පසුගිය කොටසින් තවත් හොදම විදිහට ටීම්-අප් එහෙම නැත්තම් සුපිරි වීරයින්ගෙ එක්කාසු වීමක් පසුගිය කොටසින් දකින්න ලැබෙනවා ඒ බ්ලැක්ෆයර් පවා මේ කණ්ඩායමට සම්බන්ධ වීමත් එක්ක. ඒක තමයි ප්‍රධානම දේ වෙන්නෙ. මොකද ස්ටාර්ෆයර් කිව්වත් වගෙ බ්ලැක්ෆයර්ව ආපහු ටැමරාන් වලට යවන්නත් බැහැ වගේම කෝරිට එයාව මරන්නත් බැහැ. මේ අතරෙ…

පසුගිය කොටසින්
තවත් හොදම විදිහට ටීම්-අප් එහෙම නැත්තම් සුපිරි වීරයින්ගෙ එක්කාසු වීමක් පසුගිය කොටසින් දකින්න ලැබෙනවා ඒ බ්ලැක්ෆයර් පවා මේ කණ්ඩායමට සම්බන්ධ වීමත් එක්ක. ඒක තමයි ප්‍රධානම දේ වෙන්නෙ. මොකද ස්ටාර්ෆයර් කිව්වත් වගෙ බ්ලැක්ෆයර්ව ආපහු ටැමරාන් වලට යවන්නත් බැහැ වගේම කෝරිට එයාව මරන්නත් බැහැ. මේ අතරෙම බ්ලැක්ෆයර් එයාලගෙ දෙමව්පියන්ව මරපු හේතුව ඇතුළු හුගක් දේවල් දැනගන්න ලැබුනා. මේ හේතුවේ ප්‍රධාන වශයෙන් ඇතුලත් වුනෙ බ්ලැක්ෆයර්ව ටැමරාන් වලදී සලකලා තියෙන්නෙ ශාපලත් දරුවෙක් විදිහට වගේම එයාට දෙවැනි අවස්ථාවක් ලැබිලත් නැහැ. මේ නිසාම ස්ටාර්ෆයර් එයාට අනුකම්පාව දක්වලා ටයිටන්ලා අතරට එකතු කරගන්නවා.
මේ අතරේ ක්‍රේන් හදන බෙහෙතට වහල් වෙච්ච රෙඩ් හුඩ් පිස්සුවෙන් වගෙ හැසිරෙන එක ටිකකට නවත්තලා එයාව පාලනය කරගන්න ක්‍රේන් ගත්ත තීරණයත් එක්ක කොටස පුරාවට වැඩි වශයෙන් ක්‍රේන්ගෙ චරිතය ඉස්මතු කරලා පෙන්නුවා. ලේඩි වික් ලව්වා හොරකම් කරවපු මැෂින් එක පාවිච්චි කරලා මේ අය හදලා පරික්ෂා මට්ටමින් තිබුණු ශක්තිජනක බෙහෙත පුළුල් මට්ටමින් ඉහලට ගෙනියන්නයි එයා ලැස්ති වුනෙ. ඒත් ටයිටන්ලගෙ මැදිහත් වීමෙන් ඒකත් අතරමග නැවතුනා.
මේ අතරේ GCPD එකේ කාලයක් පුරාවට වහලා තිබ්බ ඔරකල් පද්ධතිය ඩික්ගෙ පෙරැත්ත නිසාම ආයෙ වතාවක් බාබ්රා පාවිච්චි කරන්න ගත්තා ඒක යොදාගෙන ස්කෙයාක්‍රෝ අල්ලන අරමුණින්. ඒත් ඩික්ගෙ ජීවීතේ අනතුරේ වැටෙනකල්ම මේ අයගෙන් කවුරුත් දැනන් හිටියෙ නැහැ ඒ වෙද්දීත් ක්‍රේන් ඔරකල් පද්ධතියට රිංගලා ඉවරයි කියලා. ක්‍රේන්ට ඒ අවස්ථාව ලැබෙන්නෙ බාබ්රා වගේම ලේඩි වික් අතරේ ඇතිවුන සටන අතරේ ලේඩි වික් ලං කරලම ගත්ත බාබ්රාගෙ මූනෙ පින්තුරේ පාවිච්චි කරලා. මේ ගැන හත්වැනි කොටසෙ මුල් හරියේදීම දැකගන්න ලැබුනා.
අද කොටසින්
ක්‍රේන්ගෙ පිස්සු විකාර වැඩ ජේසන්ට එපා වෙන්න අරං තිබ්බත් මේ දෙන්නගෙ හවුල කවදා හො ඉවර වෙන විත්තිය කලින් කොටස් වලදී ඉගි ලබා දුන්නා. ඉතිං ඒ ඉගි වලට හරියන විදිහට අද කොටස හදලා තියෙනවා. හයවෙනි කොටසෙ උපසිරැසිය අරං එද්දී මං කිව්වනෙ ඊලග රොබින්, ඒ කිව්වේ තුන්වෙනි රොබින් කතාවට එන්නයි හදන්නෙ කියලා?! ඒකට හරියන මුල්ම පියවර මේ කොටසින් හරිආකාරව සිද්දවෙනවා. සමහරුන්ට නම් මේක විහිළුවක් වගෙ පෙනේවි. මොකද මේ තරම් රොබින්ලා එන්නෙ කියලා. ඒත් ඇත්තම කිව්වොත් කාන්තා රොබින් කෙනෙක්වත් මේ කතාව හරහා හදුන්වාදෙන්න පුලුවන් කියන විශ්වාසය මුලදීම සිද්දවුනා.

කේරි කෙලී ගැන තමයි ඩික්ට මුලින්ම බැට් කම්පියුටර් එකෙන් දැකගන්න ලැබෙන්නෙ. මුල්ම රොබින්ලා තුන්දෙනා අතරේ නැති උනත් කේරි කියන්නෙ Frank Miller, Klaus Janson, Lynn Varley තුන්දෙනාගෙ එකතුවෙන් 1986 වසරේදී නිකුත් වුන ‘The Dark Knight Returns’ කොමික් කලාපය ඔස්සෙ හදුන්වාදෙන අලුත්ම රොබින් චරිතය කැරොලයින් කීන් ‘කේරි’ කෙලී නොහොත් කේරි කෙලී කියන්නෙ. කොමික් වලදී දකින්න ලැබෙන මුහුණුවරට සමානම කෙනෙක් තමයි ටයිටන් මුල්ම කොටසෙ බෲස් බදවාගන්න හදන අලුත්ම තරුණ ළමයින්ගෙ එකතුවේ මුලින්ම දැකගන්න ලැබෙන්නෙ. සාමාන්‍යයෙන් මේ කතාවේ නිකමට කොමික්වල චරිතෙක නමක් හො නළුවෙක් හො නිලියෙක් නිකන් පාවිච්චි කරන්නෙ නැහැ. ඒ කෙනාවට ගොඩක් දුරට කතාව ගේනවා.
ඒත් දැන් මේ කතාව ගොඩනැගෙන්නෙ තුන්වෙනි රොබින්ව නිර්මාණය කරන්නනෙ. බැට්මෑන්ට හිටිය තුන්වෙනි රොබින් තමයි ටීම් ඩ්‍රේක් කියන්නෙ. ඉතිං මේ වෙද්දීත් ටීම් ඩ්‍රේක්ව ටයිටන් කතාව ඇතුලෙ පෙන්නලා ඉවරයි. දැන් තියෙන්නෙ ටීම් ඩ්‍රේක්ව තුන්වෙනි රොබින් බවට පත් කරන එක. මේ දේ වෙයිද නැද්ද කියන්න නම් අමාරුයි. බලාගෙන ඉමුකො ඉස්සරහට මොකක්ද වෙන්නෙ කියලා.
එහෙනම් ඉතිං බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියලා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,603 downloadsDownload Titans-S03-E08.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
23 comments
sachintha
Beast
Thanks Bro.
Beast
පුලුවන්නන් Star Girl Season 2 subtitle ටිකත් දෙන්න.
Marvel Fan
Shang-chi දෙන්නෙ නැද්දෝ....?
RansH
Mcn, shang-chi download krnn site ekk kynnko,, torrent eke neane
Sameera
Thanks sago
Marvel Fan
Lagadi ne release kale torrent eka hoyaganna amarui
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Namal
Sex Education එකට සබ් දෙනවද ඔයාලා?
ravidu ishan
සබ්එකට Tnx Mchn,,, stephen amel ඉන්න heels සීරීස් එකට පුලුවන්නං සබ් දෙමුද ,,, ජය!! ✌️✌️
Anonymous
බොහොම ස්තූතියි සහෝ.... ❤️❤️❤️
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
thank you brother
Shanaka Madushanka
thnaks sub ekata bro
KK
Stargirl S2 sub දෙන්නකො
Anonymous
thanks sago
Hash
episode 09 ekata sub denne ndda?
JonDoe297
අලුත් එපිය නැද්ද තාම
ekanayake
9weni episode ekt sinhala subtitle denne nadd
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Mahesha
Ithuru Sub Tikath Ikmanata Dannako....
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Titans (2018-) [S03 : E08] Sinhala Subtitles | දෙවැනි අවස්ථාව! [සිංහල උපසිරැසි] [18+]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/08/Titans-S03-1.1.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ