Watch Trailer

The X-Files [S09 : E05] Sinhala Subtitle | මැසි උවදුරක් ! [සිංහල උපසිරැසි සමඟ]

මේ නවවෙනි කතා සමයේ පස්වන කතාංගයයි. කෙලින්ම කතාව කියන්නම්. උසස් පාසලක සිසුන් පිරිසක් ‘ඩම්බ් ඈස් ෂෝ‘ එහෙමත් නැත්නම් ‘මෝඩයන්ගේ වැඩසටහනක්‘රූගත කරනවා. දන්නවා ඇතිනේ ඒ වගේ වැඩසටහන් ගැන. ඒ වගේ වැඩසටහන්වල තරුණයින් මෝඩ අත්හදාබැලීම් කරනවා. ස්කයි කමාන්ඩර් වින්කි සහ කැප්ටන් අභියෝග විදියට රඟපාන වින්කි සහ බිල් කි…

මේ නවවෙනි කතා සමයේ පස්වන කතාංගයයි. කෙලින්ම කතාව කියන්නම්. උසස් පාසලක සිසුන් පිරිසක් ‘ඩම්බ් ඈස් ෂෝ‘ එහෙමත් නැත්නම් ‘මෝඩයන්ගේ වැඩසටහනක්‘රූගත කරනවා. දන්නවා ඇතිනේ ඒ වගේ වැඩසටහන් ගැන. ඒ වගේ වැඩසටහන්වල තරුණයින් මෝඩ අත්හදාබැලීම් කරනවා. ස්කයි කමාන්ඩර් වින්කි සහ කැප්ටන් අභියෝග විදියට රඟපාන වින්කි සහ බිල් කියන ළමයි දෙන්නා තමයි මේ වැඩසටහන කරන්නේ. වැඩසටහන කරන්නේ සෑහෙන ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ඉස්සරහා. වැඩසටහන දිගටම කෙරීගෙන යනවා. වැඩසටහනේ හොඳම වික්‍රමය රූගත කරන්න හදනකොට බොහොම සුළු අනතුරක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ කැප්ටන් අභියෝග සුපිරි වෙළඳසැල් ට්‍රෝලියක නැගලා ගමන් කරද්දී ඒකෙන් බිමට වැටෙනවා. බොහොම සුළු අනතුරක්නේ. සීරීමක් ඇරෙන්න වෙන තුවාලයක් වෙන්න විදියක් නෑ. ආරක්‍ෂිත හිස් වැස්මකුත් පැළඳගෙනයි ඉන්නේ. ඒත් මේ අනතුරෙන් බිල් කියන ශිෂ්‍යයාගේ හිස් කබල ඇතුලතින් බිඳවැටිලා ඔහු අභිරහස් ලෙස මරණයට පත් වෙනවා. මරණ පරීක්ෂණයේදී හොයාගන්න පුළුවන් වෙනවා බිල්ගේ හිස් කබල බිඳ වැටෙන්න හේතුව  සාමාන්‍යයෙන් ගෙවතුවල හමුවන මැස්සන් හිස් කබල ඇතුළත ආහාරයට ගැනීම කියලා. සාමාන්‍ය මැස්සෝ කොහොමද එහෙම දෙයක් කරන්නේ ? ඇයි මැස්සෝ බිල්වම තෝරාගත්තේ ? මේවා තමයි පරීක්ෂක ඩොගට් සහ මොනිකා මුහුණපාන ගැටළු.

මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්න. මීළඟ කොටසින් හමුවෙමු. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.

1,940 downloadsDownload The.X.Files_.S09E05.Baiscopelk.com_.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

1,940 downloadsDownload Subtitles26 KB

3 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Pramukmili

    Thanx bro..............

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P