Watch Trailer

Titans (2018-) [S03 : E07] Sinhala Subtitles | ඔරකල්! [සිංහල උපසිරැසි]

පසුගිය කොටසින් ඩික් මුල් රොබින් හැටියට කටයුතු කල කාලෙත්, තමන්ගෙ තාත්තගෙ නීති වලට කටයුතු කරලා සෑහීමට නොවිච්ච බාබ්රාගෙ සෙල්ලක්කාර කතාවක් තමයි හයවෙනි කොටස හරහා දැකගන්න ලැබුනෙ. නීති කඩ කරලා, මංකොල්ලකෑම් කරලා හිතුමතේ ආදරෙන් දෙන්නා ජීවීතේ ගත කරලා තිබුනා. මේ කාලෙදි සිද්දවෙන මංකොල්ලයක් අතරතුර තමයි ජෝඩුවක්…

පසුගිය කොටසින්

ඩික් මුල් රොබින් හැටියට කටයුතු කල කාලෙත්, තමන්ගෙ තාත්තගෙ නීති වලට කටයුතු කරලා සෑහීමට නොවිච්ච බාබ්රාගෙ සෙල්ලක්කාර කතාවක් තමයි හයවෙනි කොටස හරහා දැකගන්න ලැබුනෙ. නීති කඩ කරලා, මංකොල්ලකෑම් කරලා හිතුමතේ ආදරෙන් දෙන්නා ජීවීතේ ගත කරලා තිබුනා. මේ කාලෙදි සිද්දවෙන මංකොල්ලයක් අතරතුර තමයි ජෝඩුවක් ඇවිල්ලා මංකොල්ල කන්න හදද්දී ඒ ජෝඩුවෙ කොල්ලව මැරෙන්නෙ. කාලයක් පුරාවටම ඒ හිතේ දරාගෙන ඉදලා තමයි ලේඩි වික් බාබ්රව හොයාගෙන එන්නෙ. මේ අතරේ ලේඩි වික් රෙඩ් හුඩ්ට  තිබුණු තැනත් අරගෙන ස්කෙයාක්‍රෝටත් වැඩ කරන්න පටන් අරං තියෙන්නෙ.

බාබ්රා ගෝර්ඩන් කිව්වම හුග දෙනෙක් දන්නෙ බැට්ගර්ල් විදිහට. මතකනෙ ඩික්ගෙ ආරාධනය පිට බෲස්ගෙ උදව්වට එන්න කිව්වට පස්සෙ බාබ්රට සුදුසු කෝඩ්නේම් එකක් යෝජනා කලාම ‘රොබින් ගර්ල්’ වෙනුවට ‘බැට්ගර්ල්’ හොදයි කියනවා මේ කතාවේ හයවෙනි කොටසින්ම දකින්න ඇති. ඒ වගේම තමයි බාබ්රා රෝද පුටුවකට වැටුණු එක සම්බන්ධව ලේඩි වික් ජෝකර් ගැන දෙයක් කිව්වා.

කාලෙකින් මුකුත් විස්තරයක් මේ කහාවට ලැබුනෙ නැති එකේ මේ කොටසින් පොඩි විස්තරයක් කලොත් හොදයි කියලා හිතුනා. කියවන්න කැමති අය කියවන්න. අකමැති අය දන්නවනෙ මොකක්ද කරන්න ඕන කියලා.

Barbara Gordon AKA Batgirl

Detective Comics තුල 359 වැනි කලාපය හරහාත් The Batman තුන්වන සීසන් එක හරහා තමයි බාබ්රා ගෝර්ඩන්ගෙ චරිතය මුලින්ම කොමික් හා ඇනිමේෂන් ඔස්සෙ හදුන්වලා දෙන්නෙ, ඒ කාන්තා පාර්ශවය පැත්තෙන් ප්‍රේක්ෂකයන් ඇද ගැනීමේ අරමුණින්. බැට්මෑන්ගෙ සහයක විදිහට බැට්ගර්ල්ගෙ චරිතය ඇය නිරූපණය කරන අතරේ සිවිල් වැසියෙකු විදිහට තමන්ගේ අනන්‍යතාවය පවත්වාගෙන ගියෙ ගෝතම් නගරේ මහජන පුස්තකාලය බාරව කටයුතු කරන කෙනා ලෙස, ඒ ඇයගෙ අධ්‍යාපන කටයුතු පුස්තකාල විද්‍යාවෙන් උපාධිය ලබාගත් නිසා. මේ විදිහට චරිත නිරූපණය ලබාගත් සාර්ථකත්වය නිසාම බාබ්රාගෙ චරිතය Justice League of America, Superman වැනි අතිශය ජනප්‍රිය කොමික් දක්වාම ගෙන එනවා.

ජෝකර්ගෙ වේවි පහරට ලක්වන බාබ්රා ගෝර්ඩන් – Batman: The Killing Joke කොමික් කලාපය

1988 වන විට බාබ්රා නිල වශයෙන්ම බැට්ගර්ල්ගෙ චරිතයට සමුදෙනවා. ඊටපස්සෙ “The Killing Joke” කොමික් කතාවට එද්දී බාබ්රාගෙ චරිතෙ කෙලවරක් වෙන්නෙ ජෝකර්ගෙ වෙඩි වැදීමට ලක්වෙලා ඒ වැදුනු වෙඩි උණ්ඩය ඇයගෙ කොදුඇට පෙලටම වැදිලා බාබ්රා අංශබාගයට ලක්වෙලා. ඇතැම් කොමික් රචකයින් පවා කැමති වෙන්නෙ නැහැ අපූරු සුපිරි වීර චරිතයකට පණ දීලා අවසානයේදී අංශබාගයට ලක් කලාට. නමුත් පසු කාලිනව මේ චරිතෙට අලුත් පණක් ලබාදෙන්න හැකියාවක් ලැබෙනවා “ඔරකල්” විදිහට. අංශබාගයට ලක්වෙලා රෝද පුටුවක හිටියත් තමන් සතුව පවතින පුළුල් දැනුම පරිඝනක පද්ධති හා රූප සංඥාමය සම්බන්ධයෙන් යෙදවීමක් කරලා ඇය නැවත වතාවක් බැට්මෑන්ට ලොකු සහයක් ලබාදෙනවා. ඉතිං විදිහට තමන්ව පවත්වාගෙන යද්දී තමයි එයාව “ඔරකල්” විදිහට හදුන්වන්නෙ. පසුකාලීනව බාබ්රා බැට්මෑන්ගෙන් ඈත්වෙලා ‘Birds of Prey’ ඒ කිව්වෙ බ්ලැක් කැනේරි හා හන්ට්‍රස් වැනි කාන්තා සුපිරි වීර චරිත වලින් සැදුම් ලත් කණ්ඩායමේ මග පෙන්වන නායිකාව බවට පත්වෙනවා. මීට අමතරව මේ ඔරකල්ගෙ චරිතය 1989 වසරේදී නිකුත්වෙන 23 වන Suicide Squad කොමික් කාලපය තුලත් නිරූපණය වෙනවා.

කොමික් පොත් වලට පණ දුන්නත් උඩ විස්තර කරපු හැමදේම 100%ම ඒ විදිහට වෙන්නෙ නැහැ. උදාහරණයක් හැටියට Titans තුන්වෙනි සීසන් එකට අනුව නම් බාබ්රා රෝද පුටුවකට වැටෙන්නෙ කකුලට වෙන හානියක් කියලයි කියන්නෙ. හැබැයි ඉතිං කොමික්වල, ඇනිමේෂන්වල දකින්න ලැබෙන සමහර දේවල් මෙතනදීත් ඉස්මතු කරන්න හදන උත්සහය අගය කරන්න ඕන.

විශේෂයෙන්ම කියන්න ඕනදෙයක් තියෙනවා. ඔත්පල වුන බාබ්රා ගෝර්ඩන්ගෙ චරිතයට රංගනයෙන් සම්බන්ධ වන Savannah Welch සැබෑ ජීවීතයේදී පවා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීලා තියෙනවා.

රංගන ශිල්පිනියකට වඩා ගායිකාවක මෙන්ම ගීත රචකාවියක් ලෙසින් සම්මාන පවා දිනාගෙන තියෙන Savannah Welch ටෙක්සාස් වලදී 2016 වසරේදී රිය අනතුරකට මුහුණ දීලා තියෙනවා. ප්‍රතිකාර වලින් සුව කර ගැනීමට නොහැකි මට්ටමට හානි වෙන, ඇයගෙ දකුණු පාදය ඉවත් කිරීමක් සිදු කෙරෙනවා. අදටත් එයා ඇවිදින්නෙ කෘතීම පාදයක උදව්වෙන්.

ස්වෑනා වේල්ච් කියන්නෙ නිකන්ම නිකන් චරිතයක් වෙනුවෙන් රංගනයෙන් සම්බන්ධ වන නිලියක් නෙවේ. ඇය සැබෑ ජීවීතයදී පවා අභියෝගයට ලක් වෙච්ච සුපර්හීරෝ කෙනෙක්. 🤗🧡

 

2002 වසරේදී නිකුත් වුන Birds of Prey ලයිව්-ඇක්ෂන් කතාමාලාව ඔරකල්ගෙ චරිතය දැකගන්න ලැබෙනවා Dina Meyer රනගන ශිල්පිනියගෙ සම්බන්ධ වීමෙන්. මීට අමතරව The Batman, Batman: The Killing Joke, Young Justice: Outsiders (Season 3) වැනි ඇනිමේෂන් නිර්මාණ ඔස්සෙ බැට්ගර්ල්, අංශබාගයට ලක්වෙන බාබ්රා, ඔරකල්ගෙ චරිතය වැනි මුහුනුවරල් ඔස්සෙ දැකගන්න ලැබෙනවා.

මීට අමතරව විශේෂයෙන්ම 2022/2023 වසර කාල සීමාව අතරතුර නිකුත් කිරීමේ බලාපොරොත්තුවෙන් HBO Max යටතේ වෙනමම ගොඩනැගෙන DC සිනමා විශ්වය වෙනුවෙන් Batgirl ලයිව්-ඇක්ෂන් චිත්‍රපටයක් Bad Boys සිනමා නිර්මාතෘවරුන් වන Adil El Arbi හා Bilall Fallah යටතේ නිර්මාණය වෙනවා. මේ වෙද්දී රූගත කිරීම් වලට පවා සූදානම් වෙන මේ චිත්‍රපටයෙ බාබ්රා ගෝර්ඩන් (බැට්ගර්ල්) විදිහට රංගනයෙන් එකතු වෙන්නෙ රංගන ශිල්පිනියක වන Leslie Grace විසින්.

බාබ්රා ගෝර්ඩන් ගැන පුංචි විස්තර කිරීමක් තමයි මේ කලේ. එහෙම නම් ඉතිං දිනෙන් දින උණුසුම්කාරී මට්ටමට එන මේ කතාවේ හත්වැනි කොටසත් බලලම ඉන්නකො.අටවැනි කොටසින් මුණගැහෙමු!

 

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,950 downloadsDownload Titans-S03-E07.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,950 downloadsDownload Subtitles28 KB

19 comments

  1. Raviya

    Thanks sub ekata ❤️

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Gayana Thathsara

    Young Justice Season 3 වලට සබ් එක දෙන්නකො

  4. Geeth Mihira

    ස්තූතියි..

  5. Anonymous

    thank you bro

  6. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  7. Sameera

    Thanks sago

  8. Anonymous

    See season 2 sub dennko

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  10. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා

  11. Shanaka Madushanka

    thanks sub ekata godak

  12. X

    Stargirl Season 2 Subtitles tikat denna barida

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. Lakshan

      Aluth epiytth ikmnt sub ek denn puluwnd bro

  14. Nuwan

    thanks bro sub ekata Stargirl S02 ekata sub demuko himita hari

  15. charith

    සබ් එකටයි ලිපියටයි ස්තුතියි...

  16. ravidu ishan

    සබ්එකට Tnx Mchn,,, ✌️✌️

  17. Anonymous

    thank you saho sub ekata e wagema lipiyatath

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.