Watch Trailer

Waiting in the Summer [EP 09 & 10] Sinhala Subtitles | සෙන්පායි… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ! හරි.මේ Tv series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime Tv series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන ආදර කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. මම කල…

කොහොමද යාලුවනේ !

හරි.මේ Tv series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime Tv series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන ආදර කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. මම කලින් එපසොඩ් එකේ ඉඳන් මේ දක්වා කතාව මතක්ක රන්නම් ඔකිනාවා වලදී සිද්ධ වෙච්ච සමහර දේවල් නිසා කායි මාර සතුටින් ඉන්නේ කොහොමින් කොහොම හරි Awa Odori Matsuri ඒ කියන්නේ ජපානේ ගිම්හාන උත්සව පටන් ගන්නවා මේකේ ඉන්න කොහෙවත් උත්සවේකට ගිහින් නැති එකම කෙනා සෙන්පායි නේ එයාව එයාගේ පලවෙනි උත්සවේ බලන්න යනවා. කොහොම උනත් එයා ගේ පලවෙනි උත්සවේ නිසා එයා හරි සතුටින් ඉන්නේ කොහොම උනත් රෙමෝන් ධෛර්ය උරගා බැලීමේ පරීක්ෂණයක් තියනවා.ඉතින් එකේදී යන්නේ දෙන්න දෙන්න ඉචිකයි රෙමොනුයි, ටෙසුරෝයි මියෝයි,කන්නයි කායි. කොහොම උනත් හැමෝම බය වෙලා ඉන්න වෙලාවේ ඉචිකව ගෙනියන්න එයාගේ මව් ග්‍රහලෝකෙන් යානයක් එනවා ඉචිකාත් බය වෙලා ඉඳපු නිසා කෑ ගහනවා. කායි හිතන්නේ ඉචිකට කරදරයක් කියලා එයා කන්නවත් දාල ඉචිකට මොකද කියලා බලන්න යනවා.අන්තිමේදී කායි ඉචිකව බේරගන්න යනවා එකේදී අර යානේ විනාශ වෙනවා එත් කයිට තුවාල වෙනවා ඉචිකා එයාව සුව කරනවා.

එතන ඉඳන් අද එපිය.දැන් කතාව විද්‍යා ප්‍රබන්ධ වගේ යන්නේ. කායිව සුව කරන වෙලාවේම වගේ කට්ටියම එතනට එනවා කොහොම උනත් ඉචිකට සිද්ධවෙනවා ඔක්කොම කට්ටියට පැහැදිලි කරලා දෙන්න එයා කව්ද කියලා.අන්තිමට හැමෝම ඉචික කව්ද කියලා හෙළි කරන්නේ නැ කියලා ගෙවල් වලට යනවා එත් හැමෝටම පුදුමයි වෙච්ච දේවල් ගැන.කොහොම උනත් ඊළඟ දවසේ ඉචිකා එයාගේ හිතේ තියන තැන හොයන්න යනවා කායි අහනවා උදව් කරන්නද කියලා එත් ඉචික කායි ගේ උදව් ප්‍රතික්ෂේප කරනවා. ඊළඟ දවසෙත් ඔය විදියටම වෙනවා අන්තිමට කායි තීරණය කරනවා ඉචිකගේ තැන හොයන්න යන්න. කායි එතන හොයන්න මහන්සි වෙනවා දැකල කන්නට දුක හිතෙනවා කන්නා ඉචිකට පැහැදිලි කරලා දෙනවා කායි කොච්චර ඉචික ගැන වද වෙනවද කියලා.ඉතින් ඉචිකා කයිව හොයාගෙන ගිහින් කියනවා එයාට ඇත්තටම දැනෙන විදිය.දහ වෙනි එපසොඩ් එකේදී ටෙසුරෝ එයා කැමති ගැහැණු ළමයට කියනවා එයා කැමති කියලා,එත් කව්ද ඒ? ඒකටනම් එපසොඩ් ඒක බලන්න වෙනවා.තව දෙයක් කලින් අට වෙනි එපසොඩ් එකේදී බේරාගැනීමේ යානයක් විනාශ උනානේ ඒක ගැන හොයල බලන්න පෘතුවියට නියෝජිතයෙක් එනවා ඒ කව්ද කියලා බලන්න වෙන්නෙත් මේ එපියෙන්ම තමයි.

එහෙනම් තවත් උපසිරසියකින් ආයෙත් මුණගැහෙමු එතකන් ආයුබෝවන්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 උපසිරසිය 720p Bd Eng Sub 10bit Hevc පිටපත් සදහා ගැලපේ.

691 downloadsDownload Waiting-in-the-Summer-EP-09-10.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/Kaweesha-Kalyana-e1524198651195.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවීෂ කල්‍යාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවීෂ කල්‍යාණ

Subtitles

691 downloadsDownload Subtitles37 KB

6 comments

  1. Shiromal

    Elama..
    Thanks for sub..
    Thank You..
    digatama demu..

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Chanu mikhail

    thanks bro.. digatama anime demuuuu, ;) jaya weva...!!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Pavith Wijesooriya

    මේ එපි දෙකේ උපසිරසි වලටත් ගොඩාක් ස්තූතියි...