හොඳයි ඔන්න ඊළඟ කොටස් දෙකත් අරන් ආවා. පහුගිය කොටස් මතක් කලොත්, අරීමා එක්ක වුන සටනෙන් පස්සෙ කනෙකි ඇහැරෙන්නෙ ටෝකාගෙ කෝපි සාප්පුවෙ. එයාට පරණ දේවල්, එතන දැක්කම මතක් වෙනවා. එතනින් පස්සෙ කනෙකි හදන්නෙ අරීමා කිව්ව විදියට දේවල් කරන්න. එයා එකැස් රජතුමා වෙනවා. කනෙකි වටේ ගූළයො වගේම කපෝතයොත් එකතු වෙනවා. ඔය අතරෙ…

හොඳයි ඔන්න ඊළඟ කොටස් දෙකත් අරන් ආවා. පහුගිය කොටස් මතක් කලොත්, අරීමා එක්ක වුන සටනෙන් පස්සෙ කනෙකි ඇහැරෙන්නෙ ටෝකාගෙ කෝපි සාප්පුවෙ. එයාට පරණ දේවල්, එතන දැක්කම මතක් වෙනවා. එතනින් පස්සෙ කනෙකි හදන්නෙ අරීමා කිව්ව විදියට දේවල් කරන්න. එයා එකැස් රජතුමා වෙනවා. කනෙකි වටේ ගූළයො වගේම කපෝතයොත් එකතු වෙනවා. ඔය අතරෙ දන්නවනෙ අකිරාට හොඳටම තුවාල වෙනවා කියලා. එයාවත් කනෙකිලා ඉන්න තැනට අරන් එනවා ටකිසවා. එතන ඉන්න අයට එයාව සනීප කරන්න ලැබෙන්නෙ නෑ. ඒත් අර ගෑණු පිරිමි නිකෝ ඇවිත් ගූලයන්ට උදව් කරන වෛද්‍ය වරයෙක් ගැන විස්තර දෙනවා. එයාලා විශ්ව විද්‍යාලයක ව්‍යාපෘතියක් කරන පිරිසක්. විශේෂය තමයි නිෂිකිගෙ පෙම්වතිය, කිමී ඒ කණ්ඩායමේ සාමාජිකාවක්. එයාලා අකිරව සනීප කරනවා. එතකොට අනික් පැත්තෙන් ආමොන් දැන් ගූලයෙක් කියලා දන්නවනෙ. කනෙකියි ආමොනුයි ගොඩක් වෙලා දේවල් කතා කරනවා. කනෙකි ආමොන්ට අකිරා එක්ක කතා කරන්න උදව් කරනවා. එතනින් පස්සෙ අකිරා ආමොන් සම්බන්ධෙ අළුත් වෙනවා. අකිරා කියන්නෙ ගූල් පරික්ෂකවරියක්. එයාගෙ තාත්තා ගොඩක් ප්‍රසිද්ධ සාහසික ලෙස ගූලයො මරන්න නමක් දරපු හිටපු පරික්ෂක කෙනෙක්. පළවෙනි සීසන් එකේදි හිනාමිගෙ පවුල මරලා දාන්නෙ එයා. මේ නිසා හිනාමියි ටෝකයි එකතු වෙලා අකිරාගෙ තාත්තව මරලා දානවා. ඒ නිසා මේ දෙගොල්ලො අතර තියෙන්නෙ වෛරයක්. ඒත් කතාබහ කළාට පස්සෙ ඒකත් නැතිවෙලා යනවා.
දේවල් ඔහොම හොඳින් වෙද්දි තමයි ෆුරුතා එයාගෙ නපුරු සැලැස්මවල් ක්‍රියාත්මක කරන්නෙ. ක්ලවුන්ලා එක්ක එකතු වෙලා මිනිස්සු අතේ බෝම්බ අටවලා ප්‍රසිද්ධ මිනිස්සු ඉන්න තැනකට එවනවා. ෆුරුතා කලේ එයාලව විනාශ කරන්න ගූල් පරික්ෂකයො යවපු එක. ගූල් පරික්ෂකයො ඒ ගූලයො නෙවෙයි මිනිස්සු කියලා දැනගත්තම ගූලයො ගැන ලොකු වෛරයක් එයාලගෙ හිතේ ඇති වෙනවනෙ. ඒක ප්‍රයෝජනේට අරන් ගූල් පරික්ෂකයන්ව පොළඹවනවා ගූලයන්ගෙ සමාජයම ටෝකියෝවෙන් තුරන් කරලා දාන්න. ෆුරුතගෙ දෙබිඩි හැසිරීම ගැන තවත් ඉස්සරහට දැනගන්න ලැබෙයි.

(වසර දෙකක කාලපරිච්ඡේදයෙන් පසුව ටෝකා මුල්වරට හයිසෙව මුණ ගැහෙන අවස්ථාවේ ඇගේ චිත්‍ර කථාවෙහි පෙනුම)
එතකොට අද කොටස ගැන මෙහෙම කියන්නම්.
කතාවෙ ලස්සනම, සොඳුරුම පරිච්ඡේදයන් දෙක…
කතාවේ භයානකම, අඳුරුම පරිච්ඡේදයන් දෙක…
ආදරණීය බැඳීම් හමුවේ ආදරණීයයන් රැකගනු පිණිස අඳුරට ඇදවැටෙන අපේ දුක්ඛිත වීරයාගෙ කතාව…
දුක්ඛාන්තයක් වේවිද.. සුඛාන්තයක් වීමට ඉඩක් තිබෙනවාද..?
මේ කොටසත් රසවිඳින්න. නැවත ඊළඟ කොටසින් මුණ ගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
3,454 downloadsDownload Tokyo-Ghoul-Re-Part-2-E19-E20.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
9 comments
Chanu mikhail
Ishan Madusha
බොහොම ස්තූතියි.ජය වේවා!
Gathsara Umesh
බොහෝම ස්තූතියි අක්කේ.....❤️
ලිපිය දැක්කම බලනකම් ඉවසිල්ලක් නැහැ....
හෙට හමුවෙමු..❤️Amalka Himeshan
Thanks navo sub ekata
Janasanka
බොහොම ස්තුතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pavith Wijesooriya
ගොඩාක් ස්තූතියි සබ් එකට.❤️
Anonymous
මේ බයිස්කෝප් වෙබ් සයිට් එකෙ මං දැකපු හොදම උපසිරැසකරු තමයි මේ.good luck
sithuka
මේ බයිස්කෝප් වෙබ් සයිට් එකෙ මං දැකපු හොදම උපසිරැසකරු තමයි මේ.good luck
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tokyo Ghoul: re Part 2 EP07 & 08 (19&20) (2018) Sinhala Subtitles | සංසාරයෙන් පතා ආ බැඳීම [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/Tokyo-Ghoul-re-Part-2.jpg)




බොහොම ස්තුතියි....