Vinland Saga Sinhala Subtitles ඉතින් මහත්වරුනි, 7 සහ 8 කොටස්වලටත් ඔන්න උපසිරසි ගෙනාවා. මතකයි නේද… තමන්ගෙ පියාව මරපු ආෂෙලැඩ් සහ ඔහුගෙ කණ්ඩායම සමඟයි දැන් තෝර්ෆින් ඉන්නෙ. තෝර්ෆින් දැන් වියරුවෙන් වගේ ආෂෙලැඩ්ව මරන්න හිතාගෙනයි ඉන්නෙ. ඒ තමන්ගෙ පියාට කරපු දේට පළිගැනීමක් වශයෙන්. ෆැරෝ දූපත්වල සිට ඔන්න තෝර්ෆි…

ඉතින් මහත්වරුනි, 7 සහ 8 කොටස්වලටත් ඔන්න උපසිරසි ගෙනාවා. මතකයි නේද… තමන්ගෙ පියාව මරපු ආෂෙලැඩ් සහ ඔහුගෙ කණ්ඩායම සමඟයි දැන් තෝර්ෆින් ඉන්නෙ. තෝර්ෆින් දැන් වියරුවෙන් වගේ ආෂෙලැඩ්ව මරන්න හිතාගෙනයි ඉන්නෙ. ඒ තමන්ගෙ පියාට කරපු දේට පළිගැනීමක් වශයෙන්. ෆැරෝ දූපත්වල සිට ඔන්න තෝර්ෆින් දැන් එංගලන්තයට ඇවිල්ලා. ඩෙන්මාර්කයෙ හමුදාවන් එංගලන්තයට එන්න කලින් තියෙන දේවල් පැහැරගන්න තමයි ආෂෙලැඩ් හිතාගෙන ඉන්නෙ. මේ අතරෙ තෝර්ෆින් එහෙමත් දැක්කා ආෂෙලැඩ් ගෙ එවුන් ගමක්ම ගිනිබත් කරලා, පිරිමින්ව මරලා, ගැහැණුන්ව කෙළෙසන විදිහ. ආෂෙලැඩ් නිදාගෙන හිටපු තැනට ආව තෝර්ෆින් ට උගෙ බෙල්ල කපලා දාන්න අවස්ථාව තිබ්බත් එහෙම කළේ නෑනෙ. මොකද තෝර්ෆින් ට ඕනෙ ආෂෙලැඩ්ව ද්වන්ත සටනකින් පරාද කරන්න. ගෞරවණීය විදිහට, බයගුල්ලෙක් නොවෙන විදිහට… ඉතින් මේ විදිහට කුසට අහරක් හරිහමන් නින්දක් නැතුව පුංචි තෝර්ෆින් කැලේට වෙලා නිරාදුක් විඳිනවා. ඔය ඉන්න අතරෙදි තමන්ගෙ පියාගෙ කිණිස්සත් කොහොමහරි තම අතට හුරු කරගන්නවා. ඒකෙ උදව්වෙන් සතුන් එහෙම දඩයම් කරලා යන්තමින් බඩ පුරෝගන්නවා. ඒ වගේම යන්තමින් පණගහලා ආව නිසා ආෂෙලැඩ් ට අභියෝග කළා එහෙම මතක ඇතිනෙ. ඒත් ආෂෙලැඩ් වගේ එකෙක්ව පරදන්න තරම් තෝර්ෆින් තාම ශක්තිමත් නෑ. මතක ඇතිනෙ ආෂෙලැඩ් ගෙ කොන්දේසිය;
“යුද්ධෙදි හොඳ දෙයක් කරන්න උත්සහ කරපන්. එතකොට… මං උඹට ද්වන්තයක් දෙන්නම්.”
ඉතින් මේ අනුව ඔන්න තෝර්ෆින්, ආෂෙලැඩ් මේ වෙනකොට එංගලන්තයෙ කරමින් ඉන්න කොල්ලකෑම්වලට සහය දෙනවා. ඒ විතරක් නෙමෙයි. ඉංග්‍රීසි හමුදාවෙ සෙබළුන් පවා මරලා දානවා. දැන් නම් කලින් හිටියට වඩා ටිකක් කෙරුමෙක් වෙලා තමයි ඉන්නෙ. නැගෙනහිර එංගලන්තයෙ සටනකින් තුවාලවෙලා ඉන්නකොට තෝර්ෆින්ව හම්බවෙන්නෙ ඉංග්‍රීසි කාන්තාවකටයි ඇගෙ දියණියටයි. සතුරෙක් උනත් ඔවුන් තෝර්ෆින් ට උදව්කළා මතක ඇති. විශේෂයෙන්ම ඒ ඉංග්‍රීසි කාන්තාව මේ වෙනවිට එංගලන්තයෙ ඇතිවෙලා තියෙන ව්‍යාකූල තත්ත්වය ගැන දරන මතය එහෙම සලකා බැලිය යුතු දෙයක්. තමන්ට පැවරුණු රාජකාරිය ඉටුකරන්න තෝර්ෆින් පිටත්වෙනවා. නමුත් තමාව මුදාගත් ඒ ඉංග්‍රීසි කාන්තාවට හා ඇගේ දියණියට අනතුරු අඟවන්න ඔහු අමතක කරන්නෙ නෑ.
කොහොමහරි එදා රෑ, ඒ ගමටත් ආෂෙලැඩ් ගෙ මැරයො පහර දෙනවා. ගොඩක් සංවේදී අවස්ථාවක් උනේ අර ඉංග්‍රීසි කාන්තාව තෝර්ෆින් දිහා අවසානෙට බලාගෙන ඉන්න මොහොත. නිකමට හිතන්න. ඇයට මොනවගේ හැඟීමක් දැනෙන්න ඇත්ද…
එහෙනම් ඔන්න මෙතෙක් කතාවට අදාල සිතියමත් පහළින් දාලා තියෙනවා. ඒකත් අධ්‍යනය කරලා බලන්න අමතක කරන්න එපා.

ෆැරෝ දූපත් තුළ තෝර්ස් හා සටන සිදුවීමෙන් පසු තෝර්ෆින් ආෂෙලැඩ් ගෙ කණ්ඩායම සමඟ පළමුව එංගලන්තයට ගොඩ බසින ප්‍රදේශය තමයි රතු තිතෙන් සදහන් කරලා තියෙන්නෙ.

අංක 1 ලෙස සඳහන් කරලා තියෙන්නෙ ඉහත සිතියමේ සඳහන් තෝර්ෆින් පළමුවරට එංගලන්තයට ගොඩබසින තැන. අංක 02 ලෙස තියෙන්නෙ නැගෙනහිර එන්ග්ලියාවෙ සිදුවීම් වලට අදාල ප්‍රදේශයයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
2,187 downloadsDownload Vinland-Saga-S01-E07-E08-Sinhala-Subtitles.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
5 comments
Dilshan
yasira heshan
niymai,oyage subs enkm inne bro
Ishan Madusha
බොහොම ස්තූතියි.
Dilshan buddika
සුපිරි ❤️❤️❤️
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සුපිරිම explain එකක්.. thanx brother