මම කලින් කොටසින් මතක් කළා කලින් සීසන් එකේ අන්තිමට මොකක්ද වුනේ කියලා. එතන ඉඳන් තමයි මේ සීසන් එකේ පළවෙනි කොටස් දෙක ඉදිරියට ඇදෙන්නෙ. කලින් කොටස් වල අපහැදිලි තැන් මේ ලිපියෙන් විස්තර කරන්නම්. මුලින්ම පටන් ගන්නෙ සීසීජී, අඔගිරි විනාශ කරන්න හදන මෙහෙයුමෙන්. සීසීජී තීරණය කරනවා තවත් අඔගිරි වලට ක්‍රියා කරන්න ඉ…

මම කලින් කොටසින් මතක් කළා කලින් සීසන් එකේ අන්තිමට මොකක්ද වුනේ කියලා. එතන ඉඳන් තමයි මේ සීසන් එකේ පළවෙනි කොටස් දෙක ඉදිරියට ඇදෙන්නෙ. කලින් කොටස් වල අපහැදිලි තැන් මේ ලිපියෙන් විස්තර කරන්නම්. මුලින්ම පටන් ගන්නෙ සීසීජී, අඔගිරි විනාශ කරන්න හදන මෙහෙයුමෙන්. සීසීජී තීරණය කරනවා තවත් අඔගිරි වලට ක්‍රියා කරන්න ඉඩ දෙන්න බෑ ඒ නිසා අඔගිරි සම්පූර්ණෙන්ම විනාශ කරන්න ඕනෙ කියලා. එයාලා තැන විදියට යොදාගන්නෙ ටෝකියෝ තුඩුව. මේ මෙහෙයුමට සීසීජී පරික්ෂකයො ගොඩක් සහභාගී වෙනවා සසාකිගෙ ක්වින්ක්ස් කණ්ඩායමත් ඇතුළුව. ඒත් සසාකි එහෙම නැත්තන් කනෙකියි, අරීමායි තවත් කිහිප දෙනෙකුයි කොක්ලියා ගූල් බන්ධනාගාරෙ නවතිනවා. මොකද එහෙට පහර දෙන්න ඉඩ තියෙන නිසා. කනෙකිගෙ මතකෙ එනවා මතකනෙ :re Part 1 අවසාන කොටසෙදි. එතනදි සුකියාමා අහනවා ඔයා තෝරගන්නෙ මේ පාරද කියලා. කනෙකි ඔව් කිව්වත් එයාගෙ එතන ඉඳන් අරමුණ වුනේ හිනාමිව බේරගන්න එක. ඒකට එයාට හොඳ අවස්ථාවක් තියෙන්න ඕනෙ. අඔගිරි විනාශ කරන මෙහෙයුම අතර තමයි හිනාමිව බේරගන්න ලේසිම. ඒ නිසා කනෙකි කොක්ලියා වල නතර වෙනවා. ඔය අතරෙම අයාතෝ, ඒ කියන්නෙ ටෝකගෙ මල්ලිත් සීසීජී එක්ක සටනට යන්නෙ නැතුව බන්ජො (බන්ජො කියන්නෙ Tokyo Ghoul Season 1 වලදි රීසෙව හොයාගෙන අන්තේකු වලට ඇවිත් කනෙකිගෙන් ගුටි කන කෙනා) එයා එක්ක එකතු වෙනවා හිනාමිව බේරගන්න.
එයාලා එතනට ගියාම උඩ දොර ඇරෙනවා එයාලට යන්න ලේසි වෙන්න. ඒක කරන්නෙ කනෙකි. කනෙකි කොක්ලියා වල සේරම දොරවල් අරිනවා සේරම හිර කරලා තියෙන ගූලයන්ගෙ කූඩුත් එක්කම. ඒ හිනාමිව බේරගන්න තියෙන නිසා. එයා දන්නවා එයාට මේකෙදි අරීමට මූණ දෙන්න සිද්ද වෙනවා කියලා. ඒ නිසා එයා තීරණය කරනවා හිනාමිටයි කට්ටියටයි පැනලා යන්න වෙලාව ඇති වෙනකන් අරීමව නවත්තගන්න. ඒ වෙලාවෙ හිනාමිව බේරගන්න ආපු ටෝකා කනෙකිට කියනවා පස්සෙ හමුවෙමු කියලා. ඒ හැඟීමයි, හිදේගෙ මතකයයි කනෙකිටජීවත් වෙන්න පොළඹවනවා. ඒ නිසා එයා අරීමා එක්ක නොමැරෙන්න සටන් කරනවා. ඒත් එයාට අරීමාව මරන්න ඕනෙ නෑ. සටන එහෙම ඉවර වුනත් අනපේක්ෂිත දෙයක් වෙනවා. අරීමා එයාගෙම බෙල්ල කපාගන්නවා. එතනින් 2 වනි කොටස ඉවර වෙනවා. අද ඒකෙ ඉතුරු ටික. තව කියන්න ඕනෙ මතක ඇතිනෙ ඒතො එයාගෙ කූඩුවෙන් එළියට එනකොට ෆුරුතව මුණ ගැහෙනවා. ඒතෝ කියන්නෙ ඇත්තම බකමූණා කියලා දන්නවනෙ. බකමූණා කියන්නෙ මුළු කතාව පුරාවටම හිටපු ගොඩක් ශක්තිමත් ගූලයෙක්. ඒ වගේම අඔගිරි වල ප්‍රධානියා. අපි හැමෝම හිතාගෙන හිටියෙ ඒතො කියන්නෙ එකැස් රජතුමා කියලා. ඒත් ඒතොම කනෙකිට කියනවා එකැස් රජතුමාව මරන්න කියලා. ඒ නිසා එකැස් රජතුමා කව්ද කියන එක තාම රහසක්. ඒ කොහොම වුනත් එච්චර ශක්තිමත් ඒතොටත් ෆුරුතා ඉස්සරහා පරාද වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ෆුරුතා කියන්නෙ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා මතක තියාගන්න. තව වී වංශය ගැන මේකෙදි හෙළිවෙනවා. මං කලින් වතාවක් කිව්වා සීසීජී වල පටන් ගැන්ම මේ සීසන් එකේදි දැනගන්න ලැබෙයි කියලා. ඒ ගැනත් දැනගන්න පුළුවන් වෙයි. මේ කොටස් දෙක එහෙනම් නරඹන්න.
5 සහා 6 කොටස් වලින් මුණ ගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
3,860 downloadsDownload Tokyo-Ghoul-Re-Part-2-E15-E16.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
12 comments
Gathsara Umesh
Ishan Madusha
බොහොම ස්තූතියි.ජය වේවා!
Chanu mikhail
ස්තූතියි....!
G.T.A.Fernando
Sub dammata thanx....thawa anime series wala sub danno puluwan nam...
Udara Damith Dissanayaka
denakal balagena hitiye
Amalka Himeshan
Thanks navo sub ekata
Dasun Madawa Ranasinghe
thanks nangi
sam fisherr
මට මේ කතාවේ දුක හිතෙනම දේයක් තමා සිසිජි මාරය හැමොම බය අරිමගේ කිසිම හරි හමං සටනක් නැ හැමොම අරිමට බයයි එත් එක එපියකවත් හරි fight එකක් තිබේ නැ.එකත් හරියට got වල නයිට් කිං අනත්තිමට nothing උනාවගේ.
Janasanka
බොහොම ස්තුතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Stranger
thanks
Pavith Wijesooriya
සබ් එකට ස්තූතියි!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tokyo Ghoul: re Part 2 EP03 & 04 (15&16) (2018) Sinhala Subtitles | කිෂෝ අරීමා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/Tokyo-Ghoul-re-Part-2.jpg)




දවසගානේ දෙමු අක්කේ..❤️
බොහෝම සතූතියි...ඇත්තමයි අක්කේ..
හෙටත් අනික දෙක දෙනකල් බලාගෙන ඉන්නවා❤️