ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 17 වැනි කොටස. මේ කොටස අරගෙන එන්න නම් සැහෙන්න පමා උනා. අද කතාංගයට IMDB 7.0 ක අගයක් ලැබෙනවා, මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු වෙනද වගේම. ගිය සුමානේ දකින්න ඇතිනේ රැග්නගේ සිහිනය සැබෑ වෙනවා. ඇල්ෆ්‍රඩ…

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 17 වැනි කොටස. මේ කොටස අරගෙන එන්න නම් සැහෙන්න පමා උනා. අද කතාංගයට IMDB 7.0 ක අගයක් ලැබෙනවා, මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු වෙනද වගේම.
ගිය සුමානේ දකින්න ඇතිනේ රැග්නගේ සිහිනය සැබෑ වෙනවා. ඇල්ෆ්‍රඩ් පොරොන්දු උනා වගේම බියෝන්ලට නැගෙනහිර ඇන්ග්ලියාවෙන් ඉඩම් ලබාදුන්නා. හැබැයි ලගතා අතුරුදහන් වෙලා තියෙන මොහොතක බියෝන්ට එංගලන්තයේ නවතින්න හිතක් නැහැ. බියෝන් අයිවර්ගෙන් කැටගට් නැවත ලබාගන්න අවධානය යොමු කරන්නයි ලැහැස්තිය. ඒ වෙනුවෙන් බියෝන් හැරල්ඩ් රජා එක්ක සමගිවෙන්න යනව. ඒ අතරේ ආයේ පාරක් ඇල්ෆ්‍රඩ්ගේ ලෙඩේ වැඩිවෙලා සිහිය නැතුවයනව. ඒ ජරමර අස්සේ එතල්රෙඩ්ගේ අවසානය උදා වෙනවා.. හරි අවාසනාවන්ත විදියට. ඉතිං ඒ දේවල් එහෙම වෙනකොට ෆ්ලොකිගේ ජනාවාසයෙන් පිටමන් කරවපු අයට උදව් ඉල්ලන් හෙල්ගි එනව ආයේ. ෆ්ලොකි එක්ක ඉන්න හැම කෙනෙක්ම තරහ මරහ අමතක කරලා ඒ අය වෙනුවෙන් අයහපත් කාලගුණයත් නොතකා යන්න ලැහැස්ති වෙනවා.
අද කොටසින් අපිට බලාගන්න පුළුවන් හැරල්ඩ් සහ බියෝන් යෝක්වලදී තමන්ගේ හමුදාවන් ඉදිරි සටනකට සුදානම් කරන ආකාරය. ඒ වගේම එංගලන්තයට තවත් වයිකින් රටකින් එල්ලවෙන තර්ජනයක් ගැනත් කියවෙනවා. ඒ විතරක් නෙමේ.. හැරල්ඩ් තවමත් මුළු නොර්වේ රටටම රජු වීමේ සිහිනය අමතක කරලා නැති බවත් අද බලාගන්න පුළුවන්.. ඒත් එක්කම මම හිතන්නේ අද ෆ්ලොකිගේ සිහිනය බිඳ වැටිලා සුනු-විසුණු වෙලා යනවා..
පරක්කු වෙච්ච එකේ තව කතා මොනාටද. එහෙනම් ලබන සුමානේ හමුවෙමු. තව කොටස් 3කින් සීසන් එක ඉවරයි. ඒ වගේම 6වෙනි කතා සමයකුත් එනවා. එතනින් පස්සේ සම්පුර්ණයෙන්ම වයිකින් කතා මාලාව අවසන් වෙනව. එහෙමයි කියල දුක් වෙන්න එපා, කතාව කරගෙන යන Michael Hirst මේකේ ස්පින් ඕෆ් එකක් කරන්න අවධානය යොමු කරලා තියෙනව.. අනාගතය ගැන බයවෙන්න දෙයක් නැහැ 😀
ඒ වගේම ගිය සුමානේ කිව්වා වගේ, අපේ පැරණි ෆේස්බුක් පේජ් එක අපිට අහිමිවුණා මෙන්න මෙතනින් ගිහින් ලයික් එකක් දාල ආයේ පරණ තත්වෙට අපේ පේජ් එක අරගෙන එන්න සහයෝගයක් දෙන්න ශෙයා කරලා… ලයික් කරලා..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි iNTERNAL WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
16,082 downloadsDownload Vikings.S05E17.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
24 comments
sachintha
gayan215
bohoma sthuthi saho...
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
geethkamal
tnx saho sub ekata, jaya wewa
Salitha123
ස්තුති
chanaka_naveen
Thank you..
Kulanjana Maduranga
subata thanks saho...keep it up...
dsdkavishka
Thenks for sub bro
suranuwan
thanks bro...
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!priyanthapremarathna
thanks bro sub akata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Milinda Sadaruwan
thanks bro
Shammu
elama machan
Ishan
සබට ස්තූතී අශාන් අයියේ
Dewadithya
Thanks for Sub!
kumarapsp
Thanks Bro !!!
0718901293
Thanx bro
sahancharuka
thank you!!!!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Malith
HDTV wlt hriynn sub denn puluwnnm loku deyk, mkd baiscopedownload site eken direct download krnn dpu link weda krnne nh
jayNP
Thank you. Keep it up good work.. :)
sadeepa
thanks bro........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Vikings [S05: E17] Sinhala Subtitles | පළිගැනීම් සහ බැඳීම්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/10/Vikings-Season-5-Part-2-pic-1.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය