ඔන්න ඉතින් මාසයක විතර නිවාඩුවකට පස්සෙ timeless කතාව අරගෙන තමයි මේ ආවෙ. කට්ටියට අමතකත් ඇතිනෙ පහුගිය කොටසින් මොකද වුණේ කියලා එහෙම නේද. ඉතින් ටිකක් කියලම වැඩේ පටන්ගමුකො. පහුගිය කොටසෙ කතාව ගෙතුනෙ ජෙනරාල් විෂින්ටන් පාදක කරගෙන. ඉතින් වොෂින්ටන්ට හිටපු දක්ෂම වගේම හොදම මිතුරා වන බෙනඩික් ආර්නෝල්ඩ් වෙස්ට් පොය…

ඔන්න ඉතින් මාසයක විතර නිවාඩුවකට පස්සෙ timeless කතාව අරගෙන තමයි මේ ආවෙ. කට්ටියට අමතකත් ඇතිනෙ පහුගිය කොටසින් මොකද වුණේ කියලා එහෙම නේද. ඉතින් ටිකක් කියලම වැඩේ පටන්ගමුකො.
පහුගිය කොටසෙ කතාව ගෙතුනෙ ජෙනරාල් විෂින්ටන් පාදක කරගෙන. ඉතින් වොෂින්ටන්ට හිටපු දක්ෂම වගේම හොදම මිතුරා වන බෙනඩික් ආර්නෝල්ඩ් වෙස්ට් පොයින් එක බ්‍රිතාන්‍යයන්ට දෙන්න යනවා කියලා වොෂින්ටන් දැන ගන්නවා. ඒ වොෂින්ටන් ඔහුගෙ නිවසට උදේ කෑම ගන්න ආව වෙලාවෙ. ඒ වෙනකොටත් බෙනඩික්ට් පැනලා ගිහින්. ඒ බ්‍රිතාන්‍යයන් ළගට. කොහොම වුණත් බෙනඩික්ගෙ සැලැස්ම හරියන්නෙ නැ. එහෙම තමයි ඉතිහාස සිද්ධ වෙන්නෙ. ඉතින් කතාවට අනුව ඔය දේවල් වෙනස් වෙනවා. ඒ අපේ යාළුවො කස්ටිය 1780 සැප්තැම්බර් 25 ට යනවත් සමගම. ඒත් ඒ ටික කියන්න කලින් තව කියන්න ටිකක් තියෙනවා.
___________________________________________
ඔය මම ඉහළින් කිව්වෙ 1780 වුණ දේනෙ. දැන් මතක් කරන්නම් 2016 ඒ කියන්නෙ ලුසිගෙ වගේම අනික් අයගෙ වර්තමානයේ මොනවද වෙන්නෙ කියලා. ඉතින් කට්ටිය 1780 යන්න කලින් ලුසි උන්නෙ නියෝජිත ක්‍රිස්ටෝපර්ගෙ ගෙදර රාත්‍රී කෑම ගන්න ගමන්. ඒක අවසානයේ ක්‍රිස්ටෝපර් කියන්නෙ ලුසීට එයාගෙ පවුලව එයාට මුණ ගස්සවන්න ඕනෙ වුණා කියලා. ඒ ඇයටත් බයක් තියෙනවලු එයාටත් ලුසීට වගේම ඇගේ පවුල නැති වෙයි කියලා. ඉතින් ක්‍රිස්ටෝපර් ලුසීට පෙන් එකක් දෙනවා ක්‍රිස්ටෝපර්ගෙ පවුලෙ විස්තර තියෙන. ඒ ලුසි කාලය හරහා යනකොට ඒකත් අරගෙන යන්න. එතකොට ආපහු එනකොට ක්‍රිස්ටෝපර්ට එයාගෙ පවුල නැතිවෙලා තිබුණත් ලුසීට ඒක මතක තියෙනවා. මතකනෙ හැමෝටම අමතක වුණත් ලුසීගෙ කරේ තිබුණ මාලෙ නිසා එයාගෙ නංගිව එයාට අමතක වුණේ නැ. ඒ නිසයි ක්‍රිස්ටෝපර් එහෙම දෙයක් කරන්නෙ.
ඔය දේවල් වෙන අතරෙ රූෆස් ජියාගෙ ගෙදර ඉන්නෙ. එතකොට තමයි එහාට මේසන් පාත් වෙන්නෙ. ඉතින් එයා රූෆස්ට කියන්නෙ රිට්න්හවුස්ලා දන්නවා කියලා රූෆස් ගමන් වලදි රෙකෝඩර් සවුත්තු කරනවා කියලා. ඒ නිසා ඊළගට මොන මෙහෙයුමක් වුණත් ඒක හරියට රෙකෝඩ් කරන්න කියනවා. එහෙම නොවුණොත් මේසන්ට රූෆස්වත් ඔහුගෙ පවුලවත් බේරගන්න බැරි වෙයි කියලා. ඕවා ඔහොම වෙනකොට තමයි සේරම කස්ටියව මේසන් ආයතනයට කැදවන්නෙ. ඒ ෆ්ලින් ආයිමත් මව් යානය අරගෙන 1780 සැප්තැම්බර් 25 ට ගිහින් කියල දැනගෙන. දැන් කස්ටිය දන්නවනෙ මොකටද කියලා. ඒත් වායට් එහෙම හිතන්නෙ ෆ්ලින් ගියෙ බෙනඩික්ට්ට උදව් කරන්න කියලා. ඉතින් අපේ යාළුවො සෙට් එකත් ෆ්ලින්ගෙ පස්සෙන් යනවා.
එහෙම ගිහින් කෙළින්ම නවතින්නෙ වොෂින්ටන්ගෙ ගෙදර. එතකොට තමයි එතනට ෆ්ලින් එන්නෙ. ඉතින් කට්ටිය තක්කු මුක්කු වෙනවා. ඒත් ෆ්ලින් ඇවිත් තියෙන්නෙ වොෂින්ටන්ව මරන්නවත් බෙනඩික්ට උදව් කරන්නවත් නෙවෙයි. මෙයා ඇවිත් තියෙන්නෙ ලුසී ඇතුළු කට්ටියගෙ උදව් ඇතිව බෙනඩික්ව අල්ල ගන්න. ඒ ෆ්ලින් කියන විදිහට බෙනඩික්ට් කියන්නෙ රිට්න්හවුස්ලගෙ ආරම්භක සාමාජිකයෙක්. ඒ හින්දා බෙනඩික්ව මරන්න තමයි ෆ්ලින්ට ඕන කරන්නෙ. ඉතින් කට්ටියම එකතුවෙලා වොෂින්ටන්ගෙ සහයත් ඇතිව වැඩේට බහිනවා. ඒ මුලින්ම බ්‍රිතාන්‍යයන් ළගට යන එක. එතනදි කොහොමහරි බෙනඩික්ව අල්ල ගන්නවා. ආ කියන්න අමතක වුණා ෆ්ලින් මේ සේරම කරන්නෙ මතකද කට්ටියට ෆ්ලින් බොනිගෙ කරේ තිබ්බ යතුර අරගන්නවා. ඒක පාවිච්චි කරලා මතකද ෆ්ලින් ලියුමක් හොයා ගත්තා. ඒ ලියුම ලියලා තියෙන්නෙ බෙනඩික්ට් ආර්නෝල්ඩ්. ඒ නිසා තමයි ෆ්ලිඋන් හිතන්නෙ බෙනඩික්ට් රිට්න්හවුස් ආරම්භ කරපු කෙනෙක් කියලා. ඒත් මතකද ෆ්ලින් කලින් කිව්වා රිට්න්හවුස් කියන්නෙ. කෙනෙක් නෙවෙයි පිරිසක් කියලා. හැබැයි මෙතනදි තමයි ඒ කියන්නෙ බෙනඩික්ගෙන් තමයි දැනගන්න ලැබෙන්නෙ රිට්න්හවුස් කියන්නෙ පුද්ගලයෙක් කියලා.
ඉතින් කොහොමහරි බෙනඩික්ගෙ මාර්ගයෙන් සෙට් එකම මේ රිට්න්හවුස් හාදයව හම්බවෙන්න යනවා. ඒ එයාලටත් මේකට සම්බන්ධ වෙන්න ඕනැයි කියලා බොරුවට පෙන්වලා. හැබැයි රූෆස්ව එළියෙන් තියලයි යන්නෙ. එතනදි තමයි දැන ගන්නෙ මෙයාලා ඔරලෝසු කාර්මිකයො කියලා. ඉතින් අර ෆ්ලින්ට ලියුම හම්බවුණ ඔරලෝසුව හදලා තියෙනෙ රිට්න්හවුස්ගෙ පුතා. ඉතින් ෆ්ලිල් ඇතුළු කට්ටිය මෙතනට එන්නෙ රිට්න්හවුස්ව මරන්න ඒත් වැඩේ වරදිනවා. ඒ රිට්න්හවුස් දැනගන්නවා මෙයාලා ඇවිත් ඉන්නෙ තමන්ව මරන්න කියලා. කොහොමහරි එතනදි අන්තිමට රිට්න්හවුස් වගේම බෙනඩික් එහෙමත් හැමෝම මැරෙනවා. ඒත් රිට්න්හවුස් මැරෙන්න කලින් කියනවා. රිට්න්හවුස් නැවත නැගිටියි කියලා. එතකොට තමයි ඔහුගෙ පුතාව ෆ්ලින්ට මතක් වෙන්නෙ. ඒත් ඒ වෙනකොටත් පොඩි එකා එතනින් පැනගෙන. ඉතින් ෆ්ලින් එයාව මරන්න හොයනකොට ලුසි හින්දා ඒක කරන බැරි වෙනවා. අවසානයේ ෆ්ලින් ලුසීවත් අරගෙන මව් යානයෙන් පැනලා යනවා. ඔහොම තමයි පහුගිය කොටස අහවර වුණේ. ඉතින් ඊට පස්සෙ මොකද වුණේ කියලා අද කොටසින් බලමු.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV KILLERS පිටපත සඳහා අදාළ වේ.
1,616 downloadsDownload 201701182133baiscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
24 comments
soori
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ.. ජය..
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ...
Udara Damith B/K
බොහෝම ස්තූතියි .............
Udara Damith B/K
5db17c754b8eaaf8bcfe3f84b0c0a34e44f5a151
Udara Damith B/K
colony season 02 dena ekak nedda
Lahiru prasad
කියන්න දන්නෙ නැ සහෝ.
Udara Damith B/K
ok.puluwannam denda
sherlock galle
Thanks !!!!!
sherlock galle
Dr strange 2016 sub denna puluwanda?
kawinda gayashan
this copy direct link
visittvmansala.com
thank you
kawinda gayashan
thanks for sub and wish your all further
Kulanjana Maduranga
niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Brother007
ado ela ela lipiya supiri..digatama karagena yamu..jaya wewa..
Amil Gamage
Thanks Machan Sub ekata..
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
yumal
thankZ bro!!!!!!!!!!!!
එල්.සී. දමැල්
Meka balana eka magadi nawathuna :( bana eka nawattala na. okkoma ekathu karala balanawa. Thanks 4 sub Lahiru!
mindika
Thanks !!!!!!!!!!!!!
Tharindu
thank machan
Kavee_the_walker
බලන්න ආස හිතෙන කථාවක්
Season 2 ඇවිත් නැද්ද තවම
සබට තුතිGayan_madushanka_
Thanks bro
chinthaka.max4
thankx machan
Advertisement

බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ලහිරු සහෝ...