Vinland Saga Sinhala Subtitles ඉතින් මහත්වරුනි, පසුගිය කොටස් තුළින් අපි දැක්කා ලන්ඩන් සටන කොච්චර තියුණු උනාද කියල. ඩෙන්මාර්කයෙ ඉන්න ශක්තිමත් රණශූරයෙක් වෙන “තෝර්කෙල්” ඉංග්‍රීසි හමුදාව එක්ක එකතුවෙලා තමන්ගෙම රටේ හමුදාවට විරුද්ධව සටන් කරනවා. ඇත්තටම තෝර්කෙල්ට තියෙන්නෙ යුද්ධය වෙනුවෙන් වූ විකෘති ආශාවක්. ෆ…

Vinland Saga Sinhala Subtitles ඉතින් මහත්වරුනි, පසුගිය කොටස් තුළින් අපි දැක්කා ලන්ඩන් සටන කොච්චර තියුණු උනාද කියල. ඩෙන්මාර්කයෙ ඉන්න ශක්තිමත් රණශූරයෙක් වෙන “තෝර්කෙල්” ඉංග්‍රීසි හමුදාව එක්ක එකතුවෙලා තමන්ගෙම රටේ හමුදාවට විරුද්ධව සටන් කරනවා. ඇත්තටම තෝර්කෙල්ට තියෙන්නෙ යුද්ධය වෙනුවෙන් වූ විකෘති ආශාවක්. ෆ්ලෝකි ඇතුළු යෝම්ස් වයිකිං කණ්ඩායමක් කොහොමහරි තෝර්කෙල් ව දැලේ දාගන්න හැදුවනේ. හැබැයි තෝර්කෙල් කියන්නෙ එහෙම නටවන්න පුලුවන් ජාතියෙ එකෙක් නෙමෙයි. ෆ්ලෝකිත් මාරයා පෙනිපෙනී එතනින් කොහොමින්හරි ජීවිතේ බේරගත්තා. යකා නැඟපු ස්වෙයින්, ආපහු තමන්ගෙ හමුදා ලන්ඩන් පාලමේ සටනට යොමු කරනවා. හැබැයි තෝර්කෙල් අතින් ඒ ඔක්කොම සමූල ඝාතනය වෙලා ගියා දැක්කනෙ. හැබැයි තෝර්කෙල් ට හොඳ සටනක් දුන්නා තෝර්ෆින්! හැබැයි තෝර්කෙල් වගේ යකෙක්ට තුවාල කරන්න තරම් තෝර්ෆින් තාම මෝරලා නෑ මොනා උනත්. තෝර්ෆින්; තෝර්කෙල් ගෙන් අම්බානක ගුටිකෑවා මතකත් ඇති. මේ අතරවාරයෙ ලන්ඩන් සටන තමාට අසීරු බව ස්වෙයින් රජු පිළිගන්නවා. ඒ නිසා ලන්ඩන් යුධබිම ඔහුගෙ කුනූට් කුමාරයගෙ අතට පත් කරනවා 4000ක හමුදා කණ්ඩායමක් සමඟ. ඉතුරු හමුදා සියල්ලම උතුරට ගමන් කරනවා පස්සෙ. හැබැයි ආෂෙලැඩ් වෙසෙක්ස් පැත්තට තම කණ්ඩායම අරගෙන යනවා. මේ අතරවාරයෙ දැන් කරන්න යුද්ධයක් නැතිනිසා තෝර්කෙල් සෑහෙන අපහසුවෙන් වගෙයි ඉන්නෙ. ඔහු හිතාගෙන ඉන්නෙ කුනූට් කුමාරයව පැහැරගත්තොත් ස්වෙයින් රජුගෙ අවධානය තමන්ට ලැබෙයි කියල. ඒ නිසා තමන්ගෙ අනුගාමිකයන් 500 දෙනාත් සමඟ අර 4000ක් වූ සම්පූර්ණ හමුදාවම තෝර්කෙල් හැඳිගාවලා දාලා කුනූට් කුමාරයව අල්ලගන්නවා. ඒ සටනින් දිවි බේරාගත් එක් සෙබළෙක් ප්‍රධාන හමුදාවෙන් උදව් ඉල්ලන්න යන අතරවාරයෙදි බාත් නගරය පහු කරනකොට ආෂෙලැඩ්ට හමුවෙනවා. ඒ සෙබළගෙන් සේරම විස්තරේ දැනගත් ආෂෙලැඩ් දැන් සූදානම් වෙන්නෙ කුනූට් කුමාරයව බේරගන්න. ඒ කියන්නෙ තෝර්කෙල් හා මුහුණට මුහුණ සටනක්!!! වැඩි දෙයක් මෙහෙම කියනවට වඩා මේක බලන්න ඉඩ හසර දෙන එක තමයි වඩාත් උචිත. මේක මහත්වරුන්ගෙ කතාවනේ… විශේෂයෙන්ම කියන්න ඕනෙ අද කොටස් දෙකේ උපසිරසි සිංහලට පරිවර්තනය කිරීමේදී, මම කිසිඳු ආගමකට අපහාස කරන චේතනාවකින් මේක කළේ නෑ කියල. හුදෙක් මේ කතාවෙ ස්වාභාවයට සහ ගලායෑමට මම සිංහල දෙබසින් සාධාරණයක් කරන්න උත්සහ කළා විතරයි කියල කියන්නම ඕනෙ. එහෙනම් මහත්වරුනි අද කොටස් දෙකත් බලලම ඉන්න. මේ සනිටුහන් වෙන්නෙ වින්ලෑන්ඩ් සාගා පළමු භාගයෙ අවසානය… ප්‍රංශ බලකොටුවෙ සිදුවීම්වලට පසුව ආෂෙලැඩ් තම පිරිස සමඟ යුට්ලන්ඩ් අර්ධද්වීපයෙ ගෝර්ම්ගෙ ගම්මානයටයි යන්නෙ. එහි සිසිර කාලය ගෙවීමෙන් පසු ඔවුන් නැවත ලන්ඩන් සටන සඳහා එකතුවෙනවා. ඉහත සිතියමේ ඒ ගමන් මඟයි විස්තර වෙන්නෙ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

1,880 downloadsDownload Vinland-Saga-S01-E11-12-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Subtitles

1,880 downloadsDownload Subtitles26 KB

6 comments

  1. Akila

    Thank you soo much saho.... eelaga ekath oniiii.....

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි.

  3. Eranga

    thanks for sub <3

  4. yasira heshan

    oyage subs enkm bln inne bro

  5. Kavishka

    Vinland saga eke okkoma dannnko

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.