ඔන්න ලොකු කාලෙකට පස්සේ මාර්වල් විශ්වයේ ශීල්ඩ් නියෝජිතයෝ ටික ගේම් එකට එන්න තමයි මේ සූදානම් වෙන්නේ.. ඉතින් පහුගිය සීසන් එකෙන් නතර වෙන්න තිබුණු මේ කතා මාලාව පහුගිය කතා සමය ලබාගත් ධනාත්මක ප්‍රතිචාර නිසා මේ සීසන් එක දක්වාද දීර්ග කරනු ලැබූව. ඒ වගේම 7 වන සීසන් එකක් ගැනත් ආරංචි වනවා. ඉතින් මාත් වැඩිය කියවන…

ඔන්න ලොකු කාලෙකට පස්සේ මාර්වල් විශ්වයේ ශීල්ඩ් නියෝජිතයෝ ටික ගේම් එකට එන්න තමයි මේ සූදානම් වෙන්නේ.. ඉතින් පහුගිය සීසන් එකෙන් නතර වෙන්න තිබුණු මේ කතා මාලාව පහුගිය කතා සමය ලබාගත් ධනාත්මක ප්‍රතිචාර නිසා මේ සීසන් එක දක්වාද දීර්ග කරනු ලැබූව. ඒ වගේම 7 වන සීසන් එකක් ගැනත් ආරංචි වනවා.
ඉතින් මාත් වැඩිය කියවන්න යන්නේ නැහැ වෙනදා වගේ. පොඩි පොඩි කරුණු කිහිපයක් සඳහන් කරලා නවතින්නම්…. තාමත් Avengers: End Game නොබලපු කෙනෙක් ඉන්නවනම් කියවන්නෙ නැතුව ඉන්න, ඒත් ලොකු ස්පොයිල් එකක් නම් ලිපියෙ අඩංගු නැහැ.
පහුගිය කතා සමය වෙන් වෙලා තිබුනේ ටයිම් ට්‍රැවල් සහ ලෝක විනාශයක් වටා.. ඉතින් අපි මේ ටයිම් ට්‍රැවල් සිදුවීම පැහැදිලි කරනු ලැබුවේ අප මෙතෙක් දන්නා සංකල්ප අනුවයි… එනම් කොල්සන් ඇතුළු පිරිස අනාගතේට ගිහින් ලෝක විනාශය දකිනවා.. ආපහු වර්තමානෙට ඇවිත් ඒ වෙන්න ගිය සිදුවීම වළක්වනවා. ඉතින් මේ අපි හිතන් හිටි විදිය ඇවෙන්ජර් එන්ඩ්ගේම් හරහා සම්පූර්ණම වෙනස් කර දමනවා.. mcu එකටම මේ කතා මාලාව අයත් නිසා අවෙන්ජර් හරහා හඳුන්වා දුන් ටයිම් ට්‍රැවල් තියරිය අපට මේ කතාවටද අදාල කරගන්න සිදු වනවා.
මංසලේ මේ එන්ඩ්ගේම් කාළ තරණය ගැන ලිපිය මෙතැනින් පිවිසිලා කියවන්න…. එකෙන් කොටසක් මෙතනට උපුටා දක්වන්නම් මම..
අපි උදාහරණයක් විදියට පොදු විද්‍යාඥ මතයක් බලමු. Time Travel Paradox ගැන පැහැදිලි වෙන එකක් තමා Grand Father Paradox එක කියන්නෙ. ඒ කියන්නෙ මෙහෙම දෙයක්. හිතන්න ඔයාලා කාලය හරහා ආපස්සට ගිහිල්ලා ඔයාගෙ සීයව මරනවා. එහෙම මැරුවම ඔයාගෙ තාත්තා ඉපදෙන්නෙත් නෑ. ඔයා ඉපදෙන්නෙත් නෑ. එහෙනම් කවුද කාලය හරහා ඇවිත් සීයාව මැරුවේ? මේ වගේ උත්තර දෙන්න බැරි ප්‍රශ්න ගොඩකට අපි කාල තරණයේදී මුහුණ දෙනවා. ඒ වගේ තවත් එකක් තමා කාලය හරහා යන ස්කොට් ආපහු පොඩි එකෙක් විදියට එන එක. ටෝනි මේකට කියන්නෙ EPR Paradox එක කියලනේ. ඒක නිවැරදි වෙන විදියට ටෝනි කාල අභ්‍යවකාශයේ නිශ්චිත තැනට යන්න පුලුවන් වෙන විදියට එකක් හදනවා.
ඊලඟට අනිත් දේ තමා හල්ක් කියපු දේ. ඒක තමයි ඔයා ඔයාගෙ අතීතෙ වෙනස් කලාට ඔයාගෙ වර්තමානය වෙනස් වෙන්නෙ නෑ කියන එක. ඒකත් කාල තරණය සම්බන්ද ගොඩක් ප්‍රසිද්ද මතයක්. මේක ඉදිරිපත් කලේ David Deutsch කියන විද්‍යාඥයා. එයා කියන්නෙ මෙහෙම දෙයක්. ඔයා කාලය හරහා ගිහින් ඔයාගෙ අතීතේ දෙයක් වෙනස් කළොත් ඒක ඔයාගේ වර්තමානයට බලපාන්නෙ නෑ. ඒ කියන්නෙ Multi verse එක ගැන. හරි, ඒකත් අපි කලින් සිදුවීමෙන්ම පැහැදිලි කර ගමු. ඔන්න ඔයා කාල හරහා ගිහින් ඔයාගෙ සීයව මරනවා. එහෙමයි කියලා ඔයාගෙ තාත්තා නැතිවෙන්නෙවත් ඔයා නැතිවෙන්නෙවත් නෑ. ඒත් ඔයා සීයව මරපු වෙලාවෙ ඉඳන් අලුත් සමාන්තර කාල රේඛාවක් හැදෙනවා සීයවත්, ඔයාගෙ තාත්තවත්, ඔයාවත් නැති. අන්න ඒකයි මේකෙන් කියවෙන්නේ. ඒ අතර එක්කෙනෙක් යෝජනාවක් දානවනේ තෑනොස් බබා කාලෙදි මරමු කියලා. එතකොට තමයි හල්ක් මේක පැහැදිලි කරලා දෙන්නේ. ඔයා බබා තෑනොස්ව මැරුවොත් තැනොස් නැති කාල රේඛාවක් අලුතින් හැදෙනවා මිසක් දැනට තියෙන කාල රේඛාවට මුකුත් වෙන්නෙ නෑ කියලා. ඒ කියන්නේ ප්‍රධාන time line එක නොවෙනස්වන දෙයක්, ඒ නිසා කාල තරණය කරලා ඒකෙ වෙනස්කමක් කරන්න හැදුවාම වෙනමම time line එකක් නිර්මාණය වෙනවා කියන එක. මෙන්න මේ සිද්ධාන්තෙ තමා End Game එකේදි භාවිතා වෙන්නේ. මතක තියා ගන්න මේ එක Time Travel Paradox අදහසක් විතරයි. මේ වගේ අදහස් ඕන තරම් කියලා තියෙනවා. මේ නොයෙක් අදහස් වලින් Russo Brothers ලා තෝර ගෙන තියෙන්නේ Multi verse කියන සංකල්පේ. මොකද ඒකෙන් ලොකු කතාවක් නිර්මාණය කරගන්න පුලුවන් නිසා වෙන්න ඇති
……………………………………………………………………………………………………………………….
ඉතින් මේ තියරි එක අපිට ශීල්ඩ් කතා මාලවටද එක් කරන්නට සිදු වෙනවා.. මේ නිසා දැන් වන විට අපිට පැහැදිලි වන්නේ පසුගිය කතා සමයේ පෘතුවිය විනාශ වුනු අවධිය වෙනමම ටයිම්ලයින් එකක් වන බවයි. මොකද ප්‍රධාන ටයිම් ලයින් එක ස්ථීර දෙයක් නිසා ඔවුන් වර්තමානයේ ග්‍රැවිටෝන් නැවත්වීමට කල දේවල් ගලපා බලන විට එය තහවුරු වනවා..
මේ නිසා අපිට හිතන්නට හැකි වන්නේ පසුගිය කතා සමය ආරම්භයේදීම වෙනත් කාලරාමුවක් නිර්මාණය වී ඇති බවයි. බොහෝ විට අනාගතයට යැවීමට මොනොලිත් එක තුලින් යවන මොහොතෙ ඒ කාලරාමුව ඇතිවන්නට ඇත පසුව මොනොලිත් වල පිපිරීම හේතුවෙන් මෙම කාලරාමු දෙක එක්වීමක් විය හැකියි.
හරි ඔය කිව්වෙ පහුගිය සීසන් එකේ අපි දැක්ක ටයිම් ට්‍රැවල් සීන් එක සහා Avengers: End Game චිත්‍රපටයෙ ටයිම් ට්‍රැවල් සංසිද්ධිය. මොකද තිසර කිව්වා වගේ තියරි දෙකක් වෙන්න බැහැ. මොකද ශීල්ඩ් කතා මාලාව MCU එකත් එක්ක සම්බන්ධ වන නිසා.
අපි කතා කලොත් මෙවර කතා සමය (season 6) MCU එකේ කොයි කාලයට ගැලපෙන්නෙ කියලා, ඔයාලට මතක ඇති සීසන් 5 සිද්ද වුනේ Infinity War එක අතරතුර කාලෙ. ඒ වගේම තමයි සීසන් 6, ඒ කියන්නෙ මේ කතා සමය සම්බන්ධ වෙන්නෙ සීසන් 5 වල සිදුවීම් වලින් වසරකට පස්සෙ. ඒ කියන්නෙ තැනොස්ගෙ ස්නැප් එකෙන් වසරකට පස්සෙ. හැබැයි අපිට End Game එකත් එක්ක සම්බන්ධයක් මේ කතා මාලාවෙනුත් දැකගන්න හම්බවෙන්නෙ නෑ. ඒක පැහැදිලියිනෙ, මේ කතාව යන කාලෙ End Game එක සිද්දවෙලා නැහැ. ඒක වෙන්නෙ තැනෝස්ගෙ ස්නැප් එකෙන් වසර පහක් ගිය තැන.
මේ පාර සීසන් එකේ තව වැදගත් දෙයක් තියනවා, ඔයාලා Guardians of The Galaxy ෆිල්ම් දෙක බලලා තියනවනම් දන්නව ඇතිනෙ ගාඩියන්ලා එක එක ප්ලැනට් වලට පයින නැත්නම් ජම්ප් කරන සීන් එක. අන්න ඒ සංසිද්ධිය මෙවර ශීල්ඩ් කතා මාලාව තුලින් අපිට දැක ගන්න ලැබෙනවා. ඒ මොකටද කියලා මං කියන්නෙ නෑ ඔයාලා කතාව බලලම දැනගන්නකො. එහෙනම් මීට වඩා කතා කරන්න යන්නෙ නෑ. අපි ඊලග කොටසින් හම්බවෙමු.
#Hail Marvel!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
5,950 downloadsDownload Marvels-Agents-of-S.H.I.E.L.D.-S06-E01.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
43 comments
Eranda Malith 2.0
Bobby
Thank you very much
Gathsara Umesh
බොහෝම ස්තූතියි අයියේ..❤️
Ravindu Rukshan
thx
lahiru sadaruvan
thank you so much brother.. enakan balan hitiye..
mallikalekamge
thanks bro
විමා
සබට බෝම තුති ලහි
මේ සීසන් එකෙන් මේක නැවතුනොත් හොඳයි :/Amalka Himeshan
තැන්ක්ස් සබ් එකට
Amalka Himeshan
Thanks machan sub ekata
RandiS
ශීල්ඩ් එනකං බලාගෙන හිටියෙ.බොහෝම ස්තූතියි සහෝ සබට.ස්තූතියි බයිස්කෝප්!
Rumesh Asanka
thank you
geeganagamage
බොහොම ස්තුතියි ගොගාක් ආසාවෙන් බලාගෙන හිටිය ට්වි සීරියස් එකක්
podda
enakan balan hitiye. thanks sub ekata
Shashmith 1
thanks saho එනකන් බලන් හිටියා ❤
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Supun_boy
ස්තුතියි සහෝ, එනකං බලන්හිටියේ
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..ආසම මාවර්ල් සීරිස් එක තමා මේක..බලමුකෝ මේ පාර සෙට් එකට මොකක් වෙයිද කියලා...ජය වේවා..බුදුසරණයි...!
Kasun A.
උපසිරැසියට තුති ලහිරු සහෝ,ජය!
Ayesh Prashan
Hammo..Supiri..Thank You Aapu Gman Dunnata
shadow@worker
thzzz saho digatama karanna
රවිඳු ආදිත්‍ය
Thnkx bro -)
dulajindika
Wow maru machan ela thanks...good luck .....!!!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
මේක එනකම් බලන් හිටියේ...
දිගටම ඉක්මනටම සබ් දෙමු...Ishara Eshan
sub ekata thanks ... enkam balan hitiye....
Jaya wewa..!!!!thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..!
Mr.pamz
Thanks brother.... obata jaya wewaa
ThusharaIndunilRathnayaka
sub ekata thanks...!
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
nirodha uthpala
Umba meka karanna bara gatta eakata thx soo much bn Dan sanaselle ivara venakan baluwahaki thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya.
Udara Damith Dissanayaka
elaaaaaa
Maxx Dula
ty :)
Sohan Harshana
සබ් එකට ගොඩක් ස්තූතියි.
වැඩේ දිගටම කරගෙන යමු.
ජය වේවා!!!!Jagath Dhananjaya
Thank u bro
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ....
ජය වේවා !!!!!Nilupul Madukapriya Perera
උපසිරසියට බොහොම ස්තුතියි බං ලයිරෝ
Shehan putha
Thanks bokka !
Supun Buddika
මේක ඇත්තටම CW එකේ යන සිගිති කතා වලට වඩා මටනම් ගොඩක් හොදයි'.
ඒවාට තියෙන ඩවුන්ලෝඩ් මේකට නෑ වගේ.
එහෙනම් පටන් ගත්ත වැඩේ දිහටම කරගෙන යමු සහෝ.ජය වේවා !
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sssdhana
thank you..
Dewadithya
Thanks for Sub!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
deemantha1998
thanks kollo
Sajithlakshan
thanks ......................
Advertisement


Thankyou bro