ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”True Detective” කතාමාලාවේ දෙවැනි කොටසයි. ලොකු ෆෑන් බේස් එකක් නැති කතාවක් වුණත් කතාව බලන කට්ටිය එක්කාහු කරගෙන මේ කතා සමය ඉවරයක් කළා. ඉතුරු කොටස් ටිකත් හැකි ඉක්මණින්ම වගේ ඔබ වෙත ලැබෙයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ හැමෝම හිතාගෙන හිටියෙ පර්සෙල…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”True Detective” කතාමාලාවේ දෙවැනි කොටසයි. ලොකු ෆෑන් බේස් එකක් නැති කතාවක් වුණත් කතාව බලන කට්ටිය එක්කාහු කරගෙන මේ කතා සමය ඉවරයක් කළා. ඉතුරු කොටස් ටිකත් හැකි ඉක්මණින්ම වගේ ඔබ වෙත ලැබෙයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
කලින් කොටසෙදී දකින්න ඇතිනෙ හැමෝම හිතාගෙන හිටියෙ පර්සෙල් ළමයි ටික පැහැරගෙන ගිහිං කියලා. නමුත් අන්තිමේදී අපි දකින්නෙ හරිම ඛේදවාචික සිදුවීමක්. ඒ විල් මැරිලා ඉන්නවා. ඒවගේම කලින් කතා සම වල වගේ මේ පාරත් එක්තරා සළකුණක් පාවිච්චි කරල තියෙනවා. ඒ තමයි බෝනික්කා සහ විල්ගෙ අත තිබුණු විදිය. කොහොමහරි මරණ පරීක්ෂණයෙන් හෙළි වෙන්නෙ මෙයාගෙ කශේරුකාව බිදීමක් සහ ඔලුව වැදුණා කියලා. ඒවගේම එයාව වෙන තැනක මරල දාලා ඒ ගුහාවට ගෙනත් දැම්මා කියලා. කොහොමහරි විමර්ශකවරු මේ ගැන සොයන එක නවත්තන්නෙ නැහැ. මුළු ටවුමම මේ සිදුවීම නිසා කලබල වෙනවා. ඉතිං කොහොමහරි මුල්ම කට උත්තර ලබාගැනීම සිදු කරන්නෙ කුණු එකතු කරන්න යන මිනිහෙක්ගෙන්. ඔයාලා පළවෙනි කොටසේදී එයාව දකින්න ඇති. ඉතිං මේකෙන් වෙන්නෙ මොහුට කට්ටිය තවත් වෛර කරන එක. හැමෝම දන්නවනෙ තමන්ගෙ ජාතියෙ කෙනෙක් නොවුණාම වෙන දේවල්. ඉතින් ඒක එයාගෙ ජීවිතයට ලොකු තර්ජනයක්. කොහොමහරි මෙයාලට හෝඩුවාවක් ලැබෙනවා. ඒ තමයි හැලොවින් රාත්‍රිය. ජූලි සහ විල් අන්තිමට ගත කරපු. එතැනදී තමයි මෙයාලාට බෝනික්කා ලැබිල තියෙන්නෙ. ඉතින් මෙයාලට මේකෙන් යම් දෙයක් හොයාගන්න පුළුවන් වෙයිද? එහෙනම් බලන්නකො.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,167 downloadsDownload True-Detective-S03-E02.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
14 comments
Supun harshika
Supun harshika
Niyamai sahoo.meka supiriyak.ikmnata ithuru tikath diyan sahoo obata jaya
ප්‍රතිභා
ස්තුතියි රවිඳු අයියේ මං කරපු ඉල්ලීම ඉෂ්ට කරාට.
දාහක් වැඩ තියාගෙනත්, මං ඉල්ලපු නිසාම ඔයා මේක කරා කියලා මං දන්නවා.
ගොඩක් අය බලන සීරීස් අයින් කරලා මේක මුලින්ම කරලා දුන්නට අයියට පින්.Hashan M. Priyadarshana
බොහොම ස්තූතියි බ්‍රෝ සබ් එකට :)
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....pasindu
sabata thanks brother
McMillanStyles
Thanks for subs
kasun@rko
Elama sahooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
akalankagayan
Thnx .....
Akila
cupiri
Anonymous
Thanks
Mano
Godak sthuthi.Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Balan hitapu supiriyak.pin ban ubata.ithuru tikath ikmanata diyan machan.ubata Jaya.