ඔන්න ටෝකියෝ ගූල් සීසන් තුනත් අරගෙන ආවා. මේක සුයි ඉෂිදාගෙ ටෝකියෝ ගූල් දෙවන කතා මාලාව Tokyo Ghoul:re ඇසුරෙන් සජීවීකරණය කරපු පළවෙනි සීසන් එක. ඒත් ටෝකියෝ ගූල් කතා මාලාවම ගත්තොත් තුන්වෙනි සීසන් එක. මේක විකාශය වෙන්න පටන් ගන්නෙ මේ අවුරුද්දෙ අප්‍රේල් මාසෙදි. ඉවර වුනේ ජුනි මාසෙදි. වෙනදා වගේම කොටස් 12කින් සම…

ඔන්න ටෝකියෝ ගූල් සීසන් තුනත් අරගෙන ආවා. මේක සුයි ඉෂිදාගෙ ටෝකියෝ ගූල් දෙවන කතා මාලාව Tokyo Ghoul:re ඇසුරෙන් සජීවීකරණය කරපු පළවෙනි සීසන් එක. ඒත් ටෝකියෝ ගූල් කතා මාලාවම ගත්තොත් තුන්වෙනි සීසන් එක. මේක විකාශය වෙන්න පටන් ගන්නෙ මේ අවුරුද්දෙ අප්‍රේල් මාසෙදි. ඉවර වුනේ ජුනි මාසෙදි. වෙනදා වගේම කොටස් 12කින් සමන්විතයි. මේකෙම දෙවනි සීසන් එක, එහෙමත් නැත්තන් ටෝකියෝ ගූල් 4 වෙනි සහා අන්තිම සීසන් එක මේ අවුරුද්දෙම ඔක්තොම්බර් වල විකාශනය වෙන්න නියමිතයි. ඒකත් එක්ක ටෝකියෝ ගූල් කතා මාලාව අවසන් වෙනවා. චිත්‍ර කතාව මේ වෙනකොට අවසන් සහා අවසානයත් හෙළිදරව් වෙලා ඉවරයි. ඒත් ඇනිමේ රසිකයන්ට තව ටිකක් ඉවසීමෙන් ඉන්න වෙනවා ඔක්තොම්බර් වල අවසාන සීසන් එක විකාශනය වෙනකන්. කොහොමහරි කතාව පැත්තට හැරුනොත්, මං දෙවනි සීසන් එකේදි කිව්වා මේක බලපු ගමන් ගොඩක් ප්‍රශ්න ඔළුවට එයි කියලා. කියන්න තියෙන්නෙ ඉවසීමෙන් මේක දිගටම බලන්න කියලා.
දෙවනි සීසන් එක අවසන් වෙන විදිය මතක් කළොත් අන්තේකු ගැන සීසීජී දැනගන්නවා. ඒ වගේම අන්තේකු අතුගාලා දාන්න එයාලා ක්‍රියාමාර්ග ගන්නවා. කනෙකි අන්තේකු බේරගන්න ආවත් එයාට යන්න ලැබෙන්නෙ නෑ ආමොන් එයාව නවත්තන නිසා. ඒ වෙන සටනින් ආමොන් පරාද වෙලා කනෙකිට යන්න ලැබුනත් එයාට මගදි සිහිය නැති වෙනවා. ආයෙත් සිහිය එනකොට එයා ඉන්නෙ අන්තේකු වල. එයාව එක්කන් එන්නෙ වෙන කවුරුත් නෙවෙයි හිදේ. හිදේට වුන දේ ඔයාලා දකින්න ඇතිනෙ. හිදේවත් අතින් අරන් කනෙකි යන්නෙ සීසීජී පරික්ෂකයො මැද්දටමයි. එයාට මූණ දෙන්න වෙන්නෙ එසේ මෙසේ කෙනෙක්ට නෙවෙයි. ඒ තමයි කිෂෝ අරීමා. වෙන විදියට කිව්වොත් සීසීජී ග්රිම් රීපර් නොහොත් ගූලයන්ගේ මාරයට. කිසිම ගූලයෙක්ට හැකියාව ලැබිලා නෑ අරීමාගෙ ඇඟට එක තුවාලයක් කරන්න. ඒ වගේ කෙනෙක් ගාවට තමයි කනෙකි යන්නෙ. ඉතින් කනෙකිට වෙන දේ හිතාගන්න පුළුවන්නෙ. එයාලා අතර වුන දේ නොපෙන්නුවත් ඒ ගැන අදහසක් හිතාගන්න පුළුවන් මේ විස්තරත් එක්ක. කොහොමහරි :re වලදී අපේ කතා නායකයා වෙන්නෙ ගූල් පරික්ෂක සසාකි හයිසේ. එයා තමයි අරීමගෙ විශ්වාසවන්තම ගෝලයා. මෙයා වටා තමයි Tokyo Ghoul:re කතාව ගෙතිලා තියෙන්නෙ. මෙයා කව්ද කියලා දැනගන්න සීසන් තුනත් එහෙනම් බලන්න පටන් ගන්න. කනෙකි මේ වතාවෙ කතා නායකයා නොවුන එකට දුක් වෙන්න එපා. කනෙකිට මොකද වුනේ කියලා ඉදිරියට බලමු.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
3,818 downloadsDownload Tokyo-Ghoul-re-SE03-EP01-EP02.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
16 comments
Dasun Madawa Ranasinghe
KP7
Upasirasiyata Bohoma Isthuthi Sis.. Ikmanata Sub Deepu ekatath Godak Thanks..
Me Wage TV Series Digatama Aran Enna.. Puluwannam One Piece TV Series Ekatath Sub Denna Balanna.. Thanks Sis..Chanu mikhail
thank u., degatama anime walata sub demu. jaya,,!!!
4devinda
ගොඩක් ස්තූතියි.. .
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයIshan Madusha
නියමයි.බොහොම ස්තූතියි
ජය වේවා!Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
sfmku
thanks
puluwannam Death Note ekatath ekatath sub denna.Vidura
Thanks sis sub ekata :)
podda
niyamai niyamaiii. digatama animetion walatama sub demuuu
thanks sis!!!1Bhagyasingh
season 3 mechchara ikmanata????eekatanam bohoma thanks.....
Udara Damith Dissanayaka
බොහොම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
Thanks sub ekata season 2 baluve iye kammali nathuva balan yanna puluvan supirima kathavak
Stranger
thanks
Pavith Wijesooriya
උපසිරසියට බොහෝම ස්තූතියි!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tokyo Ghoul:re EP01 & 02 (2018) Sinhala Subtitles | ගූල් පරික්ෂක සසාකි හයිසේ! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/08/Tokyo-Ghoul-re.jpg)




thanks sis.keep it up