Watch Trailer

Tokyo Ghoul (2014) [E09:10] Sinhala Subtitles | ආඔගිරි ගහ [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටසෙදි යෝකෝ නෝනට සිද්ධ වුනේ හොඳ දෙයක් නෙමෙයි. එයා හිනාමි වෙනුවෙන් ජීවිතේ බිල්ලට දෙනවා. ඒ වගේම එයා මැරෙන්නෙ එයාගෙම මහත්තයගෙ කගුනේ එකෙන් හදපු ක්වින්කියෙන්. මාදෝ ගොඩක්ම හැප්පෙන්නෙ දරුණු ගූල්ලො එක්ක. මොකද එයාට කගුනෙ එකතු කරගන්න පුළුවන් නිසා. ඒ වගේම එයා මෙච්චර දරුණු වෙන්න හේතුවත් තාම දන්නෙ නෑ. ය…

පහුගිය කොටසෙදි යෝකෝ නෝනට සිද්ධ වුනේ හොඳ දෙයක් නෙමෙයි. එයා හිනාමි වෙනුවෙන් ජීවිතේ බිල්ලට දෙනවා. ඒ වගේම එයා මැරෙන්නෙ එයාගෙම මහත්තයගෙ කගුනේ එකෙන් හදපු ක්වින්කියෙන්. මාදෝ ගොඩක්ම හැප්පෙන්නෙ දරුණු ගූල්ලො එක්ක. මොකද එයාට කගුනෙ එකතු කරගන්න පුළුවන් නිසා. ඒ වගේම එයා මෙච්චර දරුණු වෙන්න හේතුවත් තාම දන්නෙ නෑ. යෝකෝ නෝනගෙ මරණය දැනගන්න ටෝකට හරිම කේන්තියි. හේතුවක් නැතුව මරලා දාපු නිසා. මේ නිසා එයා පළිගන්න හිතාගෙන එයාගෙ වෙස්මූණත් දාගෙන යනවා. එයා අතින් අහිංසක කෙනෙක් තමයි මැරුම් කන්නෙ. මේ ගැන දුක් වෙන අතරෙ හිනාමි ගෙදරින් යනවා. ඒ අම්මගෙ සුවඳ එන නිසා. ඒකත් මාදෝගෙම වැඩක්. ආමොන් ටෝකා පස්සෙ යන එක නතර කරන්න, කනෙකි පළවෙනි වතාවට එයාගෙ වෙස්මූණ දාගෙන ආමොන්ට යන්න දෙන්නෙ නැතුව නවත්තගන්නවා.

මේ අතරෙ මාදෝ යෝකෝ නෝනගෙ කගුනෙ එකෙනුත් ක්වින්කියක් හදාගෙන. හිනාමිට තවත් දුකයි. මූණ දෙන පීඩනය නිසාම හිනාමිගෙ කගුනෙ එක දරුණු වෙනවා. ඒත් මාදෝගෙ අන්තිම හුස්ම යන්නෙ ටෝකා අතින්. ඒ වෙලාවෙ මාදෝටත් පවුලක් ඉන්නවා කියලා ටෝකා තේරුම් ගන්නවා. ආමොන්ව නවත්තන්න මස් කන කනෙකිට ඒක පාලනය කරගන්න බැරි වෙනවා. එයාව යතා තත්වෙට ගන්නෙ යෝමෝ. අද ගෙනාපු කොටස් වලින් වෙන්නෙ අළුත් ගූල් සංවිධානයක් ගැන දැනගන්න ලැබෙන එක. ඒක මෙහෙයවන්නෙ කනෙකිට අහන්න ලැබුන එකැස් රජ්ජුරුවො. මේක මොන වගේ සංවිධානයක්ද, තව කනෙකිට වෙන්න යන දේ මොකක්ද කියලා මේ කොටස් වලින් බලන්න පුළුවන්. (බය කලාද මන්දා, කමක් නෑ බය වෙන්න ඕනෙ).

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට HD පිටපත සදහා අදාළ වේ.

5,399 downloadsDownload Tokyo-Ghoul-Season-1-E09-10.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

5,399 downloadsDownload Subtitles27 KB

11 comments

  1. Vidura

    Thanks sis sub ekata :)

  2. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

  3. Udara Damith Dissanayaka

    ..❤❤❤❤❤❤................බොහොම ස්තූතියි............❤❤❤❤❤❤

  4. Chanu mikhail

    thanks sis., !!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. 4devinda

    බොහොම ස්තූතියි

  8. Kalana liyana arachchi

    Patta pahara. Supiri

  9. Amalka Himeshan

    තැන්ක්ස් සබ් එකට

  10. සචින්ත කල්හාර බෙනට්

    thanks

  11. Pavith Wijesooriya

    නියමායී...සබ් එක සුපිරියටම තිබ්බා.ගොඩක් ස්තූතියි!