Watch Trailer

The Batman [S03 : E07] with Sinhala Subtitles | කළු පූසෝ [සිංහල උපසිරසි සමඟ]

බැට්මෑන් රසිකයෝ හැමෝටම ආයුබෝ වේවා! ඔන්න තුන් වෙනි සීසන් එකේ හත් වෙනි එපිය ගෙනාවා. අද වෙනස් කතාවක් අරන් ආවේ. මේ දවස් වල ගෙනාව ගොඩක් එපි වල අපේ බාබරා කෙලි පැටික්කී ඉන්නවා. බැට්ගර්ල් ගෙ ඇත්ත නම බාබරා ගෝර්ඩ්න්. දන්නවා නෙ. ඔන්න අද ගෙනාව එකෙත් ඉන්නෝ ඈ. ඒ වගේම ඔයාලා දන්න කියන දෙන්නෙකුත් ඉන්නවා. ඒ තමා කලිම…

The-Batman-TV-3

බැට්මෑන් රසිකයෝ හැමෝටම ආයුබෝ වේවා! ඔන්න තුන් වෙනි සීසන් එකේ හත් වෙනි එපිය ගෙනාවා. අද වෙනස් කතාවක් අරන් ආවේ. මේ දවස් වල ගෙනාව ගොඩක් එපි වල අපේ බාබරා කෙලි පැටික්කී ඉන්නවා. බැට්ගර්ල් ගෙ ඇත්ත නම බාබරා ගෝර්ඩ්න්. දන්නවා නෙ. ඔන්න අද ගෙනාව එකෙත් ඉන්නෝ ඈ. ඒ වගේම ඔයාලා දන්න කියන දෙන්නෙකුත් ඉන්නවා. ඒ තමා කලිම් එපියෙත් හිටිය අපේ ජෝකර් මලයා. අද ඉන්න අනිත් කෙනා කැට් වුමන්. කාලෙකට පස්සේ එයත් ඇවිත්.

සෙලීනා කායිල්. එහෙම කිව්වම ඒ කැට් වුමන් ගේ ඇත්ත නම කියන එක බැට්මෑන් පිස්සන්ට නම් ඉක්මනින් මතක් වෙනවා. මේ සෙලීනා කායිල් ගැන ගොඩක් විස්තර තියෙනවා බැට්මෑන් සීසන් ගොඩක. ඒ වගේම බැට්මෑන් රසිකයෝ බලන “ගෝතම්” ටීවී සෙරීස් එකෙත් ඉන්නවා නෙ සෙලීනා. අපි මේ බලන කාටුන් සෙරීස් එකට අනුව සෙලීනා කායිල් කියන්නේ ජීවත් වෙන්න හොරකම් කරන හොරෙක් නෙවෙයි. එයා හොරකම් කරන්නේ විනෝදෙට, ත්‍රාසජනක ක්‍රීඩාවක් කරා වගේ ඒකෙන් ලැබෙන විනෝදෙට. (අමුතුම විනෝදයක් තමා) සෙලීනා කායිල්, එහෙම නැත්නම් කැට්වුමන් අද කතාවේ ප්‍රධාන තැනක් ගන්නවා.

කිල්ගෝ කියලා මිනිහෙක් ගේ විනෝදාංශය තමා වඳවීගෙන යන සතුන් දඩයම් කිරීම. මේ මිනිහා හරි අමානුෂික විදිහට සත්තුන්ව දඩයම් කරන මස් වැද්දෙක්. මේ මිනිහා ජෝකර් ට බාර දෙනවා කොන්ත්‍රාත්තුවක්. ඒ කොන්ත්‍රාත්තුව තමයි අතිශය දුර්ලභ කළු ව්‍යාඝ්‍රයන් දෙදෙනෙක් හොරකම් කරන් එන්න. නමුත් මේකට කැට්වුමන් ඉඩ දෙන්නෑ. ඒ ඇයි? මේකට බැට්මෑන් සහ බැට්ගර්ල් මැදිහත් වෙන්නේ කොහොමද, කියලා බලමු අද එපියෙන්. ඔබට ජය වේවා!!

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

283 downloadsDownload The-Batman37.Baiscopelk.com_.zip12 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 <<Previous Season                   All Episodes                      Next Episode>>

Subtitles

283 downloadsDownload Subtitles12 KB

5 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. එල්.සී. දමැල්

    උපසිරසට ස්තුතියි සහෝ...
    නැවත උපසිරසකින් හමුවෙමු...

  4. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  5. Naveen Rangana

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.