ඔන්න එහෙමනම් බයිස්කෝප් සිංහලෙන් තුළින් මේ හමුවෙන්නෙ මාවල් සිනමා විශ්වීය ඉතිහාසයේ මේ අවුරුදු ගාණට ඒ් කිව්වෙ 2008 අවුරුද්දේ Iron Man චිත්‍රපටය නිකුත් වුණ දවසේ සිට 2019 අවුරුද්දේ Spider-Man: Far from Home නිකුත් වෙච්ච දවස වෙන තුරු දවස වෙනකල්ම වෙනස්ම ආරයේ රූපවාහිණී කතා මාලාවක් අරගෙන. S.H.I.E.L.D. කතා ම…

ඔන්න එහෙමනම් බයිස්කෝප් සිංහලෙන් තුළින් මේ හමුවෙන්නෙ මාවල් සිනමා විශ්වීය ඉතිහාසයේ මේ අවුරුදු ගාණට ඒ් කිව්වෙ 2008 අවුරුද්දේ Iron Man චිත්‍රපටය නිකුත් වුණ දවසේ සිට 2019 අවුරුද්දේ Spider-Man: Far from Home නිකුත් වෙච්ච දවස වෙන තුරු දවස වෙනකල්ම වෙනස්ම ආරයේ රූපවාහිණී කතා මාලාවක් අරගෙන. S.H.I.E.L.D. කතා මාලාව ඇතුළු කතා මාලා කිහිපයක්ම මාවල් සිනමා විශ්වය තුළින් නිකුත් වුණත් මේක තමයි ඒ හැම එකකටම වඩා වෙනස්. මොකද කිව්වොත් මේක Sitcom මිශ්‍රිත කතා මාලාවක්. Sitcom ගැන පැහැදිලි කිරීමක් ලිපියෙ අන්තිමට කියන්නම්.
හරි මේ ගෙනාවේ 2020 පුරාම හාමතෙන් සිටි මාවල් රසිකයන්ගේ කුස පුරවමින් MCU එකෙන් Disney+ හරහා නිකුත් කරපු නවතම කතා මාලාව WandaVision. දැන් අහන්න එපා මන්ද පමා කියලා. 😛 විමාගේ පෙරැත්තය නිසාත් මට තිබුණු ආසාව නිසාත් තමයි මේක කළේ. 🙂 ස්තුතියි විමා අයියට ඒ වෙනුවෙන්.
පරක්කු වුණ නිසාම වැඩි දෙයක් කියන්න බලාපොරොත්තුවක් නෑ වොන්ඩා සහ විෂන් ගැන. ඔයාලා ඔවුන්ව මීට කලින් දැකල තියෙනවනේ චිත්‍රපට ගණනාවකම. කතාව ගැන කිව්වොත් අද කොටස පටන්ගන්නේ වොන්ඩා-විෂන් තමන් කලින් හිටපු විශාල නගරය දාලා ඇවිත් අලුත් නගරයක, අලුත් නිවසක පදිංචියට ඇවිල්ලා නව ජීවිතයක් අරඹලා තියෙන්නේ කොහොමද කියන එක ගැනයි. එහෙනම් අපි බලමුකෝ අද කතාවේ වෙන්නේ මොනවද කියලා. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.
මොකක්ද මේ Sitcom කියන්නේ?
Sitcom පළමු හා දෙවන කොටස්නම් Sitcom කියන වචනේ තේරුම Situation comedy. සරලවම කිව්වොත් එකම චරිත කිහිපයක් විසින් විවිධ හාස්‍යජනක කතා රඟ දැක්වීම තමයි එහි අර්ථය. හැබැයි අපි සාමාන්‍යයෙන් Sitcom අඩවියෙන් ලබා දෙන්නේ නෑ. ඒ මොකද මේවායේ තියෙනවා ඉංග්‍රීසි භාෂාවටම ආවේනික වෙච්ච හාස්‍යජනක දෙබස්. ඒවා ගොඩක්විට ඒ රසයෙන්ම, ඒ අරුතම දීලා සිංහලට අනුවර්තනයක් කරන එක කරන්න අමාරු වැඩක් නෙමෙයි, කරන්න බැරි වැඩක්. ඒ නිසයි ඒවා අපි දෙන්නෙ නැත්තේ. ඒත් මේක අපි ලබාදෙන්න තීරණය කළේ මාවල් සිනමා විශ්වයට බැඳුණු කතා මාලාවක් නිසාමයි.
Sitcom රසවිඳින්න තියෙන හොඳම ක්‍රමය තමයි අපි ලබාදෙන සිංහල සබ් එක්ක චිත්‍රපටි හා කතා මාලා නරඹද්දි හොඳින් වචනවලට ඇහුම්කන් දෙන්න. එතකොට ටික ටික ඉංග්‍රීසි භාෂාව හුරු වේවි. ඒ වගේම ඉංග්‍රීසි උපසිරස එක්කත් ඒ චිත්‍රපටි බලන්න. අපි ඉංග්‍රීසි උපසිරස එක්ක බලන්න කාටවත් තහනම් කරලා නෑ. (සමහරු හිතනවා එහෙමත්. නෑ සබ් එක්ක බලන අය නෙමෙයි නොබලන උගත් ප්‍රාඥයින් :D) ඊටපස්සෙ සබ් නැතුව වචන තේරුම්ගන්න උත්සහ කරන්න. නිවැරදිව පරිවර්තනයක් කරන්න උත්සහ කරලාත් බලන්න කැමතිනම්. ඊට පස්සේ ඔය සිට්කොම් කතා මාලා බලලා පහසුුවෙන්ම ඔයාලට රසවිඳින්න හැකි වේවි. ඔය දේවල් කරලා තමයි මමනම් ඉංග්‍රීසි ඉගෙනගත්තේ සහ තවමත් ඉගෙනගන්නේ. ඔය මොනා කළත් තවමත් මම සිංහල උපසිරස රසවිඳිනව. ඒක හදවතටම දැනෙනවා.
තවත් උපසිරසකින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
15,149 downloadsDownload WandaVision-E01.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
47 comments
Kalana Dhananjaya
එල්.සී. දමැල්
මේකනේ සහෝ. අපේ අය ගොඩක් ඇත්තටම දැන් බිසී වෙලා. විනෝදාංශය විදිහට මේක කරපු අයගේ ජීවිතවල වගකීම් සහ කාර්යබහුලත්වය එක්ක දැන් එයාලා සබ් කරන්නේ නෑ. මම හිතනව ඒකට කාලෙක ඉඳල කමෙන්ට් අඩු වෙන්න ගැනීමත් සාපේක්ෂව හේතු වෙන්න ඇති කියලා. අපි හැමෝටම ඒ ගැන එක සමානව දුකයි. නමුත් ඉතින් වෙන සයිට්වලින් දෙන සබ් බැලුවා කියලා අපි වැරැද්දක් කියන්නෙ නෑ. ඒව විවේචනය කරන්නනෙත් නෑ. ඒත් කියන්න තියෙන්නෙ, ප්‍රමාද වෙලා හෝ ලැබෙන අපේ ඒවයි පොඩ්ඩක් සසඳලා බලන්න කියලායි. ඊට පස්සෙ රසික ඔයාලම ඒ විවේචනය සිද්ධ කරන්න. මොකද පුද්ගලිකව මමත් මම දන්න බයිස්කෝප් සහෝදරයනුත් ඉක්මන නිසා නිර්වද්‍යතාව වතුරෙ යවන්නෙ නෑ. ගොඩක් මහන්සි වෙලයි කරල දෙන්නෙ මේව.
කමෙන්ට් කරනවට ගොඩක් ස්තුතියි ගොඩක්. ❤️
ජය :)thathsaragayan
ඔව් බ්න් මටත් හිතුන එහෙම, but keep going brooo...
Anonymous
Comment අඩු වෙන්න ලොකුම හේතුව වුනේ කිසිම reply එකක් නැතිකම සහෝ....
කතා දෙකක් නෑ baiscope sub තරම් quality නෑ වෙන මොන sub එකක්වත්, නමුත් මේ දවස්වල ෆිල්ම් නැතුව වේලී වේලී ඉන්න නිසා හැමෝම මුලින්ම sub දෙන එකෙන් බලනවා,ඒකයි වෙන්නේ
geeganagamage
Marvel කිවොත් ඕනෑම එකක් බලනවා .
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .Kps
එල එල ස්තූතියි
Nilush Angana
Sub ekata thanx
Shaggy
Thank you very much
මල්ෂා සිල්වා
ගොඩක් ස්තුතියි අය්යේ.
මේක හරි අමුතුයි ඒත්Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Anonymous
supiri
thathsaragayan
Thanks bn.මේකෙ එක දෙනක්ම් බලාගෙන හිටියේ. දැන් කට්ටිය බිසී හින්දද මන්දා සබ් දෙන්න ටිකක් පරක්කුයි වගේ.බලාපොරොත්තුවෙන් හිටිය සබ්ටයිටල් දෙක තුනක්ම ඒවගේම WW84 ත් එක්ක එන්න කල් ගියා.
දවසට දෙතුන්පාරක් හෝම් පේජ් එක රීෆ්‍රෙශ් කරල බැලුවට කොරියන් අනංමනන් ටික ඇරුනම වෙන අප්ඩේට්ස් නෑ.මේ කොරොන කරදර හින්දා සබ් කරන්න කට්ටියත් නැද්ද මන්දා.
Chilling Advantures Of Sabrina Season 4 සබ්ටයිටල් එක බලාපොරොත්තුවෙන් ඉන්නව.sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
mindika
Thanks !!!!!!
Anonymous
Thanks
විමා
සබට තුති මලේ!
මාවල් සමාජයට සාදරෙන් පිළිගන්නවා! ❤️
අනිකත් සෙනිකවම දෙමු.Anonymous
trollhunters serise ekatath sub ekkak dennako
Anonymous
ow ekata sub ekakkaroth hodai
එල්.සී. දමැල්
Seasons 3ක් තියෙන කතාවක් නේද? කාලය එක්ක මටනම් කරන්න අමාරු වේවි. සම්පූර්ණෙන්ම කතාව උපසිරස කරන්න පුලුවන් කෙනෙක් හිටියොත් දෙනන පුලුවන් වේවි ඉදිරියට. උපසිරස කරන අයට කියල බලන්නම්කො :)
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
thank u
Nuwan
thanks Sabrina s04 eketh sub demu
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට.. කියන්න සංතෝසයි පදුරකට පයිම් ගැහුවත් මාර්වල් ෆෑන්ස්ලා විසි වෙන රටේ තාම 500ක් සබ් එක ඩවුන්ලෝඩ් කරලා නෑ.. හරි විදියට බැලුවොත් 5000ක්වත් ඩවුන්ලෝඩ්ස් යන්න ඕනි.. හැබැයි ඇහුවොත් සේරම මාබල් ෆෑන්ස්ලා...
ජය වේවා.. බුදුසරණයි..!එල්.සී. දමැල්
ටිපර් කරන්න නේද හදන්නේ මාවල් ඩයි හාඩ් ෆෑන්ස්ලව? :P
අනේ මන්දා සමහරු අකමැතියි මං හිතන්නේ මේක පළමු එපිසෝඩ් දෙකේ ගලා යෑමට කොමඩි ගතිය තිබුණු නිසා. එයාලා බලාපොරොත්තු වුණේ ටිපිකල් සුපර්හීරෝ ප්ලොට් එකක් වෙන්න ඇති මේකෙනුත්. මේක ඉතින් වෙනස්. හැබැයි පරණ සිට්කොම් වල යොමුදැක්වීම් මතක් කිරීම්වලට ගොඩක් අය කැමති වුණා.Kevin
දැන් මාවල් ෆෑන්ලා FB link වලින් බලන්නේ සබ් නැතුව ....
Anonymous
supiriyak thank
UDARA DAMITH
elaaaaaaaaaaaaaaaaaaaa
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Kaveesha Lasith
Thanks
Waruna Kamalawansha
නියමයි..... එනකල් හිටියේ
බොහෝම ස්තූතියි...Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Dushan
nice
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Anonymous
meka api download kra gnne khmd?
Pramukmili
Thanx bro..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sasanka
Thanks for the sub
Dewadithya
Thanks for sub!
ශශී ඩී.ජාගොඩ
බොහොම ස්තුතියි අයියේ
Sadee
Thank for dub
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
Bimbisha Adithya
උපසිරැසියට බොහොම ස්තූතියි ♥️
Anonymous
tank
Chamika N Lakshan
Meka balana ayata kiyanne meke anthima episode eke 8:15 dii Sorcerer Supreme(The Ancient One, Doctor Strange wage aya) gana deyak kiyanwa eka theren nathnam man E09 episode post eke comment ekak dala thiyanawa eka kiyawanta
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Ravindra
තෑන්ක්ස්
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ශ්‍රී ළංකා ක්‍රිකට් වගේ වෙලා දැන් බයිස්කෝප් එකත්,ඇත්තටම දුකයි,පොඩි පොඩි සයිට් ඉක්මනටම සබ් දෙනවා.එත් බයිස්කෝප් සබ් වෙනුවෙන් අපි තාම බලන් ඉන්නවා.වැරදි හදාගෙන ඉස්සරහට යමු.ස්තූතියි.