ආයුබෝවන් මිත්‍රවරුණි! ඉතිං ඔන්න බයිස්කෝප් සමාජ සත්කාර්යය එහෙම ඉවර කරල, ආයෙත් පරණ පුරුදු සබ්කාර්යයට අවතීර්ණ වුණා. ඉතිං බොහෝ දෙනෙක් දන්නව ඇති, මේ පාර බයිස්කෝප් සමාජ සත්කාරය අපි කළේ පොළොන්නරුව මායිම් ගම්මාන කීපයක් ආශ්‍රිතව. නම් වලින් කිව්වොත්, මල්විල ප්‍රාථමික විද්‍යාලය, සඳුන්පිටිය ප්‍රාථමික විද්‍යාලය…

ආයුබෝවන් මිත්‍රවරුණි!
ඉතිං ඔන්න බයිස්කෝප් සමාජ සත්කාර්යය එහෙම ඉවර කරල, ආයෙත් පරණ පුරුදු සබ්කාර්යයට අවතීර්ණ වුණා. ඉතිං බොහෝ දෙනෙක් දන්නව ඇති, මේ පාර බයිස්කෝප් සමාජ සත්කාරය අපි කළේ පොළොන්නරුව මායිම් ගම්මාන කීපයක් ආශ්‍රිතව. නම් වලින් කිව්වොත්, මල්විල ප්‍රාථමික විද්‍යාලය, සඳුන්පිටිය ප්‍රාථමික විද්‍යාලය සහ කන්දෙකඩුව ප්‍රාථමික විද්‍යාලය. ඉතිං ජීවිතේ ලබපු හොඳම අත්දැකීමක් කියල මේ ගැන කියන්න පුළුවන්. ගියපු හැම කෙනෙකුටම එක් එක් ආකාරයේ, ඇස් වලට කඳුලක් ඉතිරි වෙන මතකයක් ගොනු වුණු බව ගමන අවසාන වෙලා ඇවිල්ල කතාබහ කරනකොට තේරුණා. ඉතිං මම මේ කාරණාව මෙතන මතක් කරන්න ඇත්තටම හිතුවෙ, පම්පෝරියක් ගහන්න ඕන නිසා නෙවෙයි, මේ සොඳුරු කර්තව්‍යයේ එක පුරුකක් බයිස්කෝප් රසිකයන් වන “ඔබ” කියල අපි දන්න නිසා. ඉතිං බයිස්කෝප් රසික ඔබ, ඇඩ්මින්වරුන් සහ උපසිරැසිකරුවන් තමයි මේ මාහැඟි පුණ්‍යකර්මයේ සැබෑ උරුමකරුවන් වෙන්නෙ. මීට අමතරව අපි එක්ක උපසිරැසිකරණයේ නිරත නොවුණත් තවත් බොහෝ පිරිසක් මේ උතුම් කාර්‍යයට උර දුන් බව මතක් කරන්න ඕනෙ. බලාපොරොත්තු වෙනව නුදුරු අනාගතේ ඔවුන්ගේත් උපසිරැසි බයිස්කෝප් වෙබ් අඩවියට එක් වෙලා, හයවැනි සමාජ සත්කාරයට දායකත්වය ලබා දේවි කියල. ඉතිං හැම කෙනෙකුටම ගොඩක් පින් මේ වගේ තැනක බයිස්කෝප් රඳවන්න, රටට ආදරේ මිනිස්සු පිරිසක් එකට ගොනු කරල තියන්න, බයිස්කෝප් නාමය ලංකාවේ උඩින්ම තැබීම ගැන. එහෙනම් බලමු වයිකින්වරුන්ට මොකද වෙන්නෙ කියල.
ඉතිං ඔන්න පහුගිය කතාංගය මතක නම් ලගතා තමන්ගේ අසිපත වළදාල ආයෙ සටන් කරන්නෙ නෑ කියල පොරොන්දු වුණාට, අයුක්තිය ඉදිරියේදී ඇය නැවත තීරණය කරනව අසිපත අතට ගන්න. ඒ දාමරිකයන්ට එරෙහිව යුධ වදින්න. මේ අතරෙ ඔලෙග් කුමාරයා, අයිවර් එක්ක එකතුවෙලා, ඩීර් කියන තමන්ගෙම සහෝදරයා බල්ලෙක් වගේ කූඩු කළා මතක ඇති. ඉතිං ඔලෙග් කියන්නෙ නොසලකා හැරිය යුතු චරිතයක් නෙවෙයි කියන එක ගැන දැන් පැහැදිලි ඇති. ඒ අතරෙ බියෝන් ගියා හැරල්ඩ් රජු බේරගන්න. හැබැයි ඒ සැලැස්ම කණපිට හැරිල යන්තම් පණ බේරගන්න බියෝන්ට හැකියාව ලැබුණ.
ඊට පස්සෙ මොකද වෙන්නෙ. බියෝන් ගිය වැඩේ යුද්ධයක් කරල බේරගන්න බැරි වුණාට, සාකච්ඡා මඟින් යම් ආකාරයේ ප්‍රගතියක් ලබා ගන්න පුළුවන් වෙනව. හැබැයි මේ සාකච්ඡාව ඇතුළෙ ගැටයක් තියෙනව ද කියලත් පොඩි සැකයක් නැත්තෙම නෑ මටනම්. මේ අතරෙ තමයි ලගතාගෙ ගම්මානයට දාමරිකයන් පහර දෙන්නෙ. හැබැයි ඒ ප්‍රහාරය ඔවුන්ට බලාපොරොත්තු වුණු විදියටම කරගන්න බැරි වුණත්, ලගතාගෙ වියරුව ඔවුන් මත වැටෙන සිදුවීමක් මේ සටන අවසානෙ සිද්ධ වෙනව. මේ අතරෙ අයිවර් සහ ඊගෝර් කුමාරය අතරෙ යම් ආකාරයක අදහස් හුවමාරුවක් වෙනව, මේ දේ ඔලෙග් කුමාරයාගෙ රාජ්‍යබලයට තර්ජනයක් එක් කරන්නත් හැකි වෙන්න ඉඩ තියෙනව. එහෙනම් බලමු ඊලඟ සතියෙ මොකද වෙන්නෙ කියල. ස්කොල් !

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
14,395 downloadsDownload Vikings-S06-E04.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
25 comments
indika75
Sandarunimsara
Sub ekata tnx bro
rockz2020
සබ් එක වෙනුවෙන් thanks සහෝ! ✌❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
the DP S03 එක ගැනත් ඇහැ ගහගෙන ඉන්නෙ හොඳේ,
දෙන්නෙ නැතුව බේරෙනවා බොරු හික්✌ ;)
ඒකත් ඉක්මනින් ගේන්න ජය බ්‍රෝ!✌❤
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥dil_shan
tnz sub eka ikmnata denawata. anith epi walatath me wagema demu. ela
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Achi
Thank bokka
Nuwandika Dil
Adee mn denuwath wela hitiye nehe. Oyala malwila giya kiyala ape nedeyoth e awata innawa.
Thanks.Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Naveenhkc
thanks for sub
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
shpajith
thanks putha
gayan215
bohoma sthuthi saho...
suranuwan
thanks bro..
chameen milano
web eken ganna thanak kiyapallako.link
flashlinecargo
why this sub does not show on the menu
Milinda Sadaruwan
Thank you bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
geethkamal
tnx saho ,jaya wewa
gayanmagee
thanks
sahancharuka
thank you
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
jayNP
Thank you.. Keep it up good work.. :)
lakshan
thanks ......................
sadeepa
tnx bro..................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Vikings [S06: E04] Sinhala Subtitles | එකම රජෙක්..! [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/Vikings-Season-6-b.jpg)



thanks..