ඔන්න එහෙමනම් අරන් ආවා එක්ස් ෆයිල්ස් හයවන කතාමාලාවේ හතරවන කොටසත් පුළුවන් විගහට. එහෙමනම් අපි බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා. ඔන්න ඉතින් මේ පාර මෝල්ඩර් ස්කලීවත් එක්කගෙන යනවා විශාල අභිරහසක් ගැන හොයන්න. යන්නෙ කොහාටද දන්නවද ? ඒරියා 51වලට. කවුරුත් පාහේ දන්නවනෙ මේ කලාපය සමස්ත ලෝකයටම විශාල රහසක් බව. ඉතින් එක්…

ඔන්න එහෙමනම් අරන් ආවා එක්ස් ෆයිල්ස් හයවන කතාමාලාවේ හතරවන කොටසත් පුළුවන් විගහට. එහෙමනම් අපි බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා.
ඔන්න ඉතින් මේ පාර මෝල්ඩර් ස්කලීවත් එක්කගෙන යනවා විශාල අභිරහසක් ගැන හොයන්න. යන්නෙ කොහාටද දන්නවද ? ඒරියා 51වලට. කවුරුත් පාහේ දන්නවනෙ මේ කලාපය සමස්ත ලෝකයටම විශාල රහසක් බව. ඉතින් එක්ස් ෆයිල්ස් ගැනම හොයන මෝල්ඩර්ට මේ පාර පන්නන්න හිතිලා තියෙන්නෙ ඒරියා 51 පස්සෙ. ඇත්තම කිව්වොත් එතන ඉන්න කෙනෙක් තමා මෝල්ඩර්ට විස්තර ලබාදෙන්න එන්න කියලා කියන්නෙ. හැබැයි එතනට යන ගමනෙදි මෙයාලව එතන ආරක්ෂක අංශවලට අහුවෙනවා. ඒ එක්කම වාගේ සිද්ද වෙන්නෙ අස්වාභාවික දෙයක්. යම් පිටසක්වළ යානයක් වගේ දෙයක් ඒ අසලින් පියාසර කරනවා. හැබැයි ඒකෙන් කාටවත් අනතුරක් වෙන්නෙ නෑ. කොටින්ම කිව්වොත් ඒක දැක්කද කියලවත් කාටවත් මතකයක් නෑ. ඒ උනාට ඒකෙන් සෑහෙන්න විශාල දෙයක් වෙලා තියෙනවා.
ඉතින් අර යානය පියාසර කරද්දී එතන හිටිය මෝල්ඩර් සහ ඒරියා 51වල වැඩ කරන මොරිස් ෆ්ලෙචර් කියන්න දෙන්නව තමයි මේ කරදරේට පාත්‍ර වෙන්නෙ. මේ දෙන්නගේ ශරීර මාරුවක් වෙනවා. ඒ කියන්නෙ මොරිස්ගෙ ආත්මය මෝල්ඩර්ගෙ සිරුර තුළටත් මෝල්ඩර්ගෙ ආත්මය මොරිස්ගෙ සිරුර තුළටත් යැවෙනවා. මේකෙන් මෝල්ඩර් තමා කරදරේ වැටෙන්නේ. මොකද මොරිස්නම් මේ වැඩේට එකෙන්ම කැමති. මොකද ඒ මනුස්සයා කසාද බැදලා දරු පවුලක් ඉන්න බොහොම හිතේ කරදරෙන් ඉන්නෙ මැදිවයසේ පුද්ගලයෙක්. ඒත් ඉතින් මෝල්ඩර් එහෙම නෙවෙයිනේ. තරුණයි, ඒ වගේම කිසිම බැදීමකින් සීමාවෙලා නැති කෙනෙක්.
එහෙමනම් ඉතින් අපිට බලාගන්න පූළුවන් මේ පාර මෝල්ඩර් මේ කරදරෙන් ගොඩ එන්න මොනවා කරයිද කියලා. වෙනදානම් ස්කලීගෙ උදව්ව තිබ්බත් මේ පාර ඒකත් නෑ. එහෙනම් මේ ටික ඇති. ඊළග කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,221 downloadsDownload The.X-Files.S06.E04.Baiscopelk.com_.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
11 comments
madhu bhagya
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Lakshan7
THNKZZZZZZZZZZZZZZZZZZZZZZZ
ravin rishmantha
adooo adarei bn thanx bokka
podda
thanks mcn!!!!
Pramukmili
thanxx bro.............
ravin89
ආදරෙයි ආදරෙයි අහස වගේ. නියමයි සහෝ...
sam1973
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
melinda
thank you
Jello
Thanks For Subtitles...Good luck
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Tnz sub ekt