නෙට්ෆ්ලික්ස් වෙතින් මුදාහැරිය අලුත්ම ඉන්දියන් කතාමාලාව Tooth Pari එක්කයි ඔයාලා මේ එකතු වෙල ඉන්නේ. අපි වෙනදට දකින ඉන්දියන් කතාමාලා වලට වඩා ගොඩක් වෙනස් සංකල්පයකින් තමා Tooth Pari නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනස් කතාමාලාව වෙනුවෙන් ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.2ක අගයක් ලැබිලා තියෙනවා. කොටස් 8කින් ස…

නෙට්ෆ්ලික්ස් වෙතින් මුදාහැරිය අලුත්ම ඉන්දියන් කතාමාලාව Tooth Pari එක්කයි ඔයාලා මේ එකතු වෙල ඉන්නේ. අපි වෙනදට දකින ඉන්දියන් කතාමාලා වලට වඩා ගොඩක් වෙනස් සංකල්පයකින් තමා Tooth Pari නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනස් කතාමාලාව වෙනුවෙන් ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.2ක අගයක් ලැබිලා තියෙනවා. කොටස් 8කින් සමන්විත මේ පලමු කතාසමයේ දැන් අපි එකතු වෙලා ඉන්නේ 4වෙනි කොටසත් එක්කයි. කලින් කොටස මතක් කරගෙන ඉමු.
පල්ලෙහා ලෝකෙට උඩහින් තෑග්ගක් ඇවිත් තිබ්බා. දවස ගානේ ගේන ලේ බෝතල් වලට වහලා ඒ තිබ්බේ ලූනා දඩයම් කරපු ශ්‍රීලාගේ ඔලුව. ඔලුව දැක්කම රූමිට දැනුනු දුක දරාගන්න බැරිවුණා. තමන් නිසා තමන්ගේ යෙහෙළිය මැරුම් කාපු බව ඇය පුන පුනාම කිව්වේ. මේවා රූමි කතා වුණේ ඩේවිඩ් සහ මීරා එක්ක විතරමයි. එයාලාගේ සැකය කෙලින්ම යොමු වුණේ රෝයි දිහාටයි. එයාලා කෙලින්ම කිව්වේ ඩොක් රෝයි කියන්නේ කට්මුන්ඩු අයගෙන් කෙනෙක් කියලමයි. ඒත් එයාලගේ සැකය නැති කරන්න රූමි කටයුතු කළේ එදා රෑ රෝයි හිටියේ තමන් එක්කය කියලා කියන ගමන්. ඉතින් පහලින් උඩහට යන එක ඕරා තහනම් කරා මතක ඇති. ඒත් රූමිගේ හිතේ ඔඩු දිව්වේ පළිගැනීමේ චේතනාව විතරමයි. තමන්ගේ යාළුවාට මේ දේ කරපු ලූනාගෙන් පලිය ගන්න ඕන නිසා තමන්ට උඩහට යන්න ඕන කියලමයි ඩේවිඩ් සහ මීරා එක්ක රූමි කිව්වේ. එයාලත් ඒකට උදව් කරන්න කැමති වෙන්නේ ඒ කාලේ තිබ්බ වෛරයක් පිරිමහගන්න හිතාගෙනමයි.
ශ්‍රීලාගේ ඔලුව පල්ලෙහා ලෝකෙට ආවට කවන්දය තිබ්බේ උඩහ ලෝකේ. ඒ මළසිරුර උඩහ ලෝකෙම මේ වෙද්දි කළඹලයි තිබ්බේ. ඒ ගැන හොයන්න බාරවෙන්නෙත් කාර්තික්ට.ශ්‍රීලාගේ මළසිරුරේ ඒ වෙද්දි ගන්න දෙයක් තිබ්බේ නැහැ. හොඳටම පිච්චිලා තිබ්බේ. ඇසින් දුටු කෙනෙක් කිව්වේ ඒ මළමිනිය ඉබේම පිච්චෙන්න ගත්තා කියලයි. ඔය අතර ශ්‍රීලාගේ ඔලුව පල්ලෙහා ලෝකෙට ආවේ කොහොමද කියන ප්‍රශ්නෙත් විසඳෙන්න ඇති ලූනාගේ සහ ඒඩිගේ කතාබහ දැක්කම. ඒඩි බොහොම පරිස්සම් වෙනවා තමන්ගේ වැම්පයර් කණ්ඩායම බේරගන්න. ලූනා ඒඩීගෙන් සමුගත්තී කාරුණික තර්ජනයකුත් එක්කමයි. හැබෑටම මනුස්සයෙක් වෙච්ච ඒඩී මොකද වැම්පයර්ලව මෙහෙම ආරක්ෂා කරන්නේ, නඩත්තු කරන්නේ කියන ප්‍රශ්නෙත් දැන් ඔයාලට ඇති. බලාගෙන යමු. ඉස්සරහට උත්තර හම්බෙයි.
කාර්තික් ශ්‍රීලාගේ සිරුර ගැන මරණ පරීක්ෂකගෙන් අසාමාන්‍ය තොරතුරු වගයක් දැනගන්නවා. තමන්ගේ තාත්තා කියපු කතන්දර එක්ක කාර්තික් ආයේ අතරමං වෙන්න ගන්නවා. ඒ වගේම බාද්ෂාහ්ගේ සිද්ධියත් මේකට පෝර දාන්න ගන්නවා. ඒ කියන්නේ වැම්පයර්ලා ඇත්තටම ඉන්නවා කියන එකද? ඔය අතර රූමි කාටත් හොරා ආපහු උඩහට එනවා. එයා කෙලින්ම යන්නේ මිනීමැරුම වෙච්ච රෝයිගේ ක්ලිනික් එකට. සීසීටීවී දර්ශන බලපු එයා ලූනා වගේම එයාගේ සහයකයාවත් දකිනවා. රෝයිගේ බලවත් විරුද්ධතාවය මැද රූමි පොලිසියට ගිහින් මේ ගැන පැමිණිල්ලක් දානවා, ක්ලිනික් එකට දෙන්නෙක් හොරෙන් කඩාගෙන ඇවිල්ලය කියලා. වෙන දේවල් ගැන පැමිණිලි කරන්නත් බැහැනේ. මොකෝ ශ්‍රීලා ගැන කියන්නයැ? මේමේ පැමිණිල්ලත් බාර වෙන්නේ කාර්තික්ට. මොකද වැඩක් නෑ වගේ පේන හැම පැමිණිල්ලම කාර්තික්ට යොමු කරන්න තමා පොලිසියේ හැමෝම කටයුතු කළේ. කාර්තික්වත් එයාගේ තාත්තා වගේම පිස්සෙක්, නිකමෙක් ගානටයි මුළු පොලිසියම ගණන් ගත්තේ.
මේ අතර රූමිගේ අසම්පූර්ණ දඩයම බාද්ෂාහ් එක එක අමුතු ගතිගුණ පෙන්නන්න ගත්තා. මිනිහට අව්ව අරහං වුණා. අව්වට හම පිච්චෙන්න ගත්තා. කෑමක් බීමක් ගන්න හිතක් තිබ්බෙම නෑ. අමාරුව වැඩිම තැන මිනිහා රෝහල්ගත වෙනවා. රෑ බෝ වෙද්දි රෝහලේ සිද්ධ වුණේ හිතාගන්න බැරි දෙයක්.
දැන් එතන ඉඳන්…

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
642 downloadsDownload Tooth.pari_.when_.love_.bites_.S01E04.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
- #Adil Hussain
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Revathi
- #Sikandar Kher
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sushmita Sen
- #Tanya Maniktala
- #Tillotama Shome
- #Tooth Pari S01 Sinhala subtitles
- #Tooth Pari Season 1 Sinhala sub
- #Tooth Pari Sinhala sub
- #Tooth Pari Sinhala subtitles
- #Tooth Pari: When Love Bites Sinhala sub
- #Tooth Pari: When Love Bites Sinhala subtitles
- #Vikas Kumar
- #Zach Gilford
- #උපසිරැසි
- #දහරා මුතුඅමා
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Buddhika Lakmal (laKMal)
Thilina
thanks akke
Hashen
Love & Death Series ekata sub karanna berida
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tooth Pari: When Love Bites [S01 : E04] Sinhala Subtitles | මගේ වැම්පයර් පෙම්වතී…!! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/05/Tooth-Paari-2023-Cover-021969.jpg)

♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥