Watch Trailer

Tokyo Ghoul (2014) [E11:12] Sinhala Subtitles | “දැන් මගේ වාරේ” [සිංහල උපසිරැසි සමඟ]

අඔගිරි ගහේ අරමුණ තාම පැහැදිලි නෑ, ඒත් එයාලා සීසීජී ශාඛා විනාශ කරගෙන වීදියෙන් වීදියට යන අය. මෙයාලගෙන් කොටසක් 11 වෙනි වීදියේ සීසීජී ශාඛාව විනාශ කරනවා. ඒ වගේම තව පිරිසක් රීසෙව හොයාගෙන 20 වෙනි වීදයට එනවා. එයාලත් තාම රීසෙ මැරිච්ච කතාව දන්නෙ නෑ. මේ එන අය අතරෙ ටෝකගෙ මල්ලි, අයාතෝත් ඉන්නවා. පොඩි කාලෙ හිටපු…

අඔගිරි ගහේ අරමුණ තාම පැහැදිලි නෑ, ඒත් එයාලා සීසීජී ශාඛා විනාශ කරගෙන වීදියෙන් වීදියට යන අය. මෙයාලගෙන් කොටසක් 11 වෙනි වීදියේ සීසීජී ශාඛාව විනාශ කරනවා. ඒ වගේම තව පිරිසක් රීසෙව හොයාගෙන 20 වෙනි වීදයට එනවා. එයාලත් තාම රීසෙ මැරිච්ච කතාව දන්නෙ නෑ. මේ එන අය අතරෙ ටෝකගෙ මල්ලි, අයාතෝත් ඉන්නවා. පොඩි කාලෙ හිටපු ළමයට හාත්පසින් වෙනස් කෙනෙක් තමයි මේ ඇවිත් ඉන්නෙ. ඒ වගේම මේ පිරිසෙ ප්‍රධානියා ජේසන්. එයත් වැඩ කරන්නෙ ආඔගිරි ගහට කියලා දැනගන්න ඇතිනෙ. රීසෙගෙ සුවඳ එන නිසා ජේසන්ගෙ අවධානය කෙලින්ම යන්නෙ කනෙකිට. කනෙකිට පුළුවන් තරම් අන්තේකු සාප්පුව ඇතුලෙදි ජේසන් වද දෙනවා. ඒක හරිම දරුණුයි. එයාව ඊට පස්සෙ එයාලා අරන් යනවා. ඉතුරු සිද්ධිය අන්තිම කොටස් දෙක බලලා දැනගන්න. අනික අන්තේකු සාප්පුවෙ වෙච්ච දේ දරුණුයි කියලා හිතෙන අයට දැනගන්න කියන්නෙ, ඊළඟට වෙන්න තියෙන එකත් එක්ක බැලුවම මේක මොකක්ද කියලා හිතෙයි. මෙච්චර කල් බලන්න ඇතිනේ පින්තූරෙ ඉන්නෙ කොණ්ඩෙ සුදු හාදයෙක්, කෝ එහෙම කෙනෙක් නෑනේ කියලා. ඒ කනෙකි නම් මේ ප්‍රශ්න අස්සෙ කොණ්ඩ පාට කරන්න කොහෙද වෙලාවක් කියලා. ඒකත් අද කොටස් වලින් දැනග්න පුළුවන් වෙයි. සීරීස් එකේ තේරෙන්නෙ නැති තැන් තිබුනොත් කොමෙන්ටුවක් දාලා යන්න. මං අදහසක් දෙන්නම්.

මේ තමයි Tokyo Ghoul පළවෙනි සීසන් එකේ අවසාන කොටස් දෙක. මේකෙන් පස්සෙ තියෙන්නෙ 2015 විකාශය වුනු දෙවනි සීසන් එක – Tokyo Ghoul:Root A. ඒක ගේන්න වෙන්නෙ අප්‍රේල් වලින් පස්සෙ. බනින්න නම් එපා. මේ අවුරුද්දෙ අවසන් විභාගෙ තියෙන්නෙ අප්‍රේල් මාසෙ. ඊට පස්සෙ දෙන වැකේෂන් එකට මේක දෙන්නම්. අප්‍රේල් කිව්වම මතක් වුනේ අප්‍රේල් වල තමයි මේකේ තුන් වෙනි සීසන් එක Tokyo Ghoul : re විකාශය වෙන්න නියමිත වෙලා තියෙන්නෙ. Tokyo Ghoul හරි නැත්තන් ඒකත් කියන්න මොකද එහෙම වුනොත් 2 වනි සීසන් එකත් දීලා වැඩක් නැති වෙනවා. එහෙනම් තව සබ් එකකින් පස්සෙ මුණ ගැහෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට HD පිටපත සදහා අදාළ වේ.

4,080 downloadsDownload Tokyo-Ghoul-Season-1-E11-12.zip23 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

 

Subtitles

4,080 downloadsDownload Subtitles23 KB

24 comments

  1. Vidura

    Thank sis, season 2 ekatath sub dnna & exam ekata gl :)

  2. Soori

    ටෝකියෝ ගූල් පළමු කතා මාලාවම ඔයාට පින් සිද්ද වෙන්න බලා ගත්තා. දරුණුයි තමා ඒත් වෙනස් ම ඇනිමේෂන් එකක් නේ. ඒ නිසා විභාගේ ඉවර වෙලා Tokyo Ghoul:Root A එකට උපසිරැසි දෙමු. පුළුවන් නම් Tokyo Ghoul : re එකටත් සමගාමී උපසිරැසි දෙමු.
    විභාගේ ඉහලින් ම සමත් වෙන්න හොඳින් ලියා ගැනීමට ධෛර්යය ශක්තිය ලැබේවා...!!!

  3. Ishan Madusha

    නියමයි.බලපු හොදම ඇනිමේ සීරිස් වලින් එකක්.
    බොහොම ස්තූතියි පලවෙනි සීසන් එකට ඉක්මනින් උපසිරැසි කරලා දුන්නට
    විභාගෙන් පස්සේ season 2,3යි අනිවා සබ් දෙන්න.
    ජය!

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. 4devinda

    බොහොම ස්තූතියි.

  6. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි.
    සීසන් දෙකත් පුළුවන් වෙලාවක denda

  7. Chanu mikhail

    thank sis. :) , sub walata. tokyo-ghoul-√a eki tokyo-ghoul-re eka awama ekatai sub denna,. puluwan nm Death Note wage anime walatath sub demu., ;) niyamai jayaweva..!!!

  8. podda

    thanks sis!!! mokata baninada puluwan welawaka sub1 denne e hodatama athi. puluwannam "Death Note" genath salakala balanna kiyala punchi illimak karanawa

  9. Navodani Thilini Sasanika

    Adahas dakwapu hemotama godak sthuthiyi,

  10. Supundilshan22215

    patta wadk saho..aniwa anith ewtth sub denna

  11. Supundilshan22215

    elm...subz anith ewth denno

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Kalana liyana arachchi

    Bohoma sthuthi. Ilaga season ekath demu. Meka patta.
    Alchemist ekath serama sub dan beluwa. Ekath supiri. Me wage ewa denawata godaaaaak sthuuthiiiiiii

  14. thiwanka anuhas

    Meka patta digatama sub denna

  15. Bhagyasingh

    digatama sub denna sis ....anime walata sub denawata thanks hode

  16. uvie

    Awlk nah ohma dennko✌️

  17. Bhagyasingh

    sis tokyo ghoul re eketh sub eka dennako...

  18. sachithra2510

    palaweni epiye sub eka download karanda bane aiye...

    1. sachithra2510

      sorry akke....

  19. Amalka Himeshan

    තැන්ක්ස් සබ් එකට

  20. Stranger

    thanks

  21. KoLA

    thanks sub tikata

  22. Pavith Wijesooriya

    පළවෙනි සීසන් එකත් ඉවරයි.ඇත්තටම ගොඩක් ස්තූතියි අක්කේ මේ ඇනිමේ එකට සබ් දුන්නට.ඉදිරියටත් මෙ වගේ සුපිරි ඇනිමේ වලට සබ් ලබා දෙන්න.ජය වේවා!!!

  23. man

    MUCH LOOOOVE

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.