Watch Trailer

War & Peace (2016) [E05] with Sinhala Subtitles | යුද්ධය හා සාමය [සිංහල උපසිරසි සමඟ]

පස්වන කොටස නම් ටිකක් ප්‍රමාද උනා. පෞද්ගලික වැඩත් එක්ක ඔය වගේ පොඩි පොඩි ප්‍රමාදයන් වෙනවා. ගණන් ගන්න එපා ඉතින්. දැන් බලමුකෝ රුසියාව පැත්තේ මොකද උනේ කියලා. 1809 ශීත සෘතුවේ දී තිබුණු ආලිංගන නැටුමෙන් පස්සේ නටාෂා හා ඇන්ඩ්‍රේ අතර හිතවත්කමක් ගොඩනැඟෙනවා. ඇත්තටම කිවුවොත් දෙන්නම දෙන්නට ආදරය කරනවා. ඒත් ඇන්ඩ්‍ර…

War-&-Peace-(TV-Mi-2016)-4

පස්වන කොටස නම් ටිකක් ප්‍රමාද උනා. පෞද්ගලික වැඩත් එක්ක ඔය වගේ පොඩි පොඩි ප්‍රමාදයන් වෙනවා. ගණන් ගන්න එපා ඉතින්.

දැන් බලමුකෝ රුසියාව පැත්තේ මොකද උනේ කියලා.

1809 ශීත සෘතුවේ දී තිබුණු ආලිංගන නැටුමෙන් පස්සේ නටාෂා හා ඇන්ඩ්‍රේ අතර හිතවත්කමක් ගොඩනැඟෙනවා. ඇත්තටම කිවුවොත් දෙන්නම දෙන්නට ආදරය කරනවා. ඒත් ඇන්ඩ්‍රේ තාම ඒ ගැන තම නිවසට ඇවිත් කිවුවේ නැති එක ගැන නටාෂා වද වෙමින් ඉන්නවා. නටාෂා මෙහෙම වද වෙන අතරේ ඇන්ඩ්‍රේ නටාෂා ගැන තම පියාට පවසනවා. නමුත් රොස්ටොව් පවුල වත්පොහොසත් කමින් අඩු නිසා බොල්කොන්ස්කි සිටුතුමා නම් මේකට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔයාලා දැනටමත් දන්නවනි බොල්කොන්ස්කි සිටුතුමා කියන්නේ බොහොම සූක්ෂමව හැමදේම කණපිට ගහන්න පුළුවන් කෙනෙක් කියලා. ඉතින් ඔහු ඇන්ඩ්‍රේට කියන්නේ විවාහය වසරකට කල් දමා විදේශ සංචාරයකට යන ලෙසයි. ඒ වසර අවසානයේ දී නටාෂා ගැන පෙර ආකාරයෙන්ම හැඟෙනවා නම් ඇය හා විවාහ වන ලෙසත් පවසනවා. ඉතින් ඇන්ඩ්‍රේ නටාෂා හමුවෙන්න ඇගේ නිවසට යනවා. ඔහු නටාෂාට තම ආදරය ප්‍රකාශ කරනවා. ඒ වගේම තම පියාගේ කොන්දේසිය අනුව වසරක් සඳහා ඔවුන් දෙදෙනාට වෙන්ව සිටිමට සිදුවන බවත් පවසනවා. නටාෂා නම් එතරම් කාලයක් වෙන්ව සිටීම ගැන කැමැති නැහැ. නමුත් ඇය ඇන්ඩ්‍රේ වෙනුවෙන් බලා සිටින බව පවසනවා.  

මෙහෙම කාලය ගතවන අතරතුරේ දී, රොස්ටොව් පවුල වැටී සිටින අමාරු තත්ත්වයෙන් ගොඩඒමට නිකොලායි හට ධනවත් ජුලී කරගිනා හා විවාහ වන ලෙස නිකොලායිගේ මව පවසනවා. ඔහුට ඒ ගැන කැමැත්තක් නැහැ. ඉතින් මේ ප්‍රශ්න අමතක කරන්නත් එක්ක පිටිසරට වෙලා සරල ජීවිතයක් ගෙවන  මිකායිල් මාමාගේ නිවස බලා රොස්ටොව් පවුල යනවා. සියල්ලෝම සතුටු වන අතරේ කිසිම කොන්දේසියක් නැතුව කාලයක් පුරාම නිකොලායිට ආදරය කරන සෝන්‍යා වෙතට නිකොලායි විසින් කොළ එළියක් දල්වනවා. නැවත නගරයට එන නිකොලායි හමුදාවට යාමට පෙර සෝන්‍යා කෙරෙහි ඇති තම ආදරය ගැනත් ඇය හා විවාහ වන්න අවශ්‍ය බවත් දෙමාපියන්ට පවසනවා.  මව නම් කෙළින්ම තම විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. කොහොමහරි නටාෂා තාවකාලිකව මේ අවුල විසඳගන්න සමත්වෙනවා.

මේ අතරේ බොල්කොන්ස්කි පවුලේ අය මොස්කව් හි නිවසේ පදිංචියට එනවා. රොස්ටොව් පවුලත් මොස්කව් බලා එනවා. ඔවුන් මොස්කව් වෙත එන විට ඇන්ඩ්‍රේ කුමාරයත් මොස්කව් පැමිණ සිටිවි යැයි නටාෂා බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ බලාපොරොත්තු සුන් කරමින් ඇන්ඩ්‍රේ නොපැමිණෙන බව ලිපියකින් දන්වනවා. මොස්කව් ආ බොල්කොන්ස්කි සිටුතුමා රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වනවා. ඇනා මිකලොව්නා තම පුත්‍ර බොරිස්  ඩෲබෙට්ස්කෝයි සමඟ මෙයට සහභාගි වෙනවා. ඒ තම පුත්‍රයාට මාර්යා කුමරිය දැන හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමටයි. මවගේ උවමනාවට මාර්යා හා කතා කිරීමට බොරිස් උත්සාහ කළද ඇය ඉන්නේ නම් මේ ලෝකේ නෙමෙයි. ඉතින් ඔවුන්ගේ කතබහ නම් සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් බොරිස් පවසන්නේ මාර්යාට වඩා ජුලී කරගිනා හොඳ බවයි. කෙසේ හෝ අවසානයේ බොරිස් හා ජුලී කරගිනා අතර විවාහය තීන්දු වෙනවා.

මේ සිදුවීම් වලින් පස්සේ ඇනා මිකලොව්නා රොස්ටොව් නිවසට යනවා. ඇය විසින් බොල්කොන්ස්කි සිටුතුමා ගැනත් ඒ පවුල ගැනත් පවසා ඔහුව මුණ ගැසීමට යන ලෙස නටාෂාව පොළඹවනවා. අපොයි ඒක නම් බොහොම අනපේක්ෂිත සිදුවීමක්. බොල්කොන්ස්කි සිටුතුමාගේ හැසිරීම නම් බොහොම විකාරයක්. ඉතින් මේකෙන් මාර්යා මෙන්ම නටාෂාත් අපහසුවට පත්වෙනවා. නටාෂා පිටත්වන විට ඇය හා කතා කිරීමට මාර්යා උත්සාහ කළත් එය වැඩක් වුණේ නැහැ. නිවසට ආ නාටාෂා මේ සිදුවීම ගැන බොහෝ කණගාටුවෙන් ඉන්නේ.

ඉතින් මේ සියළු හිත් වේදනා අමතක කිරීමටත් එක්ක නටාෂා, සෝන්‍යා හා තම පියා සමඟ ඔපෙරාව බලන්න යනවා. එහිදී ඇයට හෙලෙන් හා ඇනටෝල් හමුවෙනවා. ඇනටෝල් නටාෂා කෙරෙහි දක්වන කැමැත්ත නිසා හෙලෙන් විසින් තම නිවසේ පැවැත්වෙන සාදයට නටාෂාට ඇරයුම් කරනවා. මේ සාදයේ දී ඇනටෝල් හා නටාෂා අතර සම්බන්ධයක් ගොඩනැඟෙනවා. නටාෂා ඇනටෝල්ට කෙතරම්  කැමැතිද කිව්වොත් ඇය ඔහු හා පැන යන්න වුවද සුදානම්. මේ අතරේ මාර්යා නටාෂා හමුවීමට පැමිණෙනවා. එවිට නටාෂා පවසන්නේ ඇන්ඩ්‍රේ හා තමා අතර විවාහ ගිවිස ගැනීම අවසාන බවයි. සෝන්‍යාගේ සිතේ ඇනටෝල් කෙරෙහි පැහැදීමක් නැති නිසාත් නටාෂාගේ ලිපි හුවමාරුව දකින නිසාත් අවසානයේ ඩොලොකොව්ගේ උදව්වෙන් හොරෙන්ම නටාෂාව ගෙන යන්න ඇනටෝල් දරන උත්සාහය අසාර්ථක වෙනවා. ඇනටෝල් සමඟින් යාමට නොහැකිවීම නිසා නටාෂා බොහොම කම්පනයට පත්වෙනවා. ඇනටෝල්ගේ මේ උත්සාහ ආරංචි උන පියරේ ඔහුව සොයා ගොස් නටාෂා දීපු ලිපියත් තමා වෙතට  අරගෙන ඇනටෝල්ට මොස්කව් හැරයන ලෙස තර්ජනය කරනවා. පසුව නටාෂා හමුවන පියරේ ඇයට පවසනවා ඇනටෝල්ට පෝලන්තයේ බිරිඳක් සිටින බවත් ඔහු මොස්කව් හැර ගොස් ඇති බවත්. ඒ අතරේ තම වසරක සංචාරය අවසන් කරමින් ඇන්ඩ්‍රේ මොස්කව් බලා එනවා.

අවසානයට පෙර…

මේක තමයි මේ කතා මාලාවේ අවසානයට පෙර කොටස හෙවත් පස්වැන්න. පසුගිය කොටස් හතර තුළ බලාපොරොත්තු නොවූ බොහෝ සිදුවීම් තිබුණා. බොහොමයක් ඛේදාන්තයන්. ඉතින් අදත් බොහෝ දේ සිදුවෙනවා. නැපෝලියන් සාම ගිවිසුම පැත්තකට දාලා රුසියාව ආක්‍රමණය කරන්න හදන්නේ. ඇන්ඩ්‍රේ නටාෂා පිළිබඳ තම අවසන් තීරණය පියරේට පවසනවා. මේ අතරේ මාර්යා බලාපොරොත්තු නොවු අහිමිවීම් සිදුවෙනවා. ඉතින් අපි බලමු යුද්ධය අතරේ මේ වංශවත් පවුල්වල සාමාජිකයින් තමන්ගේ ප්‍රශ්න වලට කොහොමද මුහුණ දෙන්නේ කියලා.

Jessica Jones (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

War.and.Peace.2016.S01E05.HDTV.XviD-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 Sinhala Subtitles

193 downloadsDownload War.and_.Peace_.2016.S01E05.Baiscopelk.com_.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                         All Episodes                        Next Episode>>

Subtitles

193 downloadsDownload Subtitles29 KB

9 comments

  1. praneeth madu

    බොහොම ස්තුතියි

  2. Chami.S

    Thanks...

  3. devinda

    Ty....Gdk Pin.....

  4. Kulanjana Maduranga

    niayamai…thanks SAJEVI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. sachintha

    Sub ekata thanks sis
    #Elz

  6. kavinda

    Thanks...

  7. රයන් ද සිල්වා

    සබ් එකට ස්තුතියි සහොදරි....
    එපි 06ත් හැකි ඉක්මනට දෙමු
    ජය වෙවා....

  8. tharuka

    Thanks
    Ep 06 n hamu wemu

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.