Watch Trailer

War & Peace (2016) [E03] with Sinhala Subtitles | යුද්ධය හා සාමය [සිංහල උපසිරසි සමඟ]

1805-1812 අතර වකවානුවේ දී ප්‍රංශ අධිරාජ්‍යයා වූ නැපෝලියන් බොනපාට් රුසියාව යටත් කර ගැනීමට උත්සාහ කිරීමේ දී ඇති වන යුද්ධයත් සමඟ රුසියාවේ වෙසෙන වංශවත් බෙසුකොව්, බොල්කොන්ස්කි, රොස්ටොව්, කුරගින්, ඩෲබෙට්ස්කෝයි යන පවුල් පහේ සාමාජිකයින් මුහුණදෙන්නා වූ සිදුවීම් පෙළක් පිළිබඳ රුසියාවේ මහා ගත්කරු ලියෝ ටෝල්ස්ටෝ…

War-&-Peace-(TV-Mi-2016)-3

1805-1812 අතර වකවානුවේ දී ප්‍රංශ අධිරාජ්‍යයා වූ නැපෝලියන් බොනපාට් රුසියාව යටත් කර ගැනීමට උත්සාහ කිරීමේ දී ඇති වන යුද්ධයත් සමඟ රුසියාවේ වෙසෙන වංශවත් බෙසුකොව්, බොල්කොන්ස්කි, රොස්ටොව්, කුරගින්, ඩෲබෙට්ස්කෝයි යන පවුල් පහේ සාමාජිකයින් මුහුණදෙන්නා වූ සිදුවීම් පෙළක් පිළිබඳ රුසියාවේ මහා ගත්කරු ලියෝ ටෝල්ස්ටෝයි විසින් රචිත ලෝක ප්‍රසිද්ධ නවකතාවක් වූ “යුද්ධය හා සාමය“ නැමැති ග්‍රන්ථය ඇසුරින් එනමින්ම 2016 වසරේ දී පුංචි තිරයට ගෙන ආ කෙටි මාලා නාටකයේ තෙවන කොටස.

දෙවන  කොටසින්…….

හෙලෙන් සමඟ තම විවාහ ජීවිතය පටන් ගන්ත පියරේට ඇයත් සමඟ තමන්ට හිමි වතුපිටි පුරා සංචාරය කිරීමට ඕන වෙනවා. නමුත් නාගරික, අසම්මත ජීවන රටාවකට හුරුවී සිටින හෙලෙන් මේ ගම්බද චාරිකාවට කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ හින්දා වතුපිටි සම්බන්ධ රාජකාරි හරියට කරගැනීම සඳහා පියරේ තනිවම මේ ගමන යා යුතු බව ඇය පවසනවා.  

මාර්යාට හිමි ධනය නිසාම ඇනටෝල් වෙනුවෙන් ඇය වෙත විවාහ යෝජනාවක් රැගෙන වැසීලි හා ඇනටෝල් කුරගින්බොල්කොන්ස්කි මැදුර වෙත යනවා. මොවුන් ගැන පැහැදීමක් නැති නිසාත් තම දියණිය විවාහ කරදීමට දක්වන අකමැත්තත් නිසා මහළු බොල්කොන්ස්කි සිටුතුමා විසින් මාර්යාට මෙම විවාහයට එකඟනොවී සිටිමට සිදුවන ආකාරයට කටයුතු කරනවා. ඒ වගේම ඇනටෝල් හා බූරියේන් අතරේ සම්බන්ධයක් ඇති වේ යැයි පවසනවා. මෙයින් කම්පනයට පත්වන මාර්යා තම කුටියට යන අතරතුරේ ඇනටෝල් හා බූරියේන්ගේ අනිසි හැසිරීමක්  දකිනවා. මේ සියළු කාරණා හින්දා අවසානයේ මාර්යා තමා වෙත ගෙන ආ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. මේ තීරණයෙන් ඉතින් වැඩියෙන්ම සතුටු වෙන්නේ මාර්යාගේ පියා තමයි.

ප්‍රංශ හමුදාවන් සමඟ ගැටුම් ඇති නොකර ගනිමින් පසුබැසීම ජනරල් කුටුසොව්ගේ අරමුණ වුවත් සාර්ට ඕන කරන්නේ තම හමුදා ඉදිරියට මෙහෙයවා සටන් කරන්නයි. මේ නිසා තම හමුදාව ඉදිරියට යවන ලෙස සාර් නියෝග කරනවා. නමුත් රුසියානු හමුදාව දන්නේ නැහැ තමන් මේ යන්නේ නැපෝලියන් ප්‍රමුඛ ප්‍රංශ හමුදාවේ උගුලක් තුළට බව. මෙලෙස ඔස්ටලිට්ස් හි දී රුසියානු හමුදාව ප්‍රංශයේ ප්‍රබල කාල තුවක්කු ප්‍රහාරයකට ලක්වෙනවා. මෙයින් කලබල වන රුසියානු හමුදා භටයින් සටන අතහැර පලා යනවා. ඔවුන් වැළැක්වීම සඳහා බිම වැටුණු තම ධජයත් රැගෙන ඉදිරියට යන ඇන්ඩ්‍රේ ප්‍රංශ හමුදා භටයෙකුගේ බයිනේත්තු ප්‍රහාරයක් හමුවේ ඇද වැටෙනවා. අන්තිමට දැඩි හානියක් සමඟ රුසියාව පරාජයට පත්වෙනවා.

මේ පසුබැසීමත් සමඟ ඉතිරි වූ අය නැවත තම නිවෙස් කරා එනවා. පියරේ තම මිත්‍රයෙක් වූ ඩොලොකොව් හට තම නිවසේ රැඳෙන්න ආරාධනා කර තිබෙනවා. ඒත් ඩොලොකොව්ගේ නරක ගති පැවතුම් හේතුවෙන් හෙලෙන් නම් මෙයට කැමති නැහැ. නමුත් පියරේ විසින් හෙලෙන්ට දැඩි ලෙස පවසන්නේ තම මිත්‍රයාට හොඳින් සැළකිය යුතු බවයි. මේ අතරේ පවුලේ අය සතුටට පත් කරමින් නිකොලායි රොස්ටොව්, තම සමීපතම මිත්‍ර වැසීලි ඩෙනිසෝව් ද කැඳවා ගෙන තම නිවසට එනවා. මේ අතරේ බොල්කොන්ස්කි පවුලට නම් ලැබෙන්නේ නරක ආරංචියක්. ඇන්ඩ්‍රේ මිය ගිය බව දන්වා ජනරල් කුටුසොව් ලිපියක් එවා තිබෙනවා. මෙයින් ඇන්ඩ්‍රේගේ පියා හා සොයුරිය දුකට පත්වුවත් මේ ගැන ඔහුගේ බිරිඳට පවසන්නේ නැහැ ඒ ඇය දරුවා ලැබීමට ආසන්නව සිටින නිසා. එහෙත් ඇයට දරුවා ලැබෙන මොහොතේදී සියල්ලන්ම පුදුම කරවමින් ඇන්ඩ්‍රේ තම නිවසට පැමිණෙනවා. ඒත් ඇන්ඩ්‍රේ හා අළුත උපන් පුතුව තනි කරමින් ලිසේ මිය යනවා.

පියරේගේ නිවසේ සිටින ඩොලොකොව් පියරේට හොරාම හෙලෙන් සමඟ අනිසි සම්බන්ධයක් ඇති කර ගත්තත් ඒ ගැන යම් කෙනෙක් ලිපියක් මඟින් පියරේ වෙත දන්වනවා. නමුත් හෙලෙන් සමඟ මේ කිසිවක් නොපවසන පියරේ, නටාෂාගේ පියා විසින් යුද්ධයේ සිට පැමිණි හමුදා සාමාජිකයින් සඳහා පවත්වන රාත්‍රි භෝජන සංග්‍රහයට යනවා. මෙහිදී ඩොලොකොව් හිතාමතාම පියරේව සමච්චලයට ලක් කරනවා. මෙයින් කෝපයට පත්වන පියරේ සියළු දෙනා ඉදිරියේ ද්වන්ධ සටනක් සඳහා ඩොලොකොව්ට අභියෝග කරනවා. ඩොලොකොව් කිසිම පැකිළීමකින් තොරව අභියෝගය භාරගන්නවා

අද….

පියරේ සහ ඩොලොකොව්ගේ ද්වන්ධ සටනින් තමයි අද කතාව පටන් ගන්නේ. අපොයි එතකොට සොල්දාදුවෙක් එක්ක ද්වන්ධ සටනකින් පියරේ මොනවා කර ගනීද?? මොනවා වෙන්නද ඉතින් පියරේ වෙඩි තියනවා ඩොලොකොව්ට. ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ……….

 

Jessica Jones (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

war.and.peace.s01e03.hdtv.x264-river

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 Sinhala Subtitles

337 downloadsDownload war.and_.peace_.s01e03.Baiscopelk.com_.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                         All Episodes                        Next Episode>>

Subtitles by

සජීවි වේහැල්ල

Subtitles

337 downloadsDownload Subtitles31 KB

14 comments

  1. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  2. praneeth madu

    ඉදිරියට යමු ඔබට ජය

  3. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. chin

    mac episode 2 sub eka down wenne??????????????

  5. Chami.S

    Thanks...

  6. Práðèép Üðäýàñgå

    දෙවනි එපියෙ සබ නැවත ලබා දිලා තියෙන්නේ තුන් වෙනි එපියටත්...

  7. Muditha Praboth

    සහෝම් එතන තියෙන්නේ දෙවෙනි එපියට අදල සබ් එක නේද

  8. kushani sanjula

    me 2 weni epiye sub akne thiyenne

    1. සමන් ප්‍රසාද්

      උපසිරසි සම්බන්ධව තිබූ ගැටළුව විසඳා ඇත...

    2. Chami.S

      Thanks...

  9. Muditha Praboth

    ela ela. thanx bro

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. gaya

    thanks

  12. S.Alahakoon

    torrent download kranna nathhtan..meka kohomada download kranne..link ekak penna na ne