Vinland Saga Sinhala Subtitles මහත්වරුන්ගෙ කතාවෙ 9 සහ 10 කොටස් සඳහාත් සිංහල උපසිරසි රැගෙන ආවා, මහත්වරුනි. පසුගිය කොටස්වල කතාව දෙස නැවත හැරීමක් කරලා බැලුවොත්; වසර කීපයක් පුරා එංගලන්තයට එල්ල වුණු ඩෙන්මාර්ක ආක්‍රමණය ක්‍රි.ව. 1012 ඔක්තෝම්බර් වෙනකොට හැරවුම් ලක්ෂ්‍යයකට ළඟා වෙනවා. ඉදිරියේ එළඹෙන්න නියමිත ස…

Vinland Saga Sinhala Subtitles

මහත්වරුන්ගෙ කතාවෙ 9 සහ 10 කොටස් සඳහාත් සිංහල උපසිරසි රැගෙන ආවා, මහත්වරුනි. පසුගිය කොටස්වල කතාව දෙස නැවත හැරීමක් කරලා බැලුවොත්; වසර කීපයක් පුරා එංගලන්තයට එල්ල වුණු ඩෙන්මාර්ක ආක්‍රමණය ක්‍රි.ව. 1012 ඔක්තෝම්බර් වෙනකොට හැරවුම් ලක්ෂ්‍යයකට ළඟා වෙනවා. ඉදිරියේ එළඹෙන්න නියමිත සිසිර කාලය නිසා ඩෙන්මාර්කයෙ ස්වෙයින් රජු තම හමුදාවන්ගෙ ප්‍රහාරයන් තාවකාලිකව නවතා දමනවා. මෙයින් ලොකුම පාඩුවක් වෙන්නෙ ආෂෙලැඩ් ගෙ කණ්ඩායමට. මොකද කුලියට සටන් කරලා දැන් ගාණක් උපයගන්න බැරි නිසා. මේ අතරෙ ප්‍රංශ රාජධානියෙ ප්‍රාදේශිය හමුදාවන් දෙකක් එකිනෙකා මරාගන්නවා. ආෂෙලැඩ් ගෙ අවධානය යොමුවෙන්නෙ මේ වෙතට. කොහොමහරි ඒ සටනට හේතුව දාලා ඔක්කොම හූරගන්න තමා ආෂෙලැඩ් මාන බැලුවෙ. හිතුවා වගේම පොර වැඩෙත් කරගත්තා. ආ… දැන් තෝර්ෆින් එහෙම ඉලන්දාරියා ඈ… අවුරුදු 16ක් වගේ පොරටත් දැන් වයස. යුද්ධෙ හොඳට සටන් කරලා දැන් ඇතිපදම් තෙම්පරාදු වෙලයි ඉන්නෙ. ආෂෙලැඩ් කිව්ව විදිහටම බලකොටුවෙ හමුදාවන් මෙහෙයවපු එකාගෙ ඔළුව තෝර්ෆින් අරගෙන ආව නිසා පොරොන්දු වුනු විදිහටම ආෂෙලැඩ් තෝර්ෆින් ට ද්වන්ත සටනක් දුන්නා. තෝර්ෆින් තාමත් තාත්තා ගෙ පළිය ගන්නයි හිතාගෙන ඉන්නෙ. කලින් හිටපු පොඩි එකාට වඩා දැන් තෝර්ෆින් ශක්තිමත්. හැබැයි ආෂෙලැඩ් ව පරදන්න තාමත් ඒක ප්‍රමාණවත් නෑ.

ක්‍රි.ව. 1013 අගෝස්තු වෙනකොට නවතාදමා තිබුණු ඩෙන්මාර්ක ප්‍රහාරය නැවතත් එංගලන්තයට එරෙහිව දියත්වෙනවා. මේ වෙනකොට ඩෙන්මාර්කයෙ හමුදාවන් එංගලන්තයෙ සැලකිය යුතු ප්‍රදේශයක තම බලය පතුරලයි තියෙන්නෙ. ඒ වගේම ඔවුන් එංගලන්තයෙ දකුණු ප්‍රදේශ වලටත් තියුණු ප්‍රහාර එල්ලකරමින් ඉදිරියට ඇදෙනවා. නමුත් ඩෙන්මාර්කයෙ ප්‍රහාරය එක් තැනකදි හිරවෙනවා. ඒ තමයි එංගලන්තයෙ අගනුවර වෙන “ලන්ඩන්” තුළ. මේ වෙනකොට ඉංග්‍රීසි හමුදාවන් තම උපරිම ශක්තිය ලන්ඩන් වෙතට යොමුකරලයි තියෙන්නෙ. තේම්ස් නදිය හරහා දිවෙන ලන්ඩන් පාලම ආසන්නයෙයි ඉංග්‍රීසි හමුදාවන් හා ඩෙන්මාර්ක හමුදාවන් අතර බිහිසුණුම සටන වෙන්නෙ. මේ සටනෙ බිහිසුණු බව වැඩිවෙන්න තවත් හේතුවක් තියෙනවා. ඒ තමයි මේ වෙනකොට ඩෙන්මාර්කයෙ ඉන්න ශක්තිමත්ම රණශූරයෙක් වෙන “තෝර්කෙල්” ඉංග්‍රීසින් සමඟ ඩෙන්මාර්කයට විරුද්ධව සටන් කිරීම. ලන්ඩන් සටනෙ නිරතව සිටින ඉංග්‍රීසි හමුදාවන් සම්පූර්ණයෙන්ම මෙහෙයවන්නෙ දැන් තෝර්කෙල් විසින්. ඒ නිසයි ඩෙන්මාර්ක හමුදාවට ලන්ඩන් සටන අසීරු වෙලා තියෙන්නෙ. අපි බලමු මොකද වෙන්නෙ කියල…

ඒ වගේම සිතියමක් නැවත එකතු කරලා තියෙනවා පහළින්.

නැගෙනහිර එන්ග්ලියාවෙ සිදුවීම්වලට පසුව අපි දැක්කා ආෂෙලැඩ් ගෙ කණ්ඩායම ප්‍රංශයෙ බලකොටුවකට පහර දෙනවා. ඉතින් ඒ ස්ථාන සඳහන් සිතියම තමා ඉහත තියෙන්නෙ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

1,928 downloadsDownload Vinland-Saga-S01-E09-E10-Sinhala-Subtitles.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

1,928 downloadsDownload Subtitles25 KB

4 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි.

  2. Udaya

    අම්මෝ සබ් එකනම්.... ලෙසටම හදලා තියෙනවා....

  3. Dilshan buddika

    සුපිරියක් ❤️❤️❤️

  4. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති