ඔන්න එහෙනම් පස් වෙනි කොටසත් අරන් ආවා. කලින් කොටස කෙටියෙන් මතක් කරනවා නම් ඇම්බර්, මරී දූෂණය වුන විදියටම දූෂණය වුන ලේරිඩ් කියන කෙනාව හොයාගෙන ගියා ග්‍රේස් සහ කැරන් දෙන්නා. ඒක දැක්කාම අපිට හොඳටම තේරෙනවා මේ කාම විකෘතිකයට වයස කියන දේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා. ඒ වගේම මේ දූෂණ රැල්ල විසඳන්න FBI එකේ උදව් ගන්න…

ඔන්න එහෙනම් පස් වෙනි කොටසත් අරන් ආවා. කලින් කොටස කෙටියෙන් මතක් කරනවා නම් ඇම්බර්, මරී දූෂණය වුන විදියටම දූෂණය වුන ලේරිඩ් කියන කෙනාව හොයාගෙන ගියා ග්‍රේස් සහ කැරන් දෙන්නා. ඒක දැක්කාම අපිට හොඳටම තේරෙනවා මේ කාම විකෘතිකයට වයස කියන දේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා. ඒ වගේම මේ දූෂණ රැල්ල විසඳන්න FBI එකේ උදව් ගන්න හිතාගෙන කැරන් සහ ග්‍රෙස් දෙන්නා ගිහින් ඒජන්ට් බිලී ටැගර්ට්ව මුණ ගැහුනා. ඒ බිලී ටැගර්ට් කියන චරිතයෙන් පෙන්වන්නේ ඇත්තම මරීගේ කතාවේ FBI විශේෂ නියෝජිත ජොනී ගෘසින්ග් (Jonny Grusing) කියන නිලධාරියව. කාර්යාලයන් දෙකක් අතර ප්‍රශ්නයක් හින්දා ලියුම ලැබුනේ නැති හින්දා බොරු පැමිණිල්ලේ චෝදනාවට අදාළ නඩු විභාගයට පෙනී ඉන්න මරීට බැරි වුනා. බලන් ගියාම එහෙත් මෙහේ වගේනේ. රාජ්‍ය ආයතන හර සම්බන්ධීකරණයක් නැතුව පිස්සු කෙළිනවා. හරියට අර ලංකාවේ පාරක එක දවසක් තාර දැම්මොත් ඊට පහුවදා වෝටර් බෝඩ් එකෙන් ඇවිල්ලා පාර හාරගෙන හාරගෙන යනවා වගේ. කොහොමහරි ඒ අක්‍රමිකතාව හින්දත් අසරණ වුනේ දැනටම හොඳටම අසරණ වෙලා ඉන්න මරී.
එතනදී මිස්ට. හියුස් මරීගේ උදව්වට ආවා. එයා හදන්නේ අභියාචනයක් හරි කරලා මරීට ලැබෙන දඬුවම අඩු කරගන්න හරි ට්‍රයි එකක් දෙන්න. කැරන් ඇතුළු කණ්ඩායම එක එක ක්‍රම වලින් අපරාධකාරයව කොටු කරගන්න උත්සහා කරන අතරේ ස්කොට් පැරිෂ් කියලා කෙනෙක්ගේ පැත්තට කැරන්ගේ සැකේ හැරුණත් එයත් නියම අපරාධකාරයා නෙමෙයි කියලා හෙළි වුනා. ඒ වගේම මරී, ඇම්බර්, ලේරිඩ් දූෂණය වුන විදිහටම තවත් පාසල් ගුරුවරියක් දූෂණය වුනා.
ඒක දැකලා මරීගෙන් ඇහුවත් ඔයා කලින් කිව්වේ ඇත්තක්මද කියලා මරී කියනවා නෑ මම කිව්වේ බොරු කියලා. සාධාරණයි ඉතිං තමන් දූෂණය වුනා කියලා අආපහු සැරයක් විසි තිස් දෙනෙක් එක්ක දූෂණය වුන විදිහ විස්තර කරන්න එයා කැමති වෙන්නෙ නැති එක. අනික හියුස් කිව්ව දේත් එක්ක මරී බය වෙලා ඉන්නේ එයාට හිරේ යන්න වෙයි කියලා. මේ අපරාධකාරයාගෙම තවත් ගොදුරක් වුන ලීලීව හොයාගෙන කැරන්ලා ගියත් එහේ ඉන්නේ ලිලීගේ අම්මා. අපරාධකාරයව හොයාගන්න ග්‍රේස් එයාගෙ සැමියාගෙන් උදව් ඉල්ලුවත් එයා ඒක ප්‍රතික්ෂේප කළා. ඔන්න ඔහොමයි කතාව ඉවර වුනේ. එහෙනම් එතන ඉඳන් මොකද වුනේ කියලා ඔයාලට බලන්න දීලා මම ගිහින් එන්නම්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,628 downloadsDownload Unbelievable-S01-E05.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
15 comments
Hashan M. Priyadarshana
UI
Thnx
Bsවිනීතා
කවිෂල් පුතාට ස්තුතියි සිංහල උපසිරසියට.
පුතා අපේ පවුලටම ආඩම්බරයක්.
මීට විනීතා නැන්දාRasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Suranjan
Thanks jayawewa.....!
Nipun dimantha
thanks broo
Tharindu07
Thanks Machoo....!!!! Patta...!!! Jayaweva...!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
Thanxxxx bro...............
Lahiru Lakshan
thanks...
suranuwan
thanks....
indika75
thanks..
Shamal manojan
සහෝ, X Files කතාමාලාවේ season 8 සහ season 9 ට උපසිරැසි දෙන්න පුලුවන්ද?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි බ්‍රෝ :)