama................tnx bro.......................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.