2015 අප්‍රේල් 21 දින පළමු කොටසට උපසිරැසිය නිකුත්කරපු Wayward Pines (හුදෙකලා මිටියාවත) කතාමාලාවෙ අවසාන කොටසට තමා මේ උපසිරැසිය නිකුත්කරන්නෙ. කතාව පටන්ගද්දි හුදෙකලා මිටියාවත කියල යෙදුවට ඇත්තටම හුදෙකලාද කියල මම දැනගෙන හිටියෙ නැතත් කතාව ගලාගෙන යද්දි මං යොදපු නම හොඳටම ගැලපෙනව කියල තේරෙන්න ඇතිනෙ. මාස 3ක්…

Wayward Pines TV2

2015 අප්‍රේල් 21 දින පළමු කොටසට උපසිරැසිය නිකුත්කරපු Wayward Pines (හුදෙකලා මිටියාවත) කතාමාලාවෙ අවසාන කොටසට තමා මේ උපසිරැසිය නිකුත්කරන්නෙ. කතාව පටන්ගද්දි හුදෙකලා මිටියාවත කියල යෙදුවට ඇත්තටම හුදෙකලාද කියල මම දැනගෙන හිටියෙ නැතත් කතාව ගලාගෙන යද්දි මං යොදපු නම හොඳටම ගැලපෙනව කියල තේරෙන්න ඇතිනෙ.

මාස 3ක් පමණ කාලයක් පුරාවට කලට වෙලාවට උපසිරැසිය නිකුත්කරන්න පුළුවන් වීමට මේ කොටස්වලට අදහස් දක්වපු අය ගොඩක් ඉවහල් වුනා. ඇත්තම කිව්වොත් අදහස් දක්වපු අය නැත්නම් මං අවසාන කොටස දක්වා වෙලාවට උපසිරැසිය නිකුත්කරන්නෙ නැතිවෙන්නත් තිබුණා.  ඒ”මේක දානකල් බලාගෙන හිටියෙ”, “පට්ට කතාවක්” වගේ අදහස් දැක්කම පරක්කු කරන එක හොඳ නැති නිසා තමයි වෙලාවට උපසිරැසි ලබාදුන්නෙ. ඒ අදහස් දක්වපු හැමකෙනාටම ගොඩක් ස්තූතියි! හදවතින්ම ස්තූතියි! ඒවගේම කලින් මේකෙ දෙවෙනි සීසන් එකක් නිකුත්වෙනව කිව්වත් දැන් නිලවශයෙන්ම දැනුම්දීල තියෙනවා එහෙම නිකුත්වෙන්නෙ නෑ කියලා. ඒ කියන්නෙ මේකෙ සදහටම අවසාන කොටස තමයි මේ.

අද කොටස ගැන කියනවනම්, ගොඩක්ම උද්වේගකර කොටසක්. මෙතෙක් කල් නොදැකපු වෙඩිතබාගැනීම් අද සෑහෙන්න දකින්න ලැබෙනවා. අවසාන කොටස කිව්වම ඉතින් දන්නවනෙ. මං වැඩිදෙයක් නොකියම ලිපිය අවසන් කරන්නම්. කතාව ගැන ගොඩක් දේවල් කිව්වොත් ඒක බලන කෙනාට අසාධාරණයක් වෙනවනෙ. ඒත්, මේ කතාව බලපු දෙන්නෙක්ම මගෙන් ඉස්සෙල්ලම ඇහුවෙ “මේක ඉවර නෑනෙ?” කියලා. ඒත් ඉතින් කියන්න තියෙන්නෙ. “ඉවරයි තමයි” කියල තමා.

කතාව බලන්නකො එහෙනම්. මං බලාපොරොත්තු වෙනවා මෙච්චර කල් කතාව එක්ක එකතුවුන, කතාව රසවිඳපු හැමකෙනාම අද අදහස ප්‍රකාශකරල යයි කියලා. ඒවගේම මේකට කැමතියි නම් මේ වගේ තවත් කතාවක් තියෙනවා. අදහස් දක්වලා ගියානම්, අවශ්‍ය නම් මට ටික කාලෙකට පස්සෙ ඒකටත් උපසිරැසි ගේන්න පුළුවන් වෙයි. ඒ නිසා අදහස් දක්වලා යන්න. තව ටිකෙන් අමතක වෙනවා. උපසිරැසි අවශ්‍ය කතාමාලා, චිත්‍රපට සඳහන්කරල යනවනම් හොඳයි. හැකියාවක් තිබුණොත් ඉල්ලීම් සලකලා බලන්නම්.

එහෙනම් මම සමුගන්නවා. ටික කාලෙකට උපසිරැසි වලින් ඈත්වෙනවා. මම ගියෝ. බුදු සරණයි!

Wayward Pines (2015) on IMDb

 

 

249 MB කොපිය මෙතනින් බාගන්න

D2329751894D20AEC48697856A569352E2460E8B

348 MB කොපිය මෙතනින් බාගන්න

CA64461E369BC89D17EFC940DAAF6522876B27D5   ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,762 downloadsDownload Wayward-Pines-S01E10-baiscopelk.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                   All Episodes                  Next Season >>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

1,762 downloadsDownload Subtitles34 KB

50 comments

  1. Saketha Pulasthi

    මේ සීරිස් එක ගැනනම් කතා කරල වැඩක් නෑ.මේ අවුරුද්දේ මම බලපු හොඳම ටීවි සීරිස් එක.මේකේ දෙවෙනි සීසන් එකක් එන්නැති එකටනම් කියන්න තියෙන්නේ #*%#$*................. &gt;:( &gt;:( &gt;:(
    උපසිරසියටබොහොම ස්තූතියි :)

  2. heshan

    thanks mchn.Dominion Season 2 akata sub denna.

    1. සුපුන් බුද්ධික

      එහෙනම් එකෙත් අවසානයටම ආවා..
      දැන් එන කතා මලා ගොඩක් සීස්න් 1යි නැත්නම් 2යි..
      ඒත් මම හිතන්නේ මේකට තිබ්බ Rating වල හැටියට මේකට තව
      සීසන් එකක් දෙන්න තිබ්බා..
      ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
      අධ්‍යාපන වැඩ ටිකක් අඩු උනාම ආයෙතත් හමු වෙමු..
      සහෝගේ ඉල්ලිම නිසා මං TV Series ටිකක් පහළින් දන්නම්..
      ඔයාම නෙමෙයි පුලුවන් කෙනෙක් ඉන්නවම් සබ් දෙන්න..

      Proof - 2015
      The Whispers - 2015
      Complications - 2015
      Extant Season 2
      Kiljoys - 2015

      ජය වේවා !!!

    2. thisal

      පුලුවන්නම් breaking bad එකේ ඉතුරු ටිකට සබ් දෙමු සහෝ!

  3. kalana

    thanks mcn.

  4. නිරෝෂ්

    ස්තුතියි රවිඳු.ජය වේවා !

  5. jonny

    පට්ට කතාව බං...tnks වෙලාවට sub දුන්නට..

  6. Gaijin

    සබ් වලට බොහෝම ස්තුතියි..මෑතකදී ආපු ඩ්‍රමා වලින් ආසවෙන්ම බලපු එක වේයාවර්ඩ් පයින්ස්...මුල ඉඳන් අග වෙනකම්ම කුතහලයෙන් පිරුණු කතා මාලවක්. සෙකන්ඩ් සීසන් එකක්ක් නැති එකනම් අපරාදේ. ඉකමනටම සබ් ලැබුණු නිසා හැම එපියක්ම සබ් එක්ක බලන්න පුළුවන් වුණ..රවිඳු සහෝගේ මහන්සියට නැවැතත් ස්තුතියි!

  7. නලින්

    ස්තුතියි රවියා! මුල් ලිපියේම කියලා තිබුන විදිහට අමුතුම කථාවක් නිසා කොකටත් කියලා ඔන්න ඔහේ බාගෙන බැලුවා!

    දෙත තුනක් බලාගෙන එනකොට‍නේ වැඩෙ තේරුනේ... අල්ලලම ගියා... අද වෙනකල්ම කථාව අතහරින්නේ නැතුව බැලුවේ උඹ සබ නිසා! දිගටම සබ් ඔනේ

    ජය වේවා!

  8. Dimuthu

    Thank you.

  9. R.M.C

    ස්තුතියි සහෝ නවත්තන්නැතුව දිගටම සබ් ලබා දුන්නට .ඊලග සබ් එකත් ඉක්මනට දෙන්න බලන්න .ජයම වේවා ....... :D

  10. R.M.C

    puluwannam continuum Tv ekata sab denna :)

  11. Ama

    ගොඩක් ආසාවෙන් බලපු ටිවී සීරීස් එකක් තමයි මේක. සම්පූර්ණ season එකටම උපසිරසි දුන්නට බොහොම ස්තූතියි!!!!!!
    පුලුවන්නම් the whispers tv series එකට සබ් දෙන්න

  12. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ සබට!
    මේකනම් සුපිරිම කතාවක්,තවත් සීසන් එකක් දාන්නයි තිබුනේ.
    මොනා කරන්නද ඉතින්.වැඩකට නැති කතා තව තව අදින කොට මේ වගේ සුපිරි කතාවක් ඉවර කරපු එකනම් හරි නෑ.
    බලමුකෝ මොනා වෙයිද කියලා.
    ජයවේවා!

    පුලුවන්නම් breaking bad එකේ ඉතුරු ටිකට සබ් දෙමු සහෝ!

  13. Anushka

    ආසාවෙන් බලපු කතාව ඉවර වෙනකොට ටිකක් දුකයි, තව කතාවක් අරන් එන්න..
    හොඳ හිතින් කරන මේ වැඩේ වගේ ජිවිතේ සාර්ථක වෙන්න කියල සුබ පතනවා,
    බුදු සරණයි!!

  14. sandeera

    godak thanks

  15. chathuka

    thnk you very much bro1
    wish u all the best for ur everything.

  16. Sach

    සබට තුති සහෝ !!!!!!!!!!!

  17. R.D

    මම නම් බලාගෙනම හිටියේ සීසන් 2ක් එයි කියලා......අපරාදේ හැබැයි.මොනවා උනත් සීසන් ඒක පරක්කු කරන්නේ නැතුව දිගටම දුන්නට බොහොම ස්තුතියි.තවත් මේ වගේ පට්ට TV සීරීස් එකකින් හමුවෙමු.ජය වේවා......

  18. tiron

    කුතුහලය උපරිමයෙන්ම තිබූ ආරම්භයක් සමග කුතුහලය උපරිමයෙන්ම පවතින අවසානයක්.wayward pines කොටස් 10ක් උනාට වෙනත් කතාමාලාවන් වල seasons තුන,හතරක්වත් බලලා විදින්න බැරි තරමේ රසයක්,වින්දනයක් මම මේ තුලින් ලැබුවා.තව තවත් ඉදිරියට ගෙන නොගොස් විශිෂ්ට ලෙසින් මෙය අවසන් කිරීම පිළිබඳව මම නං සතුටුයි. ඒ වගේම මෙවැනි අපපූර්ව වූ ටෙලි කතාවක් නොකඩවා අප වෙත රැගෙන ආවාට රවිඳු සහෝ ඔබට බොහොම ස්තුතියි..................

  19. Kulanjana Maduranga

    Nice Work…well done....thanks saho..sub walata..digatama sub demu.jaya wewa......

  20. DESHAN

    pattai machan hamadama balapu kathawak thanks wewa

  21. Keshan Wasala

    මේ දැන් කොටස බලලා ආවේ සහෝ :D මේ කතාව මම ඇත්තටම බලන්න ගත්තේ මේක Mini-Series එකක් කියලා මුලින්ම පටන් ගත්ත නිසා හැබැයි දැන් නං මේකේ සීසන් දෙකක් ඕනෙමයි :( මොනවා උනත් අවසානෙනං මට ඔලුවට පොල්ලකින් ගැහුවා වගේ..මෙයිට වඩා තව පොඩ්ඩක් හොද අවසානෙයක් දුන්නා නං හොදයි කියලා හිතෙනවා මොකද එක සීසන් එකක් නිසා මොනා උනත් සුපිරි කතාව සහෝ,, ඒ කතාව ගැන &gt;&gt; :)
    ඔයා ගැන කිව්වොත් ඔයා නියමට මේ කතාව ගෙනාව සබ් ඒකත් සුපිරියටම තිබුනා.. අනිවා තව කතාවක් ඔයාගෙන්ම ඕනේ පුළුවන් නං House of Cards TV Show එක ගේන්න :)
    එහෙනං සහෝ ඔයා කරන කියන සෑම දෙයක්ම ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙන්න ඕනේ මේ ටීවී ෂෝ එක ගෙනාවට ගොඩක් ස්තුතියි !! ජය වේවා !!

  22. thisal

    සම්පූර්ණ season එකටම උපසිරසි දුන්නට බොහොම ස්තූතියි!!!!!!

  23. Janith

    Thanks. Please upload Tut Sinhala subtitles.

  24. මධුකප්‍රිය පෙරේරා

    ආ සහෝ එහෙනම් නොකඩවා වෙලාවටම අවසානය
    දක්වාම උපසිරසි ලබාදුන්නා .. ප්‍රථමයෙන් එකට ස්තුතියි ..
    අවසාන කොටස බලන්න වෙච්ච එකටත් වඩා දුකයි තවත්
    සීසන් එකක් නැහැයි කියලා දැනගත්ත එක ...ඉතින් සහෝ කියන්න
    තියෙන්නේ මෙච්චරයි ඔයා කතාවට නියමෙට උපසිරසි ලබාදුන්නා .
    එහෙනම් පොඩි කාලයක් විවේකයක් අරගෙන නැවතත් සුපිරිම ගනයේ කතා මාලාවකින් අප
    හමුවට එන්න..එතෙක් ඔබගේ සියලුම වැඩ කටයුතුවලට ජයම ලැබේවා..

  25. sampath

    පට්ට කතාව බන්. මම හැම සතියෙම සිකුරාදා වෙනකන් ඇඟිලි ගැන ගැන බලාගෙන හිටියේ. සබ් වලට ගොඩක් පින්! තව තවත් මේ වගේ අභිරහස් විද්‍යා ප්‍රබන්ධ ටීවී සීරීස් වලට සබ් දෙන්නට හැකියාව ලැබේවා!

  26. achi

    ස්තුති සහෝ!!! ටික කාලයයිනෙ. ඉක්මනටම හමුවෙමු!!! ජය!!!

  27. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  28. Pasindu

    thnx bro..... :)

  29. Chinthaka Frank

    Pattama story eka. thank u very much bro .please give us a this kind of stories.

  30. ධනුෂ්ක​

    සබ් දුන්නට බොහොම ස්තූතී...! කථාව නම් පට්ටයි මචන්. ජය වේවා...!!!
    පුලුවන්නම් roswell කතාවෙ සබ් දෙන්න​....... ((((

  31. ඉසු ඩිපි (Isu DP)

    නියමෙට වැඩෙ කලා එහෙනම්. සිසන් 2 එනකම්, පොඩි නිවාඩුවක් අරගෙන තව කතාවකින් ඉක්මනින් මුන ගැහෙමු.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

    1. ඉසු ඩිපි (Isu DP)

      සිසන් 2 එන්නෑ නේ. :-(
      කරනවනම් කතා තියෙනවා අම්බානෙට. මම කැමති 3ක් කියන්නම්. සලකා බලන්නකෝ.
      Person of Interest (TV Series 2011– )
      The Vampire Diaries (TV Series 2009– )
      Chuck (TV Series 2007–2012) පට්ට කතාව.

  32. tharindu

    thanks machan epi 10 ma ikmanatama dunnata . thanks

  33. yumal

    thankz machoo uba hodatama unanduwen meka kala puluwannan vampire diaries ake sub denna patan gannako maluth season ake idan unath kamak na (season 6) puluwannan loku udawwak aka niyama kathawa bn

  34. yumal

    vampire diaries

  35. sameera

    thankzzzzz bro sub walata math hithanne vampire diaries aka thamai hoda

  36. sameera lakshan

    supirima kathawak mcn meka...oya hama saturdayma aniwa apita kathawa genawa...baisecope ake inna sub dena ayagen ubath ihalinma innawa mcn....sub walin oya tika dawasakata unath samuganna aka apita godak paduwak....

  37. lakshitha

    thnx saho sub 1te :D puluwannnm thawth me wageme tv series ekak denna... ilage tv series eken hamuwemu obete jaye :D

  38. Chandima

    එලකිරි අයියෙ.සුපිරි කතාවක් මෙක.සබ වෙලාවට දුන්නට thankzzzzzzzz.මෙ වගෙ වෙන tv series එකක් ලගදිම ගෙන්න.................

  39. ප්‍රණීත් රණසිංහ ♨PCR〽

    කතාව අලුතින් ආවත් බලන්න තරමක් අදිමදි කලා.
    ඒත් පස්සේ දිගටම කතාව දීපු නිසා නිකමට වගේ බාගෙන බැලුවා.
    මුලදී තරමක් බලන්න කම්මැලි වුනත්, ටිකක් ඉදිරියට බලාගෙන ගියාම
    කතාවේ කුතුහලය වැඩි නිසා දිගටම කතාව බලන්න හිතුනා.
    කතාව අහවරක් වෙනකං උපසිරැසි දුන්නට බොහෝම ස්තුතියි. :)
    කතාව පලවෙනි සමයෙන් අවසන් වෙන එක ගැන නම් ගොඩක් දුකයි.

    තවත් රූපවාහිනී කතා මාලාවකින්ම හමුවෙමු.
    මොකද කියන්නේ Vampire Diary කතා මාලාව ගැන.
    ටිකක් දිග වුනත් කොහොත්ම කවුරුවත් නොදෙන එකේ පුලුපුලුවන් වෙලාවට ටික ටික හරි දෙමු නේද?
    එහෙම එකක් කලොත් ගොඩක් වටිනවා...

    කතාවට දුන්නු උපසිරැසි වලට බොහෝම ස්තුතියි.
    ටික දවකින් අලුත් කතා මාලාවකින් හමුවෙමු කාරිය.

    එහෙනං
    ආයු -බෝ -වේවා !!!

  40. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙතෙක් කල් අපිට මේක ගෙනාවටත් පිං. තව එකකින් හමුවෙමු නේද? ජය෴෴ :P :P

  41. ganesh

    බොහෝම ස්තුතියි!! කිසිම කමිමැලි කමක් නැතුව බලපු කතාවක්

  42. අශේන් තක්ෂිල

    පට්ටයි සහෝ ජය වේවා......
    තව තවත් සබ් කරමු....

    මොනවද ඇහුව නේද සබ් කරන්න ඕන TV සීරීස්...

    කරනවනම් කවුරුත් අතගහන්න බය Vampire Diaries කරපං.. පට්ටයි ඈ....

    තව අළුතෙන් යනව The Whispers කියල එකක්.... ඒකත් පට්ට.....

    ජයෙන් ජය..... :-) :-p :3

  43. sahan

    tnkzzzz bro

  44. madhu..

    okkoma dan download karala thiyenne eka husmata balanawa thanks brother.. grimm tv series ekata sub denna puluwanam.

  45. Udamith Damith (b\k )

    aluth ekakin hamba wemu........

  46. ජයාප්‍රදී

    Season 02 ත් අවිල්ලා දෙන්න පුඑවන් නම් සහෝ සෑහෙන්න වටිනවා...
    ජයෙන් ජය....

  47. sasi kumara

    Tnx macho sub walata.