Watch Trailer

Tom Clancy’s Jack Ryan [S02 : E04] Sinhala Subtitles | බාධක මැද්දෙ ලන්ඩනයට. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් අද කොටසට කලින් වෙන්න ඕන හොදම සිදුවීම් ටික සිද්දවුනේ තුන්වෙනි කොටසින්. මං හිතන්නේ ඔයාලත් ඒ කතාවට එකගයි කියලා. මාකස්ට පැවරුණු නීත්‍යානුකූල නොවන මෙහෙයුමට එකතු වීමත් එක්ක ජැක් රයන් හා ජිම් ග්‍රියර් ඇතුළු ටීම් එකේ අනික් අයත් එක්ක පුඒ(ර්)ටෝ මැරිපානා කැලෑවට රිංගුවා මොකක්ද ඇත්තටම වෙන්නේ කියල…

පසුගිය කොටසින්

අද කොටසට කලින් වෙන්න ඕන හොදම සිදුවීම් ටික සිද්දවුනේ තුන්වෙනි කොටසින්. මං හිතන්නේ ඔයාලත් ඒ කතාවට එකගයි කියලා. මාකස්ට පැවරුණු නීත්‍යානුකූල නොවන මෙහෙයුමට එකතු වීමත් එක්ක ජැක් රයන් හා ජිම් ග්‍රියර් ඇතුළු ටීම් එකේ අනික් අයත් එක්ක පුඒ(ර්)ටෝ මැරිපානා කැලෑවට රිංගුවා මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා හොයන්න. එයාලට ඇත්තටම ඕන වුනේ කන්ටේනර් පෙට්ටි පරීක්ෂාවක් කරන්න විතරයි. ඒත් ඉතින් ජැක් රයන්ගෙ වැඩ නිසා මේ අයගේ මෙහෙයුම පොඩ්ඩක් විතර ගැස්සුනා. මේ නිසාම සිදුවීම් කිහිපයක්ම නිසා මාකස් අර කැලෑව අස්සෙ හිර වුණා. හැබැයි රයන්ට හැකියාවක් ලැබුනා දෙවෙනි පෙට්ටියෙ තිබිලා ආයුධ හොයාගන්න.

මේ අතරේ රෙයෙස් ජනාධිපති සැහෙන තරහින් ඉන්නේ. මොකද ග්ලෝරියාගෙ ජනතාව ගැන හොරෙන් ඔත්තු බලපු මැටේයෝ බාස්ටෝස් හැමදෙයක් ගැනම විස්තර කිව්වනේ. මේ ගැන රෙයෙස් ඌබාරීගෙන් පවා ඇහුවම එයාට කියාගන්න දෙයක් ඇත්තෙම නැති වුණා. රෙයෙස් වගේ දෙපිටිකාට්ටු මනුස්සයෙක් අතේ සෑහෙන ලොකු බලයක් තියෙන නිසා ග්ලෝරියා ඇතුළු එයාගෙ පවුලේ අයත් කරදරේ වැටෙන්න තියෙන ඉඩකඩ හුගක් වැඩියි.

අද කොටසින්

කැලෑවට රිංගලා සිද්දවෙච්ච දේවල් නිසා මේ වෙද්දී ඒ හැමදේම ධවල මන්දිරයට ආරංචි වෙලා දොස් නගන්න පටන් අරන් තියෙන්නේ. ජැක් රයන් සුපුරුදු පරිදි මේ දේවල් පස්සෙ ඉන්න අය හොයාගෙන යන වැඩේ කරන් ගියත් ඒක අවසන් වෙනවා. මොකද කැරාකස් ස්ටේෂන් එකේ ප්‍රධානියාට සිද්දවෙනවා රයන්ව ආපහු D.C. වලට යවන්න තීරණය කරනවා. ඒත් ඉතින් රයන් කියන්නේ එහෙම ලේසියෙන් වැඩක් අත ඇරලා දාන මනුස්සයෙක් කියලා දන්නවා ඇතිනේ. බලන්නකෝ එයා මොකද කරන්නේ කියලා.

ඊළග කොටස තවත් කෙනෙක් අරගෙන ඒවි. මං ගිහින් එන්නම්. ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,522 downloadsDownload Tom-Clancys-Jack-Ryan-S02-E04.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

9,522 downloadsDownload Subtitles45 KB

29 comments

  1. Thilan Durage

    Thank you very much....

  2. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි.

  3. Cavil

    Thanks for the Sub.
    Jaya Wewa

  4. Bobby

    THANK YOU VERY MUCH CHAMARA

  5. krish kd

    ado ra 1 tath awith baluwa sub eka dalada kiyala..addicted ...thankx aa sub eka denawata...

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  7. ChamalKanishka

    Thnx bro sub ekata

  8. Kanchana

    Thanx daho

  9. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම ගේමු...

  10. Ayesh Prashan

    Thank You

  11. Lucky Dhananjaya

    Harena sunanguwata 4th deela....thank u wewa....!!!

  12. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata ...

  13. suranuwan

    thanks bro..

  14. Suranjan

    Thanks machan.....jayawewa.....!

  15. harris

    Thnks bro sub ekata

  16. kodagoda

    tnx sahoo sabata

  17. dush135

    ela

  18. subodha

    Thanks

  19. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  20. Kapila4499

    thanks

  21. sahancharuka

    thank you

  22. MAALnath

    Thanks ..............good luck ............................

  23. suchroxx

    Thanks Bro

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. melinda

    thank you

  26. Sajithlakshan

    thanks ................

  27. Tharindu07

    Thanks Machooo....!!! Patta...!!!

  28. Rumesh Asanka

    thank you

  29. sahangayantha

    thanks a lot sub ekata