අමාරාට පහර දෙන්න හිතාගෙනයි හැමෝම ගියේ. ඒත් අන්තිමට වුණේ අමාරාට පහර දෙන්න ආපු හැමෝටම එයා පහර දුන්නා. ඒ විතරක්ද එයා දෙවියන්ට මැරෙන්න සිද්දවෙන්නම තදින්ම පහර දුන්නා. ඒකෙන් දැන් දෙවියන් මිය යමින් ඉන්නේ. මේ ආරංචිය හැම තැනකම පැතිරිලා හැමෝම කලබල වෙලා ඉන්නේ. ඒ මදිවට මේ නිසා ඉර ත් මිය යමින් ඉන්නේ. ඒ මොකද කිව…

අමාරාට පහර දෙන්න හිතාගෙනයි හැමෝම ගියේ. ඒත් අන්තිමට වුණේ අමාරාට පහර දෙන්න ආපු හැමෝටම එයා පහර දුන්නා. ඒ විතරක්ද එයා දෙවියන්ට මැරෙන්න සිද්දවෙන්නම තදින්ම පහර දුන්නා. ඒකෙන් දැන් දෙවියන් මිය යමින් ඉන්නේ. මේ ආරංචිය හැම තැනකම පැතිරිලා හැමෝම කලබල වෙලා ඉන්නේ. ඒ මදිවට මේ නිසා ඉර ත් මිය යමින් ඉන්නේ. ඒ මොකද කිව්වොත් අදුර හා ආලෝකය නිසා තමයි මේ විශ්වය සමබර වෙලා තියෙන්නේ. දෙවියන් කියන්නේ ආලෝකය.ඉතින් මේ දෙකෙන් එකක් හරි විනාශ වෙනවා කියන්නේ අනිවාර්යෙන්ම සුර්යයා විනාශ වෙලා යනවා. අනික තමයි මේ ඇත්තටම මේ අමාරාට ඕනේ වුණේ දෙවියන්ගේ පළිගන්න. එයා හිතුවේ එහෙම කලාට එයාට සතුටක් ලැබෙයි කියලා. ඒත් එහෙම වුණේ නෑ. එයා හිතුවේ මේ දෙවියෝ මවපු දේවල් වලට එයා කැමති නෑ කියලා. ඒත් ඇත්තටම එයා කැමතියි. පුරා කොටස් විසි තුනක් පුරාවටම ඇත්තටම වෙලා තියෙන්නේ මේ දෙන්නා අතර තිබුණු කෝන්තරයක් ගැන. ඒ නිසාමයි මං අද අන්තිම කොටසේ මාතෘකාව ඔහොම දැම්මේ. අන්තිමට මේ දෙන්නා එකතු වෙලා අහසට මුසු වෙලා ටික කාලයකට යන්න යනවා. මේ දෙන්නව එකතු කරපු ස්තුතිය ලැබෙන්න ඕනා ඩීන්ට. නමුත් සෑම්, කැස්,ක්‍රව්ලි, රොවීනා මේ හැමෝම හිතන්නේ ඩීන් මැරිලා කියලා. මොකද අද කොටසේ වෙන්න ගියේ මරාගෙන මැරෙන මෙහෙයුමක්. ඒත් ඒක එහෙම වුණේ නෑ. එතකොට මොනාද වුණේ? තව ඩීන් හා සෑම් දෙන්නා කැමති දෙයක් අන්තිමට ලැබෙනවා. ඒ කවුද? ඒවගේම දොළොස්වන කතාමාලාවේ නපුරු දුෂ්ටයාගෙන් තමයි මේ කොටස අවසන් වෙන්නේ. ඒ කවුද? මේ ඔක්කොම දැනගන්න බලලම ඉන්නකෝ.
මේ වගේ සුපිරි කතාවක් දහවෙනි කතාමාලාව වෙනකන් කරගෙන ආපු MDG සහෝට, සමීර චතුරංග සහෝට ගොඩක් ස්තුතියි මට මේ කතාමාලාව කරන්න ලබා දුන්නට. ගොඩක් වෙලාවට මට නිතර නිතර හිතුන දෙයක් තමයි “මට MDG සහෝගේ කොලිටියම අරගන්න බැරි වුණා නේදෝ කියලා” ඒ අතරේ මට කතාව කරගෙන යද්දී තවත් උදව් ලැබුනා. එක යාළුවෙක් තමයි තිසර නියෝ. අනිත් කෙනා තමා ශාන් භාතිය. ඔය දෙන්නටත් ගොඩක් ස්තුතියි මට මේක කරන් යද්දී උදව් කලාට. අනිවාර්යෙන්ම මේකේ දොළොස්වන කතාමාලාව මේ වන විට CW වලින් නිල වශයෙන් තහවුරු කරලා ඉවරයි ලබන ඔක්තෝබර් මාසයේ විකාශය කරනවා කියලා. බොහෝවිට මං ඊලග කතාමලාවට උපසිරැසි කරන එකක් නෑ. ඒ නැති වුණොත් වෙන හොද උපසිරැසිකරුවෙක් උපසිරැසි ලබාදෙයි. ඒ කෙනාට උපරිම සහයෝගය ලබාදෙන්නයි කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා.
ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය.! සුභ සතිඅන්තයක් වේවා.!
“මෙම ලබා දී ඇති උපසිරැසිය HEVC සහ HDTV පිටපත් සදහා ගැළපේ”
4,186 downloadsDownload Supernatural-S11E23.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
44 comments
Reshen Dhananjaya
Isuru Heshara
එල සහෝ
Hasara Dulanjana
බොහොම ස්තුතියි සහෝදරයා.... එහෙනම් 12 න් හමුවෙමු...
Sajeevi
Thanks a lot
sachin
thank you bro jaya wewaa oyata
Achintha Sameera
තැන්ක්ස් මචො අපි වෙනුවෙන් සබ් එක කාරට ආ...
ඉලග එකටත් සබ් එක කරන්න කියලා ඉල්ලනවා. සුප්ප බුලට් එකක් ආ
MDG ගහන්න පොරක්ක් මෙකේ නැ ඉතිං පට්ටම ඩයල් එකක්. අනිත් අයත් එකෙන්ම ඉතිං...devinda gamage
puluwan ikmnta saba dunnata thx my bro.gdk pin.sub dena eka stop kalath podi wath trhk na.me taran durak apith ekka awata ty gdk.
නවින් නිසල්
මෙච්චර කල් සබ් දුන්නට හෙන පින් ඈ.. කව්රුහරි කරේ නැතොත් ඊලග සිසන් එක හිත හදාගෙන හරි කරන්න ට්‍රයි එකක් දෙන්න.. :3 නැත්නම් මෙච්චර දුර බලන් ආපු කතාව අන්තිමට එපා වෙයි. කොහොමහරි මෙච්චර කල් සබ් කරපු එකට තැන්ක්ස් වෙන්න ඕනා...
S.K.Ruchiranga
elma thz machoo sub ekta
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
nuwan
thanks bro...
kavinda
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…Tharusha
season 11 dena aeka lesi wedak neme.mechchara kal digatama aewede karapu okkotama godak pin.karunika widihata next season aekath karanna kiyala illanawa.thanks again
pramuk
thanx brooooo good job.....
HaZ
machan niyamata sub dunna oya,, kisima adu paduwak ne.. jayen jaya,,,,,
තිසර නියෝ
ඔන්න ඉතින් අහගන්න තමා හදන්නේ...
සීසන් 10ක් පුරා mdg රඳවාගෙන ආපු රසය උඹ අඩුවෙන්න දෙන්නේ නැතුව මේ සීසන් එකෙත් කරන් ආව. සුපිරියටම කරා...
උපසිරැසියට තුති (කුඩ්ඩෝ)…
විකාරනම් කියන්න ලෑස්ති වෙන්ඩ එපා...12 ත් උඹෙන්ම තමා ඕනේ..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ඊලඟ එකෙන් හමුවෙමු එහෙනම්. ජය෴෴ :P :P
dharshana...
Thanks..
Sachini Weeraman
Thanks for the Sub Bro.
Here is the torrent download link https://kat.cr/supernatural-s11e23-hdtv-x264-lol-ettv-t1266…Roshan
ane bro puluwanam wolf blood t.v s eke sub dennako
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ .. එහෙනම් මේ සීසන් එකත් ඉවරයි ..පුළුවන් නම් ඊලග එකත් දෙන්න සහෝ .. ජය වේවා !! :)
Alan Wake
thanx macho dipu sub walata 12 sub ekath karanna puluwan nam watinawa jaya wewa
ප්‍රණීත් චින්තක
ආයෙත් අහලා.
කමෙන්ට් එකක් නම් දාන්න එන්න වෙන්නේම නැති තරම්.
මේ කතාව බලන්න පටන් ගත්තු දවසේ ඉඳන් සමගාමේ විකාශයට ආපු ගමන්,
කතාව රිලීස් වුනු ගමන්ම බලලා දානවා.මෙච්චර දවසක් කරගෙන ආවට බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු සහෝ.
සීසන් තුනත් කරලම දාමු. ඒකෙන් කතාව ඉවරයක් කරන කතාවකුත් තියෙනවා.ආයු -බෝ -වේවා !!!
Janith Srimal
sub ekata thnkq bro ohoma haragena yamu good luck
chameera
බොහොම ස්තුතියි සහෝ ..පුළුවන් නම් ඊලග එකත් දෙන්න සහෝ .. ජය වේවා !
Nüwäñthå Dúlån
මාත් මේ ලඟකදී ඉඳලා තමයි බලන්න ගත්තේ මේ සීරියස් එක...
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ,
ඔබට ජය!!!nirosha dilshan
ay appei 11 n wath meka iwarawune naththe
yumal
thankZZZZZZZZ bro!!!!!!!!!!
Thilanga Amunupura
උපසිරැසියට ස්තුති සහෝ
Nimesh Kasun
Thank you for the subs...
here is >>> DIRECT LINKs..... <<<
https://www.nimeshkasun.one/en/index.php/2016-06-23-05-37-1…
See you in S.12
Rashmika
මචන්ලා කවුරු හරි කියනවද ගේබ්‍රියල් කියන්නේ කව්ද කියලා,මතක් වෙන් naa බන් සීන් එක?
සම්පත් ජයවර්ධන
ගේබ්‍රියල් කියන්නේ ට්‍රික්ස්ටර්, ආකේන්ජල් කෙනෙක් මයිකල්ගේ ලුසිෆර්ගේ සහෝදරයෙක්. නියම ඇස්බැන්දුම් තියෙන්නේ උගේ ලග.
Rashmika
සබ් වලට ස්තුති බන්,සීසන් 12ත් කරන්න උත්සහයක් දෙමු බ්‍රෝ.
pasan
machoo 1st s eke idala 11th seson ekataa yanakan thiyana okkoma sub ekpara dowlod karana widiak addaa plz
lahiru
සීසන් 12ත් කරන්න උත්සහයක් දෙමු බ්‍රෝ.
Pasindu Malshan
thanks bro.....
Rithesh
season 12 ඇවිත් නේ bro..................
Rashmika
Thanks bro,season 12 episode 1 awa eketh sub eka ikmanata diyanko bro
Ysa
තෑන්ක්ස් මචෝ... :)
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
dsp
thank u bro sub ekata
Bruce
Thans sub ekata,. Jayawewa
Anonymous
Thank you soo much for the sub
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

මුල්ම comment එක මගේ බ්‍රෝ!!!!!thankx මචන් sub එකට...