DEEP FAKE පොටෝග්‍රැපි ගැන අහලා තියෙනවද? දැකලා තියෙනවද? අනිවාර්‍යයෙන් ඔබ ඒ පිළිබදව දැනුවත්. DEEP FAKE පොටෝග්‍රපි කියන්නෙ යම් කිසි පුද්ගලයෙක්ගෙ මූණක් ගෙන එය කෘතීම බුද්ධියක ආධාරයෙන් වෙනත් පුද්ගලයෙකුගෙ ශරීරයට සවි කරන එක. අනිවාර්‍යයෙන් ඔබ අන්තර්ජාලයේ සැරි සරන්නෙක්නම් මේ ආකාරයට නිපදවූ අසභ්‍ය වීඩියෝ පට දැ…

DEEP FAKE පොටෝග්‍රැපි ගැන අහලා තියෙනවද? දැකලා තියෙනවද? අනිවාර්‍යයෙන් ඔබ ඒ පිළිබදව දැනුවත්. DEEP FAKE පොටෝග්‍රපි කියන්නෙ යම් කිසි පුද්ගලයෙක්ගෙ මූණක් ගෙන එය කෘතීම බුද්ධියක ආධාරයෙන් වෙනත් පුද්ගලයෙකුගෙ ශරීරයට සවි කරන එක. අනිවාර්‍යයෙන් ඔබ අන්තර්ජාලයේ සැරි සරන්නෙක්නම් මේ ආකාරයට නිපදවූ අසභ්‍ය වීඩියෝ පට දැක ඇතුවාට කිසිදු සැකයක් නෑ. ඉතින් මේ වගේ දේවල් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ පුද්ගලයන් ඉලක්ක කරගෙන සිදුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. මෙම කතාමාලාව නිපදව ඇත්තෙ DEEP FAKE කියන සංකල්පය පදනම්වයි.
ෂෝන් එම්රි. ඔහු හමුදා සෙබළෙක්. තම රට වෙනුවෙන් කැපවී සේවය කළ අයෙක්. නමුත් ඔහුට උරුම වුයේ නොකළ වරදකට සිරගත වෙන්න. යටත් වූ තලේබාන් ත්‍රස්ත සිරකරුවෙක් මරා දැමූ වරදට නිර්දය ලෙස ඔහුව තම රට විසින්ම සිරගත කරනවා. මාස හයක කාලයක්, සියළු චෝදනා උසුලමින් නොකළ වරදකට ඔහු සිරගතව සිටියා. නමුත් මාස හය අවසානයේ අභියාචනයක් මගින් සිය නිර්දෝෂිභාවය සනාථ කරන ෂෝන් එම්රි සිර අඩස්සියෙන් එළියට එන්නේ නිදහස් මනුස්සයෙක් විදිහට. බලාපොරොත්තු පොදි බැදගෙන. තම ආදරණීය කුඩා දියණිය සමග කාලය ගත කරන අපේක්‍ෂාවෙන්. මාස හයකින් යළි නිදහස් මිනිසෙක් ලෙස නිදහස භුක්ති විදිනා අපේක්ෂාවෙන් උන් ඔහුට සිදු වන්නෙ සිහිනයකින්වත් නොසිතූ දෙයක්. තම නිර්දෝෂීභාවය සනාථ කර නිදහසේ සුවය විදිමින් සිටි ඔහුට යළි පැය 24ක් ගත වන්නටත් මත්තෙන් හිරකුඩුවක කම්බි ගනින්න වෙනවා. ඒ කාන්තාවකට පහරදී ඇයව පැහැරගෙන යාමේ චෝදනා යටතේ. එයත් යළි ඔහු නොකළ වරදකට. ඉතින් මේ එවන් දෛවයේ සරදමකට ගොදුරු වූ සෙබළෙකුගේ කතාවක්!
ඉතින් ඉහතින් සදහන් කළාක් වගේ ෂෝන් එම්රි කියන සෙබළාව ඔහු නොකළ වරදකට හසු වෙනවා. නමුත් සාක්‍ෂිවලින් එනම් CCTV දර්ශනවලින් පෙන්නුම් කරන්නෙ වෙනත් යමක්. ඉතින් ෂෝන් පෙරදිත් මනුෂ්‍ය ඝාතන නඩුවක විත්තිකරුවෙක් වෙලා සිටි නිසාත් මෙම සාක්‍ෂි නිසාත් පොලිසිය විශ්වාස කරන්නත් ෂෝන් අදාළ පැහැරගැනීම සිද්ධ කළාය කියලා. නමුත් ෂෝන්ට විරුද්ධව ඇති එකම සාක්ෂිය අදාල CCTV වීඩියෝ පටය පමණයි. ඉතින් මේ වීඩියෝ පටය ඔස්සෙ පරීක්‍ෂක කේරි විමර්ශන කරගෙන යන අතරතුර බ්‍රිතාන්‍ය ආරක්‍ෂක සේවය, ඒ කියන්නෙ MI5වලින් ඇවිල්ලා අදාල වීඩියෝව සංශෝධනය කිරීමත් සමගම පොලිසියට ෂෝන්ට විරුද්ධව තිබු එකම සාක්ෂියත් අහිමි වීම නිසා ෂෝන්ව නිදහස් කරන්නට සිද්ධ වෙනවා. ඉතින් ෂෝන්ගේ සිද්ධියට ආරක්‍ෂක සේවය සම්බන්ධ වෙන්නෙ ඇයි කියන ගැටලුව ගැන හොය හොයා ඉන්න අතරේ තමයි අදාළ වීඩියෝපටය පොලීසියේ අයෙක් විසින්ම අන්තර්ජාලයට නිකුත් කරන්නෙ. ඉතින් ඒ සමගින් විමර්ශනය යළි ආරම්භ වන අතර මේ පසුපස ඇති අදිසි බලවේගයන්ද ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ සිද්ධියට ප්‍රබල රාජ්‍ය ආයතන මෙන්ම CIA සංවිධානයේ පවා අවධානය යොමු වෙනවා.
කතාව බලාගෙන යන කොට කට්ටියට තේරෙයි මොකක්ද වෙන්නෙ කියලා. ඒ වගේම DEEP FAKE ගැන නොදන්න අයට ඒ ගැන හොද අවබෝධයකුත් ලැබේවි.
BBC නාළිකාව තුළින් 2019 සැප්තැම්බර් 03 වැනි දින විකාශය ආරම්භ කොට 2019 ඔක්තෝම්බර් 08වැනි දින විකාශය අවසන් කළ කොටස් 6කින් සමන්විත IMDB දර්ශකයේ 8.1ක ඉහළ අගයක් කුණු තක්කාලි දර්ශකයේ 100%ක අගයක් ලබාගනිමින් ඉහළ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලබාගත් Crime film, Mystery, Conspiracy fiction යන කාණ්ඩවලට ඇතුළත් කතාවක් තමයි ඔන්න ගෙනාවේ. එසේම මෙහි රංගනයෙන් දායක වෙන පිරිස ගැන සදහන් කළොත් ටෙලිනාට්‍ය මෙන්ම චිත්‍රපට මගින් බොහෝ දෙනෙක් දන්නා හදුනන පිරිසක් තමයි රංගන දායකත්වය සපයන්නෙ.
ප්‍රධාන චරිතය වන ෂෝන් එම්රිගේ චරිතය සදහා Callum Turner රංගන දායකත්වය සපයනවා. ඔහු Fantastic Beasts: The Crimes of Grindelwald, Assassin’s Creed, Victor Frankenstein, Green Room වැනි සිනමාපටවලට දායකත්වය සපයා තිබෙනවා. සෙසු චරිත වන හැනා රොබර්ට්ස්ගේ චරිතයට Da Vinci’s Demonsහි ලුක්‍රේශීයාගේ චරිතයට පන දුන් Laura Haddock රංගන දායකත්වය සපයනවා. පරීක්ෂක රේචල් කේරිගේ චරිතය Cinderella (2015), The Finest Hours, Tulip Fever වැනි සිනමාපටවල රග පෑ Holliday Grainger විසින් රග දක්වනවා. එසේම HELLBOY, Hellboy II: The Golden Army, Pacific Rim, Blade 2 වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටි ගණනාවකම රගපෑ Ron Perlman මෙන්ම X men චිත්‍රපට මාලාවේ Jean Grey චරිතයට පණ පෙවූ Famke Janssen ද මෙහි රංගනයට දායක වෙනවා.

Callum Turner සහ Holliday Grainger

Ron Perlman/Famke Janssen/Laura Haddock
ලිපියනම් සමහරවිට ටිකක් අවුල් වගේ ඇති, මොකද කතාවේ ගොඩක් දේවල් සිද්ධ උනත් ඒ සේරම කියන්න බැරි නිසා. එහෙම කළොත් කතාවේ තියෙන කුතුහලය සම්පූර්නම නැතිවෙලා යනවා. ඉතින් කාටහරි සැකයක් තියෙනවනම් ට්‍රේලර්යක් නරඹලාම මේක බාගන්න. හැබැයි කොටස් හයකින් සමන්විත මේ කතාමාලාව බැලුවට ඔබේ කාලය අපතේ නොයන බවනම් වගකීමෙන් යුතුව කියනවා.☺
ඉතින් මේ පිරිසගේ රංගනයෙන් හැඩවුනු නිමේෂයෙන් නිමේෂය සිදුවන්නේ කුමක්දැයි පෙර නිගමනයකට එළඹීමට නොහැකි වන සේ නිපදවා ඇති ත්‍රාසය, කුතුහලය පිරි THE CAPTURE කතාමාලාව නරඹන්නයැයි ඔබ සැමට ආරාධනා කරනවා!
ඔබ සැමට ජයෙන් ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,397 downloadsDownload The-Capture-2019-S01-E01.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
19 comments
Prabodha Madhusankha Hettiarachchi
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :
ඉතුරු episode 5ටත් ඉක්මනට සබ් එක ගේමු ;)
ජය වේවා.!Prabhasoft
thank you...!!! hoda set ekak inne...balamu.. Gd lk Bro....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...Achi
දිගටම ගැම්මට සබ් දෙමු ඔන්න පලවෙනි එක ගත්ත ආදරේයි
dsdkavishka
Thenks for sub
Asanjana_Lahiru
tnq saho jayawewa
Dimuthu Nisansala
Kalekin balapu supiri story yak. 2 weni kotasath ikmanata denna.Thank you.
harris
Thnks saho...jayawewa
Achi
දෙවෙනි එක බලනකම් ඉවසුමක් නැ බන්..ඉක්මනට දාන්න
sam1973
thank you
kodagoda
tnx sahoo supiriyak genawata
pradeep kumara premathilaka
ස්තූතියි සහෝ
suranuwan
thanks......
Lahiru Kekulandara
උපැසිරසට ස්තූති.
ජය වේවා!melinda
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Godak sthuthi sahooo ..