ඔන්න එහෙනම් ටයිටන් තවත් කොටසක් සමඟින් මුණ ගැහෙන්න ආවා. කලින් සතියේ කොටස නම් අපට ලැබුනේ දවසක් විතර පමා වෙලා. නමුත් අද කොටස නම් අපිට වෙනදා වගේම සිකුරාදා ලැබුනා. ඉතින් ලැබුන සැනින් තමයි මේ උපසිරස ඔබට අරගෙන එන්නේ. එහෙනම් අද මුලින්ම කලින් කොටස ගැන ටිකක් කියලම ඉන්නම්. කලින් කොටසේ ආරම්භය සිද්ධ උනේ ඩික් ග…

ඔන්න එහෙනම් ටයිටන් තවත් කොටසක් සමඟින් මුණ ගැහෙන්න ආවා. කලින් සතියේ කොටස නම් අපට ලැබුනේ දවසක් විතර පමා වෙලා. නමුත් අද කොටස නම් අපිට වෙනදා වගේම සිකුරාදා ලැබුනා. ඉතින් ලැබුන සැනින් තමයි මේ උපසිරස ඔබට අරගෙන එන්නේ. එහෙනම් අද මුලින්ම කලින් කොටස ගැන ටිකක් කියලම ඉන්නම්.
කලින් කොටසේ ආරම්භය සිද්ධ උනේ ඩික් ග්‍රේසන්ගේ පැරණි මතක සමඟින්. එයාගේ දෙමාපියන්ගේ මරණය සහ එයාගේ අතීතය සම්බන්ධ කාරනා ගොඩක් ඒ කොටස තුල දැනගත්තා. ඊට අමතරව පරණ රොබින්ට අලුත් රොබින් ජේසන් ටොඩ් මුණ ගැහෙනවා. දෙන්න එකතු වෙලා කලින් කොටස අවසානයේ සටනින් පස්සේ බේරගත්ත නියුක්ලියර් ෆැමිලි එකේ නිර්මාතෘවරයාව බෘස් වෙයින්ගේ සේෆ් හවුස් එකක් හෙවත් ආරක්‍ෂිත ස්ථානයක් වෙතට රැගෙන එනවා. ඒ වගේම ටයිටන් කණ්ඩායමේ අනික් සාමාජිකයන් පවා එතනට ගෙන්වා ගන්නවා. ඒ වගේම ඩික් දැනගන්නවා ඔහුව ජේසන් හොයාගත්තේ ඔහුගේ අතේ තියන ට්‍රැකර් එකක් අනුව කියලා. පසුව එය පවා ඩික් ඉවත් කරනවා. මේ කොටස සම්පුර්ණයෙන්ම ඩික්ගෙ අතීතයට සම්බන්ධ කොටසක්. ඔහුගේ දෙමාපියන් මරපු පුද්ගලයාගෙන් පලිය ගත් පසුත් තවත් පුරුකක් ඉතිරි වී එය ඔහු පසු පසින් ලුහු බඳින්න අරගෙන. ඩික් සහ ඔහුගේ දෙමාපියන් වැඩ කරපු සර්කස් එකේ පිරිස යම් අයෙකු විසින් මරාදමන ආරංචිය රැගෙන තමයි ජේසන් ටොඩ් ඩික් මුණ ගැහෙන්න එන්නේ. ඒ වගේම ඒ අනතුර ඩික් සහ ජේසන් දෙදෙනා ඉවරයක් කරනවා. අවසානය වන විට අපි දැක්කේ හික්මීමක් සහිත පැරණි රොබින් සහ කිසිම සංයමයක් නැතිඅලුත් රොබින් කෙනෙක්. එත් එක්කම ජේසන් ඩික් අතර උන ගනු දෙනුව අවසන් වෙනවා අපි දුටුවා.
අද කොටස ආරම්භ වෙන්නේ ඩික් අල්ලගත්ත පුද්ගලයා සමගින්. අදනම් ටයිටන්ලට ලේසි වෙන්නේ නැහැ. අද ටයිටන් කණ්ඩායමට මුහුණ දෙන්න වෙන්නේ ඉතාමත් දරුණු වදහිංසා ටිකකට. එහෙනම් එහෙම වෙන්න හේතුව මොකද්ද කියල මම ඔයාලටම බලාගන්න දෙන්නම්. ඒ වගේම කියන්න ඕන අනාගතයේ වෙයි කියල හිතන චරිතයක පෙර සලකුණු අවසානයේ දකින්න පුළුවන් වේවි.
යන්න කලින් දෙයක් කියන්න ඕන. මේක කොහෙත්ම ටයිටන් කතාවට අදාළ නැහැ. තමන්ගේ පාඩුවේ උපසිරසි ගන්න 99%ටත් අදාළ නැහැ. නමුත් මෑතක ඉඳන් දැකපු දෙයක් තමයි වෙබ් අඩවියේ අපි මේ සිංහලෙන් යොදන නම සහ අදාලට කොටසට කතාවේ නිර්මාණකරුවන් යොදන නම අල්ලාගෙන මැරෙන්න හදන ඉංග්‍රීසි උපසිරසි එක්ක බලන සිඟිති පාතාල සාමාජිකයෝ දෙතුන් දෙනෙක් කලින් කොටසේ නම අල්ලාගෙන උඩ පැනලා තිබුනා. අපි මේ සෑම උපසිරසකටම පරිවර්තනයක්ම නැතුව අපේ නිර්මාණයක් විදිහට නමක් දාන්නේ මේ සයිට් එක පටන් ගත්ත දවසේ ඒ කියන්නේ 2009 ඉඳල. ඒක එදා ඉඳන් මේ සයිට් එක පරිශීලනය කරන හැමෝම දන්න සාමාන්‍යය කාරණාවක්. ඒක අපේ අනන්‍යතාවය. ඕක අපිත් එක්ක ඉන්න හැමෝම දන්න දෙයක්. හැබැයි දන්නා තරමට එයාල කොමික් ඔස්තාර්ලා වගේ ලෝකෙට රඟපාන්නේ. ඒ වගේම ඉංග්‍රීසි භාෂා පරමේශ්වරලා වගේ කතාව. කියන්නේ නම් අපිට සිංහල සබ් එපා ඉපදුනේ ලන්ඩන් හන්දියේ කියල. ඒ උනාට මෙතනමයි වාසේ දේසේ. හැබැයි සිංහල සබ් එපා නම් මේකේ ඕපාදුප හොයන ඔය දෙකවසර චීත්ත වලට කියන්නේ දන්න ඉංග්‍රීසියෙන් වදයක් නොවී බලාගනිල්ලා කියල. එහෙන් මෙහෙන් ගෘප් කට්ටක් අටවාගෙන කොහෙන් හරි ඕපයක් හොයාගෙන අනේ සෝයි, කොමික් වගේමයි, මාරයි, ස්නයිඩර් බුදුවේවා කියන ජාතියේ මන්ද මානසික ඔස්තාර්ලට තමයි ඒ දැනුම් දීම කරුවේ. මේක දැකලා කුලප්පු වෙනවා කියන්නේ ඔය ඔස්ර්ලතාර්ලට ලැජ්ජ නහර නැහැ කියන එක තමා. දැන් කියයි Asylum කියන්නේ “අවසන් රොබින් මතකයන්” නෙමෙයි කියලා. ඔව් එහෙම නෙමේ තමා ඉතින් .
වෙනදා වගේ නැතුව මාතෘකාවෙන් පිට පැන්නට සමාව අවසර. අතින් කාල හරක් බලනව වගේම හරක් කුලප්පු උනාමත් මෙල්ල කරගන්න ඕන නිසයි මේ දේවල් මෙහම කිව්වේ. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජය වේවා !!!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,237 downloadsDownload Titans-2018-S01E07.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
81 comments
Kashan Maduranga
Supun_boy
මොනා කරන්නද බං නිකං දෙන දේ අගයක් නෑ..
johnnysand
Ela bro...
Uvindu Dilshan
Sub ekata thankx bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයStranger
thanks
ranga11112
thank you hasantha saho
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Lakshan
Thanks Bro.
dinu maleesha
thanks bro
nimeshdesilva
අනෙ බන් ඔස්තාර්ලට හු&#*#% කියලා. නැගලා යන title එකක් දාලා සබ දිපන්.
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි මචං......... ජයවේවා......!!!!!!!!!
Supunkb
Thankz sub ekt.....
gayan215
bohoma sthuthi saho...
nike_11
Thx brother
KasunNK
Thnks mcn sub ekata..
Thanusha
Thanks bro sub akata
Optimus_Prime
Sub ekata tnx bn...
VidurangaHDH
sub ekata thnakz bro.
mmath sinhala naththan english ekka balanawa.eetha title eka prashnayak welanm ne.
dagatama mehema karagena yamurobinbcc
Sab ekata thuthi.
Denis Maneesha
Thanks bro sub ekata
ruchiralakmal
Thanks for the sub!! keep it up bro
Naveendra_rox
Thanks
Shansenarathne
Tnx
Rashiiddamalgoda
Thanx.. bro . Suba ta... කොහොමත් ඔය වගෙ හරක් ඉන්නවා.. සිගිති පාතාලේ..
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි හසන්ත අයියේ සබ් එකට
dcdweerawardhana
බොහොම ස්තූතියි :-)
නිතර සබ් ගන්න ඕන කෙනෙක් කතාවට එන නමයි, ඔයාලා දාන නමයි වෙනස් කියලා දන්නවනේ. එතකොට ඒ දොස් කියන අය අලුතින් බැදිච්ච අය ද? මම නම් පෞද්ගලිකව ඔයාලා දාන නමට තමයි කැමති.
Madhushanka
Thanks
S.K. Ruchiranga
thzz sub ekata
kalana
Thans Mcn
Mr.pamz
thank you brother
geeganagamage
බොහොම ස්තුතියි සහෝ මේ කරනා වටිනා උතුම් සේවයට .
Nadeesha rox alahakoon
Tnx bro suba anakan balan hitiye
madawaththa
Tnx broh..
nsuvin
Thanx Machan. Dan nam meka enakam balan inne hama sarthiyema. ikmanata sub dunnata thanx.
darshana100
thanks saho
YasasPerera
thanks hasantha bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අයියේ උපසිරසට...බුදුසරණයි...ජය වේවා!!!
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Bruce___Wayne
Thank you very much bro
dileksha123
සබ් ටය්ප් කරන්න අත් දේකට ධෛර්යය ලැබේවා ☝
Tharaka mihiranga
sub type කරන ඔය දෑතට බුද්ධං සරනේ සරනයි.
Priyankara Bandara
Thanks bro. පසු වදනට කියන්නෙ. ඔයවගේ පීචං එවුන් කොහෙත් ඉන්නවා. ඔහොම උන් හින්දා තමා මේ සයිට් එකට accounts පවා හදන්න උනේ. උබලා සැලෙන්න එපා. ජයවේවා..
Kulanjana Maduranga
niyamai...subata thanks saho...keep it up...
Hasidhuanjana
Sub දාන්න මහන්සි වෙන හැමෝටම thank you very much !
Shehan putha
kiyana dewal walata salenna epa saho...thanks...jaya wewa !
Ayesh Prashan
mee harak kiyana ewa ganan ganna epa machan. sabata thank you
Ran KE Almainz
හැම දේකටම දෙපිරිසක් ඉන්නවා.බහුතරය බයිස්කෝප් එක්ක... සබ් එකට thanks..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thank you ban