ඔන්න එහෙමනම් රැගෙන ආවා X FILES 06 වන කතා සමයේ දෙවැනි කොටසත් පුළුවන් ඉක්මනටම වාගේ ඔබ හමුවට. හරි එහෙමනම් දැන් පේන විදිහට සැළකිය යුතු පිරිසක් කතාවත් එක්කලා එකතුවෙලා ඉන්න පාටයි. හොදයි එහෙමනම් ඒ නිසාම වැඩි කතාබහක් නැතුව අද කතාවේ වෙන්නෙ මොකක්ද කියන එක ගැන ඉතාමත් කෙටියෙන් පැහැදිලි කිරීමක් කරලම ඉන්නම්කො. ඔ…

ඔන්න එහෙමනම් රැගෙන ආවා X FILES 06 වන කතා සමයේ දෙවැනි කොටසත් පුළුවන් ඉක්මනටම වාගේ ඔබ හමුවට. හරි එහෙමනම් දැන් පේන විදිහට සැළකිය යුතු පිරිසක් කතාවත් එක්කලා එකතුවෙලා ඉන්න පාටයි. හොදයි එහෙමනම් ඒ නිසාම වැඩි කතාබහක් නැතුව අද කතාවේ වෙන්නෙ මොකක්ද කියන එක ගැන ඉතාමත් කෙටියෙන් පැහැදිලි කිරීමක් කරලම ඉන්නම්කො.
ඔන්න එහෙමනම් අද මෝල්ඩර් සහ ස්කලී සාමාන්‍ය පරීක්ෂාවක් වෙනුවෙන් දුර බැහැරකට ගිහිල්ලා ඉන්දැද්දී ටීවී එකෙන් දැකගන්නට ලැබෙනවා මනුස්සයෙක් තමන්ගේ බිරියවත් වාහනේට දාගෙන මොනම හේතුවක් නිසාවත් වාහනේ නවත්තන්නේ නැතුවම එකම දිසාවකට ගමන් කරන සිදුවීමක්. කෙසේ වෙතත් පොලිසිය සෑහෙන්න වෙහෙසක් දැරීමෙන් පසුව සිය මාර්ග බාධකවල පිහිටෙන් එයාලාව නතර කරගන්න සමත් වෙනවා. කොහොමහරි මෙතැනදී මේ ගෑනු කෙනා අසාමාන්‍ය ආකාරයට ඔළුව පිපිරී ගොස් මිය යනවා. දන්නවනේ ඉතින් මෝල්ඩර් ගැන, ඕක දැක්ක ගමන් මනුස්සයා හිතන්නෙම මේකත් එක්ස් ෆයිල්ස් ඝනයේ සිදුවීමක් කියලා. ඉතින් බලෙන්ම වාගේ ස්කලීවත් ඇදගෙන ඒ ගැන හොයලා බලන්නට යනවා.
ස්කලී මුලින්ම මෝල්ඩර් එක්කලා යන්නේ අකමැත්තෙන් උනත් පස්සේ ස්කලීටත් තේරුම් යනවා මෝල්ඩර් කියපු කතාවේ යම්කිසි සත්‍යයක් තිබෙන බව. ඒ මියගිය තැනැත්තියගේ මළසිරුර පරීක්‍ෂා කිරීමෙන් අනතුරුවයි. මළ සිරුර පරීක්‍ෂා කිරීමේදී පෙනී යන්නෙ කණ අභ්‍යන්තරයේ හටගත් යම් ගෙඩියක් වැනි දෙයක් පුපුරා යාම නිසා මරණය සිදු වූ බවයි. මේක අසාමාන්‍ය දෙයක් නිසාත් ඒ ලෙඩේම ඇයගේ සැමියාටත් හටගෙන ඇති නිසාත් ස්කලීගේ නිගමනය වෙන්නෙ මේ යම්කිසි බෝවෙන රෝගයක් බවයි.
හැබැයි මේ ලෙඩේ තියෙන අසාමාන්යම වැඩේ කියන්නෙ යම්කිසි දිශාවකට වේගයෙන් ගමන් කරන විට ලෙඩේ අමාරුව අඩුවෙලා යනවා. ලෙඩ වෙලා ඉන්න පුද්ගලයා ඒ ගමන යන්නේ මෝල්ඩර්වත් අරගෙන. මුලින්ම මෝල්ඩර්ව පැහැරගෙන ගියා උනත් පස්සේ වෙලා තියෙන සිදුවීම තේරුම්ගැනීමත් සමග මෝල්ඩර් ඒ පුද්ගලයාට උදව් කරනවා පොලිසිය මග හරිමින් එකම දිශාවකට නොනවත්වා වේගයෙන් ගමන් කිරීමට. ඉතින් මේ අසාමාන්‍ය ව්‍යාධිය කුමක් වෙන්න ඇත්ද? ඒ ගැන මෝල්ඩර් සහ ස්කලීට හොයාගන්න ලැබෙයිද කියලා ඔයාලා බලලම දැනගන්න.
හොදයි එහෙමනම් තුන්වන කොටසින් යළි හමුවීමේ අපේක්‍ෂා පෙරදැරිව මා එහෙනම් මෙතෙකින් සමුගන්නවා. එතෙක් ඔබ සැමට ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
4,292 downloadsDownload The.X-Files.S06.E02.Baiscopelk.com_.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
20 comments
Shamika3434
ravin89
bray එක නම් අව්ලක් නෑ
madhu bhagya
Tnz sub ekt good job
Navanjanaishan
Thanks a lot!
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Madushanka
Thanks bro
denidu
Thank You
Lakshan7
amme loku deyak sinhala subtitles ewana eka.............season 9ma ewanna saho..........
ravin89
බොහොම ස්තුතියි සහෝදරයා. ඔක්කොටම සබ් දාලා පටන්ගත්ත වැඩේ හොදින් ඉවරයක් කරන්න ශක්තිය , වාසනාව ලැබේවා. ඔබට පින්.
frenzy
thank you mcn ekadigtaha sub diyan iwara wenkanama wade lassnatah krgena ynwa great work mcn
Pramukmili
thanxxx bro..........
Malinda
Thanks bro sub ekata
podda
supiriiiii
ravin rishmantha
ammo thanx bokka adarie
hashitha54
Thankz Thankz Thankz....!
suranuwan
thanks bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sidath_vimu
Thanks Bro
Jello
Thanks for subtitle.Good luck
Duwindu Tharinda
you are spoiling the story too much on your description.
Advertisement



නියමයි. මම නම් බලන්නෙ sub synchronize කරගෙන. අව්ලක් නෑ.. Thank you..!