Watch Trailer

Gotham [S05 : E02] Sinhala Subtitles | අනවසර ඇතුල්වෙන්නන් [සිංහල උපසිරැසි සමඟ]

මේ සතියේ කොටසත් ඔන්න මම අරගෙන ආවා. පලවෙනි කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ අවසන් සීසන් එක නිසා අපිට ගොඩාක් දේවල් ඉදිරියට බලාගන්න පුලුවන් වෙයි කියලා හිතනවා. අපි එහෙනම් කලින් සතිය ගැන ටික මතක් කරගමු. ඔයාලා දකින්න ඇති ගෝඩ්න්, නිග්මා, බුලොක්, පෙන්ගුයින් එක්ක පොලිසියේ අනික් අය එක්ක තව කට්ටියක…

මේ සතියේ කොටසත් ඔන්න මම අරගෙන ආවා. පලවෙනි කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ අවසන් සීසන් එක නිසා අපිට ගොඩාක් දේවල් ඉදිරියට බලාගන්න පුලුවන් වෙයි කියලා හිතනවා. අපි එහෙනම් කලින් සතිය ගැන ටික මතක් කරගමු.

ඔයාලා දකින්න ඇති ගෝඩ්න්, නිග්මා, බුලොක්, පෙන්ගුයින් එක්ක පොලිසියේ අනික් අය එක්ක තව කට්ටියකට වෙඩි තියනවා. ඒ සිද්ධිය මොකක් වෙන්න පුලුවන්ද ? ඊලඟ කොටස් වල ඇතුලත් සිදුවීමක් හෝ කතාමාලාවේ අන්තිම කොටසේ සිදුවීමක් වෙන්නත් පුලුවන්.

පාලම් පිපිරුවාට පස්සේ පෙන්ගුයින් නගර ශාලාව අල්ලගෙන ඒක තමන්ගේ බලකොටුව කරගෙන. බාබරා ටැබිතා එක්ක සයිරන් ක්ලබ් එක කරගෙන යනවා. ඒත් දැන් ඉන්නේ බාබරා විතරයි මොකද ගිය සතියේ පෙන්ගුයින් අතින් ටැබිතා මැරුම්කෑවා. ගෝතම් පොලිසියත් පොලිසියටම කොටුවෙලා කෑම, පතොරම් නැතුව සාමාන්‍ය වැසියෝ ටිකක් එක්ක අසරණ වෙලා ඉන්නවා. බෘස්ගේ මැදිහත්වීමෙන් කොහොමහරි පොලිසියේ ඉන්න මේ අයට සැපයුම් ලැබෙනවා. ඒක අරගන්නත් ලොකු වෙහෙසක් දරපු හැටි ඔයාලා දකින්න ඇති.

ජෙරමායාගේ වෙඩි පාරින් සෙලීනා දැන් එක්තැන් වෙලා ඉන්නවා. එයාගේ අංශබාගය දොස්තරලාට හොඳ කරන්න බැරි තත්වයක් තියෙන්නේ. ඉතින් බෘස්ට කෙනෙක් කියනවා සෙලීනාව හොඳ කරන්න පුලුවන් මායාකාරියෙක් ගැන. ඉතින් අද බෘස් යනවා ඒ මායාකාරිව හොයාගෙන. ඒ මායාකාරි කවුරු වෙන්න පුලුවන්ද ? ඒ ඔයාලා හොඳට දන්න කෙනෙක්. සෙලීනාගේ කලින් හිටපු ලඟම හිතවතිය. මතක් වෙන්න ඇති නේද ? 😁

ගිය සතියේ පොඩි දරුවෙක් ආවා ගෝඩ්න් හොයාගෙන පොලිසියට. එයා කිව්වා එයා වගේ තව අය පේන කියන්නෝ කියන කල්ලියක් හිර කරගෙන ඉන්නවා කියලා. ඉතින් මේ සතියේ ගෝඩ්න් යනවා ඒ ලමයි ටික බේරගන්න. ගෝඩ්න් ගියා වගේ නෙමෙයි නගරයේ හැමෝම බලාගෙන ඉන්නේ පෙන්ගුයින්ගේ තෑග්ග අරගන්න එයාව මරන්න. ඉතින් මොනවායින් මොනවා වෙයිද ? ඉතින් කොමෙන්ට් එකක් එහෙම දැම්මාට අමනාපයක් නෑ. ඊලඟ කොටසින් මුණගැහෙමු. ජය!!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,523 downloadsDownload Gotham-S05-E02.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

11,523 downloadsDownload Subtitles27 KB

32 comments

  1. KP7

    Thyanks Bro Sub Ekata..

  2. Lasitharash

    Thnx bro.

  3. sachithra19990629

    Tanq bro... sub ekata

  4. Navod Hansajith Fonseka

    elah...thnks bro..

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. dsdkavishka

    Thenks for sub bro

  7. Kaushan Rasanga

    Tnx bro

  8. Ravindu Rukshan

    Thx

  9. gayan215

    bohoma sthuthi saho...

  10. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සබ් එක එනකම් හිටියේ....

  11. podda

    thanks

  12. madawaththa

    Tnx broh..

  13. Kulanjana Maduranga

    subata thanks....saho....keep it up....

  14. Ayesh Prashan

    Thank You

  15. kelumchathuranga

    thanks

  16. s.s.m

    tz sub ekata....

    1. Migara jeewantha

      1e sub ekami ynne

  17. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා...............!

  18. Pramukmili

    thanxx bro.......

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Dilrulzz

    Thnx saho

  21. D.Chamara

    bohoma sthuthi sahoooo

  22. Hiran Eranda

    thanks for sub

  23. තිසර නියෝ

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

  24. Kc

    Thank sub ekata

  25. Supun_no

    thank you

  26. Supun_no

    ස්තුති sub ekata....samaha episode wala kathawata kalin උපසිරැසි යනවානේ අනේ

  27. futureomega

    thanks sub ekata

  28. Stranger

    thanks

  29. melinda

    thank you

  30. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  31. Anonymous

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️