Watch Trailer

War & Peace (2016) [E04] with Sinhala Subtitles | යුද්ධය හා සාමය [සිංහල උපසිරසි සමඟ]

1805-1812 අතර වකවානුවේ දී ප්‍රංශ අධිරාජ්‍යයා වූ නැපෝලියන් බොනපාට් රුසියාව යටත් කර ගැනීමට උත්සාහ කිරීමේ දී ඇති වන යුද්ධයත් සමඟ රුසියාවේ වෙසෙන වංශවත් බෙසුකොව්, බොල්කොන්ස්කි, රොස්ටොව්, කුරගින්, ඩෲබෙට්ස්කෝයි යන පවුල් පහේ සාමාජිකයින් මුහුණදෙන්නා වූ සිදුවීම් පෙළක්පිළිබඳ රුසියාවේ මහා ගත්කරු ලියෝ ටෝල්ස්ටෝය…

War-&-Peace-(TV-Mi-2016)-3

1805-1812 අතර වකවානුවේ දී ප්‍රංශ අධිරාජ්‍යයා වූ නැපෝලියන් බොනපාට් රුසියාව යටත් කර ගැනීමට උත්සාහ කිරීමේ දී ඇති වන යුද්ධයත් සමඟ රුසියාවේ වෙසෙන වංශවත් බෙසුකොව්, බොල්කොන්ස්කි, රොස්ටොව්, කුරගින්, ඩෲබෙට්ස්කෝයි යන පවුල් පහේ සාමාජිකයින් මුහුණදෙන්නා වූ සිදුවීම් පෙළක්පිළිබඳ රුසියාවේ මහා ගත්කරු ලියෝ ටෝල්ස්ටෝයි විසින් රචිත ලෝක ප්‍රසිද්ධ නවකතාවක් වූ “යුද්ධය හා සාමය“ නැමැති ග්‍රන්ථය ඇසුරින් එනමින්ම 2016 වසරේ දී පුංචි තිරයට ගෙන ආ කෙටි මාලා නාටකයේ සිවුවන කොටස.

තෙවන  කොටසින්…….

තුවක්කුවකින් වෙඩි තියා ගන්නවත් දැනන් නොහිටිය පියරේ, ඩොලොකොව් සමඟ තිබූ ද්වන්ධ සටනින් ජයගත්තා. ද්වන්ධ සටනින් තුවාල ලබන ඩොලොකොව්ව නිකොලායි විසින් ප්‍රතිකාර කිරීම සඳහා ගෙන යනවා. ඒත් පියරේ නම් බොහෝම කම්පනයට පත්වෙලා තමයි තම නිවසට එන්නේ. ඔහු නිවසට එන විට ඇනටෝල් හෙලෙන් සමඟ සිටිනවා. නමුත් ඔවුන් දැකිමෙන් පියරේ නොරිස්සුම් වන නිසා ඇනටෝල් එතනින් මාරුවෙලා යනවා. හෙලෙන් ද්වන්ධ සටන ගැන පියරේට හොඳටම දොස් පවසනවා. මේ නිසා ඔවුන් අතරේ සිදුවන බහින්බස් වීමේ දී හෙලෙන් ඇගේ හිතේ පියරේ ගැන තිබෙන අකමැත්තත් තමන්ට පෙම්වතුන් සිටීමේ වැරැද්දක් නොමැති බවත් පවසනවා. මෙයින් දැඩි සේ කෝපයට පත්වන පියරේ ඔවුන් දෙදෙනා වෙන්විය යුතු බව පවසනවා.  

මේ ආරවුලෙන් පසුව පියරේ පීටර්ස්බර්ග් බලා යනවා. මේ ගමන පියරේගේ ජීවිතය මුළුමනින්ම වෙනස් කිරීමට සමත් වෙනවා. මන්ද මේ ගමන අතරතුරේ ඔහුට මේසන්වරයෙකු හමුවෙනවා. මේ හමුවීමෙන් පසු පියරේ තම ජීවිතය දෙස බලන ආකාරය වෙනස් කරමින් අනුන් වෙනුවෙන් සේවය කිරීමට කැපවෙනවා.

තම බිරිඳගේ මරණයට මුහුණදුන් ඇන්ඩ්‍රේ නැවත යුද්ධයට නොයා තම පවුල සමඟ සිටීමට තීරණය කරනවා.  නිකොලායි සමඟ පැමිණි ඔහුගේ හමුදා මිත්‍රයා වන ඩෙනිසොව් රොස්ටොව් පවුල සමඟ සතුටින් කාලය ගත කරන අතරේ නටාෂා වෙත තම ආදරය ගැන පවසනවා. නමුත් ඇය ඩෙනිසොව්ට කැමැත්ත දෙන්නේ නැහැ. මේ අතරේ රොස්ටොව් නිවසේ සිටින ඩොලොකොව් සෝන්‍යා වෙත විවාහ යෝජනාවක් ගෙන යනවා. නමුත් නිකො‍ලායිට දැඩි ලෙස ආදරය කරන සෝන්‍යා ඊට කැමැති වෙන්නේ නැහැ. නමුත් මේ පිළිබඳව නටාෂා නිකොලොයිට පැවසු විට ඔහු සෝන්‍යාට පවසන්නේ ඩොලොකොව්ට කැමැති වන ලෙසයි. ඒත් විවාහ නොවීම ඊට වඩා හොඳ බව පවසමින් ඇය ඩොලොකොව්ව පිළිගන්නේ නැහැ. පියරේගෙන් වෙන්ව සිටින හෙලෙන් බොහොම නිදහසේ අළුත් පෙම්වතුන් ආශ්‍රය කරමින්  කාලය ගෙවනවා. ඒ අතරේ නටාෂා විවාහ ගිවිසගත් බොරිස්  ඩෲබෙට්ස්කෝයි සමඟත්  සම්බන්ධයක් ඇති කර ගන්නවා.

නිකොලායි විසින් ඩොලොකොව් සමඟ කාඩ් සෙල්ලම් කිරීමෙන් රොස්ටොව් පවුල ද අමාරුවේ දමමින් විශාල මුදලක් ණය වෙනවා. මෙයින් මොස්කව් නිවස වසා දමා සිය පවුල සමඟ ඔට්‍රැඩ්නො යාමට ඉල්‍යා රොස්ටොව් තීරණය කරනවා. 1807 වසරේ දී නැපෝලියන් විසින් රුසියාව සමඟ සාම ගිවිසුමක් අත්සන් කරනවා. මෙයින් යුද්ධයට තාවකාලික විරාමයක් ලැබෙනවා.

මෙසේ කාලය ගතවන අතරේ 1809 වසරේ දී තම වතුපිටි වල සංචාරය කරමින් තම යටත් වැසියන්ගේ ජීවිත තත්ත්වය උසස් කරමින් සිටින පියරේ තම සමීපතම මිත්‍රයා, ඇන්ඩ්‍රේ හමුවීමට එනවා. මේ හමුවීමේ දී පියරේ විසින් ඇන්ඩ්‍රේ හට නැවත විවාහ වන ලෙස ඉල්ලනවා. නමුත් ලිසේගේ මිය යාමත් සමඟ කළකිරීමට පත්ව සිටින ඇන්ඩ්‍රේ ඊට අකමැත්තක් දක්වනවා. මේ අතරේ බොල්කොන්ස්කි සිටුවරයා විසින් ඉල්‍යා රොස්ටොව් හමුවීමට ඔට්‍රැඩ්නො යන ලෙස ඇන්ඩ්‍රේට පවසනවා. මේ ඔට්‍රැඩ්නො ගමන ඇන්ඩ්‍රේ සහ නටාෂාගේ ජිවිතය වෙනස් කරනවා.

මේ අතරේ මේසන්වරයා හමුවන පියරේ තමන්ගේ සිතට තවමත් සහනයක් නොදැනෙන බව පවසනවා. එවිට ඔහුට ලැබෙන උපදේශය නම් සියල්ලන්ටම සමාව දෙන ලෙසයි. ඉතින් පියරේ හෙලෙන්ටත් සමාව දී නැවත ඔවුන්ගේ විවාහ ජීවිතය පටන් ගන්න එන ලෙස ඇයට දන්වනවා. හෙලෙන්, පියරේ වෙත ආවත් තම පැරණි පුරුදු නම් අතහැරලා නැහැ.

1809 ශීත සෘතුවේ දී සාර්වරයා විසින් ආලිංගන නැටුමක් පවත්වනවා. මෙයට යාමට සිටින හෙලෙන් බොරිස්ට කළින්ම කියනවා එදින තමන් අසළටවත් එන්න එපා කියලා. ඒ වගේම නටාෂා බලාපොරොත්තුවෙන් ඉන්නේ එහිදී ඇන්ඩ්‍රේ හමුවී ඔහු සමඟ නර්තනයේ යෙදෙන්න. ඉතින් ඒ බලාපොරොත්තුව ඉටු කරමින් නටාෂා ඇන්ඩ්‍රේ සමඟත් නර්තනයේ යෙදෙනවා. මේ හමුවීමෙන් පසු ඇන්ඩ්‍රේ නටාෂාට පෙම් කරනවා. ඔහු මේ බව පියරේට පවසනවා. ඉතින් පියරේ ඔහුට පවසන්නේ ඉක්මනින්ම ඇයට ඒ බැව් පවසා ඇය හා විවාහ වන ලෙසයි.

අද….

ආලිංගන නැටුමෙන් පසු ඇන්ඩ්‍රේ තම නිවසට නොපැමිණීම ගැන නටාෂා සිතමින් සිටින අතරේ, ඇන්ඩ්‍රේ නටාෂා ගැන තම පියාට පවසනවා. පියා අවවාද කරන්නේ විවාහය වසරකට කල් දමා විදේශයක සංචාරය කරන ලෙසත් ඒ වසර අවසානයේ ඔහුට අවශ්‍යම නම් ඇයව විවාහ කරගන්නා ලෙසත්ය. ඉතින් මේ වසර තුළ මොනවා වෙයිද…

 

Jessica Jones (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

War.and.Peace.2016.S01E04.HDTV.XviD-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 Sinhala Subtitles

374 downloadsDownload War.and_.Peace_.2016.S01E04.Baiscopelk.com_.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                         All Episodes                        Next Episode>>

Subtitles

374 downloadsDownload Subtitles30 KB

10 comments

  1. Chami.S

    Thanks...

  2. Krishan NiShalya

    patta
    ithurutikath denna ikmanata
    thanks sub ekata

    Good Luck,,,,,!
    ☺☺☺☺☺

  3. Ishara Keerthirathna

    ගොඩක් ස්තූතියි සහෝ...

  4. praneeth madu

    බොහොම ස්තූතියි සබට

  5. Kulanjana Maduranga

    niayamai…thanks SAJEVI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. නවින් නිසල්

    සබ් එක එනකම් බලාගෙන ඉදියේ , තැන්ක්ස් !!!!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. chin

    supiri kathawak..thnx .....

  9. chin

    5he epiyatath sub denna

  10. hm

    sub too late.thanks

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.