Watch Trailer

Timeless [S01 : E10] with Sinhala Subtitles | රිට්න්හවුස්ට එරෙහිව එකට එක්ව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අද ලෑස්ති වෙන්නෙ ටයිම්ලස් කතා මාලාවෙ 10 වෙනි කොටස ඔයාලට අරන් එන්න. ඉතින් වෙනදා වගේම පහුගිය සතියෙන් ටිකක් මතක් කරගෙනම ඉමු. මතකනෙ කලින් කොටසකදි නියෝජිත ක්‍රිස්ටෝපර්ට මේසන් ගැන සැක හිතෙනවා. ඒ වගේම එයා ගැන වෙනම පරීක්ෂණයක් කරන්නත් අවසර ඉල්ලනවා. ඒ නිසාම තමයි මෙදා පාර මෙහෙයුම ගැන විස්තර ක්‍රිස්…

Timeless TV-2

ඔන්න ඉතින් අද ලෑස්ති වෙන්නෙ ටයිම්ලස් කතා මාලාවෙ 10 වෙනි කොටස ඔයාලට අරන් එන්න. ඉතින් වෙනදා වගේම පහුගිය සතියෙන් ටිකක් මතක් කරගෙනම ඉමු.

මතකනෙ කලින් කොටසකදි නියෝජිත ක්‍රිස්ටෝපර්ට මේසන් ගැන සැක හිතෙනවා. ඒ වගේම එයා ගැන වෙනම පරීක්ෂණයක් කරන්නත් අවසර ඉල්ලනවා. ඒ නිසාම තමයි මෙදා පාර මෙහෙයුම  ගැන විස්තර ක්‍රිස්ටෝපර් පෞද්ගලිකවම හොයාගෙන ඇවිත් කට්ටියට පැහැදිලි කරන්නෙ. ඉතින් ඒ විස්තර වලට අනුව නම් මේ පාර කට්ටියට යතුරක් තමයි හොයා ගන්න තියෙන්නෙ. ඒකට කියන්නෙ රිට්න්හවුස් යතුර කියලා. හැබැයි ඔය කියන යතුර කාගෙ හරි කරක තමයි තියෙන්නෙ. ඒත් ඒ කාගෙද කියලනම් දන්නෙ නැ. ඒ විස්තර වල තවත් බැංකුවක් ගැන සදහන් වෙනවා. ඉතින් ලුසී ඇතුලු කණ්ඩායමට පැවරෙන්නෙ මේ කියන යතුර ෆ්ලින්ට කලින් හොයා ගන්න එකයි. ඒ වගේම ඒකෙන් ඇරෙන්නෙ මොකක්ද කියලා හොයා ගන්න එකයි.

ඉතින් ඔය වැඩේ කරන්න හිතාගෙන කට්ටියම 1943 ට යනවා. ඒ වගේම අර කියපු බැංකුවට ලුසියි වායටුයි දෙන්නා යනවා. රූෆස් එලියෙ ඉදන් බලන් ඉන්නවා ෆ්ලින් එයිද කියලා. ඉතින් ඔය අතරෙ තමයි බොනි සහා ක්ලයිඩ් කියලා ජෝඩුවක් ඒ බැංකුව මංකොල්ල කන්න එන්නෙ. එයාලා නම් එයාලගෙ වැඩේ හරියටම කරනවා. ඉතින් එතකොට තමයි ලුසී දකින්නෙ බොනීගෙ කරේ රිටන්හවුස් යතුර තියෙනවා. ඒක ගන්න හිතාගෙන බැංකුවෙන් එලියට බහිනකොටම ෆ්ලින් පොලිසියත් එක්ක ඇවිත් කට්ටියටම වෙඩි තියන්න ගන්නවා. ඉතින් ඔන්න ඔතනදි තමයි බොනි සහා ක්ලයිඩ් එක්ක වායට් සහා ලුසී සෙට් වෙලා පැන ගන්නෙ. ඒ රූෆස්වත් මග දාලා.

ඉතින් ඔය අතරෙ තමයි රූෆස්ව පොලිසියට අල්ලගෙන යන්නෙ. ඒ එයා බැංකුව කොල්ල කාපු අයත් එක්ක හිටියා කියලා දැනගෙන. එතනදි තමයි රූෆස්ට ෆ්ලින්ව හම්බවෙන්නෙ. හැබැයි ෆ්ලින් කොච්චර උත්සහා කලත් එයාට රූෆස් එක්ක කතා කරන්න ලැබෙන්නෙ නැ. ඒ ෆ්රැන්ක් හේමර් කියන කෙනා හින්දා. කොහොමහරි රූෆස්ට පොලිසියෙන් පැන ගන්න ලැබෙනවා. ඒත් බොනි සහා ක්ලයිඩ්ගෙ ටීම් එකේ කෙනෙක් එයාලව පාවලා දෙනවා. ඉතින් ඔය නිසා කොහොමහරි අවසානයේ ෆ්ලින් කොහොමහරි රිට්න්හවුස් යතුර බොනීගෙන් අරගන්නවා. ඕවා වෙන අතරතුරේ තමයි ක්‍රිස්ටෝපර් මේසන් රිට්න්හවුස් කෙනෙක් එක්ක කතා කර ඉන්නවා ෆොටෝ ගන්නෙ. ඒ ලුසීගෙ තාත්තා එක්ක. හැබැයි කවුරුත් දන්නෙ නැ එයා ලුසීගෙ තාත්තා විත්තිය. කොහොමහරි අන්තිමේදි ක්‍රිස්ටෝපර් රූෆස් හම්බවෙන්න ඇවිත් විස්තර හනවා. රූෆස් කියන්නෙ ඔයා ආදරය කරන කවුරුහරි ඉන්නවනම් ඔය ගැන හොයන එක අතාරින්න කියලා. ඒත් ඉතින් ක්‍රිස්ටෝපර් වැඩේ අතාරින පාටක් පේන්න නැතිම තැන රූෆස් රිට්න්හවුස් ගැන දන්න දේවල් ක්‍රිස්ටෝපර්ට කියන්න පොරොන්දු වෙනවා. ඉතින් මතකනෙ ෆ්ලින් අරගත්තු රිට්න්හවුස් යතුර. ඉතින් එයා ඒකත් අරන් ගිහින් කෞතුකාගාරයක තියෙන පෙට්ටියක් අරිනවා. පෙට්ටියක් කිව්වට ඒක මහා අමුතු යන්ත්‍රයක් වගේ එකක්. කොහොමහරි ඒකෙ තියෙන්නෙ ලියුමක්. ඒ මොකක්ද කියලනම් ඉතින් තාම දන්නෙ නැ.

අද කොටසින්,

ඔන්න ඉතින් අද කොටසෙදි ඔයාලට දැනගන්න පුළුවන් ඇත්තටම කවුද මේ රිට්න්හවුස් කියන්නෙ කියලා. ඒ වගේම අද කොටසෙදි ලුසී, වායට්, රූෆස් තුන්දෙනා ෆ්ලින් එක්ක එකතුවෙලා වැඩ කරනවා. ඒ මොකක් නිසාද කියලා බලලම ඉන්න.

ඒ වගේම තමයි timeless 11 වෙනි කොටස එන්නෙ ජනවාරි 16 වෙනිදා. මොකද ඉතින් දැන් නත්තල් කාලෙනෙ. ඉතින් අනික් කතා වගේම මේකත් නවතිනවා. එහෙනම් 2107 ජනවාරි 16 හමුවෙමු.

බයිස්කෝප් රසික රසිකාවියන්ට ටීවී සීරියස් වගේම චිත්‍රපට ඉතිරෙන සුබම සුබ නත්තලක් වේවා!

~*~

Timeless on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Timeless.S01E10.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,106 downloadsDownload Timeless.S01E10.Baiscopelk.com_.zip48 KB

 

  https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode               All Episodes                      Next Episode >>

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

3,106 downloadsDownload Subtitles48 KB

24 comments

  1. King Ruwan

    Thanks saho sabata.... Budu Saranai.......

  2. Yohan Buddhika

    Thx sho ela ela enakan hitiya sub ekak jaya

  3. yumal

    thankZZZZZ bro!!!!!!!

  4. Danu

    Sub ekata Thanx machn. Digatama Sub eka onee.

  5. Udara Damith B/K

    අයියෝ මේකත් නිවාඩු ගත්තද ?

  6. Brother007

    ela ela tq wewa

  7. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  8. SuDiYA

    supiri saho

  9. එල්.සී. දමැල්

    Thanks

  10. sherlock galle see you after winter

    Thank you see you aft

  11. sherlock galle

    Thanks

  12. sherlock galle

    Next year wenakan godak film enne nadda?

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. අශාන්

    ලහිරු මල්ලි සබ් එකේ අවුලක් තියනවාා. Screen එක පුරාම අකුරුනෙ. බලන්න අමාරුයි. ඒක පොඩ්ඩක් ඉක්මනට බලල හදල දෙන්නකො...

    1. Lahiru prasad

      මේකයි අයියේ srt සහා ssa කියලා වර්ග දෙකකින් සබ් එක නිකුත් කරලා තියෙනවා.
      මම හිතන්නෙ ඔයාට තිරේ පුරා වැටෙනවා ඇත්තෙ"Baiscopelk.com වෙනුවෙන් ලහිරු ප්‍රසාද් කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්තක අයිතිය සුරකින්න" කියන එක වෙන්න ඇති. ඒ නිසා ඔයා srt සබ් එක විඩියෝ එකට දාලා බලන්න. මට නම් ඔය අවුල ආවෙ නැ. ඔහොම වෙනවා vlc එකටනම්. හරි ගියොත් කියන්න.

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Dilan RG

    sabata thanku saho..........

  17. kelum

    thanks

  18. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  19. Udara Damith B/K

    11 plz

  20. Udara Damith B/K

    11

  21. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ..

  22. Gayan_madushanka_

    Thanks bro

  23. chinthaka.max4

    thankx machan