Watch Trailer

Tokyo Ghoul:re EP03 & 04 (2018) Sinhala Subtitles | මිනිස් වෙන්දේසිය! [සිංහල උපසිරැසි සමඟ]

පළවෙනි කොටස් දෙකේ වෙන දේ කෙටියෙන් කිව්වොත් සීසීජී අළුත් පර්යේෂකයන් කණ්ඩායමක් නිර්මාණය කරලා තියෙන්නෙ. ඒ තමයි ක්වින්ක්ස් කණ්ඩායම. මේ කණ්ඩායම භාරව කටයුතු කරන්නෙ ආමොන්ගෙ සහයකයා වෙච්ච මාදෝ අකිරා. ඒ වගේම කණ්ඩායමේ උපදේශකයා වෙන්නෙ සසාකි හයිසේ. මේ කණ්ඩායමේ විශේෂත්වය වෙන්නෙ එයාලා අඩ ගූලයො වෙන එක. වෙන විදියට…

පළවෙනි කොටස් දෙකේ වෙන දේ කෙටියෙන් කිව්වොත් සීසීජී අළුත් පර්යේෂකයන් කණ්ඩායමක් නිර්මාණය කරලා තියෙන්නෙ. ඒ තමයි ක්වින්ක්ස් කණ්ඩායම. මේ කණ්ඩායම භාරව කටයුතු කරන්නෙ ආමොන්ගෙ සහයකයා වෙච්ච මාදෝ අකිරා. ඒ වගේම කණ්ඩායමේ උපදේශකයා වෙන්නෙ සසාකි හයිසේ. මේ කණ්ඩායමේ විශේෂත්වය වෙන්නෙ එයාලා අඩ ගූලයො වෙන එක. වෙන විදියට කිව්වොත් ගූලයන්ගෙ කකුහෝ බද්ධ කරලා තමයි මෙයාලව නිර්මාණය කරලා තියෙන්නෙ. එයාළට ගූලයො වගේම කගුනෙ එක යොදාගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය කෑම කන්නත් පුළුවන්. මේ කණ්ඩායමට මේ වෙලාවෙ ලැබිලා තියෙන්නෙ ටොර්සෝ කියන ගූලයව අල්ලගන්න. ඒ ගැන හොයාගත්ත තොරතුරු අනුව ටොර්සො කියන්නෙ ටැක්සි රියදුරෙක් කියලා තේරුම් යනවා. මේ නිසා ක්වින්ක්ස් කණ්ඩායමේ නායක උරියේ සහා ෂිරාසු වෙනමත් ක්වින්ක්ස් උපදේශක සසාකි සහා මුට්සුකි වෙනමත් පරීක්ෂණ කරනවා. ටොර්සොව සීසීජී අය හොයනවා කියලා ටොර්සොට අඔගිරි වලින් පණිවිඩයක් ලැබෙනවා. ඒ පණිවිඩය දෙන්න එන්නෙ පුංචි හිනාමි, එයා දැන් වැඩුන ලස්සන තරුණියක්. ඒ මොනා වුනත් අන්තිමට ටොර්සෝව කොටු කරගන්න ක්වින්ක්ස් කණ්ඩායටම හැකියාව ලැබෙනවා ඒත් එතනට එනවා ඔරොචි කියන ගූලයා. ඔරොචි කියන්නෙ වෙන කවුරුත් නෙවෙයි නිෂිකි කියලා දකින්න ඇතිනෙ. සසාකිට එකපාරට එයාගෙ නම කියවෙනවා වගේම එයාට එයාව පාලනය කරගන්න බැරි වෙනවා. දකින්න ඇතිනේ කලින් වතාවේ කනෙකිට රීසේ බලපෑම් කරනවා වගේ සසාකිට කනෙකිගෙන් බලපෑම් වෙනවා. එයා ඒක මගඅරින්න උත්සහා කළත් අන්තිමට පාලනය නැති වෙනවා. මේ වෙලාවෙ සීසීජී වල අය එතනට එනවා, ඒ ඔරොචිව අල්ලන්නවත් ටොර්සොව අල්ලන්නවත් නෙවෙයි. SS කාණ්ඩෙ භයානක ගූලයෙක් වෙන සසාකි හයිසේව පාලනය කරන්න. එයාව අකිරා ඇතුළු කණ්ඩායම පාලනය කළාට පස්සෙ දේවල් සන්සුන් වෙනවා. මේකෙන් කියන්නෙ කනෙකි මැරිලද? සසාකි SS කාණ්ඩෙ ගූලයෙක් වෙන්නෙ කොහොමද? මේ ගැන තාම හරියට දන්නෙ නෑ. කොහොමහරි ඊළඟට එයාලාට පරික්ෂණ කරන්න ලැබන්නෙ නට්ක්‍රැකර් කියන ගූලයා ගැන. එයා වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම නට් ක්‍රැකර් කෙනෙක්. මේ ගැන කතා වෙවී යද්දි සසාකි ඇතුළු ක්වින්ක්ස් කණ්ඩායම කෝපි සාප්පුවකට ගොඩ වෙනවා. එතනදි සසාකිට දකින්න ලැබෙන්නෙ ලස්සන කාන්තාවක්. ඒ තමයි ටෝකා. සසාකිට ඇහෙන් කඳුළු වැටෙනවා. “මේ වගේ ලස්සන කෙනෙක් මං මීට කලින් දැනගෙන හිටියද?”

මේ පාර කොටස් දෙකත් රසවිඳින්න. 4 සහා 5 කොටස් වලින් මුණ ගැහෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

3,450 downloadsDownload Tokyo-Ghoul-re-SE03-EP03-EP04.zip24 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

Subtitles

3,450 downloadsDownload Subtitles24 KB

14 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  2. geeganagamage

    බොහොම ස්තුතියි

  3. Bhagyasingh

    බොහොම ස්තුතියි

  4. KP7

    Sub ekata Thanks Sis..

  5. Chanu mikhail

    thanks sub ekata..!!!

  6. Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි................

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි.ජය වේවා!

  8. Vidura

    Thanks sis sub ekata :)

  9. isushan

    tokyo ghoul patta.sub ekata thank u

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Amalka Himeshan

    Thanks sub ekata

  12. Stranger

    thanks

  13. Pavith Wijesooriya

    බොහෝම ස්තූතියි උපසිරසියට!

  14. kasun chamuditha

    Thanks ❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.