කොහොමද යාළුවනේ? ඔන්න අද මේ කතා මාලාවේ 8 වන කොටසට උපසිරැසි අරන් මං ඔයාලව මුණ ගැහෙන්න ආවෙ. ගිය සතියේ 7 වන කොටසින් ගොඩක් දේවල් සිද්ධ උණා මතක ඇති. උල්කා වර්ෂාවකින් ආරම්භ වෙලා ලෝක විනාශය සිද්ධ වෙන බවක් තමයි පසුගිය කොටස පුරාවට අපි දැක්කෙ. ඒ අතරෙ කෝෂය ඇතුළෙ ඉන්න ක්‍රිස්ටීන්ගෙ අවසාන ඉල්ලීම උණේ සෑම්ව අරන් එ…

කොහොමද යාළුවනේ? ඔන්න අද මේ කතා මාලාවේ 8 වන කොටසට උපසිරැසි අරන් මං ඔයාලව මුණ ගැහෙන්න ආවෙ. ගිය සතියේ 7 වන කොටසින් ගොඩක් දේවල් සිද්ධ උණා මතක ඇති. උල්කා වර්ෂාවකින් ආරම්භ වෙලා ලෝක විනාශය සිද්ධ වෙන බවක් තමයි පසුගිය කොටස පුරාවට අපි දැක්කෙ. ඒ අතරෙ කෝෂය ඇතුළෙ ඉන්න ක්‍රිස්ටීන්ගෙ අවසාන ඉල්ලීම උණේ සෑම්ව අරන් එන්න කියලා. ජූනියර් ඒ වෙනුවෙන් නැවත නගරයට යනවා. ජෝ සහ නොරී දෙදෙනා හන්ටර් එක්ක ලොකු අඩව්වක් අල්ලලා කොහොමහරි ඔහුව යථා තත්වයට පත් කර ගන්නවා. ඒකෙන් එයාලා දැන ගන්නවා හැඟීම් වලින් තමයි ආසාදනයට ලක් උණ අයව නැවත යථා තත්වයට පත් කර ගන්නෙ කියලා. ඥාතිත්ව කණ්ඩායමෙන් පැනලා ගිහින් හැංගිලා ඉන්න මේ කට්ටියව බේර ගන්නෙ සෑම්. ලෝක විනාශයක් පෙනි පෙනී උණත් ඊවා උත්සාහ කරන්නෙ ක්‍රිස්ටීන් කිව්ව විදියට බාර්බිව සහකාරයා කරගන්න. නමුත් ඒ උත්සාහය මෙවරත් ජයග්‍රාහී ලෙස අසාර්ථක වෙනවා. 🙂 ඔය අතරෙ ලෝක විනාශයේ දුකට හොඳට පදම් වෙන්න අඩියක් ගහපු ජුලියා සහ ජිම් පිස්සු නට නටා විකාර කියව කියව ඉන්නවා. මිනිස්සු බිව්වම කරන්නෙ මොනවද ඉන්නෙ කොහේද කියලා දන්නෙ නෑනෙ ඉතින්. 🙂 රැජිනව බේර ගන්න කියලා ජූනියර් හැමෝම අයව එකතු කරනවා. ක්‍රිස්ටීන් කිව්ව විදියටම ජූනියර් සෑම්ව අල්ලගෙන ඉන්න තැනින් තමයි කතාව ඉවර උණේ. ගියවර කොටස අවසානයේ ඥාතිත්වයට විරුද්ධව සටන් කරන්න අපේ පොඩි හමුදාවක් ලෑස්ති බවක් පෙන්නුවා. ඒ හමුදාවෙ බිග් ජිම්, ජුලියා, නොරී, ජෝ සහ හන්ටර් තමයි ඉන්නෙ. (අමතක උණානේ. අර බලු මල්ලිත් ඉන්නවා. මං කිව්වෙ ඉන්ඩි ගැන :))
ගිය සතියෙ පැටලුණ නූල් බෝලයේ එක කෙළවරක් හොයා ගත්තට ඉතින් නූල් බෝලෙ තාමත් පැටලිලානේ, අද කොටසේ සෑම්ට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා. ක්‍රිස්ටීන් උත්සාහ කරන්නෙ ඔහුව ඥාතිත්වයේ කොටසක් කර ගන්න. ඒ අතරෙ අපි බොහොම අකමැත්තෙන් හිටපු සම්බන්ධයක් දුර දිග යනවා. අද පොඩි හමුදාව දියත් කරන පළවෙනි මෙහෙයුමෙන් ලොකු වෙනසක් ඇති වෙනවා. ඇත්තටම ඒක හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වෙනවා. මේ මෙහෙයුමට මෙයාලට තව කෙනෙක්ගෙන් උදව් ලැබෙනවා. ඒත් ඉතින් අද බොහොම දුක හිතෙන විදියට කතාවෙ මුල ඉඳන් හිටපු චරිතයක් මරණයට පත් වෙනවා. මැරෙන්නෙ කවුද? පොඩි හමුදාවෙ මෙහෙයුම මොකක්ද? ඒක හැරවුම් ලක්ෂ්‍යයක් වෙන්නෙ ඇයි? ඒකට උදව් ලැබෙන්නෙ කාගෙන්ද? සෑම්ට මොකද වෙන්නෙ? ක්‍රිස්ටීන් මොකද කරන්නෙ? පහුගිය කථාවෙන් පෙන්නපු ලෝක විනාශය මොන වගේ බලපෑමක්ද කියලා කතාව බැලුවම දැන ගන්න පුළුවන්. ඒ වගේම අද හැරවුම් ලක්ෂයෙන් කතාව කොයි පැත්තට ගලා ගෙන යාවිද කියල ඊළඟ කොටසින් බලමු.
එහෙනම් අදට මම සමු ගන්නවා. ලබන සතියේ මේ කතා මාලාවේ 9 වනකොටසින් මුණ ගැහෙමු. ඔයාලා හැමෝටම සුබ සතියක්!
බයිස්කෝප් අඩවියට ජය!!!
e9d6b66171c993f9e94bdf02f025a05d10602555 39b8d3874674550883271dfb4c25a22964ed3ee0 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
7,355 downloadsDownload 201508090846baiscopelk.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
35 comments
chathu dosh
sampath
ගොඩක් ස්තූතියි නගා! ෆිල්ම් එක බෑවේ සිකුරාදා. ඔයා සබ් එක දානකම් හිටියේ බලන්න.
Kasun Widusha
tnx
නලින්
ස්තුතියි! ෂෙරින්. මෙක එනකල් ඉතිං අපි කවුරු ඇගිලි ගැන ගැන ඉන්නේ
ජය වේවා!
ප්‍රණීත් රණසිංහ ♨PCR〽
ඔන්න ඉතිං තාම පහුගිය කොටස් 3ම බැලුවේ නෑ....
ඒත් බාලා තියාගෙන ඉන්නවා.
ඒකට හේතුව තමයි එක පාරක් කතාව බැලුවට පස්සේ
අර ගෑණිත් එක්ක තියෙන තරහා හිතේ තියාගෙන තමයි
ඊලඟ සතියේ කතාව එනකං බලාගෙන ඉන්න වෙන්නේ.
එක දවසෙන් ඒක ඉවරයක් කරගන්න පුළුවන් නේ,
ඔක්කෝම ටික එකපාර බැලුවට පසසේ... :)ඔන්න එහෙනං අදත් කතාව බාගත්තා...
උපසිරැසියට බොහෝම ස්තුතියි...
ඊලඟ එකෙන් හමුවෙමු...ආයු -බෝ -වේවා !!!
ගප්පියා
ඔන්න මමත් මේ පැත්තේ ආවා...!
තැන්කූ නංගි බබා...Gayan Sampath
Thanks sis........
Jaya Wewa......!!!gamage
ස්තුතියි! ෂෙරින්.
ජය වේවා!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සිස්!
ගියවර කොටහේනම් අර කලින් තිබ්බ ගතිය තිබ්බා!
ඩෝම් එක හරි පෙන්නුවනේ!
එහෙමම හොදට ගියොත් හොදයි.
ජයවේවා!රොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සමාධි අක්කේ උපසිරසියට.
දිගටම කරගෙන යමු.ජය වේවා !!!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
malinda
thanks sis.
tiron
ලින්ඩා,ඇන්ජි,පෝලින්,මෙලනි,රෙබෙකා,ඇලිස්.............අද කැරොලින්.අනේ මන්දා මේ කතාවේ තරං චරිත මරන්න නැතුව ඇති වෙන කිසිම කතාවක.අන්තිම වෙද්දි එක්කෙනෙක්වත් ඉතුරු වෙයිද දන්නෙ නෑ මේ යන විදිහට.ගොඩක් ස්තුතියි ඔබට මේ ලස්සන කතාව හැම සතියෙම අප වෙත අරගෙන එනවට.ජයෙන් ජය!!!!!!!!!!!!!
sanath indika
thx sis
Hirushan
Thanks
Kulanjana Maduranga
niayamai…thanks SHERIN Sis..sub ekata..digatama sub demu.jaya wewa……
Tharindu
Thank you very much sis...!!!
thisal
ස්තුතියි! ෂෙරින්.
Gayantha
Thank you for this subtitle......... Digatama subs dai kiyakla balaporothu wenawa....... Thankzz......
Tharindu
Thanks akkiyoooooooooooooo
Amil
බොහොම ස්තුතියි සිස් උපසිරසට...
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි ෂෙරින් අක්කේ සබට !
දිගටම දෙමු .Thilina
Thankz for Sub
maduranga
Thanks sisi
සුනෙර මැදවත්ත
එල එල දිගටම දෙමු හැමදාම මග අරින් නැතුව බලන එකක් මේ
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝදරි :D
උවිදු ඉසුරංග
සබ් එකට ස්තුතියි අක්කේ.
දිගටම ඔහොම යං.ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dඉසු ඩිපි (Isu DP)
Oops..! සහෝදරී හොදේ. :-P
sajeevi
thanks
Nadun Jayamuthu
Scorpion Season 2 ekata sub eka dennako
malinda koshala
Good work
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
nilanka_baiscop
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnax.....