පළවෙනි කතා සමයෙන්:- අතුරුදන්වුනු නියෝජිතයෙක්, හුදෙකලා නඟරයක්, නඟරය වටවූ විද්‍යුත් තාප්පයක්, කඩකළ නොහැකි නීති හතක්. 1) වේවඩ් පයින්ස්වල ජීවිතය සතුටින් ගෙවන්න. 2) සතුටින් ඉන්න. 3) මහන්සියෙන් වැඩකරන්න. 4)දුරකථනය නාදවෙන හැමවිටම පිළිතුරු දෙන්න. 5) අතීතය ගැන කතා නොකරන්න. […]

නීති කඩකළ අයෙකුට ලැබෙන මරණීය දඬුවමක්.
මුල් කතාසමය බලපු අයටනම් මේ දේවල් අමුතු දේවල් නෙවෙයි වෙන්න ඇති. කොහොම වුනත් අළුත් පිටුවක් පෙරළන්න කලින් කලින් පිටුව ආපහු කියවලා ඉන්න එකම හොඳ නිසා පළමු කතාසමය බලපු අයට පොඩි මතක්කිරීමක් කරන්නම්.
පළමු කතාසමය නොබලපු කෙනෙක් මුල් කතාසමය නරඹා පහළ කොටස කියවන එක වඩාත් හොඳයි. 😀
පළවෙනි කතාසමයෙ ප්‍රධානම චරිතය වුනේ ඊතන් බර්ක්, ඊතන් බර්ක් “රහස් සේවය” ආයතනයේ නියෝජිතයෙක්. ඔහුගේ සමකාලීන නියෝජිතයෙක් හදිසියේම අතුරුදන්වුනා. ඒ ගැන හොයන්න යන ඊතන් බර්ක් හා සහයක අනතුරකට ලක්වුනා. අනතුරෙන් පස්සෙ ඊතන් අවදිවෙන්නෙ රෝහලක. ඒත් ඊතන්ට රෝහලෙන් පිටවෙන්න අවසර ලැබෙන්නෙ නෑ. ඒත් බලෙන් රෝහලෙන් පිටවෙන ඊතන් නඟරයේ ෂෙරිෆ් මුණගැහෙනව. ඊතන්ගෙ පැමිණීම, අනතුර ගැන සැලකිල්ලක් නොදක්වන ෂෙරිෆ් ඊතන්ට නවාතැනක් හදලදෙනවා. කොහොමින් කොහොමින් හරි අත්භූත නඟරයේ අත්භූතබව තවත් වැඩිකරමින් නඟරය වටා තියෙන විදුලි වැට දකින්න ලැබෙනව. විදුලි වැටෙන් එහා තියෙන දේවල් පළමු කතා සමය බලපු අය දන්නව ඇතිනෙ. ඒ ගැන අමුතුවෙන් කියන්න නම් අදහසක් නෑ. දෙවෙනි කතා සමයෙදි මුල් කතා සමයෙදි දැකපු චරිත කිහිපයක් එක්කම නව චරිත කිහිපයක් දකින්න ලැබෙනව. මුල් කතා සමයෙදි දැකපු, ෂෙරිෆ් පෝප්, බෙන් බර්ක්, තෙරේසා බර්ක්, කේට් හියුස්ටන් ප්‍රධාන වශයෙන් දෙවෙනි කතාසමයටත් එකතුවෙනව. පළමු කතාසමය අවසානයේ “පළමු පරම්පරාව ” වේවඩ් පයින්ස් නඟරයේ ආධිපත්‍යය ලබාගන්නව. දෙවෙනි කතාසමය පටන්ගන්නෙ එතනින්. නඟරයේ ආධිපත්‍යය ලබාගත්තු ජේසන් ප්‍රමුඛ “පළමු පරම්‍පරාව” නඟරයේ යුධ පාලනයක් ගෙනියනවා. නඟරයේ නිර්මාතෘ ඩොක්ටර් ජෙන්කින්ස් කියන්නෙ ඔවුන්ට වීරයෙක්. ඒ අතරෙ ඔවුන් තීරණය කරනව ප්‍රධාන චරිතය, ඩොක්ටර් “තියෝ යෙඩ්ලින්” අවදිකරවන්න. දෙවෙනි කතාසමයෙ පෙන්වන්නෙ තියෝ නඟරයේ තත්වයන් සමඟ කරන අරගලයයි. ඒවගේම මේ කතාසමයෙදි “ඇබී” ගැන නොදන්න කරුණු රාශියක් හෙළිවෙන්න නියමිතයි කියල තමයි දැනටනම් තොරතුරු ලැබෙන්නෙ. අපි බලමුකො ඉදිරියේදි මොකද වෙන්නෙ කියල. එහෙනම් මම ලිපිය අවසන් කරනව. ඇත්තටම කිව්වොත් ලිපිය ලිව්වෙ මේ කොටස නිකුත්වෙන්න කලින්. 😀 දෙවෙනි කොටසෙන් හමුවෙමු! ඔබට ජය!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV සහ HEVC පිටපත් වලට ගැළපේ.
1,071 downloadsDownload Wayward.Pines-S02E01.Baiscopelk.com_.rar21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
20 comments
ushan charuka
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
#.RMC
ela brooooo
Ravi Darshana
tnx sub akata
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sandeera
thanks bro
Saketha Pulasthi
මම ගිය අවුරුද්දේ බලපු සුපිරිම සීරීස් එක තමයි Wayward Pines.
කුතුහලය කියන එක උපරිමයටම තිබ්බා... :O
හැබැයි සීසන් 2 බලන්න පුලුවන් වෙන්නේ අගෝස්තු වලින් පස්සේ තමයි :(
උපසිරසියට බොහොම ස්තූතියි :)Udara Damith B\K
..............බොහොම ස්තූතියි................
Rajitha
Thanks machan.......jayawewa......!
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ.
දිල්ශාන් සචින්ත(සචී)
ස්තූතියි මචෝ.
Shehan Fernando
man hithuwe denne nathi wei kiyala. thanks bro digatama emu
Yasiru Hasaranga
Thanks kollo... api ne danne meka enakn balan hitiya widiha ..
nish
patta bro ... digatama demu
චාරු
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lakhishitha Mathngadeera
thnx saho sub 1te :D
Udara Damith B\K
බොහොම ස්තූතියි .
හැබැයි පොඩි අව්ලකට තියෙන්නේ ටොරන්ට් එක දෙන්නැති එක තමයිKobin
patttaaaa series eka bro...
yumal
thankZZZZZZZZZZZZ bro!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

elaaz.. ravidhu saho digatama mekata sub eka denna... all the best...